සුභ දවසක් යාලුවනේ.. පටන් ගත්තු වැඩේ ඉවරයක් කරන්නයි මේ සුදානම් වෙන්නෙ. ඉතින් පැයේ කොටස් හයකින් සමන්විත Rellik රූපවාහිනී කෙටි කතා මාලාවෙ අවසන් කොටසට සිංහල උපසිරසිය තමා මේ අරන් ආවේ. Crime, Drama, Mystery ගනයට අයත් වුනු මේ කතාව බ්‍රිතාන්‍ය කතාවක්. ඉතින් මේ කතාවෙ අවසන් කොටස නම් කරලා තියෙන්නෙ " Radium Came " කියලා. Imdb අගය 6.9 ක්. අධ්‍යක්ෂනය කරන්නෙ Sam Miller.
ඉතින් මේ කතාව ගලාගෙන යන්නෙ "ඇසිඩ් ඝාතකයා" කියන නමින් ප්‍රසිද්ධ වුනු දාම මිනීමරුවෙකු කොටු කර ගන්න, ගේබ්‍රියෙල් නම් පොලිස් පරීක්ෂකවරයකු සහ ඔහුගේ කන්ඩායම දරන උත්සාහය සහ ඒ ආශ්‍රිත සිදුවීම් තුලින්. කතාව අපිට පෙන්නන්නෙ ආපස්සට. ඉතින් විවිධ අවස්තා වලදි කිහිප දෙනෙකුටම සැකය එල්ල වුනත් අවසානෙදි නොසොතූ කෙනෙක්ගෙ මුහුන පෙන්නලයි පස්වැනි කොටස නිමා වුනේ.. ඉතින් මේ කොටසින් බලාගන්න පුලුවන් ඇත්තටම කවුද ඇසිඩ් ඝාතකයා, මොකක්ද එහෙම මිනී මරන්න හේතුව, මේ හැම දෙයක්ම ආරම්භ වුනේ කොහොමද වගේ දේවල්. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා යාලුවනේ.. බුදු සරනයි!





Windows 10Chrome 70
නියමයි….සබ් එකට තැන්ක්ස්…තවත් මේ වගේ කතා මාලාවකට සබ් අරන් එමු..
Windows 7Chrome 71
niyama kathavak ban sthanks subta