මුලින්ම කියන්න ඕනේ උපසිරැසිය පොඩ්ඩක් පරක්කු වුනා මේපාර.ඒක නිසා සමාවෙන්න. ඒක නිසා කෙලින්ම වැඩේට බහිමු. කතාව ගැන කියනවනම් ගියසතියේ ඉවර වුනේ ජේම්ස්ට පිහියෙන් ඇනපු තැනින් ඔන්න අද බලාගන්න පුළුවන් කව්ද කොහොමද ඔහුව බේරෙන්නේ කියලා.එත් එක්කම අද කතාවේ අර කලින් ආපු අර ජේම්ස්ගේ කුඩම්මා කියගත්ත්ත කෙනත් එනවා.එයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලත් අද කතාවෙන් බලාගන්න පුළුවන්.ඒ වගේම පෙරදිග ඉන්දියානුවන් අලුත් පාර්ශවයක් එක්ක එකතුවෙලා මේ කුඩම්මට ගේමක් දෙන්න තමයි හදන්නේ මොකද වෙන්නේ කියල දැනගන්න ඕනේ නම් ඉතින් අද කතාව බලන්නම ඕනේ.
එත් එක්කම කියන්න ඕනේ මේ කාලේ එංගලන්ත භාෂාව ටිකක් වෙනස් ගොඩක්ම අමාරු වචන යෙදුම් තමා තියෙන්නේ එක නිසා ටිකක් වැරදි තියෙන්න පුළුවන්. මම පුළුවන් උපරිම සාදාරන විදිහට උපසිරැසිය දෙන්න ලොකු උත්සහයක් දුන්න.අද වැඩිය ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ඇති.තව දෙයක් කියන්න ඕනේ අපි මේ උපසිරැසි කරලා ලැබෙන දෙයක් නැහැ ලැබෙන එකමදේ ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර වල සතුට තමයි එක නිසා Download කරනවා වගේම පල්ලෙහායින් පොඩි හෝ කොමෙන්ටුවක් ගෙන යන්න අපේ හිතසුව පිණිසවත් කියලා.ඊළඟ එපියෙන් හම්බෙනකම් හැමෝටම බුදුසරණයි.





Windows 10Chrome 56
Thank you!
Windows 7Chrome 55
Pattaaaaaaaaaaaaaaaa
Android 8Chrome 69
Thanks machan sub ekata
Android 10Chrome 126
උපසිරැසියට ස්තූතිය