The Occupant (2025) Sinhala Subtitle
සීතල කඳුකරයක හුදෙකලා සටනක
The Occupant කියන්නෙ 2025 අගෝස්තු 08 දින සීමිත තිරගත කිරීමකින් තම ගමන ආරම්භ කල Drama / Mystery / Thriller / Sci-Fi වර්ගයේ නෙදර්ලන්ත සිනමා නිර්මාණයක්. භාෂාව ඉංග්‍රීසි. ධාවන කාලය පැය 1 විනාඩි 44 යි. සොහොයුරියන් දෙදෙනෙකුගේ අනුවේදනීය කතාවක් මූලික කරගත් මෙහි රංගනයෙන් එකතු වෙන්නේ Ella Balinska (ඇබී) සහ Vanessa Ifediora (බෙත්).
ඇබී කියන්නෙ මාස ගණන් අඛණ්ඩව ලොව පුරා සේවය කරන බ්‍රිතාන්‍ය භූ විද්‍යාඥවරියක්. පිළිකාවක් නිසා මිය යමින් සිටින ඇගේ සහෝදරියගේ ( බෙත් ) ප්‍රතිකාර සඳහා ඇයට දැඩි ලෙස මුදල් අවශ්‍ය වෙනවා. වේදනාකාරී අවසන් දින කීපය ගතකරන බෙත්ගේ ජීවිතය අවසන් කිරීමට වෛද්‍යවරුන් යෝජනා කරනවා. එයට විරුද්ධ වන ඇබී වහා ආපසු නිවස බලා ඒමේදී, ඇගේ හෙලිකොප්ටරය ජෝජියාවේ කෝකෙසස් කඳුකරයට කඩා වැටී නියමුවන් මිය යනවා. අයිස් සහිත, මිනිස් පුළුටක් නැති සීතල පාළු කඳුකරකරයේ අතරමංව, ඒ කටුක පරිසරයෙන් දිවි ගලවාගැනීමේ සටනකට මුහුණ දී සිටින අවස්ථාවේ ඇබී දැනගන්නවා ඇය එහෙ සිටින්නේ තනිවම නොවන බව.
ඉතින් මේකෙ කිසිම අසභ්‍ය දෙයක් නෑ. ළමයි එක්ක වුනත් බය නැතුව බලන්න පුලුවන්. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය අරගන්න.
ජය වේවා.
Quality // 720p - 960mb / 1080p - 1.7gb
♣♣ WEBRip / 720p / 1080p ♣♣