A Discovery of Witches (2018) [S01 : E01] Sinhala Subtitle
Alex Kingston, Valarie Pettiford, Sorcha Cusack, Lindsay Duncan
කොහොමද ඉතින් කට්ටියටම.දවස් දෙක තුනකට පස්සේ මම අරන් එනවා ඔයාලට අලුත් කතා මාලාවක්. මුලින්ම ස්තුති කරන්න ඕනේ මේ Series එක කරන්න අවසර ලබා දුන්නු අපේ කවීශ සහෝදරයාට. ඉතින් මම මේක කරන්න පටන් ගත්තේ Midnight Texas ඉතින් කවුරුත් දැන් බලන්නේ නැති නිසා. එත් බලන දෙතුන් දෙනා වෙනුවෙන් ඊලඟ කොටස් දෙකත් මම ඉක්මනට අරන් එනවා.
ඉතින් මේක තියෙන්නේ Episode 8යි තාම ඇවිල්ලා තියෙන්නේ එකයි. ඒ වගේම කතාමාලාවේ Imdb Rate එක 8.6 වගේ ඉහළතම අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම මේ Pilot එපියේ Imdb Rate එක 8.5 ගන්න සමත් වෙලා තියනවා. ඔයාලට ඕනේ නම් (මෙතනින්) ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. එක එපියක් පැයක් පුරාවටම දිවෙනවා. ඒ වගේම මේ කතා මාලාවේ ඔයාලට ආදරය, අස්වාභාවික දේවල් වන වැම්පයර්ස්ලා, මායාකාරියන් වගේ ඒවා සහ හොඳ රංගනයන් පවා දැක ගන්න පුළුවන්. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ යුරෝපයේ, වැඩි හරියක්ම England වල සහ ඇමරිකාවේ.ඒ වගේම මේක Novel එකකින් කරපු කතාවක්. රචකයා තමයි Deborah Harkness.
- ඩොක්ටර් බිෂොප් – Teresa Palmer (I am number four, socerer’s aprentice, Warm Bodies)
- මහාචාර්ය ක්ලරිමොන්ට් – Matthew Goode (Watch Men,Storker, Chasing Library)
- මාර්කස් වයිට්මෝර් – Edward Bluemel (The Commuter,The Halcyon)
- පීටර් නොක්ස් – Owen Teale (Game of thrones, Last legion,torchwood)
- මිරියම් ෂෙපර්ඩ් – Aiysha Hart (Atlantis, Line Of Duty, Colette,Honour)
- ගිලියන් චැම්බර්ලින් – Louise Brealey (Sherlock, Victor Frankenstein, Containment)
ඉතින් මෙන්න මේ අය තමයි රංගනයෙන් වැඩිපුරම දායකත්වයක් දෙන්නේ.එහෙනම් කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු…
කතාවේ යන්නේ ඩොක්ටර් බිෂොප් කියලා කෙනෙක් ඉන්නවා. මෙයා බලගතු මායාකාරියක්. ඉතින් මෙහේ පොතක් තියනවා. එකේ තියනවා වැම්පයර්ස්ලව හදන හැටි.මේක තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් වල තියන බොඩීලියන් පුස්තකාලේ, එත් මේක මෙයාට ඇරෙන්න වෙන කාටවත් මේ වෙනකම් හොයා ගන්න බැරි වෙලා තියනවා. ඒ ඇයි කියලා මමවත් දන්නේ නැහැ. ඉතින් වෙන්නේ මොකක්ද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්නකෝ.
මේක නියමම කතාවක් කියලා මට අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඔයාලගේ කාලය අපතේ යන්නෙත් නැහැ. එපි 8 යි තියෙන්නේ. ඉතින් ඒවා එන කාලෙට මම ඒවා ලබා දෙන්නම්. ඉතින් මම නිකමට කියන්නේ ඔයාලා මේකේ පූර්ව ප්‍රචාරක පටය ටිකක් බලන්නකෝ .පට්ටේටම තියනවා. ඒක බැලුවොත් අනිවාර්යෙන්ම ඔයාලා කතාව බලයි. එහෙනම් මම ගියා ඔයාලට ජය වේවා! ඒ වගේම Sub එක ගැන Comment එකකුත් දාගෙනම යන්නකෝ.
විශේෂ
- Alchemy :- මේක හරියට පැරණි කාලයේ තිබුණු රසායනය, තාරකා විද්‍යාව, දර්ශන වාදය වගේ විෂයක්.
- Blodyline Library :- මේක එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් වල තිබෙන පුස්තකාලයක්.
Historian Diana finds herself immersed in a world of vampires, daemons, witches and forbidden love when she comes across an ancient manuscript forcing her to acknowledge her own magical heritage.
නියමයි…සබ් එකට තැන්ක්ස්…පට්ට කතාවක් වගේ..
Thanks bro sub ekata
Elama saho digatama demu
mcho ela ade puluwannam grimm tv seris 1 nawaththapu thana idala ditanko machooooooo
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
මම මුල ටික බැලුවෙ සබ් නැතුව…. ඒත් අව්ලක් නෑ අයියේ පට්ට කතාව…. ඔයාගෙ සබ්ටයිටල් වලට තැන්කුයි❤…… ජය වේවා!!!!
Pin brooo brooo sub ekata
thanks sub ekata
math balanna gaththa 🙂
thanks………