Trending

A Discovery of Witches (2018) [S01 : E03] Sinhala Subtitle

11 Views

කොහොමද කට්ටියට ඉතින්. තිබුණ වැඩ රාජකාරී එක්ක ටිකක් පමාවුනාට අනිත් එපිය එන්න කලින් ඔන්න මම තුන් වෙනි එපියත් එක්ක ආවා. ඉතින් මේ කොටසේ IMDB Rate එක 9.0 වගේ ඉතා ඉහළ මට්ටමකට මේ එපිය ඇවිල්ලා තියනවා. ඒ වගේම IMDB ජනප්‍රියම රූපවාහීනි කතා මාලා වල 24 වෙනි ස්ථානයත්, IMDB රූපවාහිනී කතා මාලාවල බැලිය යුතු කියන කතා මාලාවල 1 වෙනි ස්ථානයට පැමිනෙන්නත් මේ කතාවට හැකි වෙලා තියනවා. ඉතින් මේ කතාව තාම හරියට Rate වෙන්නේ වත් නැතුව මේ කතාව මේ වගේ ස්ථාන වලට පත් වෙන්නේ ප්‍රධානම හේතුව තමයි එකේ රඟ පාන කට්ටිය.ඒ වගේම story එක. රංගනය අතින් ඔයාලට මේ කොටසේදී ඉතාමත් විශිෂ්ට රංගනයක් නළු නිළියන්ගෙන් දැක ගන්න පුළුවන් කියලා මම කියනවා. ඒ වගේම ඔයාලට මේ කොටසේදී ලස්සන ආදර කතාවක ආරම්බය සිදුවන ආකාරයත්, ආදර ජවනිකාවක් ලස්සනට සිදුවන ආකාරයත් ඉතා අලංකාර අයුරින් බලා ගන්න පුළුවන් කියලත් මතක් කරන්න කැමතියි. ඒ සංදිස්ථාන වලදී ප්‍රධාන නළුවා සහ නිළියගේ ඒ රංගන හැකියාවේ දක්ෂතාවය උපරිම මට්ටමකට බලා ගන්නත් මේ කොටසේදී ඔයාලට හැකි වෙවී. හොඳයි එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු.

හොඳයි ඔයාලා ගිය කොටසින් දකින්න ඇති මැතිව් සහ ඩයනා එකට එකතු වුනු එක.ඉතින් ඒ දෙන්න මිත්‍රත්වය ගොඩ නගා ගන්නවා. ඒකත් එක්කම අපිට වැම්පයර්ලා තුන් දෙනෙක්වත් බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම මැතිව් ගේ යාළුවා යක්ෂයෙක් වන හෙමිෂ් වත් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විශ්ව විද්‍යාලයේ ඩීන් ගේ උත්සවයේදී පීටර් ඩයනාව නවත්ව ගන්න හදපු වෙලාවේ ඩයනා කොච්චර බලවත්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ එකක්ම ගිලියන්තමයි පීටර්ට ඔත්තු දෙන්නේ කියලත් ඩයනාට අහු වෙනවා. ඉතින් ඒක නිසා මැතිව්ව මුණ ගැහෙන්න ඩයනා ඇවිල්ලා අන්තිමට අර  පොතේ ඩයනා දැක්ක දේවල් මැතිව්ට කියනවා. ඒ වගේම අවසන් මොහෙතේදී සහ ඩයනා මැතිව්ව හොයන් ගිහිල්ලා හමු වෙන වෙලාවේ, ඩයනාට මැතිව් ගැන කැමැත්තක් ඇති වෙන හැටි අපිට ඩයනාගේ මුහුණෙන් තේරුම් ගන්න පුළුවන්.ඒ වගේම මැතිව් එයාලගේ ලැබ් එක පෙන්වලා එකේ කරන් යන්නේ මොනවද, එයාලා දැනට හොයාගෙන තියෙන්නේ මොනවද, ඇයි වැම්පයර්ලට එයාලා වගේ කට්ටියව තව හදන්න බැරි, ඇයි යක්ෂයන්ට එක පාරටම පිස්සු හැදෙන්නේ සහ මායකරියන්ට එයාලගේ බලය අඩු වෙන්නේ ඇයි කියලා එයාලා පරීක්ෂන පවත් වන බවත් ඒවට උත්තර ඈශ්මෝල් 782 පොතේ තියනවා කියලත් මැතිව් ඩයනට කියනවා.

ඉතින් අද කොටසේ ඔයාලට ඩයනාගේ ශක්තිය බලා ගන්න පුළුවන්. වැඩේ කියන්නේ ඒක එයාටත් පාලනය කර ගන්න අමාරුයි. ඒ වගේම ඔයාලට අද තව ගොඩක් දේවල් මැතිව් ගැන එහෙම දැන ගන්න පුළුවන්.

විශේෂ

  • Chamomile :- මේක සුවඳ ගහන ඖෂදීය මල් පැළයක්.
  • Elizabeth Tudor :- මැය තමයි පලවෙනි එලිසබෙත් රැජින එංගලන්තේ සහ අයර්ලන්තේ.

එහෙනම් මම යනවා. තව දෙයක් තියනවා. ඒ තමයි මගේ විභාගේ කටයුතු හේතුවෙන් ඊලඟ කොටස් ටික මට මේ දිනවල දීමට නොහැකි වුනොත් මට ඒ ටික දෙන්න වෙන්නේ ඊලඟ අවුරුද්දේ තමයි. ඉතින් ඒක ගැන මම ඔයාලගෙන් සමාව ඉල්ලන්නවා. ඒ නිසා ඊලඟ එපි ටික කෝ කියලා හැමතිස්සෙම අහන්න එපා. ඒකට මටත් කණගාටුයි. වෙන මොනවාකරන්නද ඉතින්? ඉතින් මම ආපහු වතාවක් සමාව ඉල්ලනවා. බොහෝ විට මට ඊළඟ කොටස විතරක් දෙන්න පුළුවන් වෙයි.එහෙනම් මම යනවා.බය වෙන්න එපා කොච්චර කාලයක් ගියත් මම මේකේ Sub ටික ආනිවර්යෙන් දෙනවා. ඔයාලට ජය වේවා එහෙනම්. මම ගියා!

සහන් සුලක්ඛණ
සහන් සුලක්ඛණ Translator
4 Movies
73 TV Series
77 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
A Discovery Of Witches S01E03 XviD-AFG EZTV
E3 338M
GET
A Discovery Of Witches S01E03 720p HDTV x265-MiNX EZTV
E3 143M
GET
A Discovery Of Witches S01E03 720p HDTV x264-MTB EZTV
E3 645M
GET
A Discovery Of Witches S01E03 HDTV x264-MTB EZTV
E3 205M
GET
A Discovery of Witches (2018) Sub Collection
Discussion (16)
  • K.A Raveen Expert Subtitler
    iOS 14.4 Opera Touch 2.4

    thanks bro sub ekta

  • nilanka12 User
    Windows 10 Chrome 109

    thanks………

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search