A Discovery of Witches (2018) [S01 : E03] Sinhala Subtitle
කොහොමද කට්ටියට ඉතින්. තිබුණ වැඩ රාජකාරී එක්ක ටිකක් පමාවුනාට අනිත් එපිය එන්න කලින් ඔන්න මම තුන් වෙනි එපියත් එක්ක ආවා. ඉතින් මේ කොටසේ IMDB Rate එක 9.0 වගේ ඉතා ඉහළ මට්ටමකට මේ එපිය ඇවිල්ලා තියනවා. ඒ වගේම IMDB ජනප්‍රියම රූපවාහීනි කතා මාලා වල 24 වෙනි ස්ථානයත්, IMDB රූපවාහිනී කතා මාලාවල බැලිය යුතු කියන කතා මාලාවල 1 වෙනි ස්ථානයට පැමිනෙන්නත් මේ කතාවට හැකි වෙලා තියනවා. ඉතින් මේ කතාව තාම හරියට Rate වෙන්නේ වත් නැතුව මේ කතාව මේ වගේ ස්ථාන වලට පත් වෙන්නේ ප්‍රධානම හේතුව තමයි එකේ රඟ පාන කට්ටිය.ඒ වගේම story එක. රංගනය අතින් ඔයාලට මේ කොටසේදී ඉතාමත් විශිෂ්ට රංගනයක් නළු නිළියන්ගෙන් දැක ගන්න පුළුවන් කියලා මම කියනවා. ඒ වගේම ඔයාලට මේ කොටසේදී ලස්සන ආදර කතාවක ආරම්බය සිදුවන ආකාරයත්, ආදර ජවනිකාවක් ලස්සනට සිදුවන ආකාරයත් ඉතා අලංකාර අයුරින් බලා ගන්න පුළුවන් කියලත් මතක් කරන්න කැමතියි. ඒ සංදිස්ථාන වලදී ප්‍රධාන නළුවා සහ නිළියගේ ඒ රංගන හැකියාවේ දක්ෂතාවය උපරිම මට්ටමකට බලා ගන්නත් මේ කොටසේදී ඔයාලට හැකි වෙවී. හොඳයි එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු.
හොඳයි ඔයාලා ගිය කොටසින් දකින්න ඇති මැතිව් සහ ඩයනා එකට එකතු වුනු එක.ඉතින් ඒ දෙන්න මිත්‍රත්වය ගොඩ නගා ගන්නවා. ඒකත් එක්කම අපිට වැම්පයර්ලා තුන් දෙනෙක්වත් බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම මැතිව් ගේ යාළුවා යක්ෂයෙක් වන හෙමිෂ් වත් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විශ්ව විද්‍යාලයේ ඩීන් ගේ උත්සවයේදී පීටර් ඩයනාව නවත්ව ගන්න හදපු වෙලාවේ ඩයනා කොච්චර බලවත්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ එකක්ම ගිලියන්තමයි පීටර්ට ඔත්තු දෙන්නේ කියලත් ඩයනාට අහු වෙනවා. ඉතින් ඒක නිසා මැතිව්ව මුණ ගැහෙන්න ඩයනා ඇවිල්ලා අන්තිමට අර පොතේ ඩයනා දැක්ක දේවල් මැතිව්ට කියනවා. ඒ වගේම අවසන් මොහෙතේදී සහ ඩයනා මැතිව්ව හොයන් ගිහිල්ලා හමු වෙන වෙලාවේ, ඩයනාට මැතිව් ගැන කැමැත්තක් ඇති වෙන හැටි අපිට ඩයනාගේ මුහුණෙන් තේරුම් ගන්න පුළුවන්.ඒ වගේම මැතිව් එයාලගේ ලැබ් එක පෙන්වලා එකේ කරන් යන්නේ මොනවද, එයාලා දැනට හොයාගෙන තියෙන්නේ මොනවද, ඇයි වැම්පයර්ලට එයාලා වගේ කට්ටියව තව හදන්න බැරි, ඇයි යක්ෂයන්ට එක පාරටම පිස්සු හැදෙන්නේ සහ මායකරියන්ට එයාලගේ බලය අඩු වෙන්නේ ඇයි කියලා එයාලා පරීක්ෂන පවත් වන බවත් ඒවට උත්තර ඈශ්මෝල් 782 පොතේ තියනවා කියලත් මැතිව් ඩයනට කියනවා.
ඉතින් අද කොටසේ ඔයාලට ඩයනාගේ ශක්තිය බලා ගන්න පුළුවන්. වැඩේ කියන්නේ ඒක එයාටත් පාලනය කර ගන්න අමාරුයි. ඒ වගේම ඔයාලට අද තව ගොඩක් දේවල් මැතිව් ගැන එහෙම දැන ගන්න පුළුවන්.
විශේෂ
- Chamomile :- මේක සුවඳ ගහන ඖෂදීය මල් පැළයක්.
- Elizabeth Tudor :- මැය තමයි පලවෙනි එලිසබෙත් රැජින එංගලන්තේ සහ අයර්ලන්තේ.
එහෙනම් මම යනවා. තව දෙයක් තියනවා. ඒ තමයි මගේ විභාගේ කටයුතු හේතුවෙන් ඊලඟ කොටස් ටික මට මේ දිනවල දීමට නොහැකි වුනොත් මට ඒ ටික දෙන්න වෙන්නේ ඊලඟ අවුරුද්දේ තමයි. ඉතින් ඒක ගැන මම ඔයාලගෙන් සමාව ඉල්ලන්නවා. ඒ නිසා ඊලඟ එපි ටික කෝ කියලා හැමතිස්සෙම අහන්න එපා. ඒකට මටත් කණගාටුයි. වෙන මොනවාකරන්නද ඉතින්? ඉතින් මම ආපහු වතාවක් සමාව ඉල්ලනවා. බොහෝ විට මට ඊළඟ කොටස විතරක් දෙන්න පුළුවන් වෙයි.එහෙනම් මම යනවා.බය වෙන්න එපා කොච්චර කාලයක් ගියත් මම මේකේ Sub ටික ආනිවර්යෙන් දෙනවා. ඔයාලට ජය වේවා එහෙනම්. මම ගියා!
එලනෙ.දෙනකන් බලන් උන්නෙ.ජය
thanks bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…ජය ඒම කරන්න එපා සහෝ ඊලග අවුරුද්ද වෙනකන් ඉවසන්න බෑ… පුලුවන් කෙනෙකුට කතාමාලාව අවසන් කරන්න බාර දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්….
ehema karnna balannam sahodarayaa
අඩෝව එහෙම කරන්න එපා මචන්.වෙන කාවහරි බලල හරි ගේමක් ගහලා සබ එක දියණ..සුපිරි කතාවක් පටන් අරන් එක පාරටම් බලන් ඉන්න ගියාමත් එපා වෙන්වනේහ් බන් එකයි..විභාග වැඩකටයුතු හොදට කරගනින්..සුබ අනාගතයක්… ජය වේවා.සබ් වලට බොහොමත් ස්තුතී (y) 😀
Thanks machan…….jayawewa……..!
Thanks For Sub….
patta saho meka supiri ekmaata sub denno sub 1 wachana walata balala galapenna dila thiyenawa well done good work
thanks,saho
4 weni ekath mam me dan haddagen yan gaman ekatha ballporoththu wennko.
නියමයි මචන්…. තෑන්ක්ස් එපි 08යි එන්න තියෙන්නේ පුලුවන් විදියකට සබ් දෙන්න සහෝ මග නවත්තන්න එපා…
thanks bro
ස්තූතියි සහෝ.
Elama saho. Digatama demu…