කොහොමද යාලුවනෙ.. සුභ දවසක් ඔයාලට.. අද මට විශේෂ දවසක් මොකද මම අද ඔයාලට ඇරගෙන එන්නෙ මගෙ 50 වෙනි සබ් එක. මෙච්චර දවසක් ටීවී සීරීස් වලට සබ් කරපු මට 50 වෙනි එකට ෆිල්ම් එකක සබ් එකක් කරන්න හේතුවක් වුනෙ.. පසිදු සහෝගෙ ඉල්ලීම. ඒ වගෙම සහන් සහෝගෙ උදවු මත. ඉතින් මේක ලොකු දෙයක් මටනම්.. හේතුව මම ඉස්සර කලෙ ෆිල්ම් එකක් හරි ටීවී සිරීස් එකක් හරි බැලුවෙ DVD එකක් කඩෙන් ගෙනත්. ටොරන්ට් ගැන ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් ගැන දැනගන්න ලැබුනෙ කාලෙත් එක්කම, ඒකට ගොඩක් උදවු වුනා මගෙ යාලුව ඉසුරු චන්දිම.. මොකද එයා තමා මට ටොරන්ට් මොනාද කියල හරි ඉගැන්නුවෙ. ඊට පස්සෙ සයිට් වලින් සබ් බාගෙන බලන්න පටන් ගත්ත ඒ වගේම ෆිල්ම් ටීවී සීරීස් හුවමාරු කරගෙන බැලුව. ඒත් කාලයත් එක්කම සබ් එකක් කරන්න හිතක් පහල වුනා.. ඉතින් මම සබ් එකක් ඇරන් ගූගල් ට්‍රාන්ස්ලේට් වල ගහල බැලුව... ?? ඉතින් එක සබ් දෙන සයිට් එකකට ඒ ට්‍රාන්ස්ලේට් කරපු සබ් එක එඩිට් පාරක් දාල යැව්ව. අම්මෙ මට බැනපු තරම්..
පස්සෙ මම හිතාගත්ත කොහොමහරි සබ් එකක් කරන්නම ඕන කියල. ඊට පස්සෙ මම the haunting of hill house කතා මාලවට සබ් කරන්න පටන් ගත්ත.. ඒ කරල සබ් එක දෙන්න ඒ සයිට් එකට ලොග් වෙනකොට ඒ ඇඩ්මින්ල මට කිව්ව ඒක කෙනෙක් බාරගෙන ඔයා දැන් මොනා කරත් වැඩක් නෑ කියල.. ඒත් සබ් දෙන තව සයිට් ඇතිනෙ කියල බලනකොට තමයි මේ සයිට් එක හම්බුනේ. මාව මේකෙ ඇඩ්මින් සෙට් එකයි සබ් කරන කොල්ලො ටිකයි අවන්කෙන්ම ලස්සනට පිලිගත්ත. ඒකෙන් මම මගෙ පලවෙනි සබ් එක මේ සයිට් එකෙම පල කරා.. ඉන් පස්සෙ මම කවුරුත් දීල නැති අලුත් දේවල් වලට සබ් දෙන්න තීරනෙ කලා..එතනදි මට ගොඩක් ඉල්ලීම් ආව පරන ගොඩක් ලස්සන කතා වලට සබ් දෙන්න කියල. ඒත් එහෙම කරොත් අපි එක තැන පල් වෙනව වගේ කියල හිතුන.ඒක නිසා අලුත් ඒවටම දුන්න.. ඉතින් ඉස්සරහට වෙනසක් කරල මගෙන් සබ් ඉල්ලපු ලස්සන තාමත් තිරගත වෙන ටිකක් දිග කතා මාලාවකුත් මේ අතර මැදදි මම කරගෙන යන්න අදහස් කරගෙන ඉන්නව ඒකනම් දාන්නෙ ඔක්කොම ඉවර කරල..
එතකොට මේ දෙවල් කරන්න මට උදවු කරපු ගෙදර අය ඒ වගේ මගෙ හැමදේකදිම පිටිපස්සෙන් ඉන්න පෙම්වතියත්, අපේ ඇඩ්මින් මඩුල්ලෙ, පසිදු සහො.. සමීර සහෝ.. දමිත් සහො.. කවීෂ සහෝටත් ඒ වගේම අපේ සබ් කරන ලක්ෂාන් සහෝ.. සහන් සහෝ.. තමෝද් සහෝ වගේම ඔක්කොටමත්.. මගෙ හැම සබ් එකකටම එක කමෙන්ට් එකකින් හරි දායක වුන අපේ රසික රසිකාවියන්ටත් ඒ වගෙම සබ් එක බාපු ඔක්කොටමත් මම අවස්ථාවක් කරගන්නව ස්තුති කරන්න.. මම මේ කියපු හැමදෙනාම නැත්නම් මම මේ තරම් දුරක් එන්නෙ නෑ.
ඒ වගේම මම සබ් කරේ 4න් එකෙන් මොකද මට ලැප් එකක් නෑ. ඒක ගොඩක් අමාරු දෙයක් ඒත් ඒ හැමදේම ලේසිවෙන විදිහට මම හදාගත්ත. ඒ වගේම සබ් 15 වගේ ඉදන් මටම සබ් එක අප්ලෝඩ් කරන්න හම්බුනා, අනික් හැම කෙනෙක්ම ලබන පහසුකමක්ම මටත් සයිට් එකෙන් හම්බුනා. ඉතින් අලුතෙන් සබ් කරන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් මේක තමයි සයිට් එක ඔයාලට පහසුවෙන්ම සබ් එක පබ්ලිශ් කරගන්න පුළුවන්...
ඒත් එක්කම මේ හැමදේම කරන්නෙ විනෝදාංශයක් විදිහට ඉතිං සමහර අය අදටත් අහනව ඇයි බං වැඩකට නැති වැඩ කරන්නෙ කියල.. ඒ වෙලාවට ඒව නෑසුනා සේ ඉන්නව මොකද මගේ අරමුණ මුදල් නෙවෙයි.. ඔයාලගෙ කමෙන්ට්ස්.. වගෙම ඩවුන්ලෝඩ්.. දවසගානෙම සයිට් එකට ඇවිත් බලන්නෙ කීයක් ඩවුන්ලෝඩ් කරලද.. කමෙන්ට් එකක් ඇවිත්ද කියල.
ඒ තරම් ඇබ්බැහි වෙලා.. ඉතිං ඔයාලගෙ කමෙන්ට්ස් වගේම ඩවුන්ලෝඩ් තමයි අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නෙ.. එහෙනම් මේ ෆිලිම් එකත් බලන්න.. ගුණ දොස් කියන්න.. SUBZ.LK දිගුකල් වැජබේවා..!

වගකීම අත්නොහැරි මිත්‍රත්වය..! A dog's journey ( 2019 ) Adventure / comedy / Drama
සමහර මිත්‍රත්ව තියෙනව නොනැසී පවතිනව සදහටම.. බල්ලෙක්ගෙ ජීවිත කාලයකදි ඒක එයාට ගොඩක් විශෙෂයි.. මේ කතාවෙ කතා නායකය වෙන බේලිගෙ තියෙන බැදීම මෙන්ම වගකීම් සහගත බව අද අපි අතරවත් නොමැති තරම්..බේලී, මෝලි.. ලොකු බල්ල.. මැක්ස්.. කියන ආත්ම තුන තුලදීම උත්සාහ කරන්නෙ එයාගෙ වගකීම ඉෂ්ඨ කරන්න.. මේකෙ විශේෂයත්වය අපිත් මේ කතාව තුලම ජීවත් වෙන එක ඒ බේලි වගෙ.. මෝලි වගේ.. ලොකු බල්ල වගේ.. මැක්ස් වගේ.. ඒ හැම චරිතෙකම අපිත් ජීවත් වෙනව.. ඒ වගෙම cats and god වගෙ ෆිල්ම් වලට ආස අයනම් මේක වරද්දන එකක් නෑ.. ඒ වගේම අවසානයෙදි ඔයාලගෙ ඇස් වලට කදුලක් එන විදිහට මේක අපූරු විදිහට නිර්මාණය කරල තියෙනව.. මිනිත්තු 109ක් පුරා දිවෙන මේකෙ IMBD අගය 7.4* ක්,2019 මැයි මාසෙ 17 තිරගත වීම ආරම්භ වුනා. Golden trailer - animation / drama Golden trailer - best wildposls යන සම්මාන දිත්වය සදහාද මෙක නිර්දේශ වෙලා තියෙනව. ඇමරිකාව තුල ඩො.මි 22කුත්, ලෝකය පුරාම ඇ.ඩො.මි 67ක ආදයමකුත් ලැබල තියෙනව. Winnipeg, menitoba, canada යන ස්ථාන වල රූගත කිරීම් කරල තියෙනව.මේක අපි කවුරුත් දන්න universal pictures ඉදිරිපත් කිරීමක්. අධ්‍යක්ෂනය - gail mancuso තිර රචනය - w.bruce cameron (book) Maya forbes Cathryn mechon Wallace wolodarsky රංගන දායකත්වය Josh gad - baily (voise)❤❤ Dennis quaid - ethan?? Kathryn prescott - cj Marg helgenberger - hannah Betty glipin - gloriya Hennry lau - trent Abby ryder frostson - young cj Ln chen - young trent Emma volk - toddler cj Johnny galaecki - harry Conrod loates - bog joe Kevin clajdon - barry Jake manley - shane Daniel brabosa - leisiඔබ සැමට ජය....!




Windows 8.1Chrome 77
ela saho thanks
Android 8Chrome 65
ගොඩක් ස්තුතියි sub එකට වගේම 50 වෙනි සබ් එකට good luck! තවත් ලස්සන අලුත් කතාවලට සබ් එක දාන්න ශක්තිය ලැබේවා කියලා පතනවා.