ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් කට්ටියට කොහොමද? මේ ඉතින් ගොඩක් කාලෙකට පස්සේ ආයේ සබ් එකක් උස්සන් ආවේ.ඉතින් කොහේ සබ් දෙන්න කාලයක් තිබ්බද. o/l හින්දා හොදටම හිරවෙලා හිටියේ.ඉතින් වැඩි කතාවක් නැතුව සබ් එක පැත්තට යමු.
මුලින් පසිදු සහෝට ස්තූති කරන්න ඕන මට මේ කතාවට සබ් කරන්න කියලා බාර දුන්නට.ඒවගේම මායි අපේ හිරාන් සහෝදරයයි බෙදාගෙන සබ් දෙන්න තමා හිතාගෙන ඉන්නේ.මුල් එපි 5 මම සබ් දෙනවා, හිරාන් සහෝ අන්තිම එපි 5 සබ් අරගෙන ඒවි.ඉතින් පොඩ්ඩක් කතාව ගැන හැදින්වීමක් දෙන්නම්කෝ.
ඉතින් netflix tvseries එකක් කියලා මුලින්ම කියන්න ඕන.ලබාගත් මනාප දිහා බැලුවොත් IMDb තුළින් 6.8 අගයක්ද . කුණු තක්කාලි 72%ක් වගේම ගූගල් පරිශීලකයින්ගෙන් 92%ක ප්‍රසාධය ලබාගෙන තියෙනවා.ඒවගේම මේ අවුරුද්දේ ඔක්තෝබර් 24 තමා කතාව මුල් වරට නිකුත් කරලා තියෙන්නේ.එපිසෝඩ් 10කින් යුක්ත මේ කතාවේ පණ පොවන නළු නිළි කැළ තමා,Sophie Simnett(සෑම් ඩීන්), Colin Ford(ජොෂ්),Krysta Rodriguez(මිස් ක්‍රම්බල්),Alyvia Alyn Lind(ඇන්ජලිකා),Cody Kearsley(ටර්බෝ),Matthew Broderick(මයිකල් බර්),Gregory Kasyan(ඉලයි) වැනි අය.
ඉතින් අද අරගෙන ආවේ පළමු එපිසෝඩ් එක.මේක නම් කරලා තියෙන්නේ Josh Vs Apocalypse නමින්.ඉතින් අද කොටස ජොෂ් කියන චරිතය වටා තමා රැදෙන්නේ.ඒවගේම මේ කතාවේ ප්‍රධාන නගරය වන ග්ලෙන්ඩේල් පිළිබදව හැදින්වීමක් තමා තියෙන්නෙ.ඉතින් මන් පොඩ්ඩක් කතාව ගැන කියන්නම්.ජොෂ් කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක්.මුගෙ කෙල්ල තමා සෑම් ඩීන්.නමුත් සෑම් ඩීන් අතුරුදහන් වෙලා ඉන්න නිසා, ජොෂ් ඒකිව හොයන්න මැරෙන කතාවක් තියෙන්නෙ.හැබැයි බයවෙන්න තියෙන දේ තමා මේ ග්ලෙන්ඩේල් නගරෙට බෝම්බ ගහනෝ.මේ බෝම්බ ප්‍රහාරය නිසා ඒ පළාතේ ඉන්න හැම වැඩිහිටියෙක්ම සොම්බි කෙනෙක් වෙනවා.ටිකක් විතර හිරොෂිමා නාගසාකි සීන් වගේ නේද?ඉතින් මන් මෙතනින් කතාව ගැන කියන එක නවත්තනවා.ඔයාලා කතාව බලලම ඉන්නකෝ.
විශේෂ -:
ගුලීස් – ගුලීස් කියලා මේ කතාවෙදි කියන්නේ නම් සොම්බීස්ලට.හැබැයි ඔයාලා The Walking Dead, Kingdom වගේ කතාවල දැක්කා වගේ සොම්බිලා නෙවේ මේ කතාවේ ඉන්නේ.මේ සොම්බිලා එක එක විදියයි.සමහර අය හොදයි,සමහර අය නරකයි.මේ කතාව පොඩ්ඩක් සොම්බීස්ලට පොඩි පහරක් වදින්න හදපු එකක් කියලා තමා මට නම් හිතෙන්නෙ.
ප්‍රැසිස්ට්වාදීන් – මේක ගැන වැඩි අදහසක් ගන්න ඕන නෑ. මොකද මේ වචනේ කතාවේ කීප වතාවයි එන්නේ.ඒවගේම මේ වචනේ තේරුම නොදන්නවා කියලා කතාවේ රස විංදනයට බාධාවක් වෙන්නෙත් නෑ.ප්‍රැසිස්ට්වාදය කියන්නේ දෙවන ලෝක යුද්ධයේ සාමාජිකයෙක් වුණ ඉතාලියේ ප්‍රබල නායකයෙක් වෙන මුසෝලිනි හදුන්වා දීපු කරුණක්.මේක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ නට්සිවාදයට සමානයි කිව්වොත් නිවැරදියි.
ඒවගේම කතාවේ ජොක්ස්,ස්ටෙම් පන්ක්ස් කියලා වචන කිහිපයක් ඇති.ඒවා ගෝත්‍රික කණ්ඩායම් කිහිපයක නම් වගයක්.කතාව බැලුවම ඒ ගැන අදහසක් ගන්න පුළුවන්.
ඉතින් පුළුවන් ඉක්මණට ඉතුරු එපි ටිකෙත් සබ් අරන් එන පොරොන්දුවත් එක්කම මන් මගේ කතාව මෙතනින් නවත්තනවා.හැමෝටම සුභ දවසක්.
Daybreak (2019) [S01 : E01] Sinhala Subtitle
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Thanks මල්ලී.. ….ජයවේවා…….!
Tell me a story serious එකටත් සබ් දෙන්නකො
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ඉතුරු episode 9ටත් ඉක්මනට සබ් එක දෙමු 👊.. O/Lත් ඉවර නිසා පුළුවන් නම් වෙලාව තියෙන තියෙන හැටියට සුපිරි filmවලට, tv seriesවලට සබ් ගේන්න 😉..
ජය වේවා.!
Thanks සහෝ සබට
Thanks bro.සබ් එක එනකන් හිටියේ
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Thanks brother
thanks for sub
tnq saho jayawewa
thanks bro