Defending Jacob (2020) [S01 : E01] Sinhala Subtitle

Published April 27th, 2020 by

හරි ඕන්න එහෙනම් අළුත්ම අළුත් කතා මාලාවකට උපසිරැසියක් ගේන්නයි මේ හදන්නේ. Black mirror එකට සබ් දෙන ගමන් මේකටත් සබ් දෙන්නයි මන් මේ හදන්නේ. ටිකක් ඒකාකාර බවෙන් මිදෙන්න ඕන හින්දා කියලා කියමුකෝ. අවංකවම මන් මේ කතාවට උපසිරැසි දෙන්න හදනකොට මේ කතාව කොහෙවත් කතා බහ කෙරුණු කතාවක් නෙමේ. හැබැයි උපසිරැසිය කරලා ඉවර වෙද්දී මේක වර්තමාන ජනප්‍රිය කතා මාලා ලැයිස්තුවේ ඉඩක් වෙන් කරගෙන ඉවරයි. එහෙම වෙන්නේ නැතුව තියෙයිද? මේ කතාවට රංගනයෙන් දායක වෙන අය ගත්තම.

ඔන්න ඔය නළු නිළි කැලම ඇති මේක නරඹනවද නැද්ද කියලා තීරණය කරන්න. Apple TV බෙදාහැරීම් අයිතිය ලබාගෙන ඇති මේ කතා මාලාව දැනටම IMDB අගය 8.6ක්. මේක අයිති වෙන්නේ Mystery, Thriller කියන කාණ්ඩවලට.

ඉතින් මන් මේක ගැන තවත් කතා කරන්නේ නෑ. කතාව දිහාවට හැරුනොත් මේක පවුලක කතාවක්. ඇන්ඩි බාබර් (Chris Evans) දිස්ත්‍රික් නීතිඥවරයෙක්. එයාගේ පුතා තමා ජේකබ් කියන්නේ. හදිසියේම තමන්ගේ බල ප්‍රදේශයේ ඝාතනයක් සිද්ධ වෙනවා. ඒ තමන්ගේම පුතා ඉන්න පංතියේ අවුරුදු 14ක කොල්ලෙක්ව / බෙන්ව පපුවට පිහියකින් 4පාරකින් ඇනලා මරනවා. මේක විමර්ශන කරන්නේත් ඇන්ඩි බාබර් තමා. ප්‍රශ්නය තමා මේ මරණයේ සැකය එල්ල වෙන්නේ වෙන කාටවත් නෙමේ, තමන්ගේ පුතා ජේකබ්ටමයි.

දැන් තමා එහෙනම් ප්‍රශ්න ටික පටන් ගන්නේ. මොකද්ද මේ වෙන්න යන්නේ? ඇත්තටම ජේකබ්ද බෙන්ව මැරුවේ? ඇයි මැරුවේ? වෙන කෙනෙක් මරලා එයාව අල්ලනවද? තාත්තා පුතාව බේරගනීද? කතා මාලාවේ නමත් ඒකනේ. අනේ මන්දා, මේක Mystery කථාවක් නිසා කිසිම දෙයක් පුරෝකථනය කරන්න වේලාසන වැඩියි. ඉතින් එහෙනම් කුතුහලයෙන් මේක බලන්න පටන් ගමු නේද මේ ටික විසදගන්න.

 

 

US

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4