එහෙනම් කතාවට දිහාවට හැරෙමුකෝ.
දිස්ත්‍රික් නීතිඥවරයෙක් වෙච්ච ඇන්ඩි බාබර් පවුලත් එක්කම නිවාඩුවට මෙක්සිකෝ යන්න ඉන්නේ. ඒත් හදිසියේම තමන්ගේ බලප්‍රදේශයේ ඝාතනයක් සිදුවෙනවා. මරමුවට පත්වෙන්නේ වෙන කවුරුත් නෙමේ ඇන්ඩි බබර්ගේ පුතා ජේකබ් ඉගෙන ගන්න පාසලේ එයාගෙම පංතියේ ළමයෙක් වෙච්ච බෙන්. ඉතින් මේක ගැන පරීක්ෂනය කරන්න වෙන්නෙත් ඇන්ඩි බාබර්ට තමා. ඉතින් ඇන්ඩි බබර් තමන්ගේ රස්සාවත් බේරන් ජේකබ්ගේ පාසලේ බෙන්ට හිතවත්ම කට්ටියගෙන් ප්‍රශ්න කරනවා මරණය ගැන. ඒත් කිසිම හෝඩුවාවක් නෑ. ඒත් එතනදී ජේකබ්ගේ යෙහෙළියක් වන සේරා අහන එක් ප්‍රශ්නයක් නිසා ඇන්ඩිත් ටිකක් අවුල් යනවා. කොහොම උනත් හොයාගන්න කිසිම දෙයක් නෑ. එත් අන්තිමට මීට අවුරුදු ගානකට කලින් බාලවයස්කාර නඩුවකට අහුවෙච්ච පොරක් ඒ මරණය වෙන වෙලේ එතන ඉඳලා තියෙනවා. ලෙනාර්ඩ් පැට්ස්. සැකය එල්ල වෙන්නේ මිනිහා දිහාවට තමා. ඒ කොහොම උනත් කතාව අවසානයේදී ඇන්ඩිගේ ඊමේල් එකට ජේකබ්ගේ පාසලේ ගෲප් චැට් එකක්. ඒකේ ඩෙරෙක් කියන හාදයා, මෙයා ජේකබ්ගේ යාළුවෙක් කියනවා, මිනිහා මැසේජ් කරනවා “ජේකබ් මේක කරේ ඔයා කියලා හැමෝම දන්නවා. ඔයා ගාව පිහිය තියෙනවා. අපි ඒක දැක්කනේ” කියලා. මේක දැකපු ඇන්ඩි සැකයටම වගේ ජේකබ්ගේ කාමරේ හොරෙන් සෝදිසි කරනවා. කිව්වා වගේම ලාච්චුවේ තිබිලා පිහිය හම්බෙනවා.
ඊටපස්සේ කොහොමහරි ජේකබ්ගෙන් පිහිය ගැන ඇන්ඩි අහනවා. එතකොට කියන්නේ ටවුන් එකේ හමුදා බඩු තියෙන කඩයකින් ගත්තා කියනවා. ඇන්ඩිත් මේ ලොකු වැරැද්දක් දකින්නේ නැති නිසා ඒක අරන් විසි කරලා දානවා වැඩි ප්‍රශ්නයක් අහන්නේ නැතුව. ඒ වගෙම පොලිසීයෙන් ලෙනාඩ් පැට්ස්ව ප්‍රශ්න කරන්න එක්කන් යනවා. ඇන්ඩිගේ ප්‍රධානම සැකකාරයා තමා බාලවයස්කාර අපයෝජකයා. නමුත් එතන්ට ක්ලයි නීතිඥවරියගේ පැමිණීම නිසා ඒකට බාධවක් වෙනවා. පේන විදියට ක්ලයින් මේ කතාවේ ලොකු චරිතයක් වෙයි වගේ. ඒ අස්සෙන් අර ඩෙරෙක් හාදයා ඔන්ලයින් දාපු දේ නිසා ජේකබ්ට ප්‍රශ්නයක් වෙයි වගේ. ඔය ජරමර අස්සේ කතාවේ හොඳම අවස්ථාවට එන්නේ. ඒ ඇන්ඩි මේ නඩුවෙන් අයින් කරනවා. ඒකට හේතුව මැරිච්ච බෙන්ගේ කමිසයේ තිබ්බේ ඇන්ඩිගේ පුතාගේ ඇඟිලි සලකුණු. දැන් මේකේ ප්‍රධානම සැකකාරය වෙන කවුරුත් ජේකබ්. ජේකබ් ඇඟිලි සලකුණ ගැන හංඟන් හිටියට එයාව අත් අඩංගුවට ගන්න එන නිලධාරියට කියනවා ඒකට හේතුව. කොහොමහරි ඇප ගන්න බලාපොරොත්තුවෙන් ඇන්ඩි ජේකබ්ව පොලිසියේ තියලා යනවා යන්න. කතාව අවසානයේදී දකින්නේ ලෙනාඩ් පැට්ස් මැරිච්ච් බෙන්ගේ පින්තූර වගයක් එයාගේ දුරකථනයේ තිබිලා මකලා දාන එක.
ඉතින් එහෙනම් අද කථාව නරඹලා ඉන්නකෝ. මොකද කතාවේ වෙන්න තියෙන දේවල් කිව්වොත් කුතුහලයට බාධාවක් වෙන්න පුලුවන්.
Amme UBA Nam deviyek ban.
නිදහසක් තිබ්බ වෙලාවක් හින්දා ඉක්මනින් සබ් එක දෙන්න පුලුවන් උනා සහෝ
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.!
බොහොම ස්තූතියි
Thx mcn sub ekata
බොහොම ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි
Episode 04 denna puluwnda ikmnt🙄
කතාව නම් නිකුත් වෙලා සහෝ. මාත් දැක්කා. තාම උපසිරැසි ගොනුවක් නෑ. හෙට වෙද්දී එයි. ආව ගමන්ම දෙන්නම් සහෝ🙂🙂
Thank you bro!