Happy Face (2025) [S01 : E01] Sinhala Subtitle
Annaleigh Ashford, Dennis Quaid, James Wolk, Tamera Tomakili, Khiyla Aynne, Benjamin Mackey
කොහොමද යාලුවනේ! 👋
ඔන්න එහෙනම් මගේ ඊළඟ සිංහල උපසිරැසිය අරගෙන අදත් Subz.lk එක පැත්තට ආවා. කලින් සබ් වලට ඔයාලා දීපු සුපිරි සපෝට් එකට ගොඩක් ස්තූතියි!
අද මම ඔයාලට අරන් ආවේ 2025 වසරේ නිකුත් වුණු, සැබෑ සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වෙච්ච, ලෝකෙම අවධානය දිනාගත්ත පට්ටම Crime/Thriller කතා මාලාවක් වෙන Happy Face සීරීස් එකේ පළමු වෙනි කොටස (Episode 01).
📝 පළමු කොටසේ කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත්:
මේ කතාව ගලාගෙන යන්නේ Melissa Moore කියන කාන්තාව වටා. මෙයා සාමාන්‍ය විදිහට ජීවත් වෙන කෙනෙක් වුණාට, මෙයාට තියෙනවා මුළු ලෝකෙන්ම හංගපු මාරාන්තික රහසක්. ඒ තමයි මෙයාගේ තාත්තා, ලෝකයම හොල්ලපු, තමන් මරන බිලි ළඟ හිනාවෙන මූණක (Happy Face 🙂) සලකුණක් දාලා යන කුරිරු Serial Killer කෙනෙක් (Melissaගේ තාත්තා විදිහට රඟපාන්නේ ප්‍රකට නළු Dennis Quaid).
පළමු වෙනි එපිසෝඩ් එකෙන්ම බලාගන්න පුළුවන් අවුරුදු ගාණක් තිස්සේ තාත්තගෙන් ඈත් වෙලා තමන්ගේ පාඩුවේ ජීවත් වුණු මෙලිසාට, එක පාරටම තමන්ගේ තාත්තා ආයෙත් තර්ජනයක් වෙන්න පටන් ගන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ දුව සහ තාත්තා අතර තියෙන අඳුරු සම්බන්ධය සහ මේ මිනීමරුවාගේ අතීතයේ දරුණු රහස් එකින් එක එලියට එන හැටි පළමු කොටසින්ම පට්ට කුතුහලයකින් බලාගන්න පුළුවන්!
-
Series: Happy Face (2025)
-
Season: 01 | Episode: 01
-
Genre: Crime / Drama / Mystery / Thriller
-
Cast: Dennis Quaid, Annaleigh Ashford
-
Language: English (Sinhala Subtitle)
වෙනදා වගේම එපිසෝඩ් එක බලලා ඔයාලගේ අදහස්, අඩුපාඩු පල්ලෙහා Comment එකක් දාලා කියන්න. ඔයාලගේ කමෙන්ට්ස් තමයි මට ඊළඟ එපිසෝඩ් එකත් ඉක්මනින්ම අරන් එන්න තියෙන ලොකුම ගැම්ම! දෙවැනි කොටසත් අරන් ඉක්මනින්ම එන්නම්.
හැමෝටම ජය! එන්ජෝයි කරන්න! 🍿📺