Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Biography
  3. Green Book (2018) Sinhala Subtitle

Green Book (2018) Sinhala Subtitle

March 05, 2019 Hasitha Prasad | Junior Admin
IMDB RATING 8.3
GENRES
BiographyComedyDramaEnglish MoviesGenresMovies
CAST

Viggo Mortensen, Mahershala Ali, Linda Cardellini, Sebastian Maniscalco

 

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම, මේ එන්නෙ අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් පරිදි කල , මෙවර ඇකඩමි සම්මාන උළෙලේ 2018 වසර වෙනුවෙන්වූ හොඳම චිත්‍රපටය, හොඳම සහය නළු(මහෙර්ෂලා අලී), හොඳම මුල් තිරපිටපත යන සම්මාන ත්‍රිත්වයද ඇතුළුව තවත් සම්මාන 50ක් දිනාගත්, සම්මාන 88 කට නිර්දේශ , සත්‍ය කථාවක් ඇසුරින් නිමවූ Green Book චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මේ වනවිට Imdb හි 8.3ක අගයක්ද, එහි හොඳම චිත්‍රපට 250 අතර 126 වන ස්ථානයත්,Rotten Tomatoes වෙතින් 79%ක අගයක්ද ලබා ඇති චරිතාපදාන, හාස්‍යමය,නාට්‍යමය යන ත්‍රිත්ව ඝනයන්ට අයත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පීත් ෆැරලිගෙන්. තිර රචනය නික් වැලලොන්ගා ( ටෝනි වැලලොන්ගාගේ පුත්), බ්‍රයන් හැරිස් කරී, පීටර් ෆැරලිගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ විගො මෝර්ටන්සන් ( ටෝනි ‘ලිප්’ වැලලොන්ගා), මහෙර්ෂලා අලී( ඩොක්ට. ඩොන් ෂර්ලි),ලින්ඩා කාඩලිනි( ඩොලොරෙස්), මයික් හැටන් (ජෝජ්),ඩිමිතර් මැරිනොව් (ඔලෙග්) ඇතුළු පිරිසක්. ඉල්ලීම වෙනුවෙන් මිතුන් සහෝදරයටත් ස්තූති කරගෙනම අපි යමු චිත්‍රපටයෙ පසුබිම් කතාව පැත්තට….

ජාතිවාදය, ලෝකයටම පිළිලයක් වගේම ආරම්භවූ දවසක් හොයාගන්නත් බැරි තරම් ඈතයි. ලෝකයේ හැම රටක්ම පාහේ මේ ගැටලුවෙන් අඩුවැඩි වශයෙන් පීඩා විඳිනවා. මෙතනිනුත් විශාලතම සුදු-කළු වශයෙන් ඇති බෙදීම. සුදු ජාතිකයන්ගේ දැඩි තාඩන පීඩනවලට ලක්වූ , අදටද සුළු වශයෙන් ලක්වන, අප්‍රිකානු- ඇමරිකානු එහෙමත් නැත්නම් කළු ජාතික නොහොත් නීග්‍රෝ ජන සමාජය ගැන අපි චිත්‍රපටවලින්, අන්තර්ජාලයෙන් නිරන්තරව දකිනවා. මෙය ඒ සම්බන්ධව නිර්මාණය වුණ චිත්‍රපටයක්. නමුත් මේ චිත්‍රපටයේ තිර රචනයට දායක වූ (ටෝනි වැලලොන්ගාගේ පුත්) නික් වැලලොන්ගා නිකුත් කල මුස්ලිම්වරුන්ට නිග්‍රහවන ආකාරයේ ජාතිවාදී ට්වීට් එකක්…

…සහ සහ ටෝනි චරිතයට පණ පොවන විගෝ මොර්ටසන් අතින් සම්මුඛ සාකච්ඡාවකදී කළු ජාතිකයන් හැඳින්වීමට භාවිතා වන අපහාසාත්මක වදනක් වන “Nigger” යන්න කියවීමත් නිසා මෙය දැඩි දෝෂදර්ශණයටද ලක්වුණා, එම ට්වීට් පණිවිඩය සැබෑ නික් වැලලොන්ගාගේ නිල ගිණුමෙන් (මෙය මේ වනවිට වසාදමා ඇත) පළකල එකක් බව තහවුරු කරගෙන ඇති අතර, තමන්ගේ මුවින් පිටවූ වචනය සම්බන්ධව විගෝ මොර්ටන්සන්ද තම කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා. මෙයින් දැඩි ලෙස සිත්වේදනාවට පත්වෙන්නෙ මහෙර්ෂලා අලී, හේතුව ඔහු මුස්ලිම් ආගමිකයෙක් සේම අප්‍රිකානු-ඇමරිකානුවෙක්ද වන නිසයි. නමුත් ඔහු විගෝ මොර්ටන්සන්ගේ සමාව ඉල්ලීම පිලිගෙන තිබෙනවා. කාගේ හෝ වරදින් ලෝකයට නිදහස්වන වැරදි සිත් වේදනා පහසුවෙන් මකන්නට නොහැකි බවට මෙය හොඳම උදාහරණයක්. අවසානයේ සිදුවූවේ ඔස්කා සම්මාන තුනක් දිනාගත් මේ අපූරු චිත්‍රපටයෙන් එම ගෞරවය තරමක් දුරට ගැලවී යාමයි. කෙසේ හෝ මෙම කළු-සුදු භේදය ඇමරිකාවේ යම් ප්‍රාන්ත කීපයක දැඩිව දකින්නට තිබූ 1960 කාලසමයේ සිදුවූ සත්‍ය කතාවක් තමයි මේ Green Book චිත්‍රපටයට කතා වස්තුව වන්නේ. දැන් මොකද්ද එතකොට මේ ටයිටල් එක? Green Book? මොකද්ද මේ ග්‍රීන් බුක් කියන්නෙ? අපි බලමු ඒ මොකද්ද කියල.

Green Book
මම පෙර සඳහන් කල ලෙසම යම් ප්‍රාන්තවල හෝටල්, අවන්හල්, ඉන්ධන පිරවුම්හල් ආදී සේවා සපයන නොයෙකුත් ස්ථාන කළු ජාතිකයන්ට සේවය සැපයීම ප්‍රතික්ෂේප කර තිබෙනවා ඒ කාලයේ. ඔබ විශ්වාස කරනවද රාත්‍රී කාලයේ කළු ජාතිකයන්ට එලිමහනේ ගැවසීම තහනම් නගර (Sundown Towns) පවා තිබී ඇති බව? වැඩිපුරම මෙම තත්වය තිබී ඇත්තේ ඇමරිකාවේ දකුණුදිග ප්‍රාන්තවලයි. වහල් සේවය පැවති කාලයේ සිටම පැමිණි මේ ජනවාර්ගික වෙන්කිරීම (racial segregation) නීතිමය වශයෙන් බලගැන්වෙන්නෙ 1870 වසරේ අගභාගයේ එලිදැක්වෙන ජිම් ක්‍රෝ නීතිය අනුවයි. මේ ජිම් ක්‍රෝ කතාව ආරම්භවෙන්නෙත් ඉතාම විහිළු සහගත විදියට, ඒ 1847දී ජිම් ක්‍රෝ ජුබිලී නම් ෂීට් මියුසික් කවර් එකකින්. මේ එයට අදාල වාදනය, හොඳට ඇහුම්කන් දෙන්න එහි පද පෙළට.

රූපයෙන් පේනවනෙ, මේ රූපය ඇඳ තිබෙන්නේ අප්‍රිකානු-ඇමරිකානු නර්තන ශිල්පීන් සහ සංගීතඥයන් උපහාසයට ලක්කරමින්. මෙතනින් තමයි මේ ජනවාර්ගික වෙන්කිරීමට මුල්ගල තැබෙන්නෙ.

අප්‍රිකානු-ඇමරිකානුවන්ගේ භාවිතයට වෙන්කල නැවතීමේ ශාලාවක්

අප්‍රිකානු-ඇමරිකානුවන්ගේ භාවිතයට වෙන්කල ජල ඩිස්පෙන්සරයක්

ජිම් ක්‍රෝ නීතිය ගැන තවත් දේ ඔබට දැනගන්න පුළුවන් මම මෙම කරුණු උපුටාගත් බ්‍රිටැනිකා වෙබ් අඩවියේ මෙම පිටුවෙන්.

ඉතින් මේ අවාසනාවන්ත තත්වය නිසාම එවක නිව්යෝක් නගරයේ වාසය කල අප්‍රිකානු- ඇමරිකානු තැපැල් සේවකයෙකුද, සංචාර සටහන් ලේඛකයෙකුද වූ වික්ටර් ගියුගෝ ග්‍රීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් එක්ව අප්‍රිකානු-ඇමරිකානුවන්ට සේවය සලසන හෝටල් ආදී ආයතන ලැයිස්තුගත කල සංචාරක මගපෙන්වුම් පොතක් එලි දක්වනවා 1936 වසරේදී, ඒ තමන්ට තාඩන පීඩන කරන්නට බලාසිටින සුදු ජාතික ගෝනිබිල්ලන් මගහැර සංචාරය කිරීමේ ඉඩහසර ලබාදෙන්නට.

වික්ටර් හියුගෝ ග්‍රීන්

එය නම් වෙන්නෙ The Negro Motorist Green Book නොහොත් The Green Book නමින්.

The Negro Motorist Green Book

මෙය 1936 වසරේ සිට 1966 වසර දක්වාම යාවත්කාලීන වෙමින් මුළු ඇමරිකාවේම ඇති අප්‍රිකානු- ඇමරිකානුවන්ට සේවය සපයන ආයතන ඇතුලත් කර ප්‍රකාශයට පත් කර තිබෙනවා. නමුත් චිත්‍රපටයේ එන විදියට මෙම ගැටලුව තිබී ඇත්තේ ඇමරිකාවේ ඈත දකුණු ප්‍රාන්තවලට වන්නටයි, එහෙම බැලුවම චිත්‍රපටය සැබෑ කථාවට සාධාරණයක් කර නෑ කියලයි මට හිතෙන්නෙ. අනිත් කාරණය මෙම පොත 1936 වසරේ මුලින්ම නිකුත්වී ඇත්තේ වික්ටර් හියුගෝ පදිංචිව සිටි නිව්යෝක් සිටි නගරය තුල කළුජාතිකයන්ට සේවා සලසන ආයතන ලැයිස්තුවකින් කියලයි අන්තර්ජාලයේ කියවෙන්නෙත්. හැබැයි චිත්‍රපටයේ කාල වකවානුව 1960 දශකය නිසා ඒ වනවිට සමහරවිට තත්වය යම් තරමකින් සමනය වී තියෙන්න ඇති කියලත් හිතන්න පුළුවන්. ඒ වගේම චිත්‍රපටය Green Book ලෙස නම් කල නිර්මාණකරුවන් ග්‍රීන්බුක්හි වටිනාකම සඟවා දමා තිබෙනවා චිත්‍රපටය තුල ( මට හිතෙන විදියට). තවද නිර්මාණකරුවන් චිත්‍රපටයේ පිටපත සඳහා ටෝනි වැලලොන්ගාගේ පවුලේ සාමාජිකයන්ගෙන් තොරතුරු ලබාගෙන ඇතත්, මෙහි උප ප්‍රධාන චරිතය වන ඩොන් ෂර්ලිගේ පවුලේ සාමාජිකයන්ගෙන් කිසිදු තොරතුරක් ලබාගෙන නැති බවට ඩොන් ෂර්ලිගේ බෑනනුවන් වන එඩ්වින් ෂර්ලි III මාධ්‍යයට ප්‍රකාශ කර තිබුනා. ඩොන් ෂර්ලිට පණ පොවන මහෙර්ෂලා අලී ඔහුගෙන් සමාව ඉල්ලා තිබෙනවා ඔහුගේ පවුලේ සමීප සාමාජිකයන් සිටින බව තමන් නොදැන සිටි බවත්, තමන්ට ලැබුණ තොරතුරු අනුව හැකි චරිතයට හැකි උපරිමය තමන් කල බවත්, යම් අතපසුවීමක් සිත්රිදවීමක් සිදුවී ඇත්නම් එයට සමාවෙන ලෙසත්. ඩොන් ෂර්ලි පවුලේ මේ චෝදනාව සම්බන්ධව අදහස් දක්වමින් අධ්‍යක්ෂ පීටර් ෆැරෙලි තම නිදහසට කාරණය ලෙස දක්වා තිබෙන්නේ ඩොන් ෂර්ලිගේ පවුලේ කිසිවෙක් ජීවතුන් අතර ඇතැයි තමා නොසිතූ බවයි. කතාව ආයිත් පරස්පර වෙන්නෙ මෙතනදි, මොකද නික් වැලලොන්ගා කියන්නෙ ඔහු ඩොන් ෂර්ලි ජීවතුන් අතර සිටියදී මෙම ටෝනි- ෂර්ලි හිතවත්කම චිත්‍රපටයකට පෙරලන්නට තමන්ගේ අදහසක් ඇති බව තමන් ෂර්ලිට කී බවයි. එසේම එහිදී ඔහු පවසා ඇත්තේ ” කරන්න, හැබැයි මගෙ මරණෙන් පස්සෙ. ඔබේ පියාගෙ කතාවත්, මගෙ කතාවත් දෙකම එලෙසම චිත්‍රපටයට ඇතුලත් කරන්න” කියලයි. එහෙනම් පවුලේ අය ගැන නික් නොදැන හිටියා කියන්න අමාරුයි. තවද චිත්‍රපටයේ හැටියට ඩොන් ෂර්ලිට සහෝදරයෙක් ඉන්නවා, නමුත් ඔහු හා ඒතරම් හිතවත්කමක් නෑ, ෂර්ලි පවුලේ සාමාජිකයන් මෙම කාරණයද දැඩිව ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ තම පවුලේ අය හා ඔහු ඉතාම සමීපව සිටි අය බවත්, ඔහු චිත්‍රපටයේ පෙන්වන ආකාරයට තනිවූ අයෙක් නොවන බවත්, හොලිවුඩය සුපුරුදු ලෙසම මෙය තවත් එක් “සුදු ජාතික ගැලවුම්කරු” චිත්‍රපටයක් කර ඇති බවත්. ඩොන් ෂර්ලිගේ සහෝදර, වෛද්‍ය මොරිස් ෂර්ලිද චිත්‍රපටය සම්බන්ධව තම අදහස් දක්වමින් කියා ඇත්තේ චිත්‍රපටය හුදෙක් ” අසත්‍යයන්ගේ සංධ්වනියක්” බවත්, තම සහොයුරා තම කථාව චිත්‍රපටයකට හරවන්නට කිසිදාක කැමැත්ත පළ නොකල බවයි. අන්තර්ජාලයේ ඇති තොරතුරු අනුව සහ කීර්තිමත් සංගීතඥයන් කර ඇති ප්‍රකාශ අනුව ඇමරිකාවේ එතෙක් මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම සහ දක්ෂතම පියානෝ වාදකයා වන සැබෑ ඩොන් ෂර්ලි චරිතය ගැනත් ලිපියේ ලියන්න මුලින් අදහසක් තිබුණත්, ඒකත් කිව්වොත් රසවින්දනයට දැඩි බාධාවක් වේයැයි සිතෙන නිසා මම එය නොකර සැබෑ ටෝනි ලිප්ගේ සහ ඩොන් ෂර්ලිගේ ඡායාරූපයක් පළකර කෙටියෙන් චිත්‍රපටය නරඹන ඔබට සුළු ආරම්භයක් පමණක් අරගෙන දෙන්නම්..

ටෝනි වැලලොන්ගා (වමේ) , ඩොන් ෂර්ලි (දකුණේ)

ඩොන් ෂර්ලි වාදනය කරන අවස්ථාවක්

ටෝනි ‘ලිප්’ වැලලොන්ගා, නිව්යෝක් නගරයේ අවන්හලක බවුන්සර්වරයෙක් නොහොත් දොරටුපාලකයෙක්, අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ රැකියාවට ගැලපෙන ලෙසම අතපය විසිකරන්නත් දක්ෂයෙක් ටෝනි. ඉතාලි- ඇමරිකානු සම්භවයක් ඇති ඔහු දරු දෙදෙනෙකුගේද පියෙක්. මේ කාලයේ බොහෝ ඇමරිකානුවන් මෙන්ම ඔහුත් යම් තරමක ජාතිවාදියෙක්. කෙසේ හෝ යම් සිදුවීමකින් තාවකාලිකව රැකියාව අහිමිවන ඔහුට රැකියාවක අවශ්‍යතාවය තදින්ම තිබෙනවා. රැකියාවක් සොයමින් සිටින අතරේ ඔහුට තමන් සේවය කල අවන්හල් ප්‍රධානියාගේ උදව්වෙන් රියදුරු රැකියාවක් ලැබෙනවා. එය ලබාගැනීමට යන ඔහුට ලැබෙන්නේ තමන් සිතාසිටි ආකාරයේ රියදුරු රැකියාවක් නෙමෙයි, ප්‍රධානියත් ඔහු බලාපොරොත්තුවෙන් සිටි ආකාරයේ අයෙක් නොවෙයි. එහෙනම් මිතුන් සහෝදරයට ස්තූති කරන ගමන්ම මම ගිහින් එන්නම්, හමුවෙමු bohemian rhapsody චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමගින්.

” නුදුරු අනාගතයේ යම්කාලයක මෙම මාර්ගෝපදේශ පොත තවදුරටත් පළ කිරීමට අවශ්‍ය නොවන දිනක් උදාවෙනු ඇත. එක්සත් ජනපදය තුල අපට ජනවර්ගයක් ලෙස සමාන අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලැබෙන්නේ එවිටය. එදාට අපට මේ පොත පළකිරීම නවතා දමා , අපහසුතාවයකින් තොරව සිත්සේ ඕනෑම තැනක යා හැකිවනු ඇත “
වික්ටර් හියුගෝ ග්‍රීන් – ග්‍රීන්බුක්,1949 කලාපය

තොරතුරු සියල්ල අන්තර්ජාලය ඇසුරිනි

විශේෂ :-
• සැබෑ ටෝනි ලිප් පසුකාලීනව රංගනයටද පිවිසෙනවා, ඒ The sopranos (1997-2007) කතාමාලාවේ Carmine Lupertazzi චරිතයෙන් එසේම ඔහු මාටින් සෝර්සස්ගේ චිත්‍රපට කීපයකටද රංගන දායකත්වය දක්වා ඇත.

• චරිතය තරබාරු නිසා ඇඟ මහත්කරගන්නට කෑමෙන් බීමෙන් හොඳහැටි සප්පායම් වී ඇති වීගෝ මොර්ටන්සන් මෙහි එන හොට්ඩෝග් දර්ශනයේදීද හොට්ඩෝග් 15කට එකවර වගකියන්නට සමත්වී තිබෙනවා. එසේම චිත්‍රපටයේ දර්ශනවලදී ආහාරගත් ප්‍රමාණය කොතෙක්ද කියතොත් තමා ආහාර විවේකයේදී ට්‍රේලරයට වී විවේකීව සිටි බවයි ඔහු පවසා තිබෙන්නේ.

• 1954 වසරේ බේස්බෝල් ක්‍රීඩක විලී මේයස්ගේ රැකගත් උඩපන්දුව (වීඩියෝ)

• Foul Ball (වීඩියෝ)

•හිටපු ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි මහතාගේ “Ask not” කතාව (වීඩියෝ)

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
6645 වාරයක්
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p bluray 1.07 GB
GET
1080p bluray 2.07 GB
GET
2160p bluray 5.96 GB
GET
720p web 1.07 GB
GET
1080p web 2.07 GB
GET
Discussion (18)
  • Mithun Unregistered
    Android 8 Chrome 72
    2019-03-05

    ගොඩාක් ස්තුතියි හසිත සහෝ.තැන්ක්ස් යූ..
    චිත්‍රපටය දෙනව කිව්ව හින්ද කිසිම සබ් එකකින් බැලුවෙ නෑ.. ස්තුතියි නැවත වරක් ! GOD BLS

    Reply
  • charith Unregistered
    Windows 10 Chrome 72
    2019-03-06

    tnx bro…

    Reply
  • shaminda Unregistered
    Windows 8 Opera 58
    2019-03-06

    niyamai machnla, the favourite ektat sub denna puluwannm

    Reply
  • pathmila Unregistered
    Android 7 Chrome 71
    2019-03-06

    නියම වැඩක් මචන් Exclusively On Subz.lk😜

    Reply
    • Shehan Kavinda Unregistered
      Android 10 Huawei Browser 11
      2021-11-06

      subtitle එකත් මරු ඊටත් වඩා අනිත් sites වලටත් වඩා perfect ලිපියක් දුන්න එක නම් අගය කරනව සගෝ.ලිපිය නැත්තන් සමහර කරුණු නොතේරෙන්නත් තිබුනා.Keep it up.ජය වේවා❤

  • Kantha_DLA Unregistered
    Windows 7 Chrome 71
    2019-03-06

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 72
    2019-03-06

    ඉයෙ sabtitel එක ගත්තට අද තම ලිපිය කියෙව්වෙ සම්පුර්ණම. ලස්සන විස්තර කිරිමක් බොහොම ඉවසීමෙන් ලිපිය නම් කියෙව්වෙ..😊
    දන්න විදියට නම් සහෝ ඔය (මහෙර්ෂලා අලී) මිනිහගෙ දෙවෙනි චිත්‍රපටය මෙක මම දැකපු .එකක් 2016 අවුරුද්දේ බැලුවෙ.එක එ අවුරුද්දේ හොදම ඔස්කාර් මුවී එක උනා.. එකත් ඩ්‍රාම ස්ටොරි එකක් සුපිරිම . එතකොට එකෙත් හොදම නලුවට ඔස්කාර් සම්මානය ගත්තෙ මෙ මහෙර්ෂලා අලී) කියන පොර.මෙකෙත් මිනිහ තමා නෙද ,එවගෙම වසරෙ හොදම චිත්‍රපටය උන. 😍 බලමුකෝ ………….

    Reply
    • Mithun Unregistered
      Android 8 Chrome 72
      2019-03-06

      චිත්‍රපටය Moonlight 2016 එක විතරයි මම නම් බලළ තියෙන්නෙ.. ටිවි සිරියස් එහෙම ගුගල් කරාම එනව හැබැයි මෙයා ඉන්න

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.3
      2019-03-06

      මහෙර්ෂලා අලී හිටියා ,මිතුන්, Hunger games ෆිල්ම් සීරිස් එකේ. එතනින් තමයි මම ඉස්සලෙම ඔහුව දැක්කෙ.

  • Bathiya Danushka Unregistered
    Windows 7 Chrome 71
    2019-03-06

    SUB 1TA THNKS YOU VERYMACH BRO

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 7 Chrome 71
    2019-03-07

    Shoplifters (2018)

    භදවතට දැනෙන විදියට  හරිම ලස්සනට උපසිරසිය තිබුනා .
    ඔයාට පුදුම හැකියාවක්නෙ තියෙන්නේ සහෝදරයා 
    මෙවැනි චිත්‍රපට තවතවත් කරන්න…
    ගොඩක්ම ස්තූතියි.
    ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි…! 

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.3
      2019-03-07

      🙂 Kantha ටත් බොහොම ස්තූතියි ඒ ෆිල්ම් එක රෙකමන්ඩ් කලාට.

  • Mithun Unregistered
    Android 8 Chrome 72
    2019-03-07

    Kantha සහෝ කිව්ව වගේ වචන දල තියෙන විදිය නම් පට්ට. ඩ්‍රියිවර් කාරයා ෆිල්ම් එක පුරාවවට දෙන ටොක් ටිකට නම් පිස්සු හැදුන… 😍
    රිවන් කර කර බැලුවේ එව…
    සුපිරියි ෆිල්ම් එක.
    ඔයිට වඩා එක කියන්න වචන එන් නැ.
    තැන්ක්ස්

    Reply
    • Mithun Unregistered
      Android 8 Chrome 72
      2019-03-07

      KFC කන්න කියල දෙන ටොක් ටික😃

    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.3
      2019-03-07

      😀 ඔව්නෙ, විගෝ මොර්ටන්සන් චරිතෙ හොඳටම කරනවා.

    • Mithun Unregistered
      Android 8 Chrome 72
      2019-03-08

      අන්තිමට කතාව බොහොම සංවෙදියි .මාරම ලස්සනයි
      හිතට වදිනව

  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 8.2
    2019-03-17

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
    මේ පිලුම නම් හොඳම එකක් කියලා විස්තරයයි, කට්ටියගෙ කොමන්ටු ටිකයි දැක්කම තේරෙනවා.
    ස්තුතියි ගොඩක්.
    ⁣දිගටම උපසිරැසි දෙන්න.
    ජයවේවා…!
    තෙරුවන් සරණයි…!

    Reply
  • Sasanka Unregistered
    Android 9 Opera 46
    2020-08-06

    thanks for the sub

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 498
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved