Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle
  • Genres
  • Drama
  • Roma (2018) Sinhala Subtitle

Roma (2018) Sinhala Subtitle

December 24, 2018 Junior Admin

 

ආයුබෝවන් වගේ සුභම සුභ නත්තලක් වේවා Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ සූදානම් වෙන්නෙ Kantha DLA සහෝදරයාට වූ, විවිධ හේතු නිසා ප්‍රමාදවූ, පොරොන්දුවක් ඉටු කරන්නයි . තව මේ වගේ පොරොන්දු වුණ උපසිරැසි ඉල්ලීම් කීපයක් තියනවා, ඒවටත් උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියෙදි. හරි, එහෙනම් මේ තමයි අතිදක්ෂ මෙක්සිකානු සිනමා අධ්‍යක්ෂ ඇල්ෆොන්සෝ ක්වොරන්ගේ මේ වසරේ සිනමා විශ්මය නොහොත් Roma (2018) .

ඇල්ෆොන්සෝ ක්වොරන්

ඇල්ෆොන්සෝ ක්වොර්න් කියන්නෙ කවුද කියල හොඳටම දන්නවා Gravity (2013), Children of Men (2006),Y Tu Mamá También (2001) වගේ චිත්‍රපට නරඹපු අය, මොකද ඒ සියල්ල ඔහුගේ අධ්‍යක්ෂණ දක්ෂතාවයෙන් හැඩවුණු සිනමාපට නිසා. මුලින් සිනමාශාලාවල විකාශය සඳහා සූදානම් කරගෙන සිටියත් අවසානයේ නෙට්ෆ්ලික්ස් සමාගම සමත්වෙනවා විකාශන අයිතිය තමන් සතු කරගන්නට. නෙට්ෆ්ලික්ස් වෙතින් බෙදාහැරීමත් සමග අතිශය ජනප්‍රියත්වයට පත්වන්නට Roma (2018) ට හැකිවුණා. එසේම හොඳම විදේශ චිත්‍රපට සම්මානය සඳහා මෙක්සිකෝව නියෝජනය කරමින් 2019 ඔස්කා සම්මාන උළෙලේදී සම්මානබලාපොරොත්තුව ඇතිව සිටින මේ චිත්‍රපටය මේ වනවිට වෙනත් සම්මාන උළෙලවලදී සම්මාන 84කට උරුමකම් කියා අවසන් අතර බොහෝ විචාරකයන්ගේ මතය වන්නේ මෙය මේ වසරේ හොඳම චිත්‍රපටය බවයි. Imdb වෙතින් 8.3ක අගයක්ද, චිත්‍රපට බොහො දරුණු ලෙස කිරා මනින ප්‍රේක්ෂක පිරිසක් සිටින Rotten Tomatoes සහ Metacritic වෙතින් 96% බැගින් දැවැන්ත අගයක් ලබාගන්නත් සමත්වී තිබීමෙන් කියවෙන්නෙත් ඒ කතාවමයි.

මෙහි කතාවෙන් 90%ක්ම අධ්‍යක්ෂක ඇල්ෆොන්සෝ ක්වොරන් වන තමන් මෙක්සිකෝ සිටිවල ගතකල ළමාකාලය ඇසුරින් බවයි ඔහු පවසන්නේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ක්ලියෝ නම් මෙහෙකාරියගේ චරිතය ඔහු නිර්මාණය කර ඇත්තේ ඔහුව සහ සහෝදර සහෝදරියන්ව කුඩාකල රැකබලාගත් ලිබෝරියා රොඩ්‍රිගස් (ලීබෝ) නම් මෙහෙකාරියගේ ජීවිතය ඇසුරින් වන අතර, අල්ෆොන්සෝ මෙහිදී තම ළමාකාලය අපට පෙන්වන්නේ ක්ලියෝ ප්‍රධාන කරගෙනයි. මෙය තම ළමාකාලයට කොතරම් සමාන කරන්නට ඇල්ෆොන්සා උත්සාහ කර ඇත්ද කියතොත්, ඔහු මෙහි එන ක්ලියෝ සේවය කරන මධ්‍යම පාන්තික නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩ සියල්ල ලබාගෙන ඇත්තේ මෙක්සිකෝව පුරා විසිරී සිටින තම පවුලේ ඥාතීන්ගේ නිවෙස්වලින්. එසේම චරිත සඳහා නළු නිළියන් තෝරාගැනීමේදීත් සැබෑ චරිතවලට හැකිතරම් සමාන අය තෝරාගන්නටත් ඔහු වගබලාගෙන තිබෙනවා. ඒ වගේම මෙහි එන රෝහලේ අප දකින වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් කිසිවෙක් රංගන ශිල්පි ශිල්පිනියන් නොවන අතර ඔවුන් සැබෑවටම එම රෝහලේ වෛද්‍යවරුන් බවයි කියවෙන්නේ. ඊට අමතරව පූර්ණ තිරපිටපත මෙහි රංගනයෙන් දායක වෙන කිසිවෙකු අතට නොදෙන්නටත් ඔහු වගබලාගෙන තිබෙනවා, රූගත කිරීම්වලදී එදිනට අදාල දර්ශනයට අදාල දෙබස් පමණයි ඔහු ඔවුන්ට ලබාදී තිබෙන්නේ.ඔහුගේම වචනයෙන් පවසනවානම් ” ජීවිතය ඒ වගෙයි: පැටලිලි සහගතයි, එදා දවසෙ ඇතිවන සිදුවීම්වලට අපට කලින් සැලසුම් කර ප්‍රතිචාර දක්වන්නට බැහැ” . අපිට දැන් තියෙන්නෙ චිත්‍රපටයේ කතාව පැත්තට යන්න වුණත් ඊට පෙර පැහැදිළි කල යුතු කාරණයක් තිබෙනවා , ඒ තමයි මේ චිත්‍රපටයේ කාල සමය එනම් 1970 කාල සමය සහ ඒ වකවානුවේ මෙක්සිකෝව ගැන..

මේ වකවානුවේ මෙක්සිකෝවේ පාලකයා වන්නේ Luis Echeverría Álvarez. 1970 වසරේ බලයට පත් ඔහු මෙක්සිකෝවේ 50වන ජනපතිවරයා. ඔහුට පෙර ජනපතිව සිටි Gustavo Díaz Ordaz ගේ දේශීය කටයුතු පිළිබද ලේකම්වරයෙකුව සිටි ඔහු දැඩි ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙක්. ශිෂ්‍ය සටන් ව්‍යාපාර , උද්ඝෝෂණ ආදියට අමානුෂික ප්‍රති පිළිතුරු දුන් අයෙකු ලෙසයි ඔහු ප්‍රසිද්ධ. කෙසේ හෝ 1970 වසරේදී මේ අවනීතික පුද්ගලයාව තම අනුප්‍රාප්තිකයා ලෙසින් ජනපති පුටුවේ හිඳුවන්නට Gustavo Díaz Ordaz කටයුතු කරනවා. PRI (Institutional Revolutionary Party) පාක්ෂික මේ ජනපතිවරුන් දෙදෙනාගේ පාලන සමයන් හැඳින්වෙන්නේ Guerra sucia නොහොත් Mexican Dirty War සමය ලෙසයි. ඒ එක්සත් ජනපදයේ සහාය ලත් ඔවුන්ගේ රජය සහ වාමාංශික ශිෂ්‍ය සහ ගරිල්ලා සංවිධාන අතර ඇතිවූ අභ්‍යන්තර ගැටුම් නිසා. මේ පාලන සමයන් තුල දළ වශයෙන් පුද්ගල අතුරුදන් කිරීම් 1200ක් පමණද උද්ඝෝෂණවලට පහරදීම් මගින් කල සමූල ඝාතන විශාල ගණනාවක්ද සිදුව තිබෙනවා. ඔවුන් මේ පහරදීම් සඳහාම ඇමරිකානු සහයෙන් නිර්මාණය කල Los Halcones නම් ප්‍රහාරක කණ්ඩායමක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා. කෙසේ හෝ චිත්‍රපටය දිවෙන්නෙ 1970 වසරේ , ඒ කියන්නෙ ජනපති Luis Echeverría Álvarez ගෙ පාලන සමයෙ මුල් භාගයේ. හරි අපි දැන් යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

ක්ලියෝ, ඇය මෙක්සිකානු මධ්‍යම පාන්තික පවුලක ගෘහසේවිකාවක්. ඇගේ හාම්පුතා ඇන්තෝනියෝ ඔහු වෘතියෙන් වෛද්‍යවරියක්, ඔහුගේ බිරිඳ සොෆියා , ඇය වෘතියෙන් රසායන විද්‍යා ගුරුවරියක්. මේ යුවලට දරුවන් කීපදෙනෙක්ද සිටිනවා . ඉතින් ක්ලියෝ මේ නිවසේත්, හාම්පුතුන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ වැඩ රාජකාරිත්, ඒ සියල්ල සමගම ගෙවීයන ඇගේ පෞද්ගලික ජීවිතයේ වසරක පමණ සිදුවීම් තමයි මේ කළු/සුදු චිත්‍රපටයෙන් අපූරුවට ඔබ වෙත ගෙනහැර දක්වන්නේ.. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්..

විශේෂ :-
• රෙස්ලිං ක්‍රීඩක ලතින් ලවර් පණපොවන ආචාර්ය. සොවෙක් චරිතයේ පසුබිම

මොහු ගැන ඒතරම් විස්තරයක් අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි වුවද vulture වෙබ් අඩවියේ ලිපියක සඳහන් ආකාරයට සොවෙක්ගේ සැබෑ නාමය ෆ්‍රැන්සිස්කෝ ක්ෂේවියර් චාපා ඩෙල් බ්ස්ක් ( ඔවුන් එය උපුටාගෙන ඇත්තේ La Jornada නම් මෙක්සිකානු පුවත්පතක 1998 වසරේ පළවූ ලිපියකින්) . ළමාකාලයේ පෝලියෝ රෝගයෙන් පීඩා විඳ ඇති ඔහුගේ වාසනාවට ඔහුව සුවකිරීමට විවිධ ප්‍රතිකාර කිරීමට ඉදිරිපත්වූ මාමා කෙනෙකු සිටියාලු. ඔහුගේ උත්සාහයෙන් සහ ෆ්‍රැන්සිස්කෝගේ වෙහෙසෙන්, අවසානයේ දෙපයින් ඇවිදිය හැකි අයෙකු බවට ඔහු පත්වෙනවා. මෙය දකින ඔහුගේ පවුලේ අය පවසා ඇත්තේ එය ප්‍රතිහාර්යයක් බවයි. එවිට ෆ්‍රැන්සිස්කෝ පිළිතුරු දී ඇත්තේ ” කොහෙවත් ඇති ප්‍රාතිහාර්යයක් නොව, මේ තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් බවයි”. තරුණ වියට එලඹෙන ඔහු සටන්කලාවන් සහ මල්ලවපොර ක්‍රීඩාවලට එකතුව පසුව Siempre en Domingo නම් විවිධාංග වැඩසටහන හරහා ජනප්‍රියව ආචාර්ය.සොවෙක් යන අන්වර්ථ නාමය ලබාගෙන තිබෙන අතර ශාරීරික හා මානසික වර්ධනය වෙනුවෙන් වූ විවිධ වැඩසටහන්වලටද සමබන්ධව තිබෙනවා. ඔහු 1972 වසරේදී තම චරිතය ඇසුරින් නිර්මාණය කල El increíble profesor Zovek (1972) නම් චිත්‍රපටයකද රංගනයෙන් දායක වී තිබෙනවා.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2811 වාරයක්
Available Torrents
720p bluray 1.21 GB
GET
1080p bluray 2.4 GB
GET
720p web 1.13 GB
GET
1080p web 2.17 GB
GET
2160p web 6.02 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (15)
  • Kasun Unregistered
    Android 7 Chrome 59
    2018-12-24

    සුපිරි ආ පට්ට

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57
    2018-12-25

    මවිසින් ඉල්ලනු ලැබූ උපසිරසි ලබා දෙන ඔබතුමාහට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පලකරමිඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Asinda Unregistered
    Android 8.1 Chrome 70
    2018-12-26

    Aiya meka kalu sudu film ekakda

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 57
      2018-12-27

      ඔව්, මල්ලි. හැබැයි එහෙම කියල නොබල ඉන්න එපා, ලස්සන ෆිල්ම් එකක්.

  • Asinda Unregistered
    Android 8.1 Chrome 70
    2018-12-26

    Sub ekata thanks bro

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 71
    2018-12-27

    සබ්ටයිල් එක ගත්ත සහෝ තැන්ක්ස් .මෙවගෙ සම්මාන වලට නිර්දේශ උන මුවි එකක් අපරාදෙ කලර්ඩ් අව නම් තවත් හොදයි කියල හිතෙනව දැම් කාලෙත් එක්ක. කමක් නෑ ඔස්කාර් වලට පවා ඔරුමකම් කියල තියෙනවා කියන්නෙ අනිවාර්යයෙන් විශෙශ්ෂයක් තියෙන්න එපෑ.ෆිල්ම් එක ඩව්න්ලොර්ඩ් කරා ඉයේ. බලන්න ඔනේ නිවාඩුව

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 57
      2018-12-29

      ඒ වුණාට මිතුන් මේ ෆිල්ම් එකේ ලස්සණ තියෙන්නෙ කළු සුදුවල කියලයි මටනං හිතන්නෙ. බලලම කියන්නකො මොකද හිතෙන්නෙ කියල 🙂

    • Mithun Unregistered
      Android 8 Chrome 71
      2018-12-30

      Atta saho.balala iwara unata passa tama eka matat hituna.kata dakak na ma aurudda best drama movie eka balapu.supiri .duka hitanawa. Minissunga jivita pudumakarai.
      Mara vidiyata dananna aram thiyanawa movie eka

    • Mithun Unregistered
      Android 8 Chrome 71
      2018-12-30

      Iye hawasa mn meka bluwa❤💖

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 57
      2018-12-30

      ඒක ඇත්ත,මිතුන්, ආයිත් කතා දෙකක් නෑ මේ අවුරුද්දෙ හොඳම ඩ්‍රාමා කැටගරි ෆිල්ම් එක 🙂

  • Ruchira Unregistered
    Android 5.1 Opera 37
    2019-04-15

    Meeke therum karana eewai sub 1th daanna puluwan nn loku udwwk

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-15

      අහන්නෙ මොකද්ද කියල පැහැදිලි නෑ, රුචිර. පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?

  • Hasitha Prasad Junior Admin
    Windows 8.1 Vivaldi 2.4
    2019-04-15

    ආ මට දැනුයි තේරුණේ, ඔයා මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ඇත්තෙ මේකෙ WEB-DL එක ආපුම දවස්වල වෙන්න ඕනෙ. ඒ දවස්වල මුලින්ම මේකෙ ආවෙ Audio description සහිත ප්‍රින්ට් එකක්. ඒකියන්නෙ දෘශ්‍යාබාධිත අයට තියන එකක්. ඒවයෙ රූපයෙන් පෙන්නන හැම දෙයක්ම වචනයෙනුත් විස්තර කරනවා. ඒකට පොඩි වැඩක් තියනවා. MKVCAGE ඇතුළු හැම සයිට් එකකින්ම ආව ප්‍රින්ට්වල ඒ ප්‍රශ්ණෙ තිබුණා. ඒගොල්ලොම ඒකට ෆික්ස් එකක් විදියට Description රහිත ඕඩියෝ එකක් රිලීස් කලා. MKVCAGE එකට ගිහින් ROMA කියල සර්ච් කලාම එන පේජ් එකේ කමෙන්ට්වල බලන්න ලින්ක් වගයක් ඇති Audio fixed කියල. ඒකෙන් ඕඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකයි ඔයා ලඟ තියන වීඩියෝ එකයි Mkvtoolnix සොෆ්ට්වෙයා එකට දාල Merge කරගන්න, එතකොට හරි.

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-15

      මම දීල තියන වීඩියො ප්‍රින්ට් එකේ ඒ ප්‍රශ්ණෙ නෑ. ඒකෙ ඕඩියෝ එක සාමාන්‍ය එකක්.

  • Akila Dilhara Unregistered
    Windows 10 Chrome 120
    2023-12-15

    Thanks Brother…🔥

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
දමිත් ප්‍රියංකර 179
#4
Rasika Samanjith 176
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved