Mare of Easttown (2021) [S01 : E01] Sinhala Subtitle
ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද ඔබවෙත අරගෙන එන්නෙ මේ වසරේ බොහෝදෙනෙක්ගේ කතාබහට ලක්වූ, ප්‍රවීණ නිලි කේට් වින්ස්ලට් ප්‍රධාන චරිතයට පණ පොවන Mare of Easttown (2021) කෙටි කතාමාලාවේ පලමු කොටස. මේ දිනවල හොඳ චිත්‍රපටයක් සොයාගැනීමේ අපහසුව මත වෙබ් කතාමාලා නැරඹීම වෙත යොමුවීමේදී හමුවූ ඉතාම හොඳ මට්ටමේ කතාවක් කියන්නට පුළුවන් මෙය.මෙයට සමාන කලහැකි වෙනත් නිර්මාණයකට මා දන්නේ The Killing (2011) කතාමාලාව පමණයි. මේ වනවිට IMDb වෙතින 8.5ක්, Rotten Tomatoes වෙතින් 94%ක් වශයෙන් ඉහල අගයන් දිනා ඇති මේ නිර්මාණය අයත් වන්නේ අපරාධමය, නාට්‍යමය හා අභිරහස් යන තුන් ඝනයන්ටයි. එසේම IMDb හි හොඳම කතාමාලා 250 ලැයිස්තුවේ 212 වෙනි ස්ථානය මෙය තමන් සතු කරගෙන තිබෙනවා මේ වනවිට. එසේම සම්මාන තුනක් සඳහාද නිර්දේශව තිබෙනවා. බ්‍රැඩ් ඉන්ගල්ස්බිගේ නිර්මාණයක් වන මෙයට රංගනයෙන් දායක වන්නේ කේට් වින්ස්ලට් (මෙයර් ෂීහන්), ජීන් ස්මාට් ( හෙලන් ෆෙහේ),ජෝන් ඩග්ලස් තොම්ප්සන් (පොලිස් ප්‍රධානී කාටර්), ජැක් මලර්න් ( ඩිලන්), ජස්ටින් හර්ට්-ඩන්ක්ලි (ට්‍රැමල්), ඉසී කිං (ඩෲ ෂීහන්), ඇන්ගොරි රයිස් (ෂිබොන් ෂීහන්), ජූලියන් නිකල්සන් (ලෝරි රොස්), ඩේවිඩ් ඩෙන්මන් (ෆ්‍රෑන්ක් ෂීහන්), රූබි කෲස් (ජෙස් රයිලි), ගයි පියර්ස් ( රිචඩ් රයන්), එවන් පීටර්ස් (කොලින් සෙබෙල්) ඇතුළු පිරිසක්. මේ සියලු දෙනාම තම තමන්ගේ චරිතවලට ඉහලම සාධාරණයක් ඉටු කරන අතරම එයින් වඩාත්ම කැපීපෙනෙන්නේ කේට් වින්ස්ලට්ගේ මෙයර් ෂීහන් චරිතයයි, චරිතයට අනුව මහත් ගැටලු මධ්‍යයේ, මානසිකව පීඩිත පෞද්ගලික ජීවිතයක් ගෙවන ඇය තම පොලිස් පරීක්ෂක වෘතියට ඒවා බාධාවක් නොකරගන්නට දරනා මහත් උත්සාහය අපූරුවට පෙන්නුම් කරනවා ඇගේ රංගනය තුලින්. දැන් අපි කතාව දෙසට…
පෙනිසිල්වේනියාහි ඊස්ට්ටවුන් නම් කුඩා නගරයක තරුණ කාන්තාවක් ඝාතනයට ලක්වෙනවා. එම පෙදෙසේ කුඩා පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරියක වන මෙයර් ෂීහන්ටයි ඒ පිලිබඳ විමර්ශනය බාරවන්නේ. කෙසේ වෙතත් මින් පෙර සිදුවූ තවත් අතුරුදන්වීමක විමර්ශනය බාරව සිටින ඇය එහි විසඳුමක් නොවීම හේතුවෙන් අදාල පාර්ශවවල නොරිස්සුමටත් භාජනයවීයි සිටින්නේ. ඊට අමතරව ඇයගේ පුද්ගලික ජීවිතයේ ඛේදජනක සිදුවීමකුත් ඇයට හොල්මන් කරනවා නිරන්තරයෙන්. ඉන් ඉදිරියට නරඹන ඔබට බාර කරමින් මම නවතින්නම්. හමුවෙමු දෙවන කොටසෙන්…
විශේෂ : –
Needle Exchange
මේ නීඩ්ල් එක්ස්චේන්ස් ලෙස හැඳින්වෙන්නේ මතට ඇබ්බැහිවූවන් වෙනුවෙන් වෙන් කල වැඩසටහනක්. මෙහිදී ප්‍රධාන වශයෙන්ම කෙරෙන්නේ මත්ද්‍රව්‍ය ශරීරයට එන්නත් කරගැනීම සඳහා මතට ඇබ්බැහිවූවන් භාවිතා කරන සිරින්ජර ආදිය කීපවතාවක් භාවිතා වීම වැලැක්වීමයි, ඒ එම සිරින්ජර නීඩ්ල් එක්ස්චේන්ජ් මධ්‍යස්ථාන වෙත බාරගෙන ඒ වෙනුවට නව පිරිසුදු සිරින්ජර ඔවුන්ට ලබාදීම මගින්, මෙයින් බලාපොරොත්තු වන අරමුණ වන්නේ රුධිරය මගින් ආසාධනය විය හැකි රෝගාබාධ පැතිරීයාම වැලැක්වීමයි.
ලබාදී ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියලුම WEB,WEBRip,WEB-DL පිටපත් සඳහා ගැලපේ.
වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින්ම ඇති ලින්ක් දෙකෙන් අඩු ප්‍රමාණයෙන් යුත් 480p සහ 720p පිටපත් ලබාගත හැක.
තෑන්ක්ස් සබ් එකට සහෝ
K-Pax, Primal Fear ෆිල්ම් දෙක කොහොමද
ෆිල්ම් දෙක හොඳයිද කියලද අහන්නෙ? දෙකම බලලනං තියනව, සුපුන්. K-pax එකේ කතාව මතක නෑ දැන්. Primal Fearනං තාම මතකයි. ඒකෙ හින්දි රීමේක් එකකුත් ආවා අජේ දෙව්ගන් ඉන්න. කොහොමහරි දෙකම හොඳ ෆිල්ම් දෙකක්.
ඔව් ඒ දෙකට සබ් කරොත් නරකද කියන අදහසත් එක්කම තමා මං එහෙම ඇහුවෙ 😉 පුළුවන් නම් සලකා බලන්න හසිත
ආ..මම හිතුවෙ අර විදියට. බලමු, මම ට්‍රයි එකක් දෙන්නම්.
thanks hasitha. asama niliyak.blanna asa karauwaa .digatama balaporotthu wenawa.. ❤
බොහොම ස්තූතියි, මිතුන්. සෑහෙන කාලෙකින් දැක්කෙ. කොටස් 7යි තියෙන්නෙ මේකෙ. පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම්.
thnx bro keep it up :relieved::relieved:
බොහොම ස්තූතියි, ඉරෝෂන.
සිංහල උපසිරැසියට ස්තූතියි