• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Project A (1983) Sinhala Subtitle

Project A (1983) Sinhala Subtitle

2020/05/21 at 4:15 am
Rasika Samanjith
 
        ලැබුවා වූ නව වසර වෙනුවෙන් සියලු දෙනාටම සුබ පැතුම් එක්කරමින් මෙවර ඔබ වෙත අරන් ආවේ කාලයේ වැලි තලාවෙන් වැසීගිය තවත් මැණිකක් බඳු පරණ සිනමා පටයක්. ඒ තමයි අපි කවුරුත් දන්න සුපිරි සටන් නලු, කොමඩි කින්ග්, ජැකී චෑන්ගෙ Project A චිත්‍රපටය. මේකෙ කතාව සහ අධ්‍යක්ෂනයත් ජැකී චෑන්ගෙමයි. එදා මෙදා තුර මගේ ප්‍රියතම නලුවා තමයි ජැකී චෑන්. කොටින්ම ජැකී චෑන් පිස්සෙක් කියල කිව්වොත් හරියටම හරි. ඒ නිසා ජැකීගේ ෆිලුමකට සබ් දාන එක මගේ තිබ්බ ලොකු හීනයක්. ඉතින් ඒ හීනෙ හැබෑ කරගෙන, ජැකී චෑන්ගේ චිත්‍රපටයක රසය, subz.lk රසිකයන් වන ඔයාලත් එක්ක බෙදාහදා ගන්න මා තෝරාගත්තේ මන් බලපු ඔහුගේ දෙවන චිත්‍රපටය වූ Project A යි. මේක හොංකොං ෆිලුමක්. බෘස් ලීගෙ සහ ජැකීගෙ චිත්‍රපට බොහොමයක් නිපදවූ Golden Harvest සමාගම වෙනුවෙන් රේමන්ඩ් චව්ගේ නිෂ්පාදනයක්. මුලින්ම තිරගත වූයේ 1983 දෙසැම්බර් 22 දිනයි. Family, Adventure, Fantasy, Martial Arts, Action, Comedy ගණයට තමයි වැටෙන්නේ. IMDb අගය 7.4/10 කටද, Rotten Tomatoes අගය 83% කටද කරකවන්න සමත්වූ මේ සිනමා පටය මිනිත්තු 106 ක ධාවන කාලයක් සහිතයි. Jackie Chan සමඟ ඔහුගේ අතිජාත යාලුවන් වන Sammo Hung, Fei ලෙසද සහ Yuen Biao, Tzu ලෙසද රංගනයෙන් දායක වෙනවා. මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එකම එක කාන්තා චරිතයක් පමණක් ඇතුලත් වීමයි. ඒ Winnie ලෙස රඟපාන Isabella Wong ය. එයද වාර්තාවෙන්නේ මුදල් ලබා නොගත් ගරු රඟපෑමක් හැටියටයි.
            මෙහි ඇති, අතෙහි යකඩ මාංචුත් දමාගෙන, සෙවණ සඳහා දමා ඇති රෙදි දෙකකුත් ඉරාගෙන, අඩි 60 ක් පමණ උස ඔර්ලෝසු කණුවක උඩ සිට බිමට වැටෙන දර්ශනය ඔහුගේ සිනමා ජීවිතයේ සුවිශේෂී අවස්ථා අතරින් එකකි. ඔහු ඒ සඳහා තමාම ඉදිරිපත් වූ අතර කිසිඳු කැමරා ප්‍රයෝගයක් භාවිතා නොකරන ලදි. එම දර්ශනය සඳහා ධෛර්යය ලබාගැනීමට ඔහුට සතියක පමණ කාලයක් ගතවූ බව කියැවේ.
මේ ඒ දර්ශනයයි.
         ජැකී ප්‍රථම වරට හොලිවුඩ් සිනමාවට පය තබා රඟපෑ Cannon Ball Run සහ Battle Creek Brawl චිත්‍රපට වලින් පසුව හොංකොං පැමිණ මුලින්ම රඟපෑ චිත්‍රපටය Project A වූ අතර එය හොංකොංහි පමණක් නොව නැගෙනහිර ආසියාව පුරාම බොක්ස් ඔෆීස් වාර්තා තැබීමට සමත්විය. හොංකොංහි බොක්ස් ඔෆීස් ආදායම, හොංකොං ඩොලර් 19,323,824 (ඇ.ඩො. මිලියන 2.7) විය. ජපානයේද අති සාර්ථකව තිරගත වෙමින් ඇ.ඩො. මිලියන 26.72 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් අතර Project A, 1984 වසරේ ජපානයේ ප්‍රදර්ශනය කල විදෙස් චිත්‍රපට අතර ඉහලම ආදායම් ලැබූ චිත්‍රපට තුනෙන් එකක් විය. දකුණු කොරියාව තුලද ඇ.ඩො. මිලියන 1.5 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගනිමින් 1984 වසරේ ඉහලම ආදායම් ලද චිත්‍රපට හය අතරට එක්විය. තායිවානයේද අති සාර්ථකව තිරගත වෙමින්, නැගෙනහිර ආසියාවෙන් ආසන්න වශයෙන් ඇ.ඩො. මිලියන 31.32 ක ආදායමක් උපයාගැනීමට සමත්විය. 1985 වසරේ පැවති 4th Hongkong Film Awards හීදී හොඳම නලුවා සම්මානයට ජැකී චෑන්ගේ නමද නිර්දේශ විය. මෙම චිත්‍රපටය එහිදී Best Action Geography සම්මානය දිනාගත්තේය.
Jackie, Sammo & Isabella Wong
       19 වෙනි සියවසේ හොංකොං එංගලන්තයේ යටත් විජිතයක්ව පැවති කාලය පසුබිම කරගෙන තමයි මේකෙ කතාව යන්නෙ. හොංකොංවලට විශාල තර්ජනයක් වූ ලෝ කියල මිනීමරු මුහුදු මංකොල්ලකාරයෙක් ඉන්නවා. එයාගෙ කණ්ඩායම හරිම බලවත්. හොංකොංහී මුහුදු ආරක්ෂක බලකාය ලෝව අල්ලගන්න වසර ගාණක ඉඳන් උත්සාහ කරනවා. මුදල් නාස්තිවෙනවා විතරයි. කිසිම සාර්ථකත්වයක් නෑ. මේකට හොංකොං පොලීසිය බාල්දිමයි පෙරලන්නේ. මොකද මේ වියදම් නිසා එයාලට වසර ගාණකින් කිසිම ප්‍රතිපාදනයක් ලැබිලා නෑ කියලා. මේ දෙපිරිසට එකිනෙකා පෙන්නන්න බෑ. හැමතැනම වලි. දෙපැත්තේම හොඳ දක්ෂ කොල්ලො ඉන්නවා. මුහුදු බලකා කණ්ඩායමේ නායකයා ඩ්‍රැගන් (Jackie Chan) සහ පොලිස් කණ්ඩායමේ නායකයා සූ (Yuen Biao) ඒ අතර වෙනවා. හැබැයි දෙන්න නයයි පොළඟයි වගේ. මුහුදු කොල්ලකාරයෝ බෝම්බ තියලා මුහුදු බලකායේ නැව් පුපුරවා දැමීම නිසා මුහුදු බලකාය වසා දමා එයාලව පොලීසියට අනුයුක්ත කරනවා. නිකම්ම නෙමේ. සූ යටතට තමයි දාන්නෙත්. පොලිස් පුහුණුව කාලෙත් කචල්ම තමයි. ඒත් පුහුණුවෙන් පස්සෙ මෙයාලට මත් කුඩු ජාවාරම්කාරයෙක් අල්ලන්න යන මෙහෙයුමකදී මාරාන්තික සටනක් දෙන්න වෙනවා. ඒකෙන් පස්සෙ මෙයාලා අඹ යාලුවො බවට පත්වෙනවා. මේ අතර එංගලන්ත රාජකීය හමුදාවේ රියර් අද්මිරාල් සහ පිරිස මුහුදු මංකොල්ලකාර ලෝගේ හිරකාරයන් බවට පත්වෙනවා. මේක හොංකොං රජයට විශාල ප්‍රශ්නයක් වෙනවා. යම් යම් යෝජනා ආවත් අවසානයේ මුහුදු ආරක්ෂක බලකාය නැවත ස්ථාපිත කරලා, පොලීසිය හා ඒකාබද්ධව ඩ්‍රැගන්ගේ නායකත්වය යටතේ ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරනවා. මේකට අහම්බෙන් එකතුවෙනවා ඩ්‍රැගන්ගෙ යාලුවෙකුත්. ලෝක හොරෙක්. ඒත් වැඩකාරයෙක්. හැබැයි අපෙත් යාලුවෙක්. ඒ තමා ෆෙයි (Sammo Hung - දන්නවනේ..හොංකොං සිනමාවේ තවත් පතාක යෝධයෙක්. මේ ෆිල්ම් එකේ ක්‍රියාදාම අධ්‍යක්ෂනයත් සැමූ තමයි)ලෝගේ තිප්පොල තියෙන්නේ ඈත මුහුදේ කිසි කෙනෙක් නොදන්න රහස් දූපතක.     
       Best Friends - Jackie, Sammo & Yuen.
            තවම මේ කතාව කිව්වේ ඉන්ටවල් එක ගාවට විතරයි. ඩ්‍රැගන් සහ පිරිවර සමඟ ප්‍රාණ ඇපකරුවන් බේරාගෙන, කොල්ලකරුවන් අල්ලා ගැනීමේ වීර චාරිකාවට එකතුවෙන්න කියල ඔයාලටත් ආරාධනා කරමින් සහ, ජැකී චෑන් සමඟ විනාඩි 106ක් විනෝද සාගරයක කිමිදෙන්න ආරාධනා කරමින් නවතින්නම්. ඔබේ ජීවිතයේ සියලුම ප්‍රශ්න, දුක් දෝමනස්සයන් විනාඩි 106 ක කාලයකට දූරීභූතවී යනු සිකුරුය. අත්දුටුවයි! ප්‍රත්‍යක්ෂයි! ජය වේවා!

BRRip / 720p /1080p

සිංහල උපසිරැසිය ලබා ගන්න 1110

Download Links:

720P පිටපත (Direct)
720P පිටපත (Torrent)
720P පිටපත (Torrent)
1080P පිටපත (Torrent)
Project A
  • 720p (bluray)
    884.82 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.45 GB
    Download Torrent
Profile
167
Movies
0
Tv episodes
167
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 81

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-05-21 at 12:59 pm
    Reply
  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-05-21 at 1:12 pm
    Reply
  • ලහිරු සඳරුවන් Unregistered User
    Windows 7UC Browser 7

    තෑන්ක්ස් අයියේ සබ් එකට.
    පුළුවන්නම් වෑන් ඩෑම්ගේ ඩබල් ඉම්පැක්ට් ෆිල්ම් එකට සබ් එක දෙන්නකෝ.

    2020-05-24 at 10:04 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Opera 68

      ඔයාගෙ ඉල්ලීම ඉටුකලා.

      2020-06-01 at 7:35 pm
  • Lahiru Sandaruwan Unregistered User
    Windows 7UC Browser 7

    හැකිනම් ජැකී චෑන්ගේ මේ ෆිල්ම් ටිකෙන් කිහිපයකටවත් සබ් දෙන්න බලන්න.
    Project A Part 2 (1987)
    Gorgeous (1999)
    Thunderbolt (1995)
    City Hunter (1993)
    My Lucky Star (1985)
    Heart Of Dragon (1985)
    The Protector (1985)

    2020-06-01 at 2:22 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 7Opera 68

      අනිවාර්යයෙන් කරනවා. කාලයෙ ප්‍රශ්නයක් තියෙන්නෙ. City Hunter එකට සබ් හදන්න ලෑස්ති කරලා තියෙන්නෙ. Snake in the Eagle’s Shadow අද හෙටම බලන්න පුලුවන්.

      2020-06-01 at 7:40 pm
    • ලහිරු සඳරුවන් Unregistered User
      Windows 7UC Browser 7

      අවුලක් නෑ. පුළුවන් වෙලාවට සබ් එකක් කරලා දෙන්න. සබ් කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයිනේ. ජැකී චෑන්ගේ නම් ඕනම ෆිල්ම් එකක් බලනවා. පරණ ෆිල්ම් වලටම සබ් දෙන්න. හුඟක් දෙනෙක් ඒවා කරනවා අඩුයිනේ.

      2020-06-01 at 9:39 pm
  • Chaminda Lakruwan Unregistered User
    Android 8.1Chrome 86

    ගොඩක් ස්තූති සබ් එකට
    ජැකි චැන්ගේ ෆිල්ම් නම් ඉතින් තව මොනාද
    එයාගේ තව පරණ ෆිල්ම් තියෙනවා ඒවාටත් සබ් දෙන්න

    2020-12-05 at 7:57 pm
    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 10Chrome 86

      aniwaaryen saho. Thanx for the comment.

      2020-12-06 at 8:10 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms