STOWAWAY

IMDb අගය 5.6 හිමි මේ චිත්‍රපටිය 2021 April 22 දින තිර ගත කිරීම පටන් ගත්තා. මේ චිත්‍රපටිය Drama, Sci - Fi, Thriller කාණ්ඩයට අයත් වේ. මෙහි
අධ්‍යක්ෂනය Joe Penna නිෂ්පාදනය Ulrich Schwarz Nick Spicer Aram Tertzakian රචනය Joe Penna Ryan Morrison රඟපෑම් Anna Kendrick (Zoe Levensom) Daniel Dae Kim (David Kim) Shamiern Anderson (Micheal Adams) Toni Collette (Marina Barnett) ඉතින් මම මගේ 25 වෙනි උපසිරැසි නිර්මාණය විදියට මේ චිත්‍රපටිය තෝර ගත්තේ ඇත්තටම මමත් මේ ක්ෂේත්‍රයට කැමති කෙනෙක් නිසා.මේ දිනවල අභ්‍යවකාශ තරණය පිළිබඳව ලොව සෑම තැනින්ම ආරංචි පැමිනෙණවා. දන් ඒකට ඇත්තේ තරඟයක්, 60 දශකයේ මෙන් රුසියාව හා ඇමරිකාවඅතර පමණක් නොව දැන් ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවල්ද මේ සදහා ඉදිරිපත් වෙලා ඉන්නවා. මේ අතරින් වඩාත්ම අවදානයට යොමු වෙලා තියෙන්නේඅඟහරු තරණය පිළිබඳවයි. එහි ජනාවාස තැනීමේ අභියෝගාත්මක තරඟයයි. මේ සිනමාවෙන්ද කියවෙන්නේ ඒ පිලිබඳවයි ප්‍රථම වරට මිනිසුන් රැගත් යානාවක් අඟහරු ග්‍රහයා වෙත යනවා, ඒ හයිපීරියන් මෙහෙයුම. එයට අභ්‍යවකාශගාමීන් තිදෙනෙක් සහභාගී වෙනවා.ඔවුන් ගේ අරමුණ අඟහරු මත මිනිස් ජනාවස ආරම්භ කිරීම සඳහා මූලික අඩිතාලම දැමීමයි. මෙයාල ගුවන් ගත වුනාට පස්සේ දැන ගන්නවා අතපසු වීමකින් තව කෙනෙකුත් යානාවේ සිරවෙලා ඇවිල්ලා කියලා, ඉතින් ඉන් පසුව මෙයාලට එන ගැටලු පිළිබදව ඒවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා පිළිබඳව තමයි මෙහි කියවෙන්නේ, ගැටළුවක් ඇති නොවියයුතු තැනම ගැටළුවක් ඇති වුනොත් මොකද වෙන්නේ, ඉතින් ඔයාලත් මේ චිත්‍රපටිය නරඹන්න.





Windows 7Chrome 91
ගොඩ දවසකින් දැක්කෙ මල්ලි. ආපහු දකින්න ලැබීම සතුටක්. 25 හේ කඩඉමට ඔන්න මම මුලින්ම සුබ පැතුම් එක්කලා. 26 ටත් අලුත්ම ෆිල්ම් එකක් ඉක්මනට දෙන්න.
Android 4.4Chrome 81
ඔව් රසික අයියා, ඉක්මනට ගේනවා, ගොඩක් ස්තුතියි ! :heart::heart::heart::heart:❤
Android 10Chrome 81
තෑන්ක්ස් සබ් එකට සහෝ
Windows 7Opera 76
25 වෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ.:tada::balloon::balloon:
මේ වගේම ඉදිරි කඩයිම් පසු කරන්නත් ශක්තිය, ධෛර්‍යය
ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Windows 10Firefox 89
:thumbsup::clap::clap:25 වන කඩයිමට උණුසුම් සුභ පැතුම්, ගයාන්. ඉදිරි උපසිරැසි කඩයිම් වෙත ලඟාවීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා කාලය ලැබේවා යැයි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
Windows 10Chrome 91
sub karanawata salli gewanawada oyala
Windows 7Chrome 91
අපේ ගගනගාමියා … :rofl: … 25 වෙන උපසිරසට මාගෙන් උණුසුම් සුබ පැතුම් ..දිගටම අපිත් එක්ක ඉන්න :heart_eyes::heart_eyes: