The Animatrix (2003) Sinhala Subtitle

/

මෙම උපසිරැසිය සහ වීඩියෝ පටය MATRIX සිනමා පට ත්‍රිත්වය නරඹා ඇති හෝ නැරඹීමට අදහස් කරගෙන සිටින අයට පමණක් බව කරුණාවෙන් සලකන්න.



The Matrix සිනමාපට ත්‍රිත්වය. ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වුණ සහ අදටද ලක්වන, විවිධ අය විවිධාකාරයට වටහාගත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය කිව්වොත් මම හිතන්නෙ ඒකෙ කිසිම වරදක් නෑ. මෙයින් මුල් චිත්‍රපටය වන The Matrix (1999) චිත්‍රපටය තමයි නැරඹූ බොහෝදෙනා වඩාත් ඇළුම් කරන චිත්‍රපටය. එවකට තිබූ දෘෂ්‍යප්‍රයෝග සම්ප්‍රදායන් උඩුයටිකුරු කල මේ චිත්‍රපටය, එහි කතාවේ ඇති සංකීර්ණත්වය සහ සුවිශේෂීතාව නිසාම ලොව පුරා අතිශය ජනප්‍රියත්වයටද පත්වුණා. නමුත් එහි දෙවෙනි සහ තුන්වෙනි චිත්‍රපට, එනම්, පිළිවෙලින් The Matrix : Reloaded (2003) සහ The Matrix : Revolutions (2003) චිත්‍රපට ද්විත්වයටනම් පැසසුම් සහ ගැරහුම් දෙකම සම සමව ලැබුණා. කෙසේ වෙතත් මමනම් දකින විදියට එයට හේතුවක්ද තිබෙනවා. ඒ තමයි මේ දෙවන සහ තුන්වන චිත්‍රපටවලට ප්‍රවේශයක් ලෙස නිර්මාණය වුණ The Animatrix (2003) නම් කෙටි චිත්‍රපට නමයකින් යුත් වීඩියෝව නැරඹීමකින් තොරව එම නිර්මාණය ද්විත්වය නැරඹීම. හැබැයි මෙය නිකුත්වුණේ Matrix: Reloaded චිත්‍රපටය නිකුත්වී මසකට පමණ පසුවයි, බොහෝවිට මෙය නිකුත්කිරීමේ අරමුණ වෙන්නට ඇත්තෙත් පලමු චිත්‍රපටයෙන් දෙවැන්නට එනවිට ඇතිව තිබූ හිදැස් මකාදමන්නට සේම තුන්වැන්නට යනවිට කතාව වඩාත් ප්‍රේක්ෂකයාට පැහැදිලි කිරීමේ අරමුණින්ද විය යුතුයි.

අද මම මේ ඔබවෙතට අරගෙන එන්නෙ අන්න ඒ The Animatrix (2003) වීඩියෝවෙ උපසිරැසියයි. නිකංම ඔබට උපසිරැසිය ලබාදෙනවාට වඩා එහි එන කෙටි චිත්‍රපට 9 ප්‍රධාන චිත්‍රපට ත්‍රිත්වයට සම්බන්ධවන ආකාරය, මගේ දැනීම පරිදි පෙලගස්වා දෙන එක හොඳයි කියල මම කල්පනා කලා. නමුත් ඔබ, මෙතෙක් ප්‍රධාන චිත්‍රපට ත්‍රිත්වය නරඹා නැති, තම රසවින්දනයට බාධා කරගන්නට අකමැති, The Matrix ප්‍රධාන චිත්‍රපට ත්‍රිත්වයෙන්ම කතාව තේරුම්ගන්නට සතුටු අයෙක්නම්, මේ Animatrix (2003) මගහැර යාමට ඔබට හැකියි. චිත්‍රපටය පැත්තට යන්න කලින් ස්තූතිය පළකරන්න ඕනෙ Matrix චිත්‍රපට පෙලට උපසිරැසි කරන ලෙස මා හට දැන්වූ CJ සහෝදරයාටත්, මිතුන් සහෝදරයාටත්. මොකද මීට කලකට පෙරත් මෙම චිත්‍රපටවලට උපසිරැසි කිරීමේ අදහස තිබුණත්, අන්තර්ජාලයේ උපසිරැසි තිබූ නිසා මම ඒ අදහස අත්හැරියා. ඉතිං ඔවුන් දෙදෙනාගේ ඉල්ලීම නිසයි මම තීරණය කලේ මෙම චිත්‍රපට පෙලට පිළිවෙලින් උපසිරැසි ලබාදෙන්න. රැඳී ඉන්න සබ්ස් එල් කේ එක්කම. ප්‍රධාන චිත්‍රපට ත්‍රිත්වයටත් උපසිරැසි ලඟදීම ගෙන එන්නම් . එහෙනම් Matrix ගමනේ ආරම්භය තමයි මේ…The Animatrix (2003)..

මම කලිනුත් කිව්වනෙ මෙහි කෙටි චිත්‍රපට 9ක් ඇතුලත් බව. කෙසේ වෙතත් මේ කෙටි චිත්‍රපට 9 කාලනුක්‍රම පිලිවෙලට නොවෙයි නිර්මාණකරුවන් ඉදිරිපත් කරල තියෙන්නෙ. ඔබ කැමතිනම් මෙය ඔවුන් ඉදිරිපත්කර ඇති පිලිවෙලටම නරඹන්නත් පුළුවන්, එහෙම නැතුව කාලානුක්‍රම පිලිවෙලට නරඹන්න කැමතිනම් , මේ තමයි මගේ වැටහීම පරිදි නිවැරදි පිලිවෙල. ඔබට පහසුවක් වන ලෙස එම කොටස් ඇරඹෙන සහ අවසන්වන කාලසීමාවන්ද මම ලිපියේම සටහන් කර තිබෙනවා, ඔබේ වීඩියෝ ධාවකය මගින් නැරඹීම පහසු කිරීම සඳහා.

Second Renaissance part 1 and 2
දෙවන පුනරුදය 1 සහ 2 කොටස ( 00:09:35 සිට 00:28:12 දක්වා)

The Matrix (1999)හි එන කතාව දිවෙන කාල වකවානුව බිහිවීමට හේතුවන සිදුවීම් මේ තුලින් නැරඹිය හැක. එනම් මිනිසා තම පහසුව උදෙසා තමන්ට සමාන යාන්ත්‍රිකයන් (රොබෝවරු) නිර්මාණය කිරීම සහ පසුව මෙම ‘යාන්ත්‍රික- මනුෂ්‍ය සහජීවනය’ , මිනිසාගේ ක්‍රියාකාරකම් නිසාම අරගලයක් දක්වා වර්ධනය වන ආකාරයත්, පසුව එය යුද්ධයක් දක්වා ඇදීගොස් තම බුද්ධියෙන්ම නිමවූ යාන්ත්‍රිකයන් ඉදිරියේ මිනිසා පරාජය වන අයුරුත්, ඔවුන් පරිගණක මගින් නිමවූ මෙට්‍රික්ස් නම් කෘතිම සිහින ලොවක මිනිසා සිරකර නොහොත් ‘ප්ලග් කර’ , ඔවුන්ව තම ශක්ති ප්‍රභවය ලෙස භාවිත කරන ආකාරයත්, ඊට මගපාදන හේතුත් මෙමගින් ඉදිරිපත් කෙරේ.

  Beyond- එහා ඉම ( 00:53:51 සිට 01:06:50 දක්වා)

මෙය තුලින් ඔබට මෙට්‍රික්සයට ‘ප්ලග්’ව එනම් සම්බන්ධව සිටින අයගේ ජීවිතය පිලිබඳ යම් අදහසක් ලබාගත හැකිය. මෙය නැරඹීම ඒතරම් අවශ්‍ය නොවන අතර, කැමතිනම් මෙය මගහැරියාටද වරදක් නැත.

World Record- ලෝක වාර්තාව – ( 00:45:14 සිට 00:53:47 දක්වා)

මෙයිනුත් මෙට්‍රික්සය තුල යාන්ත්‍රිකයන්ගේ දැඩි පාලනයට සහ අයෝමය හස්තයට සිරවී සිහින ලොවක ජීවත්වන මනුෂ්‍ය ජීවිත පිලිබඳ තව දුරටත් පැහැදිලි කරගත හැකිය. එසේම එම සිහින ලොවින් අවදිවන්නන්ට තැත් කරන්නන්ද සිටින බවත්, ඔවුන් කිනම් ස්වභාවයේ අයද යන්නත් සහ ඔවුන්ව මැඩලීමට යාන්ත්‍රිකයන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිලිබඳවත්, මෙට්‍රික්සය තුල පවතින නීති සමහරක් පිලිබඳවත් මෙම කෙටි චිත්‍රපටය තුලින් ඔබට දැනගත හැකිය.

Program- පරිගණක වැඩසටහන – ( 00:37: 51 සිට 00:45:04 දක්වා)

මෙය තුලින් මෙට්‍රික්ස් වැඩසටහන ක්‍රියාත්මකවන ආකාරයත්, එයට විරුද්ධව නැගීසිටින්නන්, එසේත් නැත්නම් මෙට්‍රික්සයෙන් තම මනස නිදහස් කරගෙන අවදිවූවන් තමන්ට ඇවැසි විටෙක මෙට්‍රික්ස් වැඩසටහනට ඇතුල්වන පිටවන ආකාරයද දැකිය හැකිය. එසේම The Matrix(1999) තුලදී මෝෆියස් විසින් නියෝ වෙත ලබාදෙන රතු සහ නිල් පැහැ පෙති ද්විත්වයේ අර්ථය පැහැදිලිකරගැනීමට මෙහි ඇතුලත් කතාව නැරඹීම පහසුවක් වනු ඇත .

A Detective Story – රහස් පරීක්ෂක කතාවක්- ( 01:06:55 සිට 01:16:40 දක්වා)

මේ තුලින් ඔබට The Matrix (1999) වෙත ප්‍රවේශයක් ලබාගත හැකි අතර එහි එන ට්‍රිනිටි චරිතය පිලිබඳවද දැනගත හැකිය.

ඔබ Matrix (1999) නරඹා නැත්නම්, අනිත් කෙටි චිත්‍රපට කීපය නැරඹීමෙන් වැලකී මෙතනින් නැවතීම සුදුසුයි.


ඉහතින් සඳහන් කල කෙටි චිත්‍රපට කීපය නැරඹීමෙන් පසුව ඔබට මෙහි ප්‍රධාන චිත්‍රපටය වන The Matrix (1999) නැරඹිය හැකි අතර ඒ තුලින් Matrix චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය වන නියෝ නොහොත් තෝමස් ඇන්ඩර්සන්ගේ කතාවද ඔහු සයෝන් මූලික කරගත් යාන්ත්‍රිකයන්ට එරෙහි අරගලයට එක්වන ආකාරය පිළිබඳවද දැනගත හැකිය.

ඉන් පසුව නැවතත් මෙම The Animatrix (2003) හි ඇති Kid’s story (පොඩ්ඩාගේ කතාව) කෙටි චිත්‍රපටය නරඹන්න (00:28:13 සිට 00:37:50 දක්වා). මෙයින් The Matrix (1999) අවසානයෙන් පසුව නියෝ විසින් කරනා කාර්යභාරය ගැන වැටහීමක් ලබාගත හැකි අතර, මෙම Kid’s storyහි ප්‍රධාන චරිතය වන මයිකල් කාල් පොපර් චරිතය ඔබට Matrix චිත්‍රපට මාලාවේ දෙවන ප්‍රධාන චිත්‍රපටය වන The Matrix : Reloaded (2003) තුලදී සුළු චරිතයක් ලෙස හමුවනු ඇත.

Matriculated- බඳවාගැනීම – ( 01:16:46 සිට 01:33:01)

තාක්ෂණය භාවිත කරමින් යාන්ත්‍රිකයන්ගේ ප්‍රචණ්ඩකාරී බුද්ධිය යහපත් සේම මනුෂ්‍ය හිතැති අතට හරවාගන්නට මිනිසා දරන උත්සාහයක් අපට පෙන්වන මේ චිත්‍රපටය නැරඹීම ඒතරම් අවශ්‍ය නැතත්, ඔබ කැමතිනම් නරඹන්න.

Final Fight In Osiris -ඔසයිරිස් යානයේ අවසන් ගුවන් ගමන – (00:00:10 සිට 00:09:33 දක්වා)

මෙය Matrix ප්‍රධාන චිත්‍රපට මාලාවේ දෙවැන්න වන The Matrix :Reloaded (2003)ට මෙන්ම Enter The Matrix පරිගණක ක්‍රීඩාවේ ඇතුලත් කතාවට සෘජුවම සම්බන්ධබවද කියැවේ ( මේ ලියන මා එය ක්‍රීඩා කර නැත). මෙය තුලින් ඔබට මෙට්‍රික්සයට සහ යාන්ත්‍රිකයන්ට විරුද්ධව මනුෂ්‍යයන් ගෙන යන සටනට මෝෆියස් විසින් නායකත්වය දරන නෙබුකැනසර් යානය ඇතුළු සයෝන් නගරයේ යානා බලඇණිය දක්වන දායකත්වය දැකගත හැකිය. මෙහි මූලිකවම දැක්වෙන්නේ තේඩියස් නම් නිර්භීත කපිතාන්වරයෙකුගේ නායකත්වය යටතේ පවතින ඔසයිරිස් නම් යානයක කාර්යමණ්ඩලය අත්දකිනා සිදුවීම් පෙලක්. The Matrix : Reloaded ඇරඹෙන්නේ මෙම යානයෙන් ලැබෙන පණිවිඩයක් මුල්කරගෙන බැවින් මෙය නැරඹීම එම චිත්‍රපටය හොඳින් වටහාගැනීමට පහසුවක් වනු ඇත.

ඉන් අනතුරුව ඔබට The Matrix : Reloaded (2003) සහ එහිම දෙවන කොටස වන The Matrix : Revolutions(2003) නැරඹිය හැකිය.

හරි, ඔන්න ඔය ආකාරයටයි Animatrix (2003) වීඩියෝව ප්‍රධාන චිත්‍රපට ත්‍රිත්වයට සම්බන්ධ වන්නේ. IMDB වෙතින් 7.4ක අගයක් දිනාඇති මේ සජීවීකරණ වීඩියෝව, පැයකුත් මිනිත්තු 40ක පූර්ණ ධාවන කාලයකින් යුත් අතර, අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ පීටර් චුන්, ඇන්ඩෲ ආර් ජෝන්ස්,යොෂිකි කවාහිරි,ටකේෂි කොයිකේ,මහීරෝ මේඩා,කොයිජි මොරිමොටෝ සහ ෂිනිචිරෝ වටනාබේ යන පිරිසයි. එහෙනම් හමුවෙමු The Matrix (1999) චිත්‍රපටයේ උපසිරැසිය සමගින් මීලඟට.

 

 

 

 

7.4
IMDB

Year : 2003

Actors : Kevin Michael Richardson, Pamela Adlon, John DiMaggio, Tom Kenny

The Animatrix is a collection of several animated short films, detailing the backstory of the

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 943
  • File Size : 21.466KB
  • Sub Update :2021-01-07
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 76

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-08-13 at 6:50 am
    • Kantha_DLA Unregister User
      Windows 10Chrome 76

      Request :

      The Last Black Man in San Francisco (2019)
      Parasite (2019)

      2019-08-15 at 10:05 am
  • Madusha Unregister User
    Windows 10Opera 62

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

    2019-08-13 at 10:24 am
  • kavinda Unregister User
    Windows 7Chrome 65

    නියම විස්තරයක් ලියලා තියෙනවා අනිත් ෆිල්ම් වලටත් සබ් කරන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    2019-08-13 at 12:27 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    ලිපිය නම් සුපිරි බ්‍රෝ ඒ වගේම සබ් එකට ගොඩක් ස්තුතියි… 👍👊👊
    ජය වේවා.!!

    2019-08-14 at 8:45 am
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 76

    Parasite (2019) – IMDb

    https://www.imdb.com/title/tt6751668/

    2019-08-15 at 9:45 am
    • Hasitha Prasad Super Mod
      Windows 10Vivaldi 2.6

      හොඳ ෆිල්ම් එකක් වගේ, Kantha. ඉදිරියෙදි උපසිරැසි ලබාදෙන්නම්.

      2019-08-22 at 12:16 am
  • C_J Unregister User
    Windows 8.1Chrome 76

    ඉල්ලීම පිලි අරගෙන උපසිරැසි ලබා දුන්නාට බොහොම ස්තූතියි හසිත.

    ඇනිමෙට්‍රික්ස් එකටත් එක්ක උපසිරැසි ලබා දීම ඉතා අගය කරනවා.

    ඉතුරු තුනටත් උපසිරැසි ලබා දෙනතුරු බලා ඉන්නවා.

    ඔබට ජය හා සතුට..!!!

    2019-08-21 at 2:34 pm
    • Hasitha Prasad Super Mod
      Windows 7Firefox 71

      The Matrix (1999) උපසිරැසි පළ කලා, C J.

      2020-01-05 at 8:08 pm
  • Lukshan Widanapathirana Unregister User
    Windows 10Chrome 76

    The Riot Club (2014) හැකිනම් මෙම චිත්‍රපටයට උපසිරැසි ලබා දෙන්න..
    මෙ කරන සේවයට බොහොම ස්තූතියි…

    2019-08-26 at 2:21 pm
  • sub ekata thanks saho

    2020-10-09 at 9:59 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *