• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Thor: Ragnarok (2017) Sinhala Subtitle

Thor: Ragnarok (2017) Sinhala Subtitle

2018/01/27 at 4:46 am
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් සියලුම දෙනාට.අපේ කවීෂ සහෝදරයගේ ඉල්ලීමක් අනුව අද මේ අරගෙන එන්නෙ මාවල් කොමික්ස් රසිකයන් බොහොම සැදීපැහැදී බලාසිටි චිත්‍රපටයක උපසිරසියත් අරගෙන.මුලින්ම කවීෂට ස්තූතිය පිරිනමන ගමන්ම එහෙනම් අපි යමු කතාබහට.මේ තමයි බොහෝ ඈත අතීතයක් ඇති  මාවල් කොමික්ස් විශ්වයෙන් බිහිවී පසුගිය වසරේ අප හමුවට ආ Thor :Ragnarok (2017).Dc රසිකයන් බොහෝ බලාපොරොත්තු තබා සිටි Justice league චිත්‍රපටය  සිතූතරම් සාර්ථක නොවුණත්, Thor ඇතුළු මාවල් වීරයොනම් ඉතා ඉහළ සාර්ථකත්වයක් ලබාගත්තා.ජනප්‍රිය නවසීලන්ත සිනමා අධ්‍යක්ෂක ටයිකා වයිටිටිගේ දායකත්වයෙන් අධ්‍යක්ෂණය වූ තෝර් රැග්නරොක් චිත්‍රපටය සම්මාන 16කට නිර්දේශ වී එයින් දෙකක් දිනාගන්නත් සමත් වුණා.ඒ විතරක් නෙමෙයි IMDB අගය 8.1ක් ලබා එහි හොඳම චිත්‍රපට 250 නාමාවලියේ 237වන ස්ථානයත් තමන් සතු කරගන්න සමත්කම් දක්වා තිබෙන අතර Rotten Tomatos වෙතින් 92%ක තරමේ විශාල අගයක් ලබා ගෙන ගූගල් පරිශීලකයන් 93%කගේ ප්‍රසාදයත් ලබාගත්තා.රංගනයන් ගැන කතාකලොත්  සුපුරුදු පරිදිම තෝර්ගේ චරිතයට මෙවරත් පණපොවන්නේ ක්‍රිස් හෙම්ස්වර්ත්, ලෝකි විදියට ටොම් හිඩ්ල්ස්ටන්, ඔඩින් ලෙස සර් ඇන්තනි හොප්කින්ස්, හයිම්ඩෙල් ලෙස ඉඩ්‍රිස් එල්බාත් ඊට අමතරව මාක් රෆෙලෝ (හල්ක්/බෲස් බැනර්), කේට් බ්ලැන්චෙට් (හෙලා), ටෙසා තොම්ප්සන් (ස්ක්‍රැපර් 142), ජෙෆ් ගෝල්ඩ්බ්ලම් (මහාස්වාමීන්) වගේ රංගන ශිල්පිශිල්පිනියන් පිරිසක් තමයි මෙයට රංගන දායකත්වය ලබාදෙන්නෙ.

දැන් යන්න තියෙන්නෙ චිත්‍රපටයේ කතාව පැත්තට වුණත් ඊට කලින් අපි කතා කරමු  2015 වසරේ තිරගත වුණ ඇවෙන්ජර්ස්: ඒජ් ඔෆ් අල්ට්‍රෝන් ගැන.නැගෙනහිර යුරෝපීය රටක් වන සොකෝවියාවෙ හයිඩ්‍රා ත්‍රස්ත සංවිධාන පරිශ්‍රය සාර්ථකව වටලන තෝර්, අයන්මෑන් (ටෝනි ස්ටාක්), කැප්ටන් ඇමරිකා (ස්ටීව් රොජර්ස්), හල්ක් (බෲස් බැනර්), බ්ලැක් විඩෝ (නතාෂා රොමනොව්) ඇතුළු ඇවෙන්ජර්ස් කණ්ඩායම ආපසු  එනවා.ඉන්පස්සෙ ටෝනි ස්ටාකුයි  බෲස් බැනරුයි දෙන්න එකතුවෙලා ලෝකයේ සහ මනුෂ්‍ය සංහතියේ  ආරක්ෂාව වෙනුවෙන් අල්ට්‍රෝන් පද්ධතිය නිර්මාණය කරනවා.නමුත් මනුෂ්‍යයාව අල්ට්‍රෝන් දකින්නේ තර්ජණයක් විදියටයි.ඉතින් මනුෂ්‍ය සංහතිය සහ අපේ මේ වීරයන් කණ්ඩායම විනාශ කරන්න උත්සාහ කරන අල්ට්‍රෝන්ලට විරුද්ධ සටන තමයි ඒජ් ඔෆ් අල්ට්‍රෝන්වලදි අපි දැක්කෙ.එයත් සාර්ථක කරගන්න ඔවුන් අතරින් තෝර් ආපසු ඇස්ගාඩය වෙත යනවා.තම හල්ක්භාවය නිසා නතාෂාට (බ්ලැක්විඩෝ)  කරදරයක් වෙනවා දකින්නට ඇති අකමැත්ත නිසා බෲස් බැනර්  ක්වින්ජෙට් යානයක නැගිලා යන්න යනවා.මම ඒ කිව්වෙ ඉතාම කෙටියෙන් කොමික්ස් රසිකයන් ඉතින් මට වඩා හොඳට දන්නව ඇතිනෙ  කතාව.කොහොමවුණත්  සුපුරුදු විදියටම CallBacks සහ Easter eggs ගොඩක් Ragnarok වලදි දකින්න පුළුවන් වෙයි.ඔක්කොම කියන්න ගියොත් ස්පොයිල් වෙන්න ඉඩ තියන නිසා එකක් දෙකක් විතරක් කියන්නම්.මතකද පලමු ඇවෙන්ජර්ස් චිත්‍රපටයෙදි ටෝනි ස්ටාක්, තෝර්ගෙ පිටට තට්ටුවක් එහෙම දාල දීපු අන්වර්ථ නම?ඒ තමයි "පොයින්ට් බ්‍රේක් " ඒකට හේතුව පොයින්ට් බ්‍රේක් (1991) චිත්‍රපටයේ බෝධිගේ චරිතය රඟපෑව පැට්‍රික් ස්වේස්ගෙ කොණ්ඩයත් තෝර්ගෙ කොණ්ඩයත් සමාන වීම.මේ විහිළුවට කිව්ව නම තෝර්ට ඕනෙවෙනව Ragnarok වලදි.තව මතකද හල්ක්ව සන්සුන් කරන්න බ්ලැක් විඩෝ පාවිච්චි කරන නැලවිලි වාක්‍යය "ඉර බැහැගෙන යනවා"?  ඒකත් සෑහෙන්න පාවිච්චි වෙනව Ragnarok තුලදි.ඊට අමතරව මේ චිත්‍රපටය තුලදී තෝර් චරිතය වඩාත් හාස්‍යමය පැත්තට නැඹුරු කරන්න මාවල්ල වග බලාගෙන තියනව.ඒ විතරක් නෙමෙයි ටෝනි ස්ටාක්ටත් ඇතිවෙන්නම දීල තියනවා.ඔය කිව්ව මදෑ නේද?දැන් අපි යමු Ragnarok පැත්තට.

නෝස්මන් මිත්‍යා කථාවන්ට අනුව Ragnarok වචනයේ තේරුම "දෙවියන්ගේ ඉරණම"ලු.මේක අනාවැකියක් විදියටයි කියවෙන්නෙ.ඔන්න 2015දි පෘතුවියෙන්ඇස්ගාය බලා පිටත්වුණ තෝර්ගෙ ගමනට මගදි බාධාවක් වෙලා (එයාට විතරක් නෙමෙයි හැබැයි).තෝර් දැන් ඉන්නෙ සිරභාරයේ. එතනින් කොහොමහරි මිදිලා ආපසු ඇස්ගාඩයට යන තෝර්ට එතනින් පස්සෙ මුහුණ දෙන්න වෙන්නෙ මේ අනාවැකියෙ ප්‍රශ්ණෙට.මම ඊට වඩා දෙයක් කියන්නෙ නෑ, ඉතිරිය ඕගොල්ලන්ට බාරයි.එහෙනම් මම ගියා.තවත් උපසිරැසියකින් හමුවෙමු…

විශේෂ :-

  • මිඩ් ක්‍රෙඩිට් දර්ශණයක් සහ පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයක් වශයෙන් ක්‍රෙඩිට් දර්ශන දෙකක් ඇතුලත් චිත්‍රපටය තුල.
  • මේකෙ අපේ හිත වැඩියෙන්ම ඇදෙන ගීතය. ලෙඩ් සෙප්ලින්ලගේ Immigrant Song.මේ අයගෙ ගීත චිත්‍රපට සඳහා ලබාදෙන්නෙ ඉතාම අඩුවෙන් නිසා මේක විශේෂ අවස්ථාවක්.ඕනෙ අයට මෙන්න ඒක.
  • ඩොක්ට ස්ට්‍රේන්ජ් බලපු අයට මතක ඇති එහි ක්‍රෙඩිට් දර්ශනයක තෝර් ඉන්නවා.ඒ ඇයි කියල බලාගන්න පුළුවන් මේ චිත්‍රපටයෙන්.
  • මාවල් සිනමා විශ්වයේ පළමු වතාවට මෙවර හල්ක්ට හඬ කවන්නේ Lou Ferrigno වෙනුවට Mark Ruffeloයි.
  • කේට් බ්ලැන්චෙට් විසින් හෙලාගෙ චරිතය බාර අරගෙන තියෙන්නෙ තියෙන්නෙ මාවල් කොමික්ස් රසිකයන් වන ඇගේ දරුවන්ගේ ඉල්ලීම මතයි. මේ චරිතය වෙනුවෙන්ම ඇය ඇෆ්රෝ-බ්‍රසීලියන් නම් ආත්මාරක්ෂක සටන් කලාවක් හැදෑරූ බවත් සඳහන්.
  • හැබැයි ජේන් ෆොස්ටර්ට පණ පෙවූ නැතලි පෝර්ට්මන් මෙවර චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ නෑ. ඒ වගේම  මින් ඉදිරියට කිසිදු මාවල් චරිතයකට දායක වන්නට තමන්ගේ අදහසක් නැති බවටත් ඇය ප්‍රකාශ කරලලු.
  • කෝග්ගේ චරිතයට හඬ දායකත්වය ලබා දීල තියෙන්නෙ අධ්‍යක්ෂක ටයිකා වයිටිටි විසින්මයි.මේ වගේ තව විස්තර රාශියක් තියනවා IMDB අඩවියේ.

Imprisoned on the other side of the universe, the mighty Thor finds himself in a deadly gladiatorial contest that pits him against the Hulk, his former ally and fellow Avenger. Thor's quest for survival leads him in a race against time to prevent the all-powerful Hela from destroying his home world and the Asgardian civilization.

සිංහල උපසිරැසිය ලබා ගන්න 16321
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Dushan Unregistered User
    Windows 7Opera 50

    Thanks….Niyamai….Jaya wewa !!!

    2018-01-29 at 10:51 am
    Reply
  • PraveenKF Unregistered User
    Windows 10Edge 16

    thanks.. patta

    2018-02-19 at 7:49 am
    Reply
  • ලක්ෂාන් Unregistered User
    Android 7Chrome 70

    Subtitles nam subz.lk eke හසිත ප්‍රසාද් තමා. Tnanks and Good LUCK

    2018-12-16 at 6:51 am
    Reply
  • udayanga Unregistered User
    Windows 7Opera 58

    Thanks.. jaya wewa !!!

    2019-03-04 at 9:08 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (166)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms