• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • War of the Worlds (2005) Sinhala Subtitle

War of the Worlds (2005) Sinhala Subtitle

2018/11/23 at 5:42 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල තවත් උපසිරැසියක්. මම ඇත්තටම මේ චිත්‍රපටය බලල තිබුණෙ නෑ මීට කලින්, ඉතින් මේ වගේ අපූරු චිත්‍රපටයක් ගැන දැනුම්දුන්නටත්, එහි උපසිරැසිය කිරීම බාරදුන්නටත් කවීෂට බොහොම ස්තූතියි. චිත්‍රපටය තමයි බ්‍රිතාන්‍ය ජාතික ලේඛක H.G වෙල්ස් මහතා 1897 වර්ෂයේදී ප්‍රකාශයට පත්කල The War of The Worlds විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරින් නිර්මාණය කර 2005 වසරේදී තිරගත වූ War of the Worlds චිත්‍රපටය. ඔබ හැමෝම දන්නවා මෙය පිටසක්වල ජීවී ආක්‍රමණයක් ගැන ලියවුණ පොතක් .ඇත්තටම මෙය මින් පෙර ගුවන් විදුලියට සිනමාවට සහ රූපවාහිනී තිරයට නැගී තිබෙනවා. පිළිවෙලින් ගත්තොත් මෙහෙමයි.

The War of the Worlds ගුවන් විදුලි නාට්‍යය (1938)

The War of the Worlds හොලිවුඩ් චිත්‍රපටය (1953)

The War of the Worlds ගුවන් විදුලි නාට්‍යය ( 1968)

The War of the Worlds: Next Century පෝලන්ත චිත්‍රපටය (1981)

War of the Worlds රූපවාහිනී කතාමාලාව (1988-1990)

චිත්‍රපටය පැත්තට යන්න කලින් අපිට කතාව පටන්ගන්න වෙන්නෙ නවකතාව ලිව්ව H.G වෙල්ස් මහතාගෙන් සහ එය ලියැවුණ කාලසමයෙන් ඒ කියන්නෙ 1897 කාල සමයේ එනම් 19වන ශතවර්ෂයේ අගභාගයේ ( වික්ටෝරියානු සමය). මේ කාලයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලොවම තමන්ගෙ ග්‍රහණයට අරගෙන තිබුණ කාලෙ. H.G වෙල්ස් මහත්මය බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වුණත් ඔහු මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය දැඩිව පිළිකුල් කල අයෙක්. පොත ලිවීමට වසර කීපයකට පෙර බ්‍රිතාන්‍යයන් විසින් කල ඕස්ට්‍රේලියාවෙ මුල් පදිංචිකරුවන් වූ ඇබොරිජීන්වරුන් සමූල ඝාතනයක් ඔහුව දැඩිව කම්පනයට පත් කරල තියනවා. මේ නිසා තමන්ගේ වාසභූමිය තමන්ට වඩා බලවත් දරුණු පිරිසකගේ ග්‍රහණයට පත්වී, තමන් ඔවුන් අතින් වඳවයාම මොන වගේද කියලත් , කොතරම් බලවතෙක් වුණත් ස්වභාව ධර්මය ඉදිරියේ දිනෙක පරාජය ලබන බවත්, තමන්ගේ නොවන බිමක කිසිදා මුල්බැසගත නොහැකි බවත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ව්‍යංගයෙන් පෙන්වීම තමයිලු මේ විද්‍යා ප්‍රබන්ධය ලිවීමෙන් ඔහුගේ බලාපොරොත්තුව වී තිබෙන්නේ. හරි දැන් අපි යමු චිත්‍රපටය පැත්තට...

මේ 2005 වසරේ War of The Worlds චිත්‍රපටයේ විශේෂත්වය තමයි මෙහි අධ්‍යක්ෂවරයා මේ පිටසක්වල චිත්‍රපටවලට නම් දරපු ස්ටීවන් ස්පිල්බර්ග් මහතා වීම. ඒ වගේම මෙහි මුල් චිත්‍රපට වගේම මෙයත් නවකතාවේ සඳහන් කාල සමය වෙනස් කරමින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. ඔස්කා සම්මාන ත්‍රිත්වයකට නිර්දේශව වෙනත් සම්මාන 16කට හිමිකම් ලබා ගැනීමට සමත් වූ මෙය ලබා ඇති Imdb අගය 6.5ක්. ඊට අමතරව Rotten Tomatoes වෙතින් 75%ක අගයකුත් මෙට්‍රාක්‍රිටික් වෙතින් 73%ක අගයකුත් ලබාගන්නට සමත් වී තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ ක්‍රියාදාම නළු ටොම් කෲස් ( රේ ෆෙරියර්) , ඩැකෝටා ෆැනින් ( රේචල් ෆෙරියර්), මිරැන්ඩා ඔටෝ ( මේරි ඈන්), ජස්ටින් චැට්වින්( රොබී), ටිම් රොබින්ස් ( හාලන් ඔගිල්වි) වගේ පිරිසක්. හරි දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට...

රේ ෆෙරියර්, වෘතියෙන් වරාය සේවකයෙක් වගේම කාර්මිකයෙක්. විවාහක දෙදරු පියෙක් වන ඔහු මේ වනවිට බිඳ වන මේරි ඈන්ගෙන් වෙන්වලයි ඉන්නෙ. ඇය වෙනත් විවාහයක් කරගෙන ඇති අතර සතියකට වරක් තමයි දරුවන්ව දකින්න ලැබෙන්නෙ රේට. රේගේ අමුතු ගති පැවතුම් නිසා දරුවන් වන රොබී සහ රේචල් රේට ඒ තරම් කැමති නෑ, නමුත් සතියකට වරක් පියා ලඟ නැවතීම හැරෙන්න ඔවුන්ට වෙන විකල්පයකුත් නෑ. මේ වගේ සති අන්තයක දරුවන් රේ ලඟට ඇරලවන මේරි ඈන් තම සැමියා සමග බොස්ටන්වල තම මහගෙදර යාමට පිටත්වෙනවා. රේ තම දරුවන් සමගින් කාලය ගත කරන අතරේ පෘතුවියට තර්ජණයක් එල්ල වෙනවා ඈත එපිට අභ්‍යවකාශයේ සිට. දරුවන් දෙදෙනාද සමග රේ මොනවා කරයිද?එය නරඹන ඔබට බාරයි, මම ගිහින් එන්නම් ලඟදීම හමුවෙමු තවත් උපසිරැසියකින්.

විශේෂ :- * රේචල් නිදිකරවන්නට රේ ගයන Little Deuce Coupe ගීතය මේක ඇත්තටම ඉතාම අපූරු තැනක් චිත්‍රපටයේ ,මොකද මේ චිත්‍රපටයෙ විදියට රේ ඉතාම අසාර්ථක පියෙක්. දරුවන් දෙදෙනා සහ ඔහු අතර තියෙන්නෙ යම් දුරස් බවක්. එතනිනුත් ඔහුට වැඩියෙන්ම කිට්ටු දියණිය රේචල් විතරයි. ඇය මේ පිටසක්වල ආක්‍රමණයේ පීඩාවෙන් සහ තම ------- නොමැති ශෝකයෙන් ඉන්න අතරෙ ඇය රේට කියනවා නැළවිලි ගීයක් ගායනා කරන්න, නමුත් දැඩි රථවාහන ලෝලියෙක් සහ කාර්මිකයෙක් වෙච්ච ඔහු දන්නෙ නෑ එවන් ගීයක්. ඔහු එතනදි ගායනා කරන්නෙ මේ ලිට්ල් ඩෙයුස් කූප් ගීතය. එය එතනට නොගැලපෙන බව බැලූ බැල්මටම පෙණුනත් ඔහු තම දියණිය මේ ඩෙයුස් කූපයට සමාන කරන ආකාරය හරිම ලස්සණයි. දැන් අපි බලමු මොකද්ද මේ ඩෙයුස් කූප් කියන්නෙ කියල. ඩෙයුස් කූප් කියන්නෙ 1932 වසරේ ෆෝඩ් මෝටර් රථ සමාගමෙන් නිර්මාණය කල ෆෝඩ් කූප් ( දොර දෙක ස්පෝට්ස් මාදිලි) රථයට පටබැඳුණ නමක්. මෙය එකල ඉතාම මිලෙන් අඩු නමුත් බලසම්පන්න V-8 එන්ජිමකින් සමන්විත වූ ඒ නිසාම වීදි ධාවන තරඟවල ජනප්‍රිය වූවක්. මේ වාහනය ඇසුරින් සුප්‍රකට බීච් බෝයිස් සංගීත කණ්ඩායම ගීතයක් නිර්මාණය කරනවා "Little Deuce Coupe" නමින් , ඒක තමයි රේ අර ගායනා කරන්නෙ. ගීතය පිටිපස්සෙ විශේෂ කතාවකුත් තියනවා, නමුත් මම හිතන්නෙ ඒක මෙතනට එච්චර වැදගත් නෑ. කොහොමහරි මේ ගීතය තුල මේ වාහනයේ සියලුම විශේෂාංග ඇතුලත්. ගීතය ඕනෙ අයට මෙන්න ඒක 

* මෙහි කඩාවැටුණ ගුවන් යානය ලෙස භාවිතා කර තිබෙන්නෙ භාවිතයෙන් ඉවත් කල සැබෑම බෝයිං-747 යානයක්ලු.

* මෙහි මේරි ඈන් චරිතයට ආරාධනාව ලැබෙද්දී නිළි මිරැන්ඩා ඔටෝ සිට ඇත්තෙ ගර්භනීවයි. ඒ නිසා ඇය චරිතය ප්‍රතික්ෂේප කර තිබුණත් ස්ටීවන් ස්පිල්බර්ග් වහාම පිටපතේ තිබූ මේරි ඈන් චරිතය ගර්භනීව සිටින්නියක් ලෙස වෙනස් කර ඇයටම එම චරිතය ලබාදී තිබෙනවා.

* මෙහි තිර පිටපත ලියන ලෙස මුලින්ම බාරදෙන්නට අදහස් කර තිබෙන්නේ ජේ. ජේ ඒබ්‍රම්ස්ට වුනත් ඔහු ඒ වනවිට LOST කතාමාලාව සමග කාර්යබහුලව සිටි බැවින් පසුව පිටත ලිවීම බාරවෙනවා ඩේවිඩ් කෝප් හට.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2519
War of the Worlds
  • 720p (bluray)
    800.19 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.84 GB
    Download Torrent
  • 2160p (bluray)
    5.69 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 55

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-11-24 at 6:58 am
    Reply
  • silent$ Unregistered User
    Windows 10Chrome 70

    Thnxxxxxxxxx

    2018-11-24 at 7:21 am
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 69

    අම්මො ඔක නම් පස්වතාවක් විතර බැලෙන්න ඇති.මොකද කිව්වොත් ටිවි එකෙත් සෑහෙන වතාවක් ඔක ගිහිම් තියෙනවා .Tom Cruiseගෙ පට්ට මුවි එකක්.තාමත් කොච්චර හරි බලන්න පුලුවන් එලියන් සින් එකක් හින්ද

    2018-11-24 at 10:11 am
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 69

    කාලයක් ගිහිම් හරි ආපහු බලතහැකිනෙ.. Subz.lk එකෙනුත් සිංහල රිලිස්වෙලා තියෙනවා නෙ😍

    2018-11-24 at 10:14 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 55

    බොහොම ස්තූතියි සහෝ

    2018-11-25 at 10:40 am
    Reply
  • vihanga Unregistered User
    Windows 7Chrome 70

    thankss machan sub ekata

    2018-11-25 at 9:15 pm
    Reply
  • Sajith Anthony Unregistered User
    Windows 8.1Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-11-26 at 10:00 am
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 69

    1987: When the Day Comes (2017) 720p BRRip 1.1GBඔය කොරියන් මුවි එකටත් සබ්ටයි දෙන්න පුලුවන් නම් සහෝ… සුපිරි එකක්. Imdb 7.8

    2018-11-29 at 5:14 pm
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 56

      මම සබ් දෙන්නම්, මිතුන් 🙂 බොහොම ස්තූතිති දැනුවත් කළාට.

      2018-11-29 at 9:49 pm
    • Mithun Unregistered User
      Android 8Chrome 69

      Smallfoot (2018) 720p BRRip 900M ඔන්න තවත් ලස්සන Animation movie එකක් ආවා

      2018-12-01 at 7:14 am
  • S.H. Tharaka prabhath Unregistered User
    Windows 10Opera 58

    Thanks for the Sinhala sub …. good movie

    2019-05-10 at 11:27 am
    Reply
  • gishan Unregistered User
    Windows 10Chrome 80

    thank you very much bro….

    2020-03-03 at 8:46 am
    Reply
  • Dill Unregistered User
    Windows 10Chrome 114

    I am grateful for your support.

    2023-07-27 at 12:56 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms