The Grinch (2018) Sinhala Subtitle
ආයුබෝවන් Subzlk හිතමිතුරන්ට අදත්. අද මේ අරගෙන එන්නෙ ගෙවුණු නත්තල මුල්කරගෙන හැදුණු චිත්‍රපටයක්. ඒ තමයි The Grinch (2018) . මෙය යුනිවර්සල් පික්චර්ස් අනුබද්ධ ඉලුමිනේෂන් සජීවීකරණ ස්ටුඩියෝවෙ නිර්මාණයක්. නත්තලට අකමැති ග්‍රින්ච් නම් සත්වයෙක් තේමා කරගෙන හැදුණු මේ චිත්‍රපටය ටිකක් ඈත අතීතයක් තියන එකක්. මේ ග්‍රින්ච් චරිතය නිර්මාණය වෙන්නෙ ඩොක්ට. සියුස් නමින් ප්‍රසිද්ධ ඇමරිකානු ජාතික ළමාකතා රචක තියඩෝර් සියුස් ගිසෙල් ( 1904-1991) නම් අයෙක් අතින්.
ඔහු වඩාත්ම ප්‍රසිද්ද අර්ථයක් නැති වචන, කවි පන්ති සහ අසාමාන්‍ය සතුන් තමන්ගේ කතාවලට එක්කල අයෙක් විදියටයි. මුලින්ම ෆ්ලිට් නම් කෘමි සතුන් මර්ධන රසායනික සමාගමක වෙළඳ දැන්වීම් ඇඳීමේ නිරත වූ ඔහු පසුව තීරණය කර තිබෙනවා ලමාකතා කලාවට එක්වන්නට. මේ දැන්වීම්වල ඇඳි චරිත කීපයක් පසුව ඔහු තම ලමාපොත්වලට එකතුකල බවද සඳහන්. කෙසේ නමුත් ඔහු මුලින්ම රචනා කල කෘතිය ප්‍රකාශකවරු 30දෙනෙක් අතින් පමණ ප්‍රතික්ෂේප වූ බවත් කියවෙනවා. තමන්ටම අනන්‍යවූ ලේඛන විලාශය ඔහු මුලින්ම ලොවට ඉදිරිපත් කරන්නේ 1940 වසරේදී, ඒ නිවාඩුවකට යන කුරුල්ලෙකුගේ බිත්තරයක් රැකීමේ කාර්යය බාරගන්නා අලියෙකුගේ කතා පුවතක් රැගත් Horton Hatches the Egg කෘතියෙන්. දෙවන ලෝක යුධ සමයේ එක්සත් ජනපද හමුදාවේ වාර්තා වැඩසටහන් අංශයට බැඳී සේවය කරන ඔහු එම කාලය තුලදීම Your Job in Germany නම් කතාව ඇසුරින් එම නමින්ම කෙටි චිත්‍රපටයක් නිර්මාණය වන අතර පසුව එය 1945 වසරේදී Hitler Lives (1945) නමින් මිනිත්තු 20ක කෙටි චිත්‍රපටයක්ව ඔස්කා සම්මානයක් පවා ලබන්නට වරම් ලබනවා. පසු කාලයක ඔහු මේ ග්‍රින්ච් චිත්‍රපටයට මාතෘකා වන Who-ville ( මම මේක කවුරු-ගම විදියට සිංහලට හැරෙව්වා) නම් ක්ෂුද්‍ර ලෝකය ලොවට ඉදිරිපත් කරනවා, ඒ Horton Hears a Who! (1954) කෘතියෙන්.
2008 වසරේදී මෙය මේ නමින්ම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් බවට පත්වුණා ඔබට මතක ඇති. ඉන් පසුවයි ඔහු මේ ක්ෂුද්‍ර ලෝකයේම නත්තල් සමය විනාශ කරන්නට වෙර දරන,නත්තලට වෛර කරන ග්‍රින්ච් නම් චරිතය එලිදක්වන්නෙ, ඒ 1957 වසරේදී, How the Grinch Stole Christmas කෘතිය තුලින්.
මෙය 1966 වසරේදී රූපවාහිනී කතාමාලාවක් බවට පත්වෙනවා මේ නමින්ම. මෙය 2000 වසරේදී ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් බවටත් පත්වුණා. ඔහු පෙරකී ග්‍රින්ච් චරිතයම ඇතුලත් කර Halloween Is Grinch Night (1977), The Grinch Grinches the Cat in the Hat (1982) නමින් රූපවාහිනී කාටූන පවා නිපදවා තිබෙනවා. පසුකාලීනව ඔහු අතින් ලියවුණු පොත් බොහොමයක් මුල් ලමාවිය අධ්‍යාපන කටයුතුවලට යොදාගෙන තිබෙනවා ඇමරිකාව තුල, මේ දායකත්වය නිසාම ඔහු 1984 වසරේදී විශේෂ පුලිට්සර් සම්මානයකින් පවා පිදුම් ලබනවා. 1948 වසරේ සිට 1991 වසරේ තම මරණය තෙක් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර La Jolla හි පදිංචිව සිටි ඔහු කුඩා දරුවන් වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පුස්තකාලය 1995 වසරේදී ඔහු නමින් නම් කර තිබෙනවා. ඔහු ලියූ අත්පිටපත් රැසක්ද මේ පුස්තකාලය සතු බවයි කියවෙන්නෙ.
ස්තූතිය Britannica අඩවියට..
හරි දැන් අපි දන්නවනෙ මේ හූ-විල් එහෙමත් නැත්නම් කවුරු-ගමේ අතීත පසුබිම. මේ ගමේ වාසය අරන අය හැඳින්වෙන්නෙ Who මිනිසුන් විදියට. මේකත් භාවිතයේ පහසුව තකා මම උපසිරැසිය තුල කවුරු-වාසීන් විදියට වෙනස් කලා. අපි දැන් චිත්‍රපටයෙ කතාව පැත්තට ගියොත්, මේ කවුරු-ගමේ කවුරුවාසීන් එකමුතුව වාසය කරන,නත්තලට ඉතාම ප්‍රිය කරන අය. නත්තල එලඹෙනතෙක් ඔවුන් මග බලාගෙනයි ඉන්නෙ. හැබැයි මේ ගමට ඉහලින් උස කඳුගැටයක් මුදුනෙ ඉන්නවා, මේ නත්තල පේන්න බැරි, අඩුමතරමෙ නත්තල කියන නමවත් කියන්නට අකමැති ග්‍රින්ච් නම් කොළපැහැ සත්වයෙක්. නත්තල් මේ ග්‍රින්ච්ට කොච්චර වහකදුරු වගේද කියනවනං, අඩුමතරමෙ නත්තල් මාසය පුරාවට ඔහු තමන්ගෙ ගුහාවෙන් එලියට බහින්නෙවත් නෑ. මේ නිසාම කිසිම හිතමිත්‍රයෙක් නැති ග්‍රින්ච්ට හැමදේටම ඉන්නෙ මැක්ස් නම් සුරතල් බලු පැටියෙක් විතරයි. කවුරුවාසීන් මේ ග්‍රින්ච්ට කොතරම් හොඳින් සලකන්නට හැදුවත්, ග්‍රින්ච් වෙනස් වෙන්නෙම නෑ. නමුත් මේ නත්තලේ සිද්ධවෙන්නෙ ග්‍රින්ච් හීනෙකින්වත් බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි.. එහෙනම් ඒ කිව්ව ඇතිනෙ. Imdb අගය 6.3ක් ලබාගෙන, Rotten Tomatoes වෙතින් 57%ක අගයක් ලබාගෙන, තවද සම්මාන 12කට නිර්දේශව ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Yarrow Cheney සහ Scott Mosier අතින්.චරිතවලට තම හඬ දායකත්වය ලබාදෙන්නේ : බෙනඩික්ට් කම්බර්බැච් ( ග්‍රින්ච්), කැමරොන් සීලි ( සින්ඩි-ලූ), රශීඩා ජෝන්ස් ( ඩොනා), පැරෙල් විලියම්ස් (කථනය) , ට්‍රිස්ටන් ඔ'හාරේ ( ගෲපර්ට්), කෙනන් තොම්ප්සන් (බ්රික්ල්බම්),සෑම් ලෙවනිනෝ ( ඔසී), රමෝන් හැමිල්ටන් ( ඇක්සල්) ඇතුළු පිරිසක්. අවසනා වශයෙන් කියන්න තියෙන්නෙ මේක ඉලුමිනේෂන් ස්ටුඩියෝවෙ අනිත් චිත්‍රපට වගේම සජීවිකරණය පැත්තෙන් ඉතාම ඉහලින් තියනවා. මගැරගන්න එපා අනිවාර්යයෙන්ම බලන්න ඔබ ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට ලෝලියෙක්නම්. එහෙනම් මම ගිහින් එන්නම් , හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.
උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BLURAY යන පිටපත් ද්විත්වයටම උපසිරැසි ඇතුලත් අතර , වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර ඊට පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ. කරුණාකර තමන් ලබාගත් හෝ තමන් සතුව ඇති පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.
IMDB
Year : 2018
Actors : Benedict Cumberbatch, Cameron Seely, Rashida Jones, Pharrell Williams
A grumpy Grinch plots to ruin Christmas for the village of Whoville.
2021-11-04 11:38 am
- Download : 4690
- File Size : 67.258KB
- Sub Update :2021-01-08
Leave a Reply
Sub Updated List
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 10Chrome 72
bohoma sthuthiyi. Team ekatama subha pathanawa.
Android 8.1Opera 51
elama bro*
Android 9Chrome 76
ගොඩක් ස්තූතියි