Ozark (2017) [S01 : E01] Sinhala Subtitle
ඔබ ටීවී සීරීස් රසිකයෙක් නම් මේ කතාව ගැන හොඳටම අහලා ඇති. මාස ගණනාවක් තිස්සේ IMDB දර්ශකයේ අංක 1 තිබ්බ කතා මාලාවකට තමා මම මේ උපසිරැසි අරන් එන්නේ. 8.4ක IMDB අගයක් මේ කතාමාලාවට ලැබෙන්නේ 150,476ක ඡන්ද ප්‍රමාණයකින්. Rotten Tomatoes අගය මේ කතා මාලාවට 81%ක අගයක් ලබා දෙද්දී ගූගල් පරිශීලකයන්ගේ 93%ක මනාපයක් හිමි වෙලා තියෙනවා. ඉතින් මේ කතාව නරඹන්න කියලා මන් අමුතුවෙන් කියන්න ඕන නෑ නෙවැ. මෙය දැනට කතා මාලා 3ක් නිකුත් වී ඇති අතර නිකුත් වී ඇති සමස්ථ කතාංග ගණන 30ක්.
රංගන දායකත්වය…..
Jason Bateman
Laura Linney
Sofia Hublitz
Skylar Gaertner
Jullia Garner
Lisa Emery
මේක දැනට මොන වගේ කතාවක් ද කියලා මෙහෙම කියන්නම්. මාටි බ්‍රයිඩ් කියලා මූල්‍ය උපදේශකයෙක් ඉන්නවා. මෙයා ඉතින් ඒ ක්ෂේත්‍රයේ වැඩ්ඩෙක්. සල්ලි හම්බ කරන්නේ මූල්‍ය උපදේශනයෙන්ම විතරක් නෙමේ හැබැයි. ඒ මුවාවෙන් මත්ද්‍රව්‍ය වෙළඳාම් කරුවන්ගේ සල්ලි එහෙමත් නැත්නම් අපි කියන කුඩු සල්ලි නැත්නම් කළු සල්ලි සුදු සල්ලි කරනවා / පිරිසිදු කරනවා / නීත්‍යානූකූල කරනවා වගේ වැඩකුත් යටින් කරන් යනවා. ඔහොම ඉතින් වැඩේ කරන් යන අතරේ මෙයා එක්ක වැඩ කරන් අනික් හාදයා මාටි ටත් හොරෙන්ම ලොක්කගෙන්ම සල්ලි හොරකම් කරනවා. ලොක්කා දැනගත්තට පස්සේ ඉතින් ඒක එක ම නස්පැත්තියක්. මෙයාට එයාගේ ජීවිතය බේරගන්න උදව්වක් වෙන්නේ ඕසාර්ක් විල ගැන සල්ලි හොරකම් කරපුම යාලූවා දුන්න අත්පත්‍රිකාව හින්දා. ඕසාර්ක් විල කියන විදියට ගිම්හාන කාලේට සංචාරයන්ගේ පිරෙන ලොකුම වෙරළ තීරයක් තියෙන තැනක්ලු. ඒ හින්දා මේක කළු සල්ලි සුදු කරන්න කියාපු තැනක්. ඉතින් ඒ හින්දම මාටිගේ සහ පවුලේ අයගේ ජීවිතය ඕසාර්ක් විල පැත්තය අරන් යන්න වෙනවා. එතැන් පටන් එයාලට මොනවට මුහුණ දෙයිද කියලා අපි බලමු……….
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරියක් වගේ….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
Thanks Machan <3
💥💥💥💥💥 supiri
Godak sthuthi..Jaya wewa!
supiri. ada thamai banna patan gaththe. season 4 walatath sub denna macho!