පස් මිතුරන්ගේ තුන්වන මෙහෙයුම
Sammo Hung අධ්‍යක්ෂනය කල “ලකී ස්ටාර්ස්” සිනමා ත්‍රිත්වයේ මුල් සිනමා පට දෙක වන Winners and Sinners [1983] සහ My Lucky stars [1985] යන චිත්‍රපට දෙකට මම කලින් උපසිරැසි ලබා දුන්නනෙ. එහි තුන්වන සහ අවසාන ෆිල්ම් එකත් 1985 අගෝස්තු 15 දින හොංකොං රිදී තිරයට මුදාහැරි අතර හො.කො.ඩොලර් 28,911,851 ක ආදායමක් උපයා ගනිමින් හොංකොං බොක්ස් ඔෆීස් ලැයිස්තුවටත් ඇතුල් වෙන්න සමත් වුනා. ඒ තමයි සුපිරි සටන් නලු ජැකී චෑන් රංගනයෙන් දායක වුනු Twinkle Twinkle Lucky Stars. මේකත් පට්ටම පට්ට කොමඩියක්. විනාඩි 90 ක ධාවන කාලයකින් සමන්විත වන අතර Action, Comedy, Drama, Thriller යන වර්ගවලට අයත් වෙනවා. Jackie Chan (මසල්ස්}, Sammo Hung (ෆාස්ට්බග්} ට අමතරව අපි දන්න හඳුනන මුහුණු කීපයක්ම මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්. ඒ දෙන්නගෙ ගජ මිතුරා, Yuen Biao (රිකී), ජනප්‍රිය නලු Andy Lau (මසල්ස්ගේ සහායක), Rasamund Kwan (මිස් වැන්ග්) [Armour of God – 1986, Tiger Cage 2 – 1990], Sibelle Hu (බාබරා) [Dragon Fightr – 1990], ජනප්‍රිය සටන් නිලි Michelle Yeoh (ජූඩෝ උපදේශිකා), Richard Norton (ඝාතකයෙක්) [China O’Brien 1 & 2 – 1988/90], සහ Eric Tsang රවුන්ඩ්හෙඩ් [Hitman – 1998] ඒ අතර ප්‍රධානයි.
චිත්‍රපටයෙ කතාව නම් මුල් චිත්‍රපටවල කතාවට ලොකු සම්බන්ධයක් නෑ. මෙල්වින් නමැති පුද්ගලයෙක් කුලී ඝාතකයන් අතින් මරණයට පත්වෙනවා. ඒ ගැන පරීක්ෂණ කරන බාබරාට දැනගන්න ලැබෙනවා, පොලීසියට අවශ්‍ය වැදගත් විස්තර වගයක් මෙල්වින් විසින් හොංකොංවල චි-චි වැන්ග් නමැති තරුණියකට තැපැල් මගින් යවා ඇති බව. ඝාතකයන්ට පෙර එම ලිපිය ලබාගැනීමට සහ ඇයගේ ජීවිතය ආරක්ෂා කිරීමට බාබරා, අපේ යාලුවන් පස් දෙනා සමග හොංකොං යනවා. මුල් චිත්‍රපටයේ හිටපු පිස්සු කර්ලිත් මෙයාලට එහිදී හම්බවෙනවා. මසල්ස් සහ රිකී දෙන්නත් ඔවුන්ට එහිදී එකතු වෙනවා. ඉතින් ජැකී ප්‍රමුඛ අපේ යාලුවන්ගේ දක්ෂකම් බලන ගමන් හිනාවෙලා ලේ පොඩ්ඩක් පිරිසිදු කරගමු නේද?
ජය වේවා.
QUALITY // 480P – 400MB // 720P – 800MB // 1080P – 1.5GB
SUB FORMAT // SRT // IDX TV
♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣
තෑන්ක්ස් සබ් එකට සහෝ.. ඔයා තනියම හරි මෙහෙම සබ් කරල සයිට් එක ඇදන් යන එකට 🫡🫡🫡
සබ් එකට ස්තුතිය.පුලුවන්නම් Firestarter
2022 ෆිල්ම් එකට සබ් එක දෙන්න.මෙක ස්ටෙෆන් කිං ගෙ නවකතවක් ඇසුරෙන් කරපු ෆිල්ම් එකක්..පුලුවන්නම් සබ් එක දෙන්න :heart::heart:
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ගොඩ කාලෙක ඉදලා බලාගෙන හිටියේ මේකට සබ් දෙනකම්. දිගටම පැරණි චිත්‍රපට සබ් දෙන්න. මේ ෆිල්ම් ටිකටත් පුලුවනි නම් හැකි අයුරින් සබ් දෙන්න. ඔබට ගොඩක් පින් මේ කරන්නා වූ සේවයට.
Snake and Crane Arts of Shaolin – 1978
Dragon Fist – 1979
Kids from Shaolin – 1984
Martial Arts of Shaolin – 1986
Swordsman – 1990
Swordsman II – 1992
The Legend – 1993
The Legend 2 – 1993