• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Abominable (2019) Sinhala Subtitle

Abominable (2019) Sinhala Subtitle

2019/12/06 at 8:04 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ How To Train Your Dragon සිනමා පට පෙල ගෙන ආ ඩ්‍රීම්වර්ක්ස් සහ චින පර්ල් ස්ටුඩියෝස් ආයතනය එකතුවෙන් නිර්මාණය කල ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක උපසිරැසිය. මේ තමයි Abominable (2019) හි සිංහල උපසිරැසිය. ජිල් කල්ටන්ගේ අධ්‍යක්ෂණයෙන් සහ රචනයෙන්ද ටොඩ් විල්ඩර්මන්ගේ සහය අධ්‍යක්ෂණයෙන්ද නිර්මාණය වූ මේ චිත්‍රපටය මේ වනවිට IMDB වෙතින් 7.0ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 80%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 61%ක අගයකුත් ලබාගෙන තිබෙන අතර සම්මාන හතකට නිර්දේශව එයින් එකක් තමන් සතු කරගන්නට සමත්ව තිබෙනවා. Smallfoot (2018) චිත්‍රපටයෙන් ගෙන ආ යෙටී රැල්ලේ තවත් දිගුවක් විදියට මේ චිත්‍රපටය තිරගතවන්නේ එයින් හරියටම වසරකට පසුවයි. Smallfoot චිත්‍රපටයෙන් පසුව යෙටී සත්වයෙකු සහිත තවත් චිත්‍රපටයක් නිකුත්වුණා ඔබට මතක ඇති Missing Link (2019) නමින්. ඉතාම සුන්දර මනබඳින වර්ණවත් සජීවීකරණයන්ගෙන් සමන්විත මේ චිත්‍රපටය ඉතාම මතභේදකාරී එකක් බවටත් පත්වුණා මැලේසියාව සහ වියට්නාමය තුල.ඊට හේතුව තමන් සම්බන්ධවන, මුදල් යොදවන, සෑම හොලිවුඩ් චිත්‍රපටයක්ම පාහේ තම රටේ ප්‍රොපගැන්ඩාවක් කරගන්නට උත්සාහ දරන චීනය මෙහිත් හවුල්කරුවෙක් වීම නිසා. ප්‍රධාන වශයෙන්ම මැලේසියාව සහ වියට්නාමය කෝපගන්වන ආකාරයේ දෙයක් ඔවුන් චිත්‍රපටයට ඇතුලත්කරන්නට වගබලාගෙන තිබෙනවා. මැලේසියාවනම් මෙය තිරගත කරන්නට පෙරම දැක එය ඉවත්කර තිරගත කරන ලෙස නිර්මාණකරුවන්ට දන්වා ඇතත් ඔවුන් එයට එකඟවී නැති නිසා මැලේසියාව තීරණය කර තිබුණා තිරගතකිරීම අත්හිටුවන්නට . වියට්නාමය මෙය දැක තිබෙන්නේ මදක් පමාවී වුවත්, දුටු වහාම ඔවුන් චිත්‍රපටය සිනමාශාලාවලින් ඉවත්කරන්නට කටයුතු යෙදුවා. මෙම ගැටලුවේ වටපිටාව ලිපියට අදාලත්වයක් නැතත් ඔබේ දැනුම උදෙසා මම එය මෙහි සටහන් කරන්නම්.

චීනයේ ඉරි නමයේ සීමාව, ' ගවයාගේ දිව' නොහොත් Nine-Dash-Line

ඔබට පෙනෙනවා ඇති ඉහත සිතියම් කොටසේ ඇති දකුණු චීන මුහුද. එහි රතු පාටින් සලකුණු කර ඇති කොටසටයි ඉරි නමයේ සීමාව නොහොත් ගවයාගේ දිව ලෙස හැඳින්වෙන්නේ.

චිත්‍රපටය තුල එය දැක්වෙන්නේ ඉහත ආකාරයටයි. ඉරි රහිතව සාමාන්‍ය සිතියම් කොටසක් පමණක් එක් කරන්නට හැකියාව තිබියදී නිර්මාණකරුවන් සිතාමතා හෝ නොදැනුවත්ව එසේ කර තිබෙනවා. ඔබට ඉහත රූපයේ දකින්නට හැකියි සුදු පැහැයෙන් ලකුණු කර ඇති ඉරි නමයේ සීමාව. මැලේසියාව වියට්නාමය පමණක් නොව මේ ගැටලුව අදාලවන පිලිපීනය තුල පවා කතාබහක් ඇතිවී තිබෙනවා ඩ්‍රීම්වර්ක්ස් චිත්‍රපට වර්ජනය කරන්නට. දැන් අපි යමු ගැටලුවේ මුලට...

ඉහත අංක 1 රූපයේ සඳහන් දකුණු චීන මුහුදු කලාපය බලවත් රටවල් කීපයක් මැද්දෙන් වැටෙන, ස්වාභාවික සම්පත්වලින් සහ මත්ස්‍ය සම්පතෙන් ගහණ, එසේම උපායමාර්ගිකවද වැදගත් ස්ථානයක් උසුලන්නක්. චීනයේ අදහස තම රට හැමවිටමත් මේ මුහුදු කලාපයෙන් විශාල ප්‍රමාණයක හිමිකරුවන්ව සිටින බවයි. චීනයේ පෙරකී ඉරි නමයේ සීමාව අනුව ගත්කල මුහුදු කලාපයේ ඇති වියට්නාමය, මැලේසියාව, පිලිපීනය වැනි රටවලට හිමිවන්නේ ඉතා පටු මුහුදු තීරයක්. ඉතිහාසය තම මතයට සාක්ෂි දරන බව පවසමින් චීනය ඉහත සිතියම නිකුත්කරන්නේ 1947 වසරේදීයි. එහෙත් වියට්නාමය, පිලිපීනය මැලේසියාව වැනි රටවල් සූදානම් නෑ චීනයේ අත්තනෝමතික මතය පිළිගන්නට.පිලිපීනය මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයට කල පැමිණිල්ලකදීද අවසන් තීන්දුව බවට පත්ව ඇත්තේ චීනය පිලිපීනයේ ස්වෛරී අයිතීන් උල්ලංඝණය කර ඇති බවයි, ඒ 2016 වසරේදී. ඔන්න ඕක තමයි පෙරකී තහනමට මුල්වූ කතාව. දැන් අපි ආයිත් චිත්‍රපටය පැත්තට යමු.

ඉහතදී මෙයට හඬ දායකත්වය පිරිස සම්බන්ධව යමක් කීමට නොහැකිවූ නිසා එය මෙතනින් සටහන් කරන්නම්. ක්ලෝයි බෙනට් ( යී), ඇල්බට් ට්සායි (පෙන්ග්), ටෙන්සිං නෝර්යේ ට්‍රෙනෝර් ( ජින්), ජෝෂප් ඉසෝ ( එවරස්ට්), එඩී ඉසාඩ් (බර්නිෂ්), සාරා පෝල්සන් ( ආචාර්ය. සාරා), ට්සායි චින් ( අත්තම්මා), මිෂෙල් වොන්ග් ( යීගේ මව) වැනි පිරිසක් තමයි හඬ දායකත්වය දක්වන්නෙ. මෙතනින් ටෙන්සිං නෝර්යේ ට්‍රෙනොර් විශේෂයි අනිත් අයට වඩා. ඊට හේතුව එවරස්ට් කන්ද ආශ්‍රිතව තැනුන මේ චිත්‍රපටයට දායක වන්නට අවස්ථාව ලත් ඔහු පවුල් පසුබිමෙන්ද අන් අයට වඩා එවරස්ට් කන්දට සමීපත්වයක් ඉසිලීම. ඔහුගෙ නමින්ම වැටහෙන්න ඇති ගොඩක් අයට, ඔහු තමයි ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි මහතා සමග එවරස්ට් කඳු මුදුනට නැගි පළමුවැන්නා බවට පත් නේපාල ජාතික ටෙන්සිං නෝර්ගේගේ මුණුපුරා. එහෙනම් ඒ ඇතිනෙ දැන් අපි යමු කතාව පැත්තට...

චීනයේ කාර්යබහුල නගරයක තම මවත් මිත්තණියත් සමඟින් වෙසෙන යී නම් නව යොවුන් ගැහැණු ලමයෙකු වටායි මේ කතාව දිවෙන්නේ. තම පියා අහිමි ශෝකයෙන් සිටින ඇය ඒ පාළුව මකාගන්නේ මහන්සි නොබලා යම් යම් සුළු රැකියාවල නිරතවෙමින්. එයින් උපයන සුළු මුදල ඇය ඉතිරිකරන්නේ යම් බලාපොරොත්තුවක්ද සහිතවයි. ඔය අතරේ දිනයක පරීක්ෂණාගාරයකින් පැනයන සත්වයෙක් ඇයට මුණ ගැසෙන අතර මේ හමුවීම ඇයගේත් ඇයගේ මිතුරන් දෙදෙනාගේත් ජීවිතය වෙනස් කරනවා...එතනින් එහාට නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

සියලු තොරතුරු අන්තර්ජාලයෙනි.

උපසිරැසිය BLURAY පිටපත් සඳහා වන අතර පෙර නිකුත්වූ ‍WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත් කර ඇත. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

 

සිංහල උපසිරැසිය ලබා ගන්න 6300
Abominable
  • 3D (bluray)
    1.52 GB
    Download Torrent
  • 720p (bluray)
    864.63 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.52 GB
    Download Torrent
  • 2160p (bluray)
    3.98 GB
    Download Torrent
  • 720p (web)
    862.05 MB
    Download Torrent
  • 1080p (web)
    1.52 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 78

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-12-07 at 10:54 am
    Reply
  • Nimantha Unregistered User
    iOS 11.4UC Browser 11.3

    ස්තුතියි සහෝ… ජය වේවා..!!! ඉල්ලීම: line of duty2019, 10 minite gone2019.

    2019-12-07 at 11:26 am
    Reply
  • Hashan M. Priyadarshana Unregistered User
    unknownOpera Mini 4.4

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. 🙂

    2019-12-07 at 12:26 pm
    Reply
  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-07 at 6:36 pm
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Android 7Chrome 78

    Hasithata animation ekak miss wennema naha ne 😂😂😂😂

    2019-12-07 at 7:52 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7Firefox 71

      කොහොමද, දමිත් 🙂 කොහෙද දෙයියනේ හිටියෙ මෙච්චර කල්?
      😂 ඔව් ඉතිං රූපෙන් වයස ගියාට හිතෙන් තාම පොඩිනෙ අපි, ඒ හින්ද ඇනිමේෂන් වරද්දන්නෙම නෑ.

      2019-12-07 at 8:08 pm
  • Blackhammer Unregistered User
    Android 9Chrome 78

    Thanks Machan ❤️

    2019-12-11 at 11:41 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 66

    බොහොම ස්තූතියි සබ් එකට

    2020-03-12 at 10:02 am
    Reply
  • Pathum Nuwan Unregistered User
    Android 9Chrome 77

    Thanks brother

    2020-03-28 at 4:59 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms