EP : 02 දඩයම ඇරඹුනා…!
සුභ දවසක් ඔක්කොටම..! එහෙනම් මේ අරගෙන එන්නෙ අලුතෙන් උපසිරැසි කරන්න පටන් ගත්තු breathe කතා මාලවෙ 2වෙනි කොටස..
8.5ක Imdb අගයක් හිමි මේ කොටස. නම් කරල තියෙන්නෙ “දඩයම ඇරඹුනා “ යනුවෙනි.. ඔයාල කලින් කොටසෙ දකින්න ඇතිනෙ ඩැනීගෙ පුතාගෙ පෙනහලු වල ක්‍රියාකාරිත්වය අවම මට්ටමක තියෙනව.. ඒ වගේන පෙනහලු බද්ද කරන්න ජොශ්ට ලිස්ට් එකකත් ඉන්න වෙලා තියෙනව… අංක 4 තමයි දැනට ඉන්නෙ.ඉතින් ඒකට දායකයන් හොයන්න ඩැනී හොස්පිටල් එකෙන් ලිස්ට් එක හොරකම් කරනව.. ඊට පස්සෙ එයා මොනා කරයිද..?
එතකොට කබීර් වැඩ කරන්නෙ මත්ද්‍රව්‍ය නිවාරන ඒකකයෙ. එතකොට රියා කියන්නෙ එයාගෙ බිරිද.. එතකොට පේන හැටියට දෙන්නම ඉන්නෙ ශ්‍රෙයා කියන එයාලගෙ දුවව නැතිවුන කනගාටුවෙන්.. ඉතින් පේන විදිහට දෙන්න ඉන්නෙ දෙන්න ගැනම කලකිරීමෙන්.. මාධවන් කියන්නෙ මමත් එච්චර කැමති නලුවෙක් නෙවෙයි ඒත් මෙකෙ ඔහුගෙ රංගනය සුපිරි.. කම්මැලි කමකින් තොරව බලන පුලුවන් කතාවක් කියල දැනටමත් බලපු අය දන්නව ඇති.. නොබලපු අයට කියන්නෙ ඉතින් ඉන්දියාවෙ අනික් බොලඳ කතා වගේ නෙවෙයි මේක සුපිරියක්.. එක කොටසක් බලලම තීරණය කරන්න..
එහෙනම් හමුවෙමු තවත් කොටසකින්.. එතෙක් ඔබට ජය..!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
බොහොම ස්තුතියි සහො..
thanks saho sub ekta supiri kathawak..
බොහොම ස්තුතියි සහො ..
season 2 aketh sub denna