Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • Bumblebee (2018) Sinhala Subtitle

Bumblebee (2018) Sinhala Subtitle

January 18, 2019 Junior Admin

 

ආයුබෝවන් අපේ Subz LK හිත මිතුරන් හැමදෙනෙක්ටම. අද මේ ඔබ හමුවට එන්නෙ මගේ 250වන උපසිරැසියත් අරගෙනයි. ඒ සඳහා අපේ ඇඩ්මින් මඩුල්ල මේ වසරේ බොහෝ දෙනෙක් මගබලාගෙන හිටපු චිත්‍රපටයක උපසිරැසිය මට බාර දුන්නා. ඒ තමයි Transformers චිත්‍රපට මාලාවෙ සය වැන්න නොහොත් Bumblebee (2018). කොහොමහරි 250වන උපසිරැසිය නිමිත්තෙන් මං ගැන මොනවහරි විශේෂයෙන් ලිපියට එකතු කරන්න කියල ඇඩ්මින් මඩුල්ල සුපුරුදු ලෙසම මතක් කරල තියනව වුණත්, මට කියන්න තියන දේවල් මම 50, 100, 150, 200 කඩයිම්වලදි ටික ටික කියල තියන නිසා මම අද ලිපියෙ මේ කොටස වෙන් කරගන්නවා මේ උපසිරැසි ගමනේදී ස්තූති කල යුතු අයව මතක් කරන්න. මුලින්ම මතක් කරන්න ඕනෙ දමිත්වයි, දමිත් තමයි පිටිපස්සට වෙලා හැංගිලා වගේ ඉඳගෙන අඩවියේ ප්‍රධාන කටයුතු කරන්නෙ. පසුගිය දවස්වල කමෙන්ට් නොටිෆිකේෂන් නොලැබීමේ ගැටලුවක් ඇවිත් තිබුණත් සුපුරුදු විදියටම දිනක් දෙකක් ඇතුලත ඒ ගැටලුවත් ඔන්න විසඳල තියනවා. ඒ සියලු දේ වෙනුවෙන් දමිත්ටයි මුල්ම හදපිරි ස්තූතිය. ඊලඟට අපට (කම්මැලි වෙන්නට නොදී) විවිධාකාරයේ චිත්‍රපට සොයා දෙන කවීෂ, කවීෂ නිවාඩු වෙලාවට වැඩට බහින සමීර සහ තවත් නිහඬ ඇඩ්මින්වරයෙක් වන පසිඳුවත් මතක් කරන්නට ඕනෙ. මොකද ප්‍රධාන වශයෙන් මේ බලකායෙ කැපවීම, වෙහෙස උඩ තමයි අඩවිය මේ වගේ සරලව සුන්දරව තියෙන්නෙ. දෙවෙනි හදපිරි ස්තූතිය ඔවුන්ට. ඊලඟට අපේ වෙහෙසට පුංචි හෝ වචනයකින් දිරිගැන්වීමක් ලබාදෙන්නට අමතක නොකරන සබ්ස්. එල්කේ හිතාදර කමෙන්ට් බලකාය. ඔබේ ඒ සහාය අප අඩවියට, ඇඩ්මින් මඩුල්ලට සහ එහි උපසිරැසිකරුවන් වන අපට මහා සවියක්. තුන්වන හදපිරි ස්තූතිය ඒ හැමදෙනාටම. ඒ වගේම තව කියන්න ඕනෙ  රසිකයන්ගෙන් උපසිරැසි ඉල්ලීම් ලැබෙනව නිතරම වගේ. ඒ හැම එකක්ම ලබාදෙන්න කැමති නමුත් ජීවිතේ අනෙකුත් වැඩ රාජකාරි ගොඩක් ඇතුලෙ උපසිරැසිකරණය විනෝදාංශයක් වීම නිසා එයින් වැඩිකොටසක් ඉල්ලීම් ඉටු කරන්න වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. ඒ හේතුවෙන් කාගේ හෝ හිත් රිදවීමක් වෙලා තියනවනම් ඒ ගැනත් සමාවෙන්න ඕනෙ. ආ… තව මතක් කරන්නම ඕනෙ කෙනෙක් ඉන්නවා. ඒ වගේම මේක මට කරන්න තිබුණෙත් මගෙ 50වන උපසිරැසියෙදි, කඩයිම් හතරකදිම  ඔහුව මතක් කරන්නට අමතකවීම ගැන මට තිබෙන්නේ කණගාටුවක්. මේ වටිනා පුද්ගලයා තමයි මා දන්නා පරිදි ඉංග්‍රීසි ගුරුවරයෙකුද වන සුජීව ද සිල්වා මහත්මයා. ඔහුව පෞද්ගලිකව හඳුනාගැනීමේ වාසනාව ලබා නැතත්, ඔහුගේ බ්ලොග් අඩවිය වන ingirisi.blogspot.com වෙතින් මම ගොඩක් නොදන්නා දේ ඉගෙනගෙන තිබෙනවා. කාගේ හෝ ඕපාදූපයක්, අසරණකමක්, නිරුවතක් විකුණා පෙන්වා සිත සතුටු කරගන්නා දෙලොවටම පලක් නැති ගොසිප් අඩවිවලට, ෆේස්බුක් පේජ්වලට පිරිවරෙන් අඩුවක් නැති අවාසනාවන්ත කාල සමයක කිසිවකුගේ අවධානයට ඒතරම් ලක්නොවී සැඟවී සිටින මේ වටිනා බ්ලොග් අඩවිය ඒ අවාසනාවේම අනියම් ගොදුරක් වීමෙන්දෝ දැනට වසර දෙකකින් පමණ යාවත්කාලීන වී නැතත්, සම්ප්‍රදායෙන් පිට සිට ඉංග්‍රීසිය දෙස බලන අයෙක් වන ඔහුගේ ලිපි තුලින් ඉගෙනගන්නට දේ බොහොමයි. ඊටත් වඩා වටිනාම කාරණය ඔහු මේ සියල්ල PDF එකක් ලෙසද ඉතාම වෙහෙස මහන්සිවී එක්රැස් කර තිබීමයි. මීලඟ හදපිරි ස්තූතිය ඔහුට. එහෙනම් ගොඩවෙලා බලන්න එම සුජීව මහතාගේ එම අඩවියටත්. එකතුකරගන්න ජීවිතයට යමක්. ස්තූතියි සියලු දෙනාටම. අපි යමු චිත්‍රපටය පැත්තට.

“ට්‍රාන්ස්ෆෝමර්ස්” කිව්ව ගමන් නොදන්නා කෙනෙක් ඉන්න විදියක් නෑ. මොකද මේ තමන් දකින යාන්ත්‍රික වස්තුවක හැඩය ගත හැකි මේ පිටසක්වල රොබෝ ජීවියා කාටුන්, ක්‍රීඩාභාණ්ඩවලින් පටන්ගෙන සිනමාවටත් එකතුවෙලා දැන් බොහෝ කල් ගෙවිලා. Transformers (2007), Transformers: Revenge of the Fallen (2009), Transformers: Dark of the Moon (2011), Transformers: Age of Extinction (2014), Transformers: The Last Knight (2017) විදියට පැමිණි මේ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට සියල්ලේම අධ්‍යක්ෂවරයා වුණේ මයිකල් බේ. නමුත් මුල් චිත්‍රපටයේ ලද සාර්ථකත්වය ආදායම් අතින් හැරෙන්නට ඉන්පසු චිත්‍රපටවලට ගෙන ඒමට අසමත්වූ ඔහු 2017 වසරේ නිකුත්වූ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට සියල්ලෙන්ම ප්‍රේක්ෂක විචාරක අප්‍රසාදය ඉහලින්ම ලද Transformers: The Last Knight චිත්‍රපටයෙන් පසුව ප්‍රථම වරට අධ්‍යක්ෂක තනතුරෙන් ඉවත්වීමට තීරණය කරනවා මේ Bumblebee (2018) චිත්‍රපටය සඳහා. ඒ වෙනුවට අධ්‍යක්ෂණය සඳහා තෝරාගන්නේ අතිශය ජනප්‍රියත්වයට පත්  Kubo and the Two Strings (2016) සජීවීකරණ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ ට්‍රැවිස් නයිට්ව. එසේම මෙවර පිටපත රචනා කරන්නේ  Christina Hodson. මේ දෙදෙනා එක්ව අපිට සුපුරුදු මයිකල් බේ ක්‍රියාදාම ට්‍රාන්ස්ෆෝමර්ස් වටපිටාව වෙනස්කොට සංවේදී මනුෂ්‍ය-යාන්ත්‍රික බැඳීමක් බවට පත්කර තිබෙනවා මේ චිත්‍රපටයෙන්. ප්‍රධාන චරිතය වන චාලී වොට්සන්ට පණ පොවන හේලී ස්ටේන්ෆීල්ඩ්ද හොඳින්ම පෙන්වා තිබෙනවා චාලී චරිතයට හොඳම සුදුස්සා තමන් බව. චිත්‍රපටයේ කතාව පැත්තෙන් ටිකක් Predictable වැඩිවුණත් මේ වනවිට IMDB අගය 7.3ක්ද, Rotten tomatoes වෙතින් 92%ක්ද, මෙටාක්‍රිටික් වෙතින් 66%ක්ද වශයෙන් ඉහලයැයි කිවහැකි අගයන් ලබාගෙන තියෙන්නෙ ඒ නිසාම වෙන්න ඕනෙ. ඒ වගේම 1980 දශකයේ  අගභාගයේ සිදුවීමක් ලෙස අප ඉදිරියට එන මේ චිත්‍රපටය තුලින් අපි මෙතෙක් කල් දැනසිටි මයිකල් බේගේ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට මාලාවේ බම්බල්බී චරිතයත්, එම ට්‍රාන්ස්ෆෝමර්ස් ටයිම්ලයින් එකත් දැඩි ලෙස වෙනස් වෙනවා. නිර්මාණකරුවන් මෙය 2007 වසරේ මුල් චිත්‍රපටයට පෙර සිදුවීමක් රැගත් චිත්‍රපටයක්  දැක්වුවත්, අර වෙනස්කම් නිසාම මේක රීබූට් එකක් විදියටයි බොහෝ දෙනා දකින්නේ. විශේෂයෙන්ම මේකේ පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනය (දැනට ඇති කැමරා පිටපතේ එය අඩංගු නෑ,මමත් දැක්කෙ අන්තර්ජාලයෙන්) අනුව එහෙමයි හිතන්නෙ. කොහොමහරි  ’80 දශකයේ කතාවක් නිසා අද කාලයේ බොහෝ චිත්‍රපටවලද නොස්ටැල්ජියාවක්ව අප දකින මෙම දශකයේ පොප් සංස්කෘතිය මේ චිත්‍රපටය තුලත් සෑහෙන්න දකින්න තියනවා. කොහොමහරි ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීම් සහ යුග තම කතාවට ඈඳාගනිමින් නිර්මාණය වූ මේ චිත්‍රපට මාලාව ඉතාම සංකීර්ණයි. බම්බල්-බී ඉදිරියෙදි වෙනම ටයිම්ලයින් එකක් හදාගෙන ඉදිරියට යයිද කියල නොදන්නා නමුත්, මම කල්පනා කලා අගමුල පැටලුණු ට්‍රාන්ස්ෆෝමර්ස් ඉතිහාසය කෙටියෙන් අරගෙන එන්න.

(Transformars) සියල්ල ආරම්භවෙන්නෙ ඕල්-ස්පාක් නම් අති පැරණි කියුබයකින්. මෙය ලෝකයන් නිමවා ඒවා ජීවයෙන් පුරවන්නට සමත් විශාල කියුබයක්. කතාවේ ප්‍රධාන කොටස්කරුවන් වන ට්‍රාන්ස්ෆෝමර්ස් නම් දකින ඕනෑම යාන්ත්‍රික වස්තුවක හැඩය ගත හැකි ඔටෝ-බොට්වරුනුත් ඔවුන් වෙසෙන සයිබර්ට්‍රෝන් ග්‍රහලොවත් නිර්මාණය වෙන්නෙ මේ කියුබයෙන් කියලයි චිත්‍රපට මාලාවෙ ආරම්භයේදිම අපට කියන්නෙ. නමුත් අපිට Transformers: Age of Extinction (2014) චිත්‍රපටයෙදි දැනගන්නට ලැබෙනවා එය එසේ නොව ඔවුනුත් සයිබර්ට්‍රෝන් ග්‍රහලොවත් මැවුම්කරුවන්ගේ නිමැවුමක් බවත් මේ කියනා මැවුම්කරුවන් ‘බීජ’ ඉන්දවීම සඳහා වසර මිලියන 65කට පෙර පෘතුවියටද පැමිණ ඇති බවත්. බීජ කිව්වට මේ නිකම්ම බීජ නෙමෙයි ග්‍රහලෝක වෙනස්කම්වලට ලක් කරන බීජ, එසේත් නැත්නම් ස්වභාවික ජීවීන් සියල්ල සයිබර්ට්‍රෝන් ජීවයේ තැනුම් ඒකකවන ‘ට්‍රාන්ස්ෆෝමියම්’ බවට හරවන බීජ. (ක්‍රි:පූ 17,000- Revenge Of The Fallen) ට්‍රාන්ස්ෆෝමර්වරු ජීවත්වෙන්නෙ ‘එනර්ජෝන්’වලින්, ඕල්-ස්පාක් කියුබයට ග්‍රහලෝක සහ ජීවය මවන්නත් මේ ශක්තිය අවශ්‍යයි. මේ එනර්ජෝන් ලබාගන්නේ ස්ටා-හාවෙස්ටර් හරහා සූර්යයන් විනාශ කර එම ශක්තිය උකහා ගනිමින්. සයිබර්ට්‍රෝන්ග්‍රහලොවේ නායකයන්වන ප්‍රයිම්වරුන්ට තිබෙනවා එක නීතියක්, ඒ තමයි ජීවයක් සිටින කිසිදු ග්‍රහලොවක සූර්යයෙක් විනාශ නොකිරීම. නමුත් මේ ප්‍රයිම්වරුන්ගෙන් එක් අයෙක්වන ෆෝලන් මේ නීතිය නොසලකා පෘතුවියට පැමිණ ස්ටා-හාවෙස්ටරයක් ඉදිකරනවා ඊජිප්තුවෙ (ඔව්, පිරමීඩ් තමයි). ඔහුව නවතන්නට අනෙකුත් ප්‍රයිම්වරුන් පැමිණ ඔහුව ට්‍රාන්ස්ෆෝමර්ස් සිරගෙයක සිරගත කරනවා. ඉන්පසු ඔවුන් පෘතුවි ස්ටා-හාවෙස්ටරයේ යතුර වන ‘මෙට්‍රික්ස් ඔෆ් ලීඩර්ෂිප්’ සඟවාදමනවා. මීට වසර දහස් ගණනකට පසුව (ක්‍රි:පූ 17,000-10,000 – Dark of The Moon) ඕල්-ස්පාක් කියුබයේ බලය ක්‍රමයෙන් හීනව යද්දී  සයිබර්ට්‍රෝන් ග්‍රහලොවේ සිවිල් යුද්ධයක් පැතිරයනවා. ඒ ඔප්ටිමස් ප්‍රයිම්ගේ නායකත්වයෙන් යුත් ඔටෝ-බොට්ස්වරුන් සහ ‘ෆෝලන්’ගේ ගෝලයාවන මෙගාට්‍රොන්ගේ නායකත්වයෙන් යුත් ඩිසෙප්ටිකොන්ස්වරු අතර, (Transformers) මේ යුද්ධයේ එක් තැනකදී ඕල්-ස්පාක් කියුබය අභ්‍යවකාශය තුල නැතිව යනවා. (Dark of The Moon) යුද්ධය දරුණුවට ඇදී යද්දී  ඔප්ටිමස්ගේ උපදේශකවරයාවන සෙන්ටිනල් ප්‍රයිම් සයිබර්ට්‍රෝන්වලින් පිටවයනවා ඔටෝ-බොට්වරුන්ට යුද්ධය ජයගැනීමට තරම් තාක්ෂණය රැගත් ‘ආර්ක්’ නම් යානයකින්. එම මෙහෙයුමේ තතු පසුවට.

(Transformers) ක්‍රිස්තු පූර්ව 10,000 පමණ කාලයේ ඕල්-ස්පාක් කියුබය පෘතුවියට ඇද වැටෙනවා. මෙගාට්‍රෝන් කියුබය අයිතිකරගැනීමේ අදහසින් මේ පසුපස විත් පෘතුවියට එන නමුත් ඔහුගේ ගොඩබැසීමනම් සාර්ථක වෙන්නෙ නෑ. ඔහු කෙලින්ම ඇද වැටෙන්නෙ ආක්ටික් වෘත්තයට. ඒකෙන් ඔහුට වෙන්නෙ වසර 12,000කට ආසන්න කාලයක් ශීතලෙන් ගල්ගැසී සිටින්නයි.

(The Last Knight) මේ ක්‍රිස්තු වර්ෂ 484, බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ආතර් රජු සහ වටමේසයේ නයිට්වරුන් සැක්සන්වරුන්ට එරෙහිව අසීරුවෙන් සටන්කරනවා මර්ලින් මන්ත්‍රකරු බ්‍රිතාන්‍ය ජයග්‍රහණයට අවශ්‍ය  ආයුධයක්  රැගෙන එනතෙක්. එය සයිබර්ට්‍රෝනියානු දෙවඟනක් වන ක්වින්ටෙසාගෙන් සොරකම් කල යෂ්ටියක්. මෙය සොරකම් කරන්නේ ක්වින්ටෙසාගේ ආරක්ෂකයන්වන සයිබර්ට්‍රෝනියන් නයිට්වරුන් විසින්. ඒ ක්වින්ටෙසා පෘතුවිය විනාශ කිරීම වැළැක්වීමට. මර්ලින් මන්ත්‍රකරු යෂ්ටිය භාවිතා කර  වටමේස නයිට්වරුන් බලගන්වා සැක්සන්වරු හා සටනින් බ්‍රිතාන්‍යයට ජය ලබාදෙනවා. පසුව මර්ලින් මන්ත්‍රකරුගේ ජාන මේ යෂ්ටියට ඔබ්බවනවා ඔහුගේ පරපුරෙන් පැවතෙන්නෙකුට පමණක් එය අත දැරිය හැකිවන්නට. මේ පරපුර රකින්නට සහ ට්‍රාන්ස්ෆෝමර්ස්වරුන්ව රහසක් කොට තබාගන්නට ආතර් රජුගේ වටමේසයේ නයිට්වරුන් විසින් ‘විට්විකන්ස්’ සංවිධානය. ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජලෝ, ලියනාඩෝ ඩාවින්චි, ලේඛක විලියම් ශේක්ස්පියර් වැනි අය සහ අපට මුල් චිත්‍රපටවලදී හමුවන සෑම් විට්විකිත් (ශයා ලබෞෆ් ) මේ පරපුරේ කොටසක්. දැන් අපි බලමු විට්විකි පවුලේ ඉතිහාසය. (Transformers ) 1897 වසරේදී කීර්තිමත් ගවේෂක කපිතාන් ආචිබොල්ඩ් විට්විකි (සෑම් විට්විකිගේ මී මුත්තා) ආක්ටික් වෘත්තය වෙත ගවේෂණ චාරිකාවක් යනවා. ඔහුට හමුවෙනවා ශීතලෙන් ගල්වී සිටින මෙගාට්‍රොන්ව. ඔහු අතින් අත්වැරදීමකින් මෙගාට්‍රොන්ගේ මගපෙන්වුම් පද්ධතිය ක්‍රියාත්මකවී, ඕල්-ස්පාක් කියුබය ඇති තැන ඔහුගේ ඇස් කණ්ණාඩි වීදුරුවේ සටහන් වනවා.

1913 වසරේදී ‘ෆස්ට් සෙවන්’ කණ්ඩායම ඕල්-ස්පාක් කියුබය සොයාගන්නවා. ඊට වසර 14කට පසුව, 1927දී මේ ‘ෆස්ට් සෙවන් කණ්ඩායම’ පිටසක්වල ජීවීන් අධ්‍යයනය කරන රහස් රාජ්‍ය සංවිධානයක් වන ‘සත්වෙනි අංශය’ බවට පත්වෙනවා. ඉන් වසර 7කට පසු. එනම් 1934 වසරේදී ශීතලෙන් මිදී සිටින මෙගාට්‍රෝන්ව අලුතෙන්ම තැණුනු හූවර් වේල්ලට ගෙන එනවා. වේල්ල තැනීමේ අරමුණ මෙගාට්‍රෝන්වත් ඕල්-ස්පාක් කියුබයවත් ලොවෙන් සැඟවීමයි. (The Last Knight) ඉන් අනතුරුව 1944/1945 දෙවන ලෝක යුධ සමයේ අද අපේ මාතෘකාව වන Bumblebee (2018) චිත්‍රපටයේ කථානායකයා වන ‘බම්බල්-බී’ මිත්‍ර පාක්ෂික හමුදා හා එක්ව හිට්ලර්ගේ නාසි හමුදාවලට එරෙහිව සටන් වදිනවා. ඔන්න දැන් අපි අර කලින් මග නවත්තපු සෙන්ටිනල් ප්‍රයිම්ගේ ‘ආර්ක්’ යානා ගමනෙ කතාව මතුවෙනවා 1961දී (Dark of The Moon). ඒ සෙන්ටිනල් ප්‍රයිම් රැගත් මේ ආර්ක් යානය සඳ මතට කඩාවැටීමත් සමග. එවක ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි වහාම නියෝග කරනවා එම කඩාවැටුණු ස්ථානය විමර්ශණය කරන්නට. එයින් ඇරඹෙනවා රුසියා/ඇමරිකානු අභ්‍යවකාශ තරණ තරඟය. වසර අටකට පසු, එනම් 1969 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය ‘ඇපොලෝ 11’ යානය සඳ මතට ගොඩබස්වනවා. නීල් ආම්ස්ට්‍රෝන් සහ බස් (එඩ්වින්) ඕල්ඩ්‍රින් ‘ආර්ක්’ යානයට නැගී සෙන්ටිනල් ප්‍රයිම්ව සෙවුවත් හමුවෙන්නෙ නෑ, ඊට හේතුව ඔවුන්ට පෙර එම ස්ථානයට පැමිණි ඩිසෙප්ටිකොන්වරුන් ඔහුව සඟවාදැමීමයි. ඉන්පසුව සඳට යන රුසියානුවන් ‘ආර්ක්’ යානයේ ඉන්ධන කෝෂයක් සොයාගන්නට සමත් වෙනවා. ඔවුන් එය පරීක්ෂා කරනවා චර්නොබිල් හීදී. එය වැරදීයාමෙන් ඇතිවන ඛේදවාචකය න්‍යෂ්ටික අනතුරක් ලෙස හඟවා වසා  දැමෙනවා. (Transformers) 2003 වසරේදී ඇමරිකානු නාසා ආයතන රෝවර් යානයක් අඟහරු මත සිට “ස්ටා-ස්ක්‍රීම්’ගේ කෙටි වීඩියෝවක් පෘතුවියට එවනවා. ස්ටා-ස්ක්‍රීම් තමයි මෙගාට්‍රොන්ට පසුව සිටින දෙවැනියට බලතල ඇති ඩිසෙප්ටිකොන්වරයා. ඊට වසර හතරකට පසුව 2007 වසරේදී ඩිසෙප්ටිකොන්වරු ඇමරිකානු බුද්ධි පද්ධතිවලට පහරදෙනවා මෙගාට්‍රොන් සහ ඕල්-ස්පාක් කියුබය ඇති තැන සොයාගැනීමට. ඔවුන් සොයාගන්නවා එම තොරතුරු මෙගාට්‍රොන්ව මුලින්ම සොයාගත් කපිතාන් ආච්බෝල්ඩ් විට්විකිගේ ඇස් කණ්ණාඩියේ ඇති බව. මේ ඇස් කණ්ණාඩිය දැන් තිබෙන්නේ ඔහුගේ මී මුණුපුරා වන සෑම් විට්විකි සතුව. මේ කාලයේම ඔහු ෂෙව්රොලේ කැමාරෝ මෝටර් රථයක් මිලදී ගන්නවා, අන්තිමේ බලද්දී මේ කාරය වෙනින් කවුරුවත් නෙමෙයි බම්බල්-බී. සෑම්වත් ඔහුගේ වෙන්ට-පෙම්වතිය වන මැකෙලා ඩිසෙප්ටිකොන් ප්‍රහාරයකින් බේරාගන්නවා. ඒත් සමගම වාගේ ඔප්ටිමස් ප්‍රයිම් සහ අනෙකුත් ඔටෝ-බොට්වරුන් පෘතුවියට පැමිණ සෑම්ට පවසනවා සයිබර්ට්‍රෝන්හි යුද්ධයත් මෙගාට්‍රොනුත් ඕල්-ස්පාක් කියුබයත් කපිතාන් විට්විකිගේ ඇස් කණ්ණාඩියත් අතර සම්බන්ධය. කණ්ණාඩිය ඩිසෙප්ටිකොන්වරු අතට යාම වැළැක්වීමට එය සෙවීමේදී සෑම්, මැකෙලා සහ බම්බල්-බී තිදෙනා නියෝජිත සිමන්ස් ප්‍රමුඛ ‘සත්වෙනි අංශයෙ’ අත්අඩංගුවට පත්වෙන අතර ඔවුන්ව මෙගාට්‍රෝන් සහ ඕල්-ස්පාක් කියුබය රහසිගතව තබාගෙන සිටින හූවර් වේල්ලට ගෙන යනවා. ඩිසෙප්ටිකොන්වරු වේල්ලට පහරදී එය අඩපණ කරන අතර මෙගාට්‍රෝන් ඒ අවසරයෙන් පැනගන්නවා. කියුබය කුඩාවට හකුලා ගන්නා බම්බල්-බී එය රැගෙන යනවා තම සහෝදර ඔටෝ-බොට්වරුන් හා එක්ව එය ආරක්ෂා කිරීමට. දෙපාර්ශවය සටන්වදින අතරේ සෑම් ඕල්-ස්පාක් කියුබයේ ආධාරයෙන් මෙගාට්‍රොන්ව මරා දමනවා. ජනපති නියෝගයෙන් ‘සත්වෙනි අංශය’ විසුරුවාහැරෙන අතර ඩිසෙප්ටිකොන්වරුන්ගේ සුන්බුන් මහ මුහුදේ ගිල්වාදමනවා. ඔප්ටිමස් විශ්වයේ සැඟවී සිටින තම ඔටෝ-බොට්වරුන්ට දන්වා යවනවා පෘතුවියට පැමිණෙන ලෙස. දැන් අපි එන්නෙ 2009 වසරට (Revenge of The Fallen). රොබෝල වැහිවැහැලැ මේ කාලයේ. ඔටෝ-බොට්වරුනුයි ඇමරිකා හමුදාවයි එක්ව පෘතුවිය මත සිටින ඩිසෙප්ටිකොන්වරුන් දඩයම් කිරීමට NEST නම් අංශයක් පිහිටුවා ගන්නවා. මේ අතරෙදියි ‘ෆෝලන්’ නැවතත් පෘතුවියට එන්නෙ. නිකම් නෙමෙයි කේන්තියෙන්. උසස් අධ්‍යාපනය ලැබීමට පිටව යන්නට ඔන්න මෙන්න තිබියදී සෑම් විට්විකිට ඕල්-ස්පාක් කියුබයේ පතුරක් හමුවෙන අතර පුරාණ සයිබර්ට්‍රෝනියානු දැනුම් සම්භාරයක් ඔහුට එයින් ලැබෙනවා. NEST අංශය සතුවත් මේ කියුබ පතුරක් තිබෙන අතර එය සොරාගන්නා ඩිසෙප්ටිකොන්වරු ඒ මගින් මෙගාට්‍රොන්ට නැවත පණ ලබාදෙනවා. ෆෝලන් ඔහුට කියනවා ඔප්ටිමස් ප්‍රයිම්ව මරා සෑම්ව අල්ලාගන්නා ලෙස. කරගන්න වෙන්නෙ නෑ හැබැයි. සෑම් සහ මැකෙලා නියෝජිත සිමන්ස් සමග ගොස් ගුවන්යානයක වෙස් ගෙන කෞතුකාගාරයක සිටින ජෙට්ෆයර් නම් පැරණි ඩිසෙප්ටිකොන්වරයෙක් හමුවෙනවා. අභ්‍යවකාශ පාලමක් හරහා මේ පිරිසව ඊජිප්තුවට ගෙනයන ඔහු ඔවුන්ට පවසනවා එහි වළලා ඇති ස්ටා-හාවෙස්ටරයේ යතුර වන ‘මෙට්‍රික්ස් ඔෆ් ලීඩර්ෂිපය’ ෆෝලන් විසින් සොයන බව. සෑම් සහ පිරිස එය සොයාගන්නා නමුත් පසුව එය විනාශ වෙනවා. තම ඩිසෙප්ටිකොන්වරුන් සමග එහි ලඟාවන ෆෝලන් සෑම්ව මරාදමනවා. ඉන්පසු සෑම් යනවා සයිබර්ට්‍රෝනියානු මරණින් මතු ලොවට. එහි සිටින ප්‍රයිම්වරුන් ඔහුට පවසනවා මෙට්‍රික්සය ඔහුගේ මනසේ ඇති බවත්, එයින් ඔප්ටිමස්ට නැවත පණ දීම ඔහුගේ ඉරණමේ ලියවී ඇති බව. ඉන් අනතුරුව නැවත පණ ලබන සෑම් මෙට්‍රික්සයේ උදවුවෙන් ඔප්ටිමස්ට පණ ලබාදෙන අතර ඔප්ටිමස් ෆෝලන්ව මරා දමනවා. ඊට වසර දෙකකට පසු (Dark of The Moon), එනම් 2011දී   ඇමරිකානු නාසා ආයතනය දැනගන්නවා රුසියානුවන් සඳ මතට ඇදවැටුණු සෙන්ටිනල් ප්‍රයිම්ගේ ‘ආර්ක්’ යානයේ ඉන්ධන කෝෂයක් චර්නොබිල් වෙත ගෙනගිය බව. ඔප්ටිමස් ප්‍රයිම් සමග එහි යන ඔවුන් අය තමන් අතට ගන්නවා. ඉන්පසුව මේ ඔටෝබොට්වරුන් සඳට ගමන් කරනවා සෙන්ටිනල් ප්‍රයිම්ව සහ ඔහු යානයේ රැගෙන ගිය කාලය හරහා වස්තූන් යැවිය හැකි අභ්‍යවකාශ පාලමක් නැවත ගෙන ඒමට. නමුත් ඒ වනවිටත් සෙන්ටිනල් ප්‍රයිම් ඩිසෙප්ටිකොන්වරු හා එක්වෙලා, ඔහු සැලසුම් කරනවා යුද්ධයෙන් විනාශවූ සයිබර්ට්‍රොන් ග්‍රහලොව අභ්‍යවකාශ පාලම හරහා පෘතුවියට ගෙනවිත් පෘතුවියේ මිනිස් සම්පත් යොදාගෙන එය අලුත්වැඩියා කරගන්නට. සෙන්ටිනල් ඇමරිකානු රජයට බල කරනවා ඔටෝ-බොට්වරුන් පිටුවහල් කරන ලෙස ඔහු පොරොන්දු වෙනවා. එසේ කලහොත්  තමන් සයිබර්ට්‍රොන් ග්‍රහලොව අලුත්වැඩියා කරගෙන කිසිදු හානියක් නොකර පිටව යන බව. එයට එකඟවී ඇමරිකාව ඔටෝ-බොට්වරුන් රොකට්ටුවක පටවා පෘතුවියෙන් පිටමං කරනවා. පසුව මේ රොකට්ටුව ‘ස්ටාස්ක්‍රීම්’ විසින් පුපුරවා හරිනවා. ඉන් අනතුරුව ඩිසෙප්ටිකොන්වරුන් කරන්නේ චිකාගෝව ආක්‍රමණය කිරීමයි. නමුත් පිපිරුමෙන් බේරී නැවත පෘතුවියට එන ඔටෝ-බොට්වරුන් සෙන්ටිනල් සහ මෙගාට්‍රොන් මරාදමා ඩිසෙප්ටිකොන්වරුන් පරාජය කරනවා. එතනින් අවසන් ශයා ලෙබෞෆ් යුගය. දැන් උදාවෙන්නෙ මාක් වොල්බර්ග් යුගය, මේ 2014 වර්ෂය (Age of Extinction). කේඩ් යේගර් (මාක් වොල්බර්ග්) පියෙක්, යකඩ-ලෝලියෙක්, නව නිර්මාණකරුවෙක්. ඔහු අත්හැර දැමූ සිනමා ශාලාවක තිබී ට්‍රක් රථයක් සොයාගන්නා අතර පසුව ඔහු වටහා ගන්නවා මේ ට්‍රාන්ස්ෆොමර්වරයෙක් බව, මේ ට්‍රක් රථය වෙන කවුරුවත් නෙමෙයි ඔප්ටිමස් ප්‍රයිම්. ඔහු සැඟවිලයි ඉන්නෙ CIA සංවිධානයේ ට්‍රාන්ස්ෆෝමර්වරු දඩයම් කිරීමේ රහස් මෙහෙයුම නොහොත් ‘සෙමෙටෙරි වින්ඩ්’ වලට කොටුවීමෙන් පසුව. ‘සෙමෙටෙරි වින්ඩ්’හි ප්‍රධානී හැරල්ඩ් ඇටින්ජර්  සයිබර්ට්‍රෝනියානු කුලී ඝාතකයෙකු වන ‘ලොක්ඩවුන්’ හා එක්ව කටයුතු කරනවා පෘතුවිය මත ඉතිරිව සිටින සියලු ට්‍රාන්ස්ෆෝමර්වරු දඩයම් කිරීමට. ඔවුන් සොයාගන්නවා කේඩ්ගේ ගොවිපොළේ සිටින ඔප්ටිමස්ව. නමුත් ඔහු සමත්වෙනවා බේරී පැනගන්නට. අනෙත් ඔටෝ-බොට්වරුන් හමුවීමෙන් පසු කේඩ් සහ ඔප්ටිමස් වටහාගන්නවා ආරක්ෂක අමාත්‍යාංශ කොන්ත්‍රාත්කාර KSI සමාගම සෙමෙටෙරි වින්ඩ් මෙහෙයුම්වලින් පසු ඉතිරිවන ට්‍රාන්ස්ෆෝමර් සුන්බුන් එකතුකරගන්නා බව. වෙස්වලාගෙන සමාගම තුලට ඇතුල්වන කේඩ් සොයාගන්නවා ඔවුන් ‘ට්‍රාන්ස්ෆෝමියම්’  පිලිබඳ පර්යේෂණ කරන බවත් තමන්ගේම ට්‍රාන්ස්ෆෝමර්වරු නිර්මාණය කරන බවත්. ඔවුන්ගේ මුදුන් මල්කඩ මෙගාට්‍රොන්ගේ ජානවලින් නිමැවූ ‘ ගැල්වට්‍රොන්’ නම් ට්‍රාන්ස්ෆෝමර්වරයෙක්. කේඩ් සහ ඔප්ටිමස් පැනයද්දී ‘ගැල්වට්‍රොන්’ සහ අනෙකුත් KSI ඩ්‍රෝනයන් ඔවුන් පසුපස හඹා යනවා.අවසානයේ ලොක්ඩවුන් පැමිණ ඔප්ටිමස්ව අල්ලාගන්නවා ඔවුන්ගේ මැවුම්කරුට ඔහුව නැවත අවශ්‍ය බව පවසමින්. තමන්ට ඔප්ටිමස්ව අල්ලාගන්නට දුන් සහයට ප්‍රතිඋපකාරයක් ලෙස ලොක්ඩවුන් ඇටින්ජර්ට ‘ට්‍රාන්ස්ෆෝමියම්’ බීජයක් ලබාදෙනවා. සමාගමේ කොටස් විශාල ප්‍රමාණයක් ලබාදෙන පොරොන්දුව මත ඇටින්ජර් මේ ‘ට්‍රාන්ස්ෆෝමියම්’ බීජය KSI සමාගම් ප්‍රධානී ජෝෂුවා ජොයිස්ට  ලබාදෙනවා. ඔහුගේ සැලැස්ම එය කාන්තාරයක සිටුවන්නටයි. මේ අතරේ ලොක්ඩවුන් ඔප්ටිමස්ව තම යානයේ සිරකර තබන නමුත් කේඩ් පැමිණ ඔහුව බේරාගෙන නැවත ඔටෝ-බොට්වරු වෙත රැගෙන යනවා. මේ සියල්ල අතරේ KSI සමාගමේ ‘ගැල්වට්‍රොන්’  එම සමාගමෙන් පැනගොස් ‘ට්‍රාන්ස්ෆෝමියම්’ බීජය සොයනවා එය භාවිතා කර නවතම ඩිසෙප්ටිකොන් හමුදාවක් සෑදීමට. ජොයිස් එය බේරාගැනීමට හොංකොං වෙත ගෙනයන අතර එහිදීද ඔටෝ-බොට්වරුන් සහ ඩිසෙප්ටිකොන්වරු යුධ වදිනවා. අසීරු අවස්ථාවක ඔප්ටිමස් මේ සටනට උසස් සයිබර්ට්‍රෝනියානු රණශූරයන් වන ඩයිනො-බොට්ලා එකතුකරගන්නවා. ඔවුන්ගේත් කේඩ් සහ පවුලේත් උදවු ඇතිව ඔවුන් ඩිසෙප්ටිකොන්වරු පරදවනවා. ඉන්පසු තම මැවුම්කරුවන් සෙවීමට පිටත්වෙන (The Last Knight) ඔප්ටිමස් වසර තුනකට පසු (2017) නැවත තව මව්ග්‍රහලොව වන සයිබර්ට්‍රොන්වෙත එන අතර ඔහුට තම මැවුම්කාරියද හමුවෙනවා. ඒ ක්වින්ටෙසා දෙවඟන. ඇය ඔහුට පවසනවා ඔහු දිවිහිමියෙන් ආරක්ෂා කල පෘතුවිය සැබැවින්ම සයිබර්ට්‍රෝන් නැවත ප්‍රකෘති තත්වයට ගත හැකි තරම් ශක්තියක් ගැබ්වී ඇති ‘යුනික්‍රොන්’ බව. ඔප්ටිමස්ගේ සිත වෙනස් කරන ක්වින්ටෙසා ඔහුට අණ කරනවා  තමාගෙන් සොරකම් කල යෂ්ටිය නැවත තමන් වෙත ගෙන එන ලෙස. ඒ පෘතුවියේ ශක්තිය සයිබර්ට්‍රොන්වෙත ඇදගැනීම සඳහා. ඔප්ටිමස් පිටවයාමෙන් පසු කේඩ් සහ ඔටෝ-බොට්වරුන් සිටින්නෙ සැඟවිලා. ඔය අතරෙදි කඩාවැටුණු ට්‍රාන්ස්ෆෝමර් යානයක සිටි ක්වින්ටෙසාගේ නයිට්වරයෙක් කේඩ්ට හමුවෙනවා. මරණාසන්න මොහොතේදී ඔහු කේඩ්ට ‘ටැලිස්මාන්’ නම් කෞතුක වස්තුවක් ලබාදෙනවා. එය විට්විකන්ස් සංවිධානයේ සාමාජිකයෙකු වන සර් එඩ්මන්ඩ් බර්ටන්ගේත්, ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉතිහාසය පිලිබඳ මහාචාර්යවරියක වන විවියන් වෙම්බ්ලිගේත් අවධානයට ලක්වෙනවා. විවියන් දැනගන්නවා තමන් මර්ලින් මන්ත්‍රකරුගේ පරපුරේ අවසන් පුරුක බව, එනම් ක්වින්ටෙසාගේ යෂ්ටිය අතදැරිය හැක්කේ ඇයට පමණයි. ඔවුන් එය සොයාගත්තත් වැඩිවෙලා එය දරන්නට ලැබෙන්නේ නෑ. ක්වින්ටෙසා සහ ඇය විසින් මේ වනවිට  නෙමසිස් ප්‍රයිම් ලෙස නම්කර සිටින ඔප්ටිමස් ප්‍රයිම් සයිබර්ට්‍රොන් ග්‍රහලොව පෘතුවිය වෙත ගෙනගොස් ප්‍රහාරය අරඹනවා. ඩිසෙප්ටිකොන්වරුන්ගේද උදවු ඇතිව. නෙමසිස් යෂ්ටිය මනුෂ්‍යයන්ගෙන් උදුරාගෙන ක්වින්ටෙසාට ලබාදෙන අතර ඇය පෘතුවියේ නොහොත් යුනික්‍රොන්ගේ ශක්තිය ඇදගැනීම අරඹනවා. නෙමසිස් සහ බම්බල්-බී සටන් වැදුණත් මේ දෙදෙනාගේ කාලයක සිට පවතින බැඳීම නිසාම බම්බල්-බීගේ කටහඬ ඇසුණ විගසම නෙමසිස් නැවතත් ඔප්ටිමස් බවට පත්වෙනවා. සයිබර්ට්‍රොන්හි නයිට්වරු ඔප්ටිමස්ව මරන්නට සැරෙන විටම කේඩ් ‘ටැලිස්මානයත්’ රැගෙන ඔහුගේ ආරක්ෂාවට එනවා. එයින් එය ‘එක්ස්කැලිබර්’ නොහොත් ආතර් රජුගේ අසිපත බවට පත්වන අතර කේඩ් අවසන් නයිට්වරයා බවට පත්වනවා. ඔවුන් ක්වින්ටෙසාගේ යෂ්ටිය නැවත උදුරාගන්නවා. කෙසේ හෝ ක්වින්ටෙසා මියයන බව අප සිතා සිටියත් එය එසේ වන්නේ නෑ. ඔප්ටිමස් නැවතත් විශ්වයේ සිටින සියලු ට්‍රාන්ස්ෆෝමර්වරුන්ට පණිවිඩයක් යවනවා පෘතුවියට පැමිණිය හැකි බව. හරි, ඔය තමයි පෙර ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට පහේ සාරාංශය. බම්බල්-බී මේ ටයිම්ලයින් එකට විවිධ ආකාරයෙන් පරස්පර වුණත් මම මේ ටික ලිව්වෙ වටහාගැනීමේ පහසුව තකා. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම.

BLURAY පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇති අතර WEB-DL පිටපත් සතු අයගේ පහසුව තකා WEB-DL පිටපත්වලට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතුව ඇති පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

විශේෂ :-

  • මෙම ලිපිය මෙම වීඩියෝවේ දළ පරිවර්තනයකි. යම් තොරතුරු වෙනත් අඩවිවලින් උපුටාගත් ඒවාය. 
Direct Download සිංහල උපසිරැසිය හා වීඩියෝ පිටපත ලබා ගන්න
28844 Downloads
වීඩියෝව සූදානම් වෙමින් පවතී...
සිංහල උපසිරැසි සේවාදායකය
Download Links
720P
DIR
1080P
TOR
Available Torrents
720p bluray 972.61 MB
GET
1080p bluray 1.82 GB
GET
2160p bluray 5.66 GB
GET
720p web 973.61 MB
GET
1080p web 1.82 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (83)
← Older
Newer →
  • Dimuthu Unregistered
    Android 6 Chrome 70
    2019-02-11

    Thanks ayya sub ekata.බුදු සරණයි.meka original copy ekak neweine.hoda copy ekak awahamama balanawa.

    Reply
  • Nishantha kumara Unregistered
    Android 6 Samsung Browser 8.2
    2019-02-17

    සුභ පැතුම් ඉදිරියටත් අපට සබ් දෙන්න

    Reply
  • Bathiya Maduwantha User
    Android 8.1 Chrome 68
    2019-02-18

    Film eka baluwa niyama film ekak thanks saho

    Reply
  • Prabhath Unregistered
    Android 5.1 Chrome 72
    2019-02-18

    Godak sathutui.. Oyalage idiri gamanata hadawathinma suba pathanawa.. Niyamai bro..

    Reply
  • Amila Dilshan User
    Windows 10 Chrome 72
    2019-03-07

    thank you for sub

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 72
    2019-03-19

    Please update WEB-DL ……………
    ඔන්න බඩු ආවා……

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.3
      2019-03-20

      Updated 😉

  • කේ.ඩබ්ලිව්.පී.කුශාන්ත Unregistered
    Android 7 Chrome 71
    2019-03-27

    මම දැකපු සුපිරිම සබ්කාරයෙක් තමයි ඔයා… English කියන්නේ ගොඩාක් Flexible Language එකක් ඒක අපේ භාශාවට ගැල්පෙන විදිහට අර්ථයට හානියක් නොවී ඔයා වගේ සබ් කරන කෙනෙක් මේ ක්ශේස්ත්‍රයේ ඉන්න එක ගැන ගොඩාක් සතුටුයි…. 250ට සුභ පැතුම්!

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.3
      2019-03-27

      ඒක එහෙමනම් ගොඩක් සතුටුයි, කුශාන්ත. ඇත්තම කියනවනං English කොච්චර පුළුල්ද කියල මට තේරුනෙත් සබ් කරන්න පටන්ගත්තමයි. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට 🙂

  • Mithun Unregistered
    Android 8 Chrome 73
    2019-04-07

    සයිට් තුනෙන්ම මේ පාර කට්ටිය බලල තියෙනවා වගේ😍.. ඩව්න් තිරුව බැලුවම පෙනව එක. අපහු බැලුව 😍

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1 Vivaldi 2.4
      2019-04-07

      😀 හහ්-හා. ඒකත් එහෙමද? වෙන්න ඕනෙත් ඒක තමයි, මිතුන්. මාත් මේක බැලුවා හරියටම තුන්පාරක්.

    • Mithun Unregistered
      Android 8 Chrome 73
      2019-04-08

      Avengers: Infinity War (2018) එක 42410යි… මගේ අම්මො මට තියෙන ප්‍රස්නෙ එච්චර උන් කොහෙද හැන්ගිල ඉන්නෙ කියල …😁.
      1000ක් කියන්නෙත් පොඩිද… මිනිස්සු නෙ…..

  • dishan Unregistered
    Windows 10 UC Browser 7
    2019-04-27

    thanks machan….suba pethum.jayawewa.

    Reply
  • Kapila Unregistered
    Windows 7 Firefox 66
    2019-04-27

    Tnx bro…

    Reply
  • පීටර් බාත්ලට් Unregistered
    Windows 7 Chrome 73
    2019-04-27

    උණුසුම් සුබ පැතුම් හසිත

    Reply
  • Hasindu Dilmina User
    Windows 10 Chrome 73
    2019-05-03

    tnnx for sub

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip
Update
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated: BRRip
Update
Silent Night (2023) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 119
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Update
Justice League (2017) Sinhala Subtitle
Apr 24, 2026
Update
Aquaman (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Captain Marvel (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Alita: Battle Angel (2019) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved