The K2 [S01 : E03] Sinhala Subtitle
chang-wook ji, yun-ah song, yoona, sung-ha jo
කොහොමද යාලුවනේ.ඔන්න කීව විදිහටම 3 වෙනි කොටසටත් සබ් එක අරන් ආව.හැබැයි සබ් එක ටිකක් පරක්කු උනා ඒකට සමාවෙන්න ඕනෙ.මන් හිතනව සබ් එක හොදට ඇති කියල.සබ් එකේ අවුලක් තියෙනව නම් පල්ලෙන් තියෙන කමෙන්ට් බෝක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න කියල.මන් කට්ටියටම කියනව කතාවත් එක්ක දිගටම ඉන්න කියල.මොකද පලවෙනි දෙවෙනි කොටස්වලින් සමස්ථ කතාව ගැනම තීරණය කරන්න බෑ.ගොඩක් කට්ටිය කියල තිබ්බ කථාව හොදයි කියල.බොහොම ස්තුතියි ඒ ඔක්කොටම.බලපු නැති අයටත් කියනව සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න කියල.හරි එහෙනම් දෙවෙනි කොටස ගැනත් ටිකක් මතක් කරගෙනම අද කථාව පැත්තට හැරෙමු…
කට්ටියටම මතකයිනේ ජනාධිපති අපේක්ෂක ජැන්ගෙ බිරිද චොයි යොන් කිම් ජේ ව අල්ලගන්න කෙනෙක් එව්ව.ඒත් වැඩේ හරි ගියෙ නෑනෙ.ඒ සිද්දිය නිසා කිම් ජේ ට ගොඩක් තරහ යනව.ඊට පස්සෙ ඔහු චොයි යොන් ගෙ නිවසට යනව ඒ වෙලාව චොයි ගෙ ආරක්ෂකයෝ ඔහුව අල්ලගන්නව.චොයි යුන් කියනව ඔහුව ඈතකට ගිහින් දාන්න කියල.ඒත් ඔහු ආරක්ෂකයින්ට පහර දීල පැන ගන්නව.අද කතාවේ කිම් ජේ ආයෙ පාරක් චොයි යොන් ගෙ ගෙදරට ගිහින් ඇයව පැහැර ගන්නව.හරි එහෙනම් අද කථාව ගැන වැඩිය දේවල් කියන්න යන්නෙ නැහැ.
බලමු කිම් ජේ චොයි යුන්ට මොකක් කරයිද?කිම් ජේ ටයි චොයි යුන්ටයි මොකක් වෙයිද?ජැන් සේ ජුන් මොන වගේ පෙරලියක් කරයිද?ඇනාට කිම් ජේ ව හම්බෙයිද?කියල.හරි එහෙනම් මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න අද කථාව බලන්නම වෙනව. ඒ හින්ද අද කථාව බලන්න කියල මන් හැමෝට ආරාධනා කරනව.හරි එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.4 වෙනි කොටසටත් ඉක්මනින්ම සබ් එක අරන් එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්.ජය වේවා!!!
Sub wlta THANKS Dinesh bro ..
E3 donload karanda bane
sub ekada?video file ekada?
sub ekata thanks saho
වීඩියෝ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න බෑනේ
අලුත් කළා ..දැන් බලන්න