Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • N/a Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • N/a Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes N/a Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection N/a Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. TV Shows
  2. Crime
  3. Carnival Row (2019) [S01 : E01]… · S01 E01

Carnival Row (2019) [S01 : E01] Sinhala Subtitle

September 06, 2019 සහන් සුලක්ඛණ | Expert Subtitler
IMDB RATING 8.1
GENRES
CrimeDramaEnglish TV showsfantasyGenresMysteryThrillerTV Shows
CAST

Orlando Bloom, Cara Delevingne, Simon McBurney, Tamzin Merchant

 

!…යම් අඳුරේ දෙවි කෙනෙක් නැගිටීවී…!(18+)

post එක අනිවා කියවන්න!

 

කොහොමද ඉතින් කට්ටියටම. ඔන්න සෑහෙන්න ප්‍රේක්ෂක ඔයාලගේ ඉල්ලීම මත අපි හිතුවා මේ කතාව ඔයාලට ලබා දෙන්න ඕනේ කියලා. ඉතින් The Tick, Hanna, Breath, The Boys යන Amazon Prime කතා වලට පස්සේ මේ අලුතෙන්ම ගෙන එන්නේ Carnival Row කියන  Amazon Prime ලා කරපු කතාවයි. මේක අපේ 5 වෙනි කතාව අපි ඔයාලට sub අරගෙන එන Amazon Prime ලාගේ කතා අතුරින්. ඉතින් තරහ නැතුව මම ඔයාලගෙන් ඉල්ලනවා අනිවා මේ දැන් දාන දිග post එක කියවන්න කියලා නැත්නම් ඔයාලට මේ කතාව තේරෙන්නේ නැති නිසා.

මේක ආවේ 2019 අගෝස්තු 30 වෙනිදා. ඉතින් ආපු වෙලාවේ ඉඳලා කට්ටිය සෑහෙන දෙනෙක් මේකට sub කරන්න කියලා අපෙන් ඉල්ලලා තිබ්බා. ඒ වගේම කියන්න ඕනේ අපිට මේ කතාව කරන්නත් The boys එකේ sub කරන්න ගියපු කාලයක් වගේ යයි කියලා. මොකද sub කරන කට්ටිය සෑහෙන්න කාර්යබහුල නිසා. උපරිම සති දෙකකින් සියලුම එපි වල sub දෙන්න පුළුවන් කියලා කියනවා. පුළුවන් වුනොත් ඊටත් වඩා ඉක්මනට දෙන්න අපි කටයුතු කරනවා. ඉතින් මේ පලවෙනි එපියේ නම තමයි Some Dark God Wakes කියන එක. ඒ වගේම මේකේ imdb අගය 7.4 වගේ ඉහල අගයක් ගන්න මේ එපිය සමත් වෙලා තියනවා.(මුලින්ම කතාව ගැන බාහිර දේවල් කියලා අභ්‍යන්තර ඒවාට පස්සේ යන්නම් මොකද මේ කතාව ගැන තොරතුරු ටිකක් එක්කම ඔයාලට ලබා දීම සඳහා.)

ඒ වගේම මේ කතාව ඇවිත් දවස් 7 කින් 8,200 වගේ පිරිසකගේ ඡන්දයෙන් imdb මීටරේ 8.1 කරකවන්න සමත් වෙලා තියනවා. ඒ වගේම කුණු තක්කාලි දර්ශකයේ 54% අගයකුත් google පරිශීලකයින්ගෙන් 94% ප්‍රසාදයකුත් දිනා ගන්න මේ කතාව සමත් වෙලා තියනවා. ඒ වගේම මේකේ trailer එක මේ වෙනකොට මිලියන 5 කටත් වඩා කට්ටියක් බලලා තියනවා. වැඩේ කියන්නේ මේකේ පලවෙනි season 1 එන්නත් කලින් ඉඳලම ඒ කියන්නේ ජුලි වල මේ කතාව season 2 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඉතින් හිතා ගන්නකො කතාවේ තරම.

මේ කතාව ඇමරිකානු  neo-noir ෆැන්ටසි වෙබ් සීරිස් එකක්. මේකේ වර්ගීකරණය විදිහට බැලුවොත් Crime, Drama, Fantasy, Mystery, Thriller යන ඒවාට මේක අයත් වෙනවා. මේ කතාව තමයි එදා මෙදා තුර Amazon Prime ලා වැඩියෙන්ම වියදම් කරලා නිර්මාණය කරපු ෆැන්ටසි කතා මාලාව. බලමුකෝ ඉදිරියේ එන්න නියමිත lord of the rings කතා මාලාව මේක පරාද කරයිද කියලා.

මුලින්ම කියන්න ඕනේ මේ කතාව හරිම තේරුම් ගන්න අමාරුම කතාවක්. බොරු කියන්න ඕනේ නැහැ පලවෙනි එපියෙන් මේ කතාව ඔයාට එපා වෙන්නත් පුළුවන්. ඒත් මම කියනවා දෙවෙනි එක නිකමට බලන්න කියලා, අන්න එතකොට ඔයාලා කුඩු ගැහුව්වා වගේ මේ කතාව බලන්න පටන් ගනියි. මේ කතාව තේරුම් ගන්න අමාරුම තමයි මේක කොමික් එකක් හරි නවකතාවක් හරි පාදක කර ගෙන හදපු කතාවක් නොවෙන එක. ඒක නිසා මේකේ අපිට තියන ගැටළු සහගත තැන් හොයා ගන්න විදිහක් නැහැ. ඉතින් ඒකම තමයි මම මේ දිග ලිපිය ලියන්නත් හේතුව. A Killing on Carnival Row කියලා තමයි මේ කතාවේ තිර පිටපතේ නම සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ තිර පිටපත හදලා තියෙන්නේ Travis Beacham විසින්.

René Echevarria සහ Travis Beacham විසින් තමයි මේකේ අධ්‍යක්ෂණය කටයුතු සහ නිර්මාණ කටයුතු කරලා තියෙන්නේ. මේකේ එපියක් පැයක් විතර දිගයි,ඒ වගේම දැනට ඇවිත් තියෙන්නේ episode 8 යි. ඉතින් ඔයාලට එක දිගට බලන්න පුළුවන් වෙයි. ඒ වගේම මේක පටි ගත කරලා තියන්නේ  Prague, Czech Republic(මේක යුරෝපයේ තියන ඔස්ටියාවට කිට්ටු රටක්) යන රටවල් වල. නිෂ්පාදන ආයතන ලෙස  Amazon Studios, Legendary Television, Stillking Films යන ආයතන දක්වන්න පුලුවන්. බාහිර තොරතුරු ගැන ඇති නේද යමු එහෙනම් කතාවේ අභ්‍යන්තර පැත්තට.

කලින්ම මම කිව්වනේ මේක අමුතු ජාතියේ ෆැන්ටසි කතාවක් කියලා. මේකේ තියන අමුතු ජාතියේ වචන සමහර ඒවා තේරෙන්නේ නැහැ කියලා බැනලා දාපු අවස්ථා ඕනා තරම් internet එකේ තියනවා. ඒත් කතාවට නම් කවුරුත් බැනලා නැහැ මොකද මේක ඒ තරම් ලස්සනයි. මම කියනවා මේ අවුරුද්දේ ආපු හොඳම රංගන පිරිසක් සිටින කතාවක් කියලා මොකද මේ කතාව මම පෞද්ගලික විදිහට ගත්තොත් මගේ හදවතට දැනිච්ච් සහ ඇත්තටම ඇස් වලින් කඳුළු ආව කතාවක්. එච්චරටම මේ කතාවේ නළු නිලියන් මේක වෙනුවෙන්ම රඟ පාලා තියනවා. ඒ වගේම පසුබිම් ගායනා, music  නිසා අපිව කතාව ඇතුලට ගෙනියනවා. ඒ සංගීතයත් අපේ හදවතට සෑහෙන්න ලෙස දැනෙනවා. විශේෂයෙන්ම පස්වෙනි එපියෙදී. ළඟදීම ඔක්කොම ලැබෙයි, ඔයාලත් බලන්නකෝ හිමීට හිමීට.

හිතන්න අපේ ලෝකය වගේම තවත් ලෝකයක් තියනවා කියලා. මේකත් හදලා තියෙන්නේ නිකන් got එකේ විදිහටම වගේ ආකාරයකට. මේ ලෝකයේ ඉන්නවා ග්‍රීක මිත්‍යා සත්තුන්, මායාකරියෝ, විවිධ පේන කියන කට්ටිය, ලස්සන සුරංගනාවියෝ වගේ කට්ටිය, හැමෝම. ඒ වගේම තමයි මේ ලෝකයේ හැටියට මේ කතාව දිව යන්නේ 7 වෙනි ශතවර්ෂයේ. අපේ ඇත්ත ලෝකයේ කාලයෙන් ගත්තොත් 1700-1800 වගේ කාලයක් අතර තුර වගේ තමයි අපිට පේන්නේ.

මේ කතාව දිව යන්නේ ටර්නනොක් සහ බර්ග් කියන භූමියන් අතර. ටර්නනොක් කියන්නේ මේ මායාවී ජනතාව, නැත්නම් මේ මිත්‍යා සත්ත්වයන්ගේ නිජ භූමිය. එකේ තියන අනූන් කියන ප්‍රදේශයේ තමයි අපේ ප්රාධාන නිළිය නැත්නම් ප්‍රධාන ගැහැණු චරිතය ජීවත් වුණේ. එතකොට මොකක්ද මේ බර්ග් කියන්නේ.බර්ග් කියන්නේ මිනිස්සු ඉන්න එක්තරා ප්‍රදේශයක් නැත්නම් රටක්. ඒක හඳුන්වන්නේ බර්ග් ජනරජය කියලා. හිතා ගන්න මේ පැරණි එංගලන්තය කියලා. එතකොට හරි. මෙහෙ ප්‍රධානියා තමයි චාන්සලර්වරයා (මේක පැරණි යුරෝපයේ රටේ ප්‍රධානියාව හැඳින්වීම සඳහා භාවිතා කෙරුණු නාමයක්). මෙයත් හරියට පත්වෙන්නේ එංගලන්තියේ අගමැති පත්වෙන විදිහට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන්. හැබැයි මේකේ තියෙන්නේ පාර්ලිමේන්තුවක් නවෙයි නිකන් කොංග්‍රස් එකක් වගේ සභාවක්. ඒ වගේම මේකේ පක්ෂ දෙකකුත් ඉන්නවා, දන්නවනේ මේකෙත් පොඩි පොඩි කොටස් යනවා දේශපාලනය ගැන, පොඩි කිව්වට පොඩිමත් නැහැ,සැලකිය යුතු මට්ටමකින් තියනවා ඒක ගැනත්.

කතාවේ පෙන්වන්නේ මෙන්න මේ සිදුවීම් මාලාවෙන් පස්සේ කොටස තමයි. (පලවෙනි එපියේ මේ ටික english වලින් යනවා, හැමෝටම තේරෙන් විදිහට ඒ කොටස මම මෙතනින්  සිංහලෙන් දාන්නම්.

“යුගයන් ගණනාවකට කලින්  මායාවී ජනතාවගේ නිජභූමිය වන ටර්නනොක්  මිත්‍යාවක් සහ පුරාවෘතයක් විදිහට පැවතුණා.පසුව රාජධානි, රටවල්, මිනිසුන් බිහිවී ඔවුන් දියුණු වුණාට පසුව ඔවුන් පොහොසත් වෙන්න ක්‍රම සේව්වා. එම කාරණය නිසා යුද්ධ කියන දේ ඇති වුණා. ඉතින් මේ මිත්‍යාවක් විදිහට තිබුණ මේ භූමිය පිටත ලෝකයට විවෘත වුණා. ඉතින් ඒ මිනිසුන් අතරින් ගිවිසුම නමැති  පිරිස මේ මායාවී ජනතාවව දඩයම් කරන්න, වහලුන් බවට පත් කර ගන්න පටන් ගත්තා. වර්තමාන කාලයෙන් අවුරුදු 7 කලින් බර්ගිෂ් මිනිස්සු මේ මායාවී ජනතාවට යුද්ධය දිනන්න උදව් වුණු අතර පසුව එයාලව අතහැරලා දැම්මා එවකට සිටි ප්‍රබල ආණ්ඩුව විසින් බර්ග් ජනරජයේ. ඉතින් ඒ හේතුව නිසා මේ මායාවී ජනතාව සෑහෙන්න මිය ගියා. දැන්  මේ නිජ භූමිය මායාවී ජනතාවට අපායක් බඳුය. එයින් ගැලවීම ඔවුන්ගේ එකම පරමාර්ථයයි.”

 මේ තියෙන්නේ මේ කතාවේ සිතියම.

ඔන්න ඔය ටිකෙන් පස්සේ තමයි අපේ කතාව පටන් ගන්නේ.

ඔන්න ඉතින් අපිට ප්‍රශ්නයක් එනවනේ මේ carnival row කියන්නේ මොකක්ද කියලා. මේ කර්නිවල් රෝ එක තියෙන්නේ බර්ග් වල කුඩා කොටසක. ඒ කොටසට තමයි මේ නම කියන්නේ. මේ කොටසේ ජීවත් වෙන්නේ මායාවී මිනිස්සු. හැබැයි බර්ගිෂ් ලා එයාලාට කැමති නැහැ.මොකද ඒ එයාලට වඩා වෙනස් අය නිසා. උඩ කිව්වා වගේ ගිවිසුමෙන් මෙයාලව මරණ නිසා බර්ගිෂ්ලගේ අලුත් ආණ්ඩුවට සිද්ද වුණා මෙයාලට ඉන්න තැනක් නැත්නම් සරණාගතයින්ට ඉන්න තැනක් දෙන්න, අන්නේ ඒ කොටස තමයි මේ කර්නිවල් රෝ කියන්නේ.පලවෙනි කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක නිසා බර්ගිෂ් මිනිස්සුන්ට දැන් වෙලා තියන දේ. මොකද රස්සා කියන දේවල් අඩු නිසා, මේ මායාවී ජනතාව අඩු වැටුපට හොඳ සේවයක් ලබා දෙනවා.ඔන්න ඔය වගේ දේවල් එහෙම හොඳට දැන ගන්න පුළුවන්.

එහෙනම් අපි යමු මේකේ ඉන්න කට්ටිය ගැන එහෙම දැන ගන්න. මුලින්ම මේ මායාවී ජනතාව මිනිස්සු වගේ අය ගැන කියලා පස්සේ නළු නිලියන් සහ එයාලා රඟ පාන චරිත ගැන කියන්නම්. මම මේ භාවිතා කරන සිංහල වචන ගැන අන්තිමට දාන්නම් හොඳේ.

1.Faeries (“Pix”)

මෙයාලා සුරංගනාවියෝ වගේ, ඒ වුනත් කතාවේදී මෙයාලව හඳුන්වන්නේ පික්ස් කියලා. ඒ කියන්නේ Pixie කියන නම කොට කරලා. සුරංගනාවියෝ ගණයටම තමයි මේ පිකිසීස් කියන අය අයිති වෙන්නේ. මිත්‍යාවන් අනුව මේ කාණ්ඩයටම elf සහ spirit කියන අයවත් ඇතුලත් වෙනවා. මිත්‍යාවන් අනුව මීයලට කෙනෙකුගේ ප්‍රර්ත්නාවන් ඉෂ්ට කරන්න, සහ විවිධා කාර වූ විශේෂ බලයන්ගෙන් යුකතයි. ඒ වුනත් කතාවේ එහෙම නැහැ. හැබැයි විශේෂ පික්සීස් ලා ඉන්නවා. ඔයාලට දැක ගන්න පුළුවන්, විවිධ දර්ශන අනාගතය පේන කට්ටිය වගේ. ඒ වගේම මෙයාලට තියෙන්නේ දිග ලස්සන පිහාටු. පියාඹන්න පුළුවන් එක තමයි මේකෙදී එයාලා මේ කට්ටියගෙන් ප්‍රධානම ලෙස පේනවලා තියෙන්නේ.

2.Faun (“Pucks”)

මෙයාලා භාගයක් එළුවෙක් භාගයක් මිනිහෙක් වගේ. ඔයාලා narnia බැලුවා නම් හොඳට මේ වගේ කට්ටියව බලා ගන්න පුළුවන්. කතාවේදී මෙයාලට කියන්නේ pucks කියලා. මිත්‍යා වලට අනුව මෙයාට හින් දුවන්න පුළුවන්, ඒ වගේම සාමාන්‍ය මිනිහෙක්ට වඩා ශක්තිමත්. කතාවේදීත් එහෙම තමා.

 

3.Centaurs

මෙයාලට නම් කතා කරන්නේ සේනටර් කියලම තමා. ඒ වුනත් මෙයාවල විශේෂ කරලා කතාව තුලදී පෙන්වනවා අඩුයි. ඉන්නවත් ඇති. මෙයාලා භාගයක් අශ්වයෙක් භාගයක් මිනිහෙක්ගේ වගේ උඩ එක්කෙනා සහ මෙයාලා දෙන්නම් narnia, harry potter සහ percy jakson වගේ කතාවල හොඳට බලා ගන්න පුළුවන්. මොකද මමත් තාම කතාව හරියටම බලලා නැති නිසා.

 

4.Werewolves (“Marrok”)

මිනිස් වෘකයෝ ගැන දන්නවා එහෙම ඇති නේ. මෙයාලව පලවෙනි එකේ සුළු වෙලාවකට දැක ගන්න පුළුවන්. මුලින්ම බල්ලෝ වගේ කට්ටියක් දුවගෙන් එයි.ඒ තමයි එයාලා. මෙයාලා හඳ අනුව වෙනස් වෙන කට්ටියක් නම් නෙවෙයි. මේකේ පෙන්වනවා මෙයාලා යම් එන්නතක් මාර්ගයෙන් තමයි වෙනස් වෙන්නේ කියලා.

එහෙනම් අපි යමු අපේ නළු නිලියන්ව එහෙම හඳුනා ගන්න.එයාලා බොහොම ප්‍රසිද්ධ නළු නිලියන්.

  • Orlando Bloom – ඉන්ස්පෙක්ටර් රයික්රෝෆ්ට් ෆිලොස්ට්‍රෙට්
  • Cara Delevingne – වින්යැට් ස්ටෝන්මාස්
  • Simon McBurney – රන්යෑන් මිල්වර්ති
  • Tamzin Merchant – ඉමොජින් ස්පර්න්රෝස්
  • David Gyasi – ඇග්රස් ඇස්ට්‍රේයෝන්
  • Andrew Gower – එස්රා ස්පර්න්රෝස්
  • Karla Crome – ටර්මලීන් ලරූ
  • Arty Froushan – ජෝනා බ්රේක්ස්පියර් (චාන්සලර්ගේ පුතා)
  • Indira Varma – පෙටී බ්රේක්ස්පියර් (එයාගේ නෝනා)
  • Jared Harris – ඇබ්සලොම් බ්රෙක්ස්පියර් (චාන්සලර්)
  • Jamie Harris – සාර්ජන්ට් ඩොම්බි

වැඩිය මෙයාලා රඟපාපු කතා ෆිල්ම් ගැන කියන්නේ යන්නේ නැහැ, type කරලා එපා වෙලා නිසා ඕනේ නම් imdb එකේ ඇති ගොහින් බලන්න හොඳේ.

මේ කතාව මිනිස්සුන්ගේ හැඟීම් එලියට මතු කර ගන්න, මිනිස්සුන්ගේ අතර තියන වර්ගවාදය වගේ දේවල් හොඳට ප්‍රධාන ලෙස මතු කරලා පෙන්වනවා. ඒ වගේම දේශපාලනයේ කුහකත්වය, ආදරයේ සිත් බිඳීම්, සතුටු වීම් සහ සංසර්ගයේ යෙදීම් පවා නියමාකාරයෙන් ඉදිරිපත් කිරීම නිසාමද කොහොදේ මේ කතාව ෆැන්ටසියක් වුනත් අපේ ජීවිතයට ලඟයි වගේ තේරෙනවා, ඒ ඇයි කියලා තේරෙන්නේ නැහැ, තමන්ගේ පුතාව දුරින් ඉඳන් රැක බලා ගත් මවක්, සැමියා අහිමි වුණු බිරිඳ හොඳ පිරිමියෙක්ට ලං වෙන්න ගියත් ඔහු ඊට කැමති නැති වීම්, රහස් හරියට අපේ ජීවිත තුඅල් පවත්නා නැත්නම් මේ මනුෂ්‍යා කියන කෙනා තුල ඇති වන්නා වූ හැඟීම් නමැති සමුදාය සිධාන්තයක් වශයෙන් අරගෙන මේ කරලා තියන නිර්මාණය සහ, දුෂ්ටත්වයේ උපරිමයත් ඒ ආකාරයෙන්ම නිරූපණය කරන මෙය නරඹන්නන කියලා මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මේක සෑහෙන්න ගැඹුරු කතාවක්. ඉතින් සිනමා විචාරකයිනි මේ ඔබටයි මේ කතාව ඔබේ අදහස් ඉදිරිපත් කරන්න මේ කතාව ගැන යට comment section එකේ.

විශේෂ – 

  • Critch (ක්‍රිච්ලා) – ඔයාලට මේ නම මේ කතාවේ සෑහෙන්න අහන්න ලැබෙයි. මේ ක්‍රිච්ලා කියන්නේ මේ මායාවී ජනතාවටම තමයි. මේකෙන් අදහස් වෙන්නේ කොලනියක් ආකාරයට හැඩගැසුණු ජරා අපවිත්‍ර හිඟන ජනතාව යන එකයි. ඒ වගේම අදහස් කරනවා මෙයාලව කොන් කරපු වහල්කමට යොදා ගන්නා කට්ටියක් කියලා. එහෙම කියන්නේ මේ කතාවේ ඉන්න මේ මායාවී ජනතාවට ආස නැති බර්ගිෂ් මිනිස්සු.

එහෙනම් කට්ටිය මම යනවා. ඊලඟ කොටසත් අරං එන්නේ මම ම තමා, පොඩ්ඩක් පරක්කු වෙයි. මේ පොස්ට් එක ලියන්න දෙවෙනි sub එක හදන්න යන්න තිබ්බ කාලයෙන් පැය 3 හමාරක් විතර ගියා.  සමාවෙන්න ඒකට. අනිත් කොටස ඉරිදට වගේ දෙන්න හැකිතාක් මම උත්සහ කරනවා.අ එහෙනම් නැවත ඊලඟ කොටසින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම ජය වේවා!

ඔයාගේ තේරුම් ගැනීමට වඩා වැඩි දෙයක් මෙහෙ තියනවා.

ඒ වගේම ඔයා පොඩි වෙලාවකට ආපහු ඔයාගේ ජීවිතයට ගියොත්….

……සෑහෙන්න විශ්වාසයකින් කියන්න පුළුවන් ඔයාට අයිති මේ ලෝකයට…..

…..අඳුරු දෙවි කෙනෙක් නැගිටිනවා කියලා.

 

සහන් සුලක්ඛණ
සහන් සුලක්ඛණ Translator
4 Movies
73 TV Series
77 Total
SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
6097 වාරයක්
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Carnival Row S01E06 REPACK 480p x264-mSD EZTV
E6 358M
GET
Carnival Row S01E06 REPACK 720p WEBRip x264-SKGTV EZTV
E6 727M
GET
Carnival Row S01E01 480p x264-mSD EZTV
E1 481M
GET
Carnival Row (2019) Sub Collection
Season 01 · Episodes
S01E01S01E02S01E03S01E04S01E05S01E06S01E07S01E08
Discussion (32)
Newer →
  • SACHINTHA Unregistered
    Android 9 UC Browser 12.12
    2019-09-06

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
    • ashan lankanath Unregistered
      Android 5.1 Samsung Browser 3.5
      2019-09-06

      Thanks …………..good luck ……………

    • wishmika Unregistered
      Android 7.1 Chrome 74
      2019-09-09

      E sub walata tnq bn… eth ikmnt anith sub tikath diylkoo… ntnm පළවෙනි kotasath amtka wei😘

    • Miliya Unregistered
      Android 8 Chrome 76
      2019-09-11

      Download karanna bane vedio eka

  • Madhawa Unregistered
    Android 8 Chrome 73
    2019-09-06

    සුපිරි ම වැඩක් දිගටම කරමු . ජය වේවා.

    Reply
  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Opera 62
    2019-09-06

    sub එකලට ස්තුතියි වගේම ලිපියටත් ගොඩක් ස්තුතියි.

    Reply
  • Launister Unregistered
    iOS 11.4 Safari Mobile 11
    2019-09-06

    එල බ්‍රෝ.මොනවා උනත් 13 reasons එකටත් සබ් දියන්.

    Reply
  • upul kumara Unregistered
    Windows 7 Chrome 76
    2019-09-06

    සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Denuwan121 User
    Windows 8.1 Chrome 76
    2019-09-06

    thanks for sub

    Reply
  • Vihanga Sathsara User
    Windows 10 Chrome 76
    2019-09-07

    thankss machan digatama demu

    Reply
  • Chanaka Unregistered
    Android 9 Samsung Browser 9.4
    2019-09-07

    දැනුයි මේක බලන්න හදන්නේ… තැන්කු මචං සබට….

    Reply
  • Subhash Unregistered
    Android 8.1 Chrome 75
    2019-09-07

    සුපිරිම වැඩක් මචන්

    Reply
  • Shashika Unregistered
    Android 6 Chrome 76
    2019-09-07

    Ela ela.mekata kawru hari sub karanakam balagena hitiye thanks mcn

    Reply
  • Dilshan Unregistered
    Android 9 Chrome 76
    2019-09-07

    ෆට්ට දිගටම කරන්න සුබ පතනවා😍😍

    Reply
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 76
    2019-09-07

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 718
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 200
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved