Carnival Row (2019) [S01 : E02] Sinhala Subtitle
!…ඈශ්ලින්ග්…!(18+)
කොහොමද හැමෝටම, ඔන්න මම කාර්නිවල් රෝ එකේ දෙවෙනි එපියත් ඉක්මනට අරං ආවා. ඉතින් මේ කොටස නම් වෙන්නේ Aisling කියලා. ඒ කවුද එයාව ඇයි පෙන්නුවේ කියන එක ඔයාලට මේ කොටස හා ඉදිරි කොටසකදී බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ කොටසට ලබා ගෙන ඇති imdb අගය 7.5 ක්.
ඉතින් පලවෙනි කොටසින් මතක ඇතිනේ අපේ වින්යැට් නොහොත් ප්‍රාධාන නිළි චරිතය ගැන සහ අපේ ඉන්ස්පෙක්ටර් මහත්තයා ගැන. පේන විදිහට දෙන්නා ආදරවන්තයෝ වගේ නේද? ඒත් ඉතින් කෙල්ල හිතාගෙන ඉන්නේ මූ මැරිලා කියලා. ඉතින් වින්යැට් වැඩ කරලා හම්ඹ කරපු සල්ලි වලින් බෝට්ටුවක් අරගෙන ඇවිල්ලා ටර්නනොක් වල අනූන් වල හිටපු කට්ටියක්ව බේරා ගෙන එනකොට භාගයක් එහෙදීම මැරෙනවා, අනික් අයව කුණාටුවට අහු වෙලා මැරෙනවා. ඉතින් එයා විතරයි ඒකෙන් බේරෙන්නේ. ගිවිසුමේ අය කිසිම හිතක් පපුවක් නැති විදිහට් වෙඩි තියනවා නේද? කොහොමෙන් හරි කෙල්ල පොලිසියට අරං ඇවිත් එයා කොන්ත්‍රාත්තුව අත්සන් කරපු අයට භාර දෙනවා. ඊට පස්සේ අපේ ස්පර්න්රෝස් මහත්තයා එයාව තමන්ගේ සහෝදරියගේ අත් වැඩකාරියව කරනවා. ඒ වගේම වින්යැට්ගේ හොඳ යාලුවෙක් වෙන ටර්මලීන්ව හම්ඹ වෙන හැටි සහ ෆයිලෝ ඉන්නවා කියලා වෙන එකෙන් අන්තිමට මොකක්ද වෙන්නේ කියලා ඔයාලා දකින්න ඇති නේ, ඉතින් එතැන් ඉඳන් අදත් කතාව බලන්න ඔයාලට බාරයි. මේ කතාවේ තියන කුතුහලයට මම හානියක් නොවෙන්නේ මම මුකුත්ම නොකියා ඉන්නවා.
මේ කතාවේ තියන ෆැන්ටසි ගතිය අභිභවා එහි තාත්වික ගතිය සෑහෙන්න දුරට මතුවී පෙනීම නිසාමද කොහේදෝ හැම සිදු වීමක්ම එකින්කෙට වෙනස්, ඒ නමුත් දම්වැල් වල පුරුක් ආකාරයට ගැට ගැහිලා තියනවා, කතාව හොඳට තේරුම් ගන්න ඔයාලා අනිවා. එතකොට පිස්සෙක් වගේ බලයි, දැනටමත් සෑහෙන්න පිරිසක් got බලපු කට්ටිය කියනවා මේක ඊලඟ got එක වෙයි කියලා, මොකද මේක එච්චරම සෑහෙන විදිහට අභිරහස් විදිහට හදලා තියන නිසා. හරියට බොහෝ දුරට got එකේ concept එකම අරගෙන හදලා තියනවා වගේ, ඒත් විශේෂත්වය නම් රඟපාන අයගේ ඒ තාත්වික භාවය සහ ප්‍රේක්ෂකයාගේ හිත තුලට ඒ ඒ සිදුවීම් ඇතුලත් කිරීමට හැකි වීමම විශේෂත්වයක්.
විශේෂ –
5.Trolls (“Trow”)

මෙයාලා ගැන නම් විශේෂ ලෙස කතාවේ සඳහනක් නැහැ, ඒ වුනත් පොඩ්ඩක් විතර පෙන්වවන්වා, හැබැයි දැන්ම නෙවෙයි, ඉස්සරහට. කතාවේ මෙයා ගැන පොඩි වචනයක් දෙකක් කියනවා ඒක නිසා තමයි දන්නේ. මෙයාලා යෝධයෝ, සෑහෙන ශක්තිමත්, අහිංසකයි තරහ ගියහම් ඉවරයි වගේ තමා ඉතින්.
- Lixer – මේක මායාවී ජනතාව විසින් මිනිස්සුන්ට ලබා දෙන සහ එයාලම අර ගන්න මත්ද්‍රවය ජාතියක් කියලා තමයි මම හිතන්නේ.
- Mima – මෙයාලා මායාවී ජනතාව අතර ඉන්නේ පික්ස් විශේෂයක්, පික්ස් ලගේ ඉන්න නායිකාවන් වගේ කට්ටියක්, හරියට ක්‍රිස්තියානි ආගමේ ඉන්න පියතුමන්ලා වගේ කට්ටියක්. මෙයාලට පේන කියන්න, දර්ශන දකින්න, අනාවැකි කියන්න වගේ විශේෂ දේවල් සහ මැජික් බලය සහ තවත් දේවල් කරන්න පුළුවන්.මේ එපියේ සහ ඉදිරි එපි වලදී ඒ ගැන බලා ගන්න පුළුවන් වෙයි ඔයාලට.
එහෙනම් කට්ටිය මම යනවා, හොඳට කතාව නරඹන්න. ඊලඟ කොටහ මිහිර සහෝදරයා අරං එයි. එහෙනම් නැවතත් උපසිරසියකින් හමු වෙන තෙක් ඔයාලා හැමෝටම ජය වේවා!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
Thanx bro keep it up
Thanks machan…..jayawewa…..!
sub ekta thanks saho..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
thanks for sub
Anith ekth plz
Tnq sub ekt, ikmnt anith sub ekt onee✌️
Thanks saho
Godk pin saho
Good luck…..!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.!!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
amzon amzinggggggggggggggggggggggggggggggggggg
සබ් එකට ස්තූතියි.