Cursed (2020) [S01 : E03] Sinhala Subtitle
CURSED S01E03
ALONE
තනිවීම
IMDB Rating – 6.8
හොඳයි එහෙමනම් සහන් සහෝ කිව්වා වගේ ඊළඟ කොටස් දෙකටම උපසිරැසි අරන් එන්නේ මම. ඊලඟ කොටසත් ඉතාම ඉක්මනින්ම ගේනවා ඔයාලට. දැන් මේ කතාව මේ දවස් වල ට්‍රෙන්ඩ් එකක් කියලා කිව්වත් මන් වැරදි නෑ. IMDB අගයේ පොඩි අඩුවක් තිබ්බත් rotten tomatoes සහ google users අතින් මේකට ඉහළ ප්‍රේක්ෂක මනාපයක් තියෙනවා. පළවෙනි කතාංග 2ක බලපු අය දන්නවා ඇතිනේ මේක කොච්චර ලස්සන කතාවක්ද කියලා. ඒවගේම අනිවාර්‍යෙන්ම කියන්න ඕනේ මේකේ locations පට්ටම ලස්සනයි.
හොඳයි එහෙමනම් කලින් කතාවේදී දැක්කනේ රතු නයිට්ලා කියන අය මෙහෙයවන්නේ කාඩන් පියතුමා. එයාලා ක්‍රිස්තියානි බැතිමත්තු. ඉතින් එයාලා කැමති නෑ වෙනත් බලයන් වලට යටත් වෙලා ඉන්න. එහෙම ඉන්න එක ජන කොට්ටාසයක් තමා ෆේ වර්ගය කියන්නේ. කාඩන් පියතුමාගේ වැඩේ තමා වැලපෙන යතිවරයා එක්ක එකතු වෙලා ඔයා ෆේ වර්ගය අතුගාලා දාන එක.
ෆෙයරි කියන එහෙම නැත්නම් සුරංගනා කියන වචනය කෙටි වෙලා තමා ෆේ වචනය එන්නේ. මෙතනිනුත් නිමුඒ කියන කෙනාට බලයක් තියෙනවා අනික් අයට ඇති. ඒ නිසා hidden ones එහෙම නැත්නම් සැඟවුනු අය නැත්නම් මුතුන් මිත්තන්ගේ ආත්ම කියලා කියන්නත් පුලුවන්. අන්න එයාලා ෆේ වර්ගයට මඟ පෙන්නන්න තෝරගන්නේ නිමුඒ. ඒත් ඒ වර්ගයේ අනික් අය වැඩි සතුටක් නෑ ඒකට. මොකද මේක නිමුඒගේ අම්මගේ උප්පරවැට්ටියක් කියලා හිතනවා. අනික් අයට නැති නිමුඒට තියෙන බලය නිසා අනික් අය හිතන්නේ මෙයාට සාපවෙලා කියලා. කොහොමහරි නිමුඒගේ බලය දැකගන්න පුලුවන් උනානේ එයා පස්සෙන් ආව රතු නයිට්වරයට වෙච්ච දෙයින්.
ඒවගේම ආතර් කියන හොරා, නිමුඒ එක්ක හැඳුනුම්කමක් ගොඩනගා ගන්නවා. ඒවගේම එයාගේ සහෝදරි මොගානා පොඩි කාලේ බලෙන්ම සිස්ටර් කෙනෙක් කරවනවා මොකද ආතර්ගේ තාත්තගේ ණය පියවගන්න විදියක් නැති නිසා. මේ ආතර්ගේ අරමුණ තමා නැතිඋනු ගෞරවය ආපහු දිනාගන්න එක. ඒ නිසා එයා නයිට්වරයෙක් වෙන්න ඕන එයාට. ඒ හින්දම නිමුඒගේ කඩුව අරන් මිනිහා පැනලා යනවා. ඉතින් එතනින්නේ ගිය පාර කොටස ඉවර උනේ.
අද කතාව ගැන මුකුත් නොකියා ඉන්නම්. ඔයාලටම බලාගන්න ඉතුරු කරලා.
SCREENSHOTS –




Patta###**
sub gatte kohomada ban episode 3 idan,gamma be add wagayak ne enne
උදව් කියන තැනට ගිහින් ඒ සදහා දීලා තියෙන පොස්ට් එක බලන්න.
Patta A##*
sub ekata thanks saho
sub ekta thanx.
ad සම්බන්ධයෙන් සබ් download කරන්න අපහසු අයට
අපගේ උදව් තියෙන තැනට ගිහින් බලන්න. ad සම්බන්ධයෙන් ඇතිවන ගැටළු ගැන පොස්ට් එකක් තියෙනවා. ඒ තියෙන උපදෙස් පිලිපැදලා බලන්න සබ් එක download වේනවා.:yum: