Da bing Xiao Jiang AKA Little Big Soldier (2010) Sinhala Subtitle

/

ආයුබෝවන් Subz LKහැමදෙනෙක්ටම.අද ඕගොල්ලන්ට ගේන්නෙ 2010 වසරේ තිරගත වූ ජැකී චෑන්ගේ චිත්‍රපටයක්.මේක නමින් Little Big Soldier.මේකෙ ඔරිජිනල් ටයිටල් එක Da bing xiao jiang.ජැකී චෑන්ගෙ කිව්වම ඉතින් ආයිත් අහන්න දෙයක් නෑනෙ සටන් හා විනෝදය පිරි චිත්‍රපටයක්නෙ.මේකත් එසේම තමයි.ඇත්තටම මේකත් අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉතින්.ඔහුටත් ස්තූති කරල ඉන්නම් මුලින්ම.චිත්‍රපටයෙ විස්තර කියන්න කලින් මේකෙ වීඩියෝ පිටපත ගැන ටිකක් කියල ඉන්න ඕනෙ.සමහරවිට මේකෙ ලින්ක් එක හොයාගන්න ටිකක් අමාරුවේවි ඕගොල්ලන්ට.ටොරන්ට් ගැනනම් කතාකරල වැඩක් නෑ තියන එකකවත් සීඩ් නෑ.ඒ නිසා මං මේක ඩවුන් කල 700Mb  Mediafire ඩිරෙක්ට් ලින්ක් එක උපසිරැසි ගොණුව තුල තියන TXT ෆයිල් එකේ ඇතුලත් කරල තියනවා.ඒක ඩවුන්ලෝඩ් මැනේජර් එකක උදවුවෙන් බාගන්න.IDM එකෙන්නම් Add URL වලට ඒ ලින්ක් එක දෙන්න.එතකොට කෙලින්ම ඩවුන්ලෝඩ් වේවි.එහෙම නැත්නම් බ්‍රවුසර් එකට දුන්නත් හරි.මොනවහරි ප්‍රශ්ණයක් ආවොත් මට ඊමේල් එකක් දාන්න.මේ ලිපිනයට [email protected].දැන් අපි යමු චිත්‍රපටයේ තොරතුරු පැත්තට…

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Saving Mr.Wu (2015), Police Story (2013), Rail Road Tigers (2016) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කල Ding Sheng.කතාව සහ තිර රචනය ජැකී චෑන්ගෙන්මයි.රංගනයෙන් දායක වෙන්නෙ Jackie Chan (සොල්දාදුවා), Leehom Wang (ජෙනරාල්තුමා), Sung-jun Joo (කුමරුන්) ඇතුළු පිරිසක්.IMDB අඩවියෙන් 7.0ක අගයකුත් ගූගල් පරිශීලකයන් 98%කගේ කැමැත්තත් දිනාගන්න සමත්වුණ මේ චිත්‍රපටය ජැකී චෑන්ගෙ  99වන චිත්‍රපටය.ඒ වගේම මෙය ඔහුගේ වසර 20ක සිහිනයක් සැබෑවීමක්ලු.ඒ කියන්නෙ ඔහුට මේ කතාව ගැන අදහසක් ඇතිවෙලා තියෙන්නෙ වසර 20කට කලින්.මුලින්ම මෙහි තරුණ ජෙනරාල්වරයාගේ චරිතය කිරීමටයි ඔහුගේ අදහස තිබිල තියෙන්නෙ.නමුත් චිත්‍රපටයට ජීවය දීමට වසර 20ක්ම ගතවීම හේතුවෙන් ඔහු තීරණය කරල තියනවා තමන් වැඩිහිටි සොල්දාදුවාගේ චරිතය නිරූපණය කර තරුණ ජෙනරාල්වරයාගේ චරිතයට තරුණයෙක් තෝරාගන්න.එහීදී චෑන්ගේ බිරිඳ යෝජනා කරල තියනව තමන්ගේ පුත්‍රයාව (Jaycee Chan) මේ චරිතයට යොදාගන්නා ලෙස.නමුත් චෑන් කැමතිවෙලා නෑ.ඉන්පසුව ඇය විසින් මේ චරිතයට Leehom Wang යෝජනා කරන අතර එයට චෑන් කැමති වී තිබෙනවා.ඒ ඇතිනේ.දැන් යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

චීනය එක් රාජ්‍යයක් ලෙස එක්සත්වීමට පෙර චීනය සෑදි තිබී ඇත්තේ ප්‍රධාන රාජ්‍යයන් හතකින්.ඒ ක්වින්, ක්වි, චහු, යැන්, හැන්, සාවෝ සහ වෙයි ලෙසින්.මේ රාජ්‍යයන් හා කුඩා ප්‍රාදේශීය රාජ්‍යයන් අතර නිරන්තර ගැටුම් තිබී තිබෙනවා.මෙයත් මේ කාලය හා බැඳුණ කතාවක්.ක්‍රිස්තු පූර්ව 227දී වෙයි රාජ්‍යයේ හමුදා තවත් කුඩා ප්‍රාදේශීය රාජ්‍යයක් වන ලියෑන්  යටත්කරගැනීම සඳහා ගමන් කරනවා මේ හමුදාව ලියෑන්හි ෆීනික්ස් කන්දේදි ලියෑන්වරු විසින් සැඟවී එල්ල කරන ප්‍රහාරයකට ගොදුරු වෙනවා.දෙපාර්ශවයේම සියලු දෙනාම වාගේ මියයනවා.නමුත් එක් ලියෑන් සොල්දාදුවෙක් කෙසේ හෝ ජීවිතය බේරාගන්නවා.එහිදී ඔහුට හමුවනවා  විරුද්ධවාදී වෙයි හමුදාවේ ජෙනරාල්වරයාව.ඔහු ඉන්නේ තුවාල ලබලයි.ඔහුව තම රටට රැගෙන ගොස් ත්‍යාගයක් ලබාගන්න අදහසක් පහළවෙනවා ලියෑන් සොල්දාදුවාට.හැබැයි ඔහු හිතපු තරම් මේ වැඩේ ලේසිවෙන්නෙ නෑ…

ඒ කියල ඔහු උත්සාහය අත්හරින්නෙත් නෑ.එහෙනම් බලන්න ලියෑන් සොල්දාදුවාට තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වේවිද කියල.මේක කිසිදු ගැටලුවක් නැතිව පවුලේ සැමට බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලත් කියන්න ඕනෙ.එහෙනම් මම ගිහින් එන්නම්.බාගයක් අවසන් කල සුපිරි ස්පාඤ්ඤ චිත්‍රපටයක සබ් එකකුත්  තියනවා…ඒකත් දෙන්නම් ඉක්මනටම!!!

Spoiler Warning : An old military man captures a young enemy, taking him on a long journey to collect a reward…

7.0
IMDB

Year : 2010

Actors : jackie chan, leehom wang, sung-jun yoo, peng lin

An old soldier kidnaps a young general of an enemy state and takes him on a long journey to collect the reward.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 2155
  • File Size : 22.788KB
  • Sub Update :2020-07-21
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 60

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2017-09-19 at 9:35 pm
    • hasitha Unregister User
      Windows 7Firefox 55

      බොහොම ස්තූතියි, කවීෂ..!!

      2017-09-21 at 1:57 am
  • Sithum Unregister User
    Android 4.4Chrome 58

    උපසිරැසියට බොහොම ස්තුතියි ……

    2017-09-19 at 10:09 pm
    • hasitha Unregister User
      Windows 7Firefox 55

      බොහොම ස්තූතියි, සිතුම්..!

      2017-09-21 at 1:58 am
  • randy Unregister User
    Windows 7Chrome 60

    thanks brooo..patta filumak wage. digatama sub demu

    2017-09-20 at 12:38 am
    • hasitha Unregister User
      Windows 7Firefox 55

      බොහොම ස්තූතියි, randy..!

      2017-09-21 at 1:59 am
  • Madusha Unregister User
    Windows 10Opera 47

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

    2017-09-20 at 2:40 am
  • Isuru Unregister User
    Android 5.1Chrome 60

    Thanks for sub puluwannam mumbai police 2013 film eka denna jaya wewa

    2017-09-20 at 8:53 am
  • Kantha Unregister User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-09-20 at 10:16 am
    • hasitha Unregister User
      Windows 7Firefox 55

      බොහොම ස්තූතියි, Kantha..!

      2017-09-21 at 1:59 am
  • Pasindu AmarAsinghe User
    Android 7UC Browser 11.4

    පට්ටම ????
    උපසිරැසියටතුති සහෝදරයා
    ඔබට ජය???

    2017-09-20 at 7:19 pm
    • hasitha Unregister User
      Windows 7Firefox 55

      බොහොම ස්තූතියි, පසිඳු..!

      2017-09-21 at 2:00 am
  • sineth Unregister User
    Windows 7Chrome 61

    download link eka wada nane macho. aith up karanna barida link eka

    2017-09-21 at 1:04 am
    • hasitha Unregister User
      Windows 7Firefox 55

      මෙන්න ලින්ක් එක http://cmovieshd.se/film/little-big-soldier-2010-bluray-720p සයිට් එකට ගිහින් ඒකෙ පහල Downloadlinks යටතෙ තියන Linkgen ලින්ක් එක ක්ලික් කරන්න. ඊලඟට Continue to file කියල එයි. ඊටපස්සෙ Download කියල එයි, ඒකත් ක්ලික් කලාම කෙලින්ම යන්නෙ මීඩියාෆයර් ලින්ක් එකට. ඇඩ් දෙක තුනක් එයි ඒව මග ඇරල යන්න. තේරුණේ නෑ වගේනම් මේ ඉමේජ් එක බලන්න. https://imgur.com/cC1O4s7

      2017-09-21 at 2:08 am
    • sineth Unregister User
      Windows 7Chrome 61

      ok machan thanks wewa….

      2017-09-22 at 1:23 am
    • dinuk Unregister User
      Windows 10Chrome 60

      thankz brooo

      2017-09-24 at 2:39 pm
    • Administrator at subz lk Unregister User
      Android 5.1Chrome 54

      Site ake download links daala thiyenne!

      2017-09-21 at 12:46 pm
  • hasitha Unregister User
    Windows 7Firefox 55

    මෙන්න ලින්ක් එක http://cmovieshd.se/film/little-big-soldier-2010-bluray-720p
    වැඩේ පැටලුණොත් මේ ඉමේජ් එක බලල ඒ විදියට කරන්න https://imgur.com/cC1O4s7

    2017-09-21 at 2:11 am
  • sagara Unregister User
    Windows 8.1Chrome 61
  • asitha Unregister User
    Windows 8.1Chrome 60

    elama saho thanks

    2017-09-22 at 8:26 am
  • සදෙව් බණ්ඩාර Unregister User
    Windows 10Opera 47

    නියමයි…දිගටම කරගෙන යමු …
    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතුයි..

    2017-10-03 at 7:14 am
  • Delila Unregister User
    Windows 10Chrome 66

    I feel that is one of the so much significant info for me.

    And i am glad reading your article. However want to remark on few basic issues, The website style is ideal, the articles
    is in reality excellent : D. Just right task, cheers

    Feel free to surf to my blog Gry

    2021-03-12 at 6:09 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *