Da bing Xiao Jiang AKA Little Big Soldier (2010) Sinhala Subtitle
ආයුබෝවන් Subz LKහැමදෙනෙක්ටම.අද ඕගොල්ලන්ට ගේන්නෙ 2010 වසරේ තිරගත වූ ජැකී චෑන්ගේ චිත්‍රපටයක්.මේක නමින් Little Big Soldier.මේකෙ ඔරිජිනල් ටයිටල් එක Da bing xiao jiang.ජැකී චෑන්ගෙ කිව්වම ඉතින් ආයිත් අහන්න දෙයක් නෑනෙ සටන් හා විනෝදය පිරි චිත්‍රපටයක්නෙ.මේකත් එසේම තමයි.ඇත්තටම මේකත් අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් ඉතින්.ඔහුටත් ස්තූති කරල ඉන්නම් මුලින්ම.චිත්‍රපටයෙ විස්තර කියන්න කලින් මේකෙ වීඩියෝ පිටපත ගැන ටිකක් කියල ඉන්න ඕනෙ.සමහරවිට මේකෙ ලින්ක් එක හොයාගන්න ටිකක් අමාරුවේවි ඕගොල්ලන්ට.ටොරන්ට් ගැනනම් කතාකරල වැඩක් නෑ තියන එකකවත් සීඩ් නෑ.ඒ නිසා මං මේක ඩවුන් කල 700Mb Mediafire ඩිරෙක්ට් ලින්ක් එක උපසිරැසි ගොණුව තුල තියන TXT ෆයිල් එකේ ඇතුලත් කරල තියනවා.ඒක ඩවුන්ලෝඩ් මැනේජර් එකක උදවුවෙන් බාගන්න.IDM එකෙන්නම් Add URL වලට ඒ ලින්ක් එක දෙන්න.එතකොට කෙලින්ම ඩවුන්ලෝඩ් වේවි.එහෙම නැත්නම් බ්‍රවුසර් එකට දුන්නත් හරි.මොනවහරි ප්‍රශ්ණයක් ආවොත් මට ඊමේල් එකක් දාන්න.මේ ලිපිනයට Hasithaprasad867@gmail.com.දැන් අපි යමු චිත්‍රපටයේ තොරතුරු පැත්තට…
මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Saving Mr.Wu (2015), Police Story (2013), Rail Road Tigers (2016) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කල Ding Sheng.කතාව සහ තිර රචනය ජැකී චෑන්ගෙන්මයි.රංගනයෙන් දායක වෙන්නෙ Jackie Chan (සොල්දාදුවා), Leehom Wang (ජෙනරාල්තුමා), Sung-jun Joo (කුමරුන්) ඇතුළු පිරිසක්.IMDB අඩවියෙන් 7.0ක අගයකුත් ගූගල් පරිශීලකයන් 98%කගේ කැමැත්තත් දිනාගන්න සමත්වුණ මේ චිත්‍රපටය ජැකී චෑන්ගෙ 99වන චිත්‍රපටය.ඒ වගේම මෙය ඔහුගේ වසර 20ක සිහිනයක් සැබෑවීමක්ලු.ඒ කියන්නෙ ඔහුට මේ කතාව ගැන අදහසක් ඇතිවෙලා තියෙන්නෙ වසර 20කට කලින්.මුලින්ම මෙහි තරුණ ජෙනරාල්වරයාගේ චරිතය කිරීමටයි ඔහුගේ අදහස තිබිල තියෙන්නෙ.නමුත් චිත්‍රපටයට ජීවය දීමට වසර 20ක්ම ගතවීම හේතුවෙන් ඔහු තීරණය කරල තියනවා තමන් වැඩිහිටි සොල්දාදුවාගේ චරිතය නිරූපණය කර තරුණ ජෙනරාල්වරයාගේ චරිතයට තරුණයෙක් තෝරාගන්න.එහීදී චෑන්ගේ බිරිඳ යෝජනා කරල තියනව තමන්ගේ පුත්‍රයාව (Jaycee Chan) මේ චරිතයට යොදාගන්නා ලෙස.නමුත් චෑන් කැමතිවෙලා නෑ.ඉන්පසුව ඇය විසින් මේ චරිතයට Leehom Wang යෝජනා කරන අතර එයට චෑන් කැමති වී තිබෙනවා.ඒ ඇතිනේ.දැන් යමු චිත්‍රපටයේ කතාව පැත්තට…
චීනය එක් රාජ්‍යයක් ලෙස එක්සත්වීමට පෙර චීනය සෑදි තිබී ඇත්තේ ප්‍රධාන රාජ්‍යයන් හතකින්.ඒ ක්වින්, ක්වි, චහු, යැන්, හැන්, සාවෝ සහ වෙයි ලෙසින්.මේ රාජ්‍යයන් හා කුඩා ප්‍රාදේශීය රාජ්‍යයන් අතර නිරන්තර ගැටුම් තිබී තිබෙනවා.මෙයත් මේ කාලය හා බැඳුණ කතාවක්.ක්‍රිස්තු පූර්ව 227දී වෙයි රාජ්‍යයේ හමුදා තවත් කුඩා ප්‍රාදේශීය රාජ්‍යයක් වන ලියෑන් යටත්කරගැනීම සඳහා ගමන් කරනවා මේ හමුදාව ලියෑන්හි ෆීනික්ස් කන්දේදි ලියෑන්වරු විසින් සැඟවී එල්ල කරන ප්‍රහාරයකට ගොදුරු වෙනවා.දෙපාර්ශවයේම සියලු දෙනාම වාගේ මියයනවා.නමුත් එක් ලියෑන් සොල්දාදුවෙක් කෙසේ හෝ ජීවිතය බේරාගන්නවා.එහිදී ඔහුට හමුවනවා විරුද්ධවාදී වෙයි හමුදාවේ ජෙනරාල්වරයාව.ඔහු ඉන්නේ තුවාල ලබලයි.ඔහුව තම රටට රැගෙන ගොස් ත්‍යාගයක් ලබාගන්න අදහසක් පහළවෙනවා ලියෑන් සොල්දාදුවාට.හැබැයි ඔහු හිතපු තරම් මේ වැඩේ ලේසිවෙන්නෙ නෑ…
ඒ කියල ඔහු උත්සාහය අත්හරින්නෙත් නෑ.එහෙනම් බලන්න ලියෑන් සොල්දාදුවාට තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වේවිද කියල.මේක කිසිදු ගැටලුවක් නැතිව පවුලේ සැමට බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලත් කියන්න ඕනෙ.එහෙනම් මම ගිහින් එන්නම්.බාගයක් අවසන් කල සුපිරි ස්පාඤ්ඤ චිත්‍රපටයක සබ් එකකුත් තියනවා…ඒකත් දෙන්නම් ඉක්මනටම!!!
Spoiler Warning : An old military man captures a young enemy, taking him on a long journey to collect a reward…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
බොහොම ස්තූතියි, කවීෂ..!!
උපසිරැසියට බොහොම ස්තුතියි ……
බොහොම ස්තූතියි, සිතුම්..!
thanks brooo..patta filumak wage. digatama sub demu
බොහොම ස්තූතියි, randy..!
නියමයි සහෝ.බොහොම ස්තූතියි
Thanks for sub puluwannam mumbai police 2013 film eka denna jaya wewa
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
බොහොම ස්තූතියි, Kantha..!
පට්ටම ????
උපසිරැසියටතුති සහෝදරයා
ඔබට ජය???
බොහොම ස්තූතියි, පසිඳු..!
download link eka wada nane macho. aith up karanna barida link eka
මෙන්න ලින්ක් එක http://cmovieshd.se/film/little-big-soldier-2010-bluray-720p සයිට් එකට ගිහින් ඒකෙ පහල Downloadlinks යටතෙ තියන Linkgen ලින්ක් එක ක්ලික් කරන්න. ඊලඟට Continue to file කියල එයි. ඊටපස්සෙ Download කියල එයි, ඒකත් ක්ලික් කලාම කෙලින්ම යන්නෙ මීඩියාෆයර් ලින්ක් එකට. ඇඩ් දෙක තුනක් එයි ඒව මග ඇරල යන්න. තේරුණේ නෑ වගේනම් මේ ඉමේජ් එක බලන්න. https://imgur.com/cC1O4s7
ok machan thanks wewa….
thankz brooo
Site ake download links daala thiyenne!
මෙන්න ලින්ක් එක http://cmovieshd.se/film/little-big-soldier-2010-bluray-720p
වැඩේ පැටලුණොත් මේ ඉමේජ් එක බලල ඒ විදියට කරන්න https://imgur.com/cC1O4s7
menna link aka http://taridusagaradl.blogspot.com/2017/09/da-bing-xiao-jiang-aka-little-big.html
elama saho thanks
නියමයි…දිගටම කරගෙන යමු …
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතුයි..