Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • Dunkirk (2017) Sinhala Subtitle

Dunkirk (2017) Sinhala Subtitle

December 08, 2017 Junior Admin

ආයුබෝවන් Subz LK මිතුරන් හැම දෙනෙක්ටම.ඊලඟට විශේෂයෙන් මතක් කරන්න ඕනෙ මේ චිත්‍රපටයේ උපසිරැසිය කිරීම මට බාරදුන්න අපේ කවීෂ සහෝදරයාවත්.ඔහුගේ ඉල්ලීමකට අනුව අද ඔයගොල්ලන්ට මේ අරගෙන එන්නෙ මේ වසරේ ගොඩක් දෙනෙක් බලන්න ඉවසිල්ලක් නැතුව හිටපු සුපිරි චිත්‍රපටයකට.ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි අපි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගෙ චිත්‍රපටවලට දක්වන ඇල්ම නිසාමයි.ඒ කවුරුවත් නෙමෙයි ක්‍රිස්ටෝපර් නෝලන් මහතා.නම කිව්වම ආයිත් අටුවාටීකා අවශ්‍ය නෑනෙ.අග සිට මුලට දුවන Memento (2000), Batman begins (2005), The Dark knight (2008), The Dark knight rises (2012)  ඒ වගේම ලොව වටා ගොඩක් දෙනෙක්ව කරකවල අතැරිය Inception (2010) වගේ චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා.චිත්‍රපටයක් කලොත් ඉතින් IMDB අඩවියේ අගය 8.0 ත් ඉක්මවල, හොඳම චිත්‍රපට 250 අතරටත් ඇවිත් තමයි නවතින්නෙ.දැන් කට්ටිය දන්නවනෙ මොකද්ද චිත්‍රපටය කියල.මේ තමයි Dunkirk(2017) මෙය අයත් වෙන්නෙ ක්‍රියාදාම, නාට්‍යමය, ඉතිහාස ඝනයට.මේ චිත්‍රපටයත් ඉතින් වෙනසක් නෑ IMDB අගය 8.3ක් වගේ දැවැන්ත අගයක් ලබාගෙන, එම අඩවියේ හොඳම චිත්‍රපට 250 අතරේ 110 වැනි ස්ථානයද තමන් සතු කරගනිමින්, එතනින් නොනැවතී Rotten tomatosලගෙන් 92%ක දැවැන්ත අගයක් සහ ගූගල් පරිශීලකයන් 86%කගෙ ප්‍රසාදය දිනාගන්නත් සමත්වුණා.සම්මාන24කට නිර්දේශ වෙලා 4ක් දිනාගන්නත් මෙය සමත්කම් දක්වා තිබෙනවා.ඒ වගේම අධ්‍යක්ෂණය සහ තිර රචනය දෙකත් ක්‍රිස්ටෝපර් නෝලන් මහතාගෙමයි.මේක ඉතිහාසයේ සැබෑ සිදුවීමක් ඇසුරින් කල එකක් නිසා චිත්‍රපටයෙ විස්තර කතා කරන්න කලින් අපි ඒ ඉතිහාස කතාව කෙටියෙන් දැනගමු…

මේක කෙටියෙන්ම කියනවානම් මුදාගැනීමේ මෙහෙයුමක්.දෙවෙන ලෝක යුධ කාලවකවානුව තුල සිදුවූ මේ මිත්‍ර හමුදා මුදාගැනීම සිදුවුණේ උතුරුදිග ප්‍රංශයේ ඩන්කර්ක් නම් වෙරළබඩ ප්‍රදේශයක.ගතවූ කාලසීමාව 1940 වසරේ මැයි 26 සිට ජූනි 4 දක්වා පුරා සතියක කාලයක්.මේ මෙහෙයුමේ නිල නාමයනම් ඔපරේෂන් ඩයිනැමෝ ඊට අමතරව ඩන්කර්ක් ප්‍රාතිහාර්යය ලෙසද මෙය හඳුන්වනවා.විශේෂත්වය වන්නේ මේ මෙහෙයුමට සිවිල් වැසියන්ද සම්බන්ධ වීමයි.මුදාගැනීමේ මෙහෙයුමකට සිවිල් වැසියන් පවා සම්බන්ධ කරගන්න තරමට සිදුවූ  සිදුවීම මොකද්ද අපි ඒකත් දැනගමු කෙටියෙන්…

ලෝක යුධ සමයෙ ගොඩක් දේවල වගේම මේකෙත් ආරම්භකය ඇඩොල්ෆ් හිට්ලර්.1939 වසරේදී හිට්ලර් ප්‍රමුඛ නාසි ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කරනවා.මීට එරෙහිව ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කරන අතර ආර්ථික සම්බාධකවලින්ද බැට දෙනවා.මෙහිදී  ප්‍රංශයේ ආරක්ෂාව සඳහා සඳහා බ්‍රිතාන්‍ය රාජකීය කාර්ය සාධක බලකාය පිටත් කරන්නට බ්‍රිතාන්‍යය කටයුතු කරනවා.කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධයේ මුල් මාස 8 වන (1939 ඔක්තෝබර් සිට 1940 අප්‍රේල් දක්වා) මේ කාලයේ සැලකියයුතු හමුදා ක්‍රියාකාරීත්වයක් වෙලා නෑ.ඒ නිසාම මේකට කියන්නෙ Phony war නොහොත් ව්‍යාජ යුද්ධය කියල.මෙයින් පසුව 1940 මැයි 10වන දින හිට්ලර් බෙල්ජියම, නෙදර්ලන්තය සහ ප්‍රංශය ආක්‍රමණය කරනවා.ඔවුන්ගේ පැන්සර් යුධ ටැංකි බලකායන් ආඩෙනස් හරහා කඩාවැදී ඉංග්‍රීසි ඕඩය වෙතට ඇදෙනවා…

ඒ ඉංග්‍රීසි ඕඩය හරහා ගොස් බ්‍රිතාන්‍යයට පහරදීමේ අරමුණද (හිට්ලර්ගේ ඉටුනොවූ සිහිනය) ඇතුව.කෙසේ හෝ මැයි 21වනදා වනවිට බ්‍රිතාන්‍ය කාර්ය සාධක බලකාය, බෙල්ජියම් හමුදාවල ඉතිරිවූවන්, ප්‍රංශ පාබල හමුදා ඒකක තුනක් ප්‍රංශයේ උතුරු  වෙරළට කොටු කරන්නට මේ නාසි ජර්මානු හමුදාව සමත් වෙනව.මේ අවස්ථාවේ ඕඩය හරහා භටයින්ව ඉවත්කරගැනීමට ඇති හොඳම ස්ථානය මේ ඩන්කර්ක් බව ක්ෂණිකව වටහා ගන්නට බ්‍රිතාන්‍ය කාර්ය සාධක බලකා ජෙනරාල් විස්කවුන්ට් ගෝර්ට් සමත් වෙනවා.චිත්‍රපටයේ කතාව ඇරඹෙන්නේ මෙන්න මෙතනින්.එහෙනම් මෙයින් ඉදිරියට ඔබට බාරයි.මෙහි සැබෑ සිදුවීමේ ජායාරූප සහ විස්තර රැසක් තියනවා මෙන්න මෙතන.

“පරාජයන්හි පවා ජයග්‍රහණයන් සහ විරුවන් සිටියි”

විශේෂයි :-

  • මේ චිත්‍රපටයේ මූලික තේමාව මුදාගැනීමේ මෙහෙයුම.ඒ නිසා  යුධ ක්‍රියාදාම විශාල වශයෙන් චිත්‍රපටය තුලට   ගෙනත් නෑ.නමුත් හඬ සංකලනයෙන් සහ රූපරාමුවලින් මේ මෙහෙයුම අපේ ඇඟට තදින් දනවන්න චිත්‍රපටය  සමත්.ලොකු ටෙන්ෂන් එකක් එනව බැලුවම (මට විතරක්ද මන්ද).හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් සහිතව පුළුල් තිරයක බලන්න පුළුවන්නම් ඉතාම වටිනවා.හෙඩ්ෆෝන් එක දාගෙන අඟල් 17 මොනිටරෙන්  බලපු මටත් හොඳට දැනුනා.
  • ඩන්කර්ක් සිදුවීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඉතිහාසයේ දරුණුතම පරාජය ලෙසත් සැලකුණාලු 1942 දී ජපානය විසින්  සිංගප්පූරුව (එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත්) යටත් කරගන්නා තෙක්ම.
  • මේ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ප්‍රථම යුධමය චිත්‍රපටය.
  • චිත්‍රපටය හදන්න කලින් තම බිරිඳ එමා තෝමස් හා තවත් මිතුරෙකු සමග එදා මේ මුදාගැනීම සිදුවූ ගමන් මගේ බෝට්ටුවකින් ගමන් කරන්නත් ක්‍රිස්ටෝපර් නෝලන් මහතා කටයුතු කරල තියනවලු.මුහුදේ ස්වභාවය නිසා එයට ඔහුට පැය 19ක කාලයක් ගතවුණ බවයි පැවසෙන්නේ.
  • මෙහි ක්‍රිස්ටෝපර් නෝලන්ගේ මාමා වනජෝන් නෝලන් (අන්ධ මිනිසා) සහ ඥාති සොහොයුරියක් වන මිරැන්ඩා නෝලන් (හෙදිය) රංගනයෙන් දායක වෙනවා.
  • මේ චිත්‍රපටය සඳහාම දෙවෙන ලෝක යුද්ධය තුල භාවිතා වූ ජර්මන්ගුවන් හමුදාවේ (lufftwaffe) බෝම්බ හෙලන යානයක් ඩොලර්මි ලියන 5ක වියදමින් මිලදී ගන්නත් ක්‍රිස්ටෝපර් නෝලන් සහ වෝනර් බ්‍රදර්ස් ආයතනය කටයුතු කරල තියනවා.දන්නවනෙ
  • ක්‍රිස්ටෝපර් නෝලන් කියන්නෙ බැරිම තැනක් වුනොත් මිසක් දෘශ්‍ය ප්‍රයෝග යොදාගන්න බොහොම අකමැති කෙනෙක්.
  • කෙසේ වෙතත් මේ චිත්‍රපටය දැඩි විවේචනයට ලක් වෙලා තියනවා.සැබෑ ඩන්කර් සටනට සහභාගීවූ ඉන්දීය සොල්දාදුවන් චිත්‍රපටය තුලදී අමතක කර දැමීම සම්බන්ධවත්ඒ,  වගේම මුදාගැනීම අතරතුර සතුරාට ඩන්කර්ක් වෙත ඒමට නොදී රැකවල්ලාගෙන සිටි ප්‍රංශ හමුදාවට චිත්‍රපටය තුල නිසි ඇගයීමක් ලැබී නැති බවටත්.

මේ ලිපියේ තොරතුරු සියල්ලටම ස්තූතිය IMDB සහ විකිපීඩියා අඩවිවලට.ඒ පැත්තෙ රවුමක්ගියොත් තවත් ගොඩක් විස්තර බලාගන්න පුළුවන්…

Spoiler Warning : In May 1940, Germany advanced into France, trapping Allied troops on the beaches of Dunkirk. Under air and ground cover from British and French forces, troops were slowly and methodically evacuated from the beach using every serviceable naval and civilian vessel that could be found. At the end of this heroic mission, 330,000 French, British, Belgian and Dutch soldiers were safely evacuated…

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
10344 වාරයක්
Available Torrents
720p bluray 810.07 MB
GET
1080p bluray 1.65 GB
GET
2160p bluray 4.76 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (24)
← Older
  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34
    2017-12-12

    එවායින් මම කැමතිම එකනම් pc game. cod පට්ට ග‍ෙම් එකකුත් අවා එවග‍ෙම දැන් මෙමුවි එක තව ව‍ොන්ඩ වුමන් වලත් ww එක‍ෙ අභාශය තිබ්බ අප‍ෙ සිනමා රසිත්වය වග‍ෙන‍ෙම‍ෙ ස්ටිවන් s bob,spr වග‍ෙ,විශ‍ෙෂය‍ෙන්ම bob

    Reply
  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34
    2017-12-12

    වල ප‍ෙන්නන්න හදන කියන්න හදන ද‍ෙවල්(මම දැකපු)ග‍ොඩාක් තියනව හරියට ගම‍ෙ හිටිය බයිය‍ො ටිකකට තුවක්කුවක් දිලා අර න‍ොමැන්ඩි ව‍ෙරල‍ෙන් බැස්සාම දකින්න ලැබ‍ෙන ද‍ෙවල්ටික දකින්න යවනව කියන එක

    Reply
  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34
    2017-12-12

    දිහා මම හැම තිස්ස‍ෙම බැලුව‍ෙ ම‍ෙවාව එහ‍ෙම යැව්ව‍ොත් එහ‍ෙම මගුලයි ව‍ෙන්න‍ෙ කියන්න ග‍ොඩක් තියනව ම‍ෙගැන එත් දමිත් කවිෂලග‍ෙ පිනිමුව‍ො යන අතර ලියන්න අමාරැයි??5

    Reply
    • sam fisher Unregistered
      Android 4.2 Chrome 34
      2017-12-12

      ම‍ෙමාව කියන එක අවුල් වුනා සබ් එකට ස්තුති සහ‍ො

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52
      2017-12-12

      බොහොම ස්තූතියි, සෑම් 🙂 ඇත්ත.. ලෝක යුද්ධය ව්‍යසනයක් වුණා හා සමානවම ලෝකෙට හොඳ දේවල් රැසකුත් ගෙනාවා. WW වලට අදාල ඕනෙම දෙයක් බලද්දි මට හැමවෙලේම හිතෙන්නෙ, හිට්ලර්ව අර කළා ඇකඩමියෙන් ප්‍රතික්ෂේප නොකලානම් ලෝකය මොන වගේ වෙයිද කියලයි.

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 62
      2017-12-12

      පිනි මුවා නම් එතින් කවිශ ගේ වැඩක් …කවිශ ගේ නත්තල් පප්පා තමා ..ඔය හරේට මෙහෙට යන්නේ…@sam /.ඕව අනිවාර්යෙන්ම අර pearl harbor කේස් එක වගේ නේ ..හොද දේවල් වලට වඩා නරකක් උනේ ..තාමත් ජපන් කාරයෝ දුක් විදිනවා නේ ..

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved