My Secret Romance දෙවනි කොටසත් අරන් ආව.ටිකක් ඉක්මනින්ම ගේන්න පුළුවන් උනා දෙවැනි කොටසත්.ඉතිරි කොටස් ටිකත් මේ වගේම ඉක්මනින් ගේන්න බලාපොරොත්තු වෙනව.මන් හිතනව කට්ටියට කතාව අල්ල යන්න ඇති කියල පලවෙනි කොට්සෙන්ම.ගොඩක් අය කමෙන්ට් කරල එහෙමත් තිබ්බ,ඒ අයටත් ගොඩක් ස්තූතිවන්ත වෙනව.මට පලවෙනි ලිපියෙදි මතක් කරන්න බැරි උනා කතා මාලාව කොටස් කීයකින් සමන්විතද කියල.මේක කොටස් 16කින් සමන්විත කොරියන් කතාවක්.ඉක්මනින්ම සබ් දීල ඉවර කරන්න ඕනෙ නිසා අඩුම තරමෙ සතියට කොටස් තුන ගානෙවත් සබ් දෙන්න බලාපොරොත්තු වෙනව.
හරි එහෙනම් වැඩි කතා ,මොකටද කතාව පැත්තට හැරෙමු.දැන් කට්ටියටම පැහැදිලියිනෙ කතාව මොනවගේ එකක්ද කියල.චා ජින් වුක් කියන්නෙ ඩේබුක් කියල ලොකු සමාගමක හිමිකරුවෙක්.පලවෙනි කොටසෙදි විතරයි බලාගන්න පුළුවන් එයා සෙල්ලක්කාර ජිවිතයක් ගත කරන කෙනෙක් කියල.දෙවැනි කොටසෙදි බලාගන්න පුළුවන් එයා මොන විදිහෙ ජීවිතයක්ද ගත කරන්නෙ කියල.ඒවගේම ලී යූ-මි කියන්නෙ පෝෂනවේදියෙක් වෙන්න උත්සහ කරන කෙනෙක්.ඒක ඔයාල දැක්කනෙ පලවෙනි කොටසෙන්.කොහොම හරි එයා පෝෂණවේදිනියක් වෙලා ප්‍රාථමික පාසලක වැඩට යනව,ඒකෙන් අයින් වෙලා එයා ලොකු සමාගමක පෝෂනවේදියෙක් හැටියට මුලින්ම වැඩ කරන්න යනව,ඒ සමාගම තමයි ඩේබුක් සමූහය.ඒ සිද්දිය අද කොටසෙන් බලාගන්න පුළුවන්.ඒවගේම ලී යූ-මී'ගෙ අම්ම කියන්නෙ සරාගී චරිත රග පාපු නිලියක්,තුන් පාරක් විතර විවාහ වෙච්ච කෙනෙක්.
ගිය කොටසෙදි ඔය වගේ දේවල් ගැන දැනුවත් වෙන්න ඇතිනෙ.ගියෙ කොටසෙ අවසානෙදි පොඩි සීන් ටිකක් ගියෙ,එතන ඉඳන් අවුරුදු තුනකට පස්සෙ වෙන සිද්දි ටික තමයි අද කොටසෙ තියෙන්නෙ.හරි එහෙනම් බලමු ලී යූ-මි'ට ඩේබුක් සමූහයෙ වැඩකරන්න හම්බෙයිද?එයාට කාගෙ පෝෂනවේදියද වෙන්න වෙන්නෙ?ඩේබුක් සමාගමේදි චා ජිනුයි, ලී යූ-මි'යි එකට මුණගැහෙයිද?ඔය ප්‍රශ්න වලට උත්තර හොයාගන්නනම් අද කොටස බලන්නම වෙනව.එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න...
මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!





Windows 7Chrome 68
ela machoo
Windows 10Chrome 72
ගොඩක් ස්තුතියි සහෝ ඔයා මේ කරන නිර්මාණ වෙනුවෙන්.ඒ වගේම සබට ස්තුතියි