• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Gosnell: The Trial of America’s Biggest Serial Killer (2018) Sinhala Subtitle

Gosnell: The Trial of America’s Biggest Serial Killer (2018) Sinhala Subtitle

2019/02/06 at 7:01 pm
Hasitha Prasad
 

ආයුබෝවන් අදත් Subzlk හිතමිතුරන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ පසුගිය වසරේ නිකුත්වුණ ඉතාම සංවේදී සත්‍ය සිදුවීමක් ඇසරින් නිමවුණ Gosnell: The Trial of America's Biggest Serial Killer (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමගයි. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මට මේ චිත්‍රපටය බාරදුන්න අපේ බොස් එහෙමත් නැත්නම් දමිත් ප්‍රියංකරට. ඇත්තටම දමිත් කියනකම්ම මම මේ චිත්‍රපටය ගැන දැනගෙන හිටියෙ නෑ. ඒ වගේම ඒ එක්කම වගේ අපේ Kantha සහෝදරයත් තවත් චිත්‍රපට පෙළක් සමග මේ චිත්‍රපටයෙ උපසිරැසියත් ඉල්ල තිබුණ. ඉතින් ස්තූතිය සමසේ බෙදෙන්න ඕනෙ ඒ දෙන්නටම. හරි අපි දැන් යමු චිත්‍රපටය පැත්තට..

මේ චිත්‍රපටය තුල කතාවට ලක්වන සිදුවීම සත්‍ය වගේම බොහොම සංවේදී මාතෘකාවක්. ඒ තමයි ගබ්සාව. අපේ රටේ ගබ්සාව නීතියෙන් තහනම් වුණත්,ගබ්සාව නීතිගත කල යුතුයි කියලත් බොහෝ අය හඬ නගනවා. පියෙක් නොමැති දරුවෙක් මේ කෲර ලෝකය ඇතුලෙ අවජාතකයෙක් ලෙස ලේබල්වන ආකාරය දැක්කම , ගබ්සාව කියන දේ ඊට වඩා මානුෂිකයි කියල පෙනුනත්, එය මෙලොව එලිය දකින්නට සිටින ජීවයක් බලහත්කාරයෙන් මේ ලෝකයෙන් ඉවත්කරදැමීමක්ය කියන දෘෂ්ටිකෝණයෙන් බැලුවොත් ගබ්සාව කියන දේ කෲර දෙයක් විදියටයි සලකන්න වෙන්නෙ. ඇමරිකාව ඇතුළු සමහර බටහිර රටවල් යම් නීති සීමාවන්ට යටත්ව ගබ්සාව නීතිගත කර තිබුණත්, එම නීතිරාමු ගබ්සාව සිදුකරගන්නා කාන්තාවගේ පැත්තෙන් ප්‍රමාණවත් මදි කියලත් කතිකාවතක් තියනව. ඒ සියල්ල චිත්‍රපටය තුල පැහැදිලිව විස්තර කෙරෙන නිසා මම ඒ ගැන ලිපියෙ සඳහන් නොකර ඉන්නම්. කොහොමහරි මේ චිත්‍රපටයට මාතෘකාවෙන පුද්ගලයා එනම් වෛද්‍ය කර්මිට් බැරන් ගොස්නෙල් මේ නීති සීමාවන් ඉක්මවා ගිහින් ගබ්සාවන් කල කෙනෙක්. බටහිර පිලඩෙල්ෆියාවල වෛද්‍ය සායනයක් පවත්වාගෙන යමින්, විශේෂයෙන්ම එම ප්‍රදේශයේ කළු ජාතික කාන්තාවන්ට තම සේවය සපයමින් සිටින ඔහුගේ සායනය ඇමරිකානු FBI සංවිධානය, අන්තරායකර ඖෂධ පාලන දෙපාර්තමේන්තුව ( DEA) සහ පිලඩෙල්ෆියා පොලීසිය එක්ව වටලනවා. වෛද්‍යවරයෙක් යන නාමයට මුවාවෙලා , වගකිවයුත්තන්ගේ නොසැලකිල්ලේද පටු අරමුණුවලද ආශීර්වාදයෙන් ඔහු කරගෙන ගොස් තිබෙන විනාශය ඔවුන් දැනගන්නෙ එතනිනුයි. සායනයෙන් සොයාගන්නා දේ සහ සේවක සාක්ෂි මත ඔහුට විරුද්ධව මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ නඩු පැවරෙනවා. ප්‍රධාන වශයෙන්ම එම වැටලීම සහ නඩු විභාගය තමයි චිත්‍රපටය පුරාවට තියෙන්නෙ. දැන් ඔබට හිතෙන්න පුළුවන් නඩු විභාගයක්නං චිත්‍රපටයෙ බලන්න දෙයක් නැතුව ඇති කියල, නෑ ඒක එහෙම නෑ, ඔබ දැඩිව අපහසුතාවට පත්වන ආකාරයේ කිසිදු දර්ශනයක් නැතුවත් මෙය අපේ සිත් කම්පනය කරන්න පුළුවන් විදියට නිර්මාණය කරනවා, ගබ්සාව විදියට අපි එලියෙන් දකින දේ තුල සැඟව ඇති යථාර්ථය මේ චිත්‍රපටය තුලින් මනාව ප්‍රේක්ෂකයාට දක්වා තිබෙනවා. ඒ වගේම මෙහි සැබෑ සිදුවීම සම්බන්ධව අන්තර්ජාලයේ ඇති තොරතුරු බැලුවහම චිත්‍රපටය එම සිදුවීම් හැකි උපරිම ලෙස එලෙසම ඉදිරිපත් කරන්න උත්සාහ කරල තියන බව පේනව. සැබෑ සිදුවීම ගැන ලිපියට ඇතුලත් කරන්න හිතාහිටියත් එම තොරතුරු බලද්දි මට හිතුණ එහෙම නොකර චිත්‍රපටයෙන්ම ඒ කතාව නරඹන ඔබට දැනගන්න ඉඩදෙන එකයි වඩා හොඳ කියල. එසේම චිත්‍රපටය නරඹන ඔබ මතක ඇතුව අවසානය තෙක්ම නරඹන්න මොකද ක්‍රෙඩිට් අතරතුර මෙම සැබෑ වැටලීම අවස්ථාවේ ගනු ලැබූ ජායාරූප රාශියක් දකින්න පුළුවන් විස්තරද සමග. ඒ වගේම චිත්‍රපටය තුල අපට නොපෙනී ප්‍රධාන චරිතයක් වන, නඩු විභාගය තුල බේබි බෝයි A ලෙස නම්වන දරුවාගේ සැබෑ ඡායාරූපය ඔබට නරඹන්න පුළුවන් මෙම චිත්‍රපටයේ වෙබ් අඩවිය වන http://www.gosnellmovie.com වෙත පිවිසුණොත්. එය ඉතාම සංවේදී ඡායාරූපයක් බවත් මතක තබාගන්න. අඩවියේ Resources යන උප මෙනුව ක්ලික් කොට ලැබෙන වෙබ් පිටුවේ පහලටම ගිය විට ඡායාරූපයට අදාල ලින්ක් එක තියනවා Baby Boy A ලෙස නම් කරල. එහෙනම් ෆෙලිම් මැක්ලියර් ගේ Gosnell: The Untold Story of America's Most Prolific Serial Killer නම් කෘතිය පාදක කරගෙන නික් සර්සිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන Imdb අගය 7.0කුත්, rottentomatoes වෙතින් 57%ක අගයකුත් හිමිකරගෙන ඇති මේ චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්. මෙය නරඹන්න ඔබ වැය කරන පැයකුත් මිනිත්තු තිස් තුනක කාලය අපතේ නොයන බවත් වගකීමෙන් කියන්න පුළුවන්. මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්.

බේබි බෝයි A ගේ සැබෑ ජායාරූපය නැරඹීමට මෙතනින් පිවිසෙන්න. සංවේදී අය නැරඹීමෙන් වළකින්න.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2061
Gosnell: The Trial of America's Biggest Serial Killer
  • 720p (web)
    796.22 MB
    Download Torrent
  • 1080p (web)
    1.5 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 71

    මවිසින් ඉල්ලනු ලැබූ උපසිරසි ලබා දෙන ඔබතුමාහට
    මාගේ හෘද්‍යාංගම ස්තූතිය පලකරමි.

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2019-02-07 at 6:47 am
    Reply
  • Prabodha Unregistered User
    Android 8.1Chrome 71

    Patta story broo. Sthuthi sub ekata….

    2019-02-07 at 7:47 am
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 72

    Sabtitel ekata thanks brother ..hoda ekak wage neda blanna ona aram thank lot

    2019-02-07 at 12:12 pm
    Reply
  • Namal Ekanayake Unregistered User
    Android 4.2Chrome 66

    Thanks bro. . Theruwan saranai

    2019-02-08 at 7:09 pm
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 57

    බොහොම ස්තූතියි සහෝ

    2019-02-08 at 10:09 pm
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 71

    අති විශිෂ්ට උපසිරැසිකරණයක් ..ඉතාමත් ආසාවෙන් රස වින්දා ..මේක ගොඩාක් ගැලපෙන්නේ බුද්දිමත් ප්‍රේක්ෂකයන්ට ..මොකද සටන් නැහැ ..කතා කරන්නේ සමාජ පශ්නයක් ගැන …කෙනෙකුට හිතේවි ගොස්නෙල් හරි කියලා කෙනෙකුට හිතේවි එයා වැරදි කියලා …එය බලන ඔබ සැමට භාරයි …

    2019-02-08 at 10:20 pm
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 8.1Vivaldi 2.2

      මමත් තාම කල්පනා කරනවා , දමිත්, ගොස්නෙල් හරිද වැරදිද කියල. විශේෂයෙන්ම ගොස්නෙල්ගෙ නීතිඥවරයා අර වෛද්‍යවරියගෙන් හරස් ප්‍රශ්ණ ඇහුවට පස්සෙ කියන කතාව හින්ද.

      2019-02-09 at 11:36 pm
    • Mithun Unregistered User
      Android 8Chrome 72

      එ උනාට මිනිහට ජිවිතාන්තය දක්වා එහෙම තින්දුවක් දුන්න එක.හරිද.වැරදිද.අනේ මන්ද .

      2019-02-28 at 8:18 pm
  • හිරාන් ශාරංග Unregistered User
    Android 7Samsung Browser 8.2

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    තෙරුවන් සරණයි…!

    2019-02-11 at 5:29 am
    Reply
  • Silent$ Unregistered User
    Windows 7Chrome 71

    Pattaaaaaaaaaaa

    2019-02-12 at 9:10 am
    Reply
  • laxe Unregistered User
    Windows 7Chrome 72

    “house of cards tv series” ekata sub denna please….

    2019-02-18 at 5:49 pm
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 72

    කියන්න වචන නෑ.සැහෙන කාලෙකින් මෙවගෙ බොහොම අවදානමෙන් චිත්‍රපටයක් බැලුවෙ. ඇත්තම කතාවක් හින්ද බොක්කටම දැනුන වැඩි සිංහල වචනෙන් කිව්වොත් සහෝ.. සාමාන්‍යයෙන් මුවි එකක් බලද්දී අකුරු පවා මම නම් රිවන් කරල බලන් ණැ english එකක නම් මලාට. මෙහෙම කියන්නම් ,මෙවගෙ සිංහල පරිවර්තනයක් කරන්න මාර දැනුමක් තියෙන්න ඔනෙ මම කියන්න උස්සහ කරන්නෙ මෙ චිත්‍රපටය ,චිත්‍රපටයක් ද අපි මේ බලන්නෙ කියල හැගෙන තරමට මෙකෙ කතාකරන වචන උච්චාරණය කියල වැඩක් නැ . නියම කතාව. තැන්ක්ස් සහෝ ගොඩක්
    බැලුවෙ අදයි මෙක..

    2019-02-28 at 8:14 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1Vivaldi 2.3

      බේබි A ගෙ ෆොටෝ එක බැලුවද, මිතුන්, සයිට් එකෙන්? ඒක දැක්කම චිත්‍රපටය බැලුවම දැනෙන දුක සියගුණේකින් වැඩිවෙනවා.

      2019-03-01 at 2:19 pm
    • Mithun Unregistered User
      Android 8Chrome 72

      අන්තිමට ඔයා දිල තියෙන සයිට් එකට ගියත් මට හම්බුන් නැනෙ සහෝ කොහොමද එක බලන්නෙ හරියටම?

      2019-03-01 at 9:25 pm
    • Hasitha Prasad Junior Admin
      Windows 8.1Vivaldi 2.3

      http://www.gosnellmovie.com/babyboy/
      මේ ලින්ක් එක ක්ලික් කරන්න, එන පේජ් එකේ ලින්ක් එක තියනවා ඉමේජ් එකට.
      Very graphical හැබැයි.

      2019-03-01 at 11:42 pm
    • Mithun Unregistered User
      Android 8Chrome 72

      Thx brother .dakka😟

      2019-03-02 at 9:06 am
  • Charith Unregistered User
    Windows 7Firefox 66

    Thank you….

    2019-03-24 at 5:34 am
    Reply
  • Akalanka Unregistered User
    Android 8.1Opera 51

    Elama bro *

    2019-04-29 at 4:37 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms