• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Spanish Movies
  • Heroic Losers (2019) Sinhala Subtitle

Heroic Losers (2019) Sinhala Subtitle

2021/01/04 at 1:10 pm
Hasitha Prasad
තිත්තයාගේ වාරය

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මම කල්පනා කලා වෙනසකටත් එක්ක 2019 වසරේ නිකුත්වූ ආජන්ටිනා චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්න (ඇත්තටම මේක මම අඩක් නිමකරල පැත්තකට කරල තිබුණ එකක්) . මේ තමයි Heroic Losers(2019) චිත්‍රපටය. මෙහි ස්පාඤ්ඤ භාෂා නාමය වන්නේ La odisea de los giles වන අතර, වීරවෘතාන්ත, හාස්‍යමය, අපරාධමය යන තුන් වර්ගයට අයත් වන මෙය Sebastián Borensztein ගේ අධ්‍යක්ෂණයක්. මේ වනවිට Imdb අඩවියෙන් 7.3 අගයක්ද Rotten Tomatoes වෙතින් 100%ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 94%ක්ද දිනා ඇති මෙය අපූරු චිත්‍රපටයක් වන්නේ අවසානය මැද භාගය වනවිට සිතාගන්නට හැකි නමුත් සියුම් හාස්‍ය රසය මෙන්ම ත්‍රාසයද කැටිකරගෙන අවසානය තෙක්ම ප්‍රේක්ෂකයා තමන් වෙත ඇඳ බැඳ තබාගන්නටද සමත් වීමයි. රංගනයෙන් දායක වන්නේ : රිකාඩෝ ඩාරින් (ෆර්මින් පෙර්ලාසි), ලුයී බ්‍රැන්ඩෝනි (ඇන්තෝනියෝ ෆොන්ටානා), වෙරෝනිකා ලින්‍යා ( ලිඩියා පෙර්ලාසි), ඩැනියෙල් අරයෝස් (රෝලෝ බෙලුන්දේ),ඇන්ද්‍රෙස් පාරා (ෆෝචුනාතෝ මන්සි), ගෙර්මාන් රොඩ්‍රිගස් (ඩෙලූකා) ඇතුළු පිරිසක්. එසේම මෙය 2020 වසරේ පැවති 82වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම අන්තර්ජාතික වෘතාන්ත චිත්‍රපටය සම්මානය සඳහා ආජන්ටිනාව නියෝජනය කල නිල චිත්‍රපටයද වනවා. දැන් අපිට තියෙන්නෙ චිත්‍රපටයෙ කතාව දෙසට අවධානය යොමු කරන්නට වුණත්, මෙය ආජන්ටිනා ඉතිහාසයේ යම් ගැටලුකාරී සමයක් පසුබිම් කරගෙන දිව යන්නක් නිසා ඒ පිලිබඳ නරඹන ඔබට යම් අවබෝධයක් තිබුණොත් චිත්‍රපටයේ කතාවට ප්‍රවිෂ්ට වීමට පහසුවක් වෙනු ඇතැයි මම සිතනවා. එහෙනම් අපි බලමු ඒ ගැන..

2001 වසර අගභාගයේදී එවක ආජන්ටිනා ආර්ථික කටයුතු ඇමති ඩොමින්ගෝ කැවලෝ විසින් රටේ බැන්ක් රන් (Bank run) තත්වයක් ඇතිවීම වැලැක්වීමට යම් යම් ආර්ථික ක්‍රියාමාර්ග රැසක් ගනු ලබනවා. බෑන්ක් රන් යනු යම් බැංකුවක් බංකොලොත් තත්වයට පත්වේයැයි සැකයක් ඇතිවිට එහි මුදල් තැන්පතුකරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් එකවර තම මුදල් ආපසු ලබාගැනීමට (withdraw) තැත්කිරීමෙන් ඇතිවන ප්‍රශ්ණකාරී තත්වයයි. අපේ රටේත් යම් යම් මූල්‍ය ආයතන හා බැංකු මේ තත්වයට මුහුණ පානවා අපි දැක තිබෙනවා වරින් වර.

මේ 2002 වසරේදී පැවති බැංකු විරෝධී උද්ඝෝෂණයක්

(මෙම බැනරයේ තිබෙන්නේ "සොර බැංකු, අපේ ඩොලර් අපිට දෙනු" යන්නයි)

ඩොමින්ගෝ කැවලෝ විසින් මෙම ක්‍රියාමාර්ග ගනු ලැබීමට හේතුව කෙටියෙන් මෙන්න මේ විදියයි. 2001 වසර වනවිට ආජන්ටිනාව ණය බරින් මිරිකීගිය රටක්. රටේ ආර්ථිකය එක තැන පල්වෙන අතර(මෙම අවපාත සමය වසර තුනක් පමණ පුරාවට පවතිනවා) විනිමය අනුපාතය (exchange rate) ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක් ආජන්ටිනා පේසෝ එකක් ලෙසට පනවා තිබී තිබෙනවා නීතියෙන්ම. එයින් අපනයනයන් තරඟකාරී බවින් හීන වන අතර ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් පැවතීම අඩාලවී යනවා. බොහෝ ආජන්ටිනා ජාතිකයන් - වැඩි වශයෙන්ම සමාගම් - ආර්ථිකය කඩාවැටීමකට ලක්වේයැයි හා මුදලේ අගය අඩුව යායැයි බියෙන් පේසෝ මුදල් ඩොලර්වලට හරවා විශාල වශයෙන් බැංකුවලින් ආපසු ලබාගන්නට පටන්ගන්නවා, නැතහොත් තම විදේශ ගිනුම්වලට එම මුදල් හරවනවා. 2001 වසරේ දෙසැම්බර් පලමුවෙනි දින , මෙම මුදල් ආපසු ගැනීම නිසා බැංකු මුදල් සංචිත සිඳීයාම වළක්වාගැනීමට ආජන්ටිනා රජය සියලුම බැංකු ගිණුම් අත්හිටුවනු ලබනවා, මුලදී ඒ දින 90ක කාලයකට. ගිණුම් හිමියන්ට සතිපතා සුළු මුදල් ප්‍රමාණයක් පමණක් ලබාගැනීමට අවසර හිමිවෙනවා ( එම ප්‍රමාණය චිත්‍රපටය තුල කියවෙන නිසා මම මෙතන ඒ ගැන කියන්නෙ නෑ),ඒ පේසෝ මුදල් පමණක් තැන්පත්කර ඇති ගිණුම්වලින් පමණයි. තම තැන්පතු මුදල් ආජන්ටිනා පේසෝවලට හැරවීමට කැමැත්තක් දක්වන්නේනම් මිසක ඩොලර් තැන්පතු සහිත ගිණුම් හිමිකරුවන්ට මේ සතිපතා මුදල් ලබාගැනීමේ වරම හිමිවන්නේ නෑ. ක්‍රෙඩිට් කාඩ්පත්, ඩෙබිට් කාඩ්පත්, චෙක්පත් හා අනෙකුත් ගෙවීම් ක්‍රමවලට කිසිදු තහංචියක් නොපැනවුනත්, මුදල් ගැවසීම මදිවීම නිසා සාමාන්‍ය ජනයාටත් ව්‍යාපාරවලටත් දැඩි ගැටලුවලට මුහුණ පාන්නට සිදුවෙනවා. මෙම මූල්‍යමය නීතිවලට ආජන්ටිනා ජාතිකයන් ලබාදුන් නාමය වූයේ "corralito (කොරලිතෝ)" යන්නයි, එනම් ස්පාඤ්ඤ බසින් සත්ව කොටුව යන්නයි. එම නිසා මේ කාලසමය කොරලිතෝ ලෙස හඳුන්වනවා.

මේ මූල්‍ය නීති වැඩිකල් නොගොස්ම ආණ්ඩු විරෝධයක් බවට පත්වන අතර, ජනතාව නීති නොතකා බැංකුවලින් තව තවත් මුදල් ලබාගන්නට යන අතර, එයින් වැඩි පිරිසක් තම තැන්පතු තමන්ට ලබාගන්නට ඇති අයිතිය වෙනුවෙන් නඩු මගට පිවිසෙනවා. වසර තුනක් පමණ පුරාවට පවතින මෙම සමයට යම්තම් පෙර කාලයකිනුයි චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නේ. මේ සමයෙ ආජන්ටිනාවේ කඋඩා නගරයක සිටින හිතවතුන් පිරිසක් ඉහලින් සඳහන් කල නීතිය හේතුවෙන් සිදුකෙරෙන බැංකු වංචාවකට හසුවනවා, කාලයකට පසු ඔවුන්ට දැනගන්නට ලැබෙනවා තමන්ට අහිමිවූ මුදල වංචාකරුවන් විසින් යම් තැනක සඟවා තබාගෙන සිටින බව, පසුව මේ පිරිස එක්ව එය ආපහු ලබාගැනීමට කරන සැලසුමයි චිත්‍රපටයෙන් අපිට දකින්නට ලැබෙන්නේ.

අන්තර්ජාලයේ ඇති සියලුම Blu-ray පිටපත් සියල්ලටම ලබාදී ඇති උපසිරැසිය ගැලපේ ක්‍රෙඩිට් දර්ශනයක්ද ඇති බැවින් අවසානය තෙක් නරඹන්න  
සිංහල උපසිරැසිය ලබා ගන්න 1231

Download Links:

පිටපත (Torrent)
Heroic Losers
  • 720p (bluray)
    1.04 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.13 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Hashan Unregistered User
    Android 9Chrome 80

    බොහොම ස්තූතියි හසිත මේ වගේ වෙන වෙන භාෂාවල ෆිල්ම්වවලට සබ් දෙන එකට :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

    2021-01-05 at 1:04 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 84

      බොහොම ස්තූතියි, හෂාන්. ඊලඟට කොරියන් එකක් :slight_smile:

      2021-01-05 at 3:20 pm
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 87

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-01-05 at 6:54 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 84

      බොහොම ස්තූතියි, Kantha :slight_smile:

      2021-01-05 at 3:19 pm
  • ශාන් වික්‍රමතිලක Unregistered User
    Android 10Chrome 87

    හසිත සහෝදරයා, නෝලන්ගෙ TENET චිත්‍රපටයට ඔයාගෙ උපසිරැසියක් දෙන්නකො. දැනට තියෙන සිංහල උපසිරැසිත් එක්ක බැලුවට තේරුම්ගන්න අමාරුයි.පුලුවන්නම් (අනිවාර්යයෙන්) දෙන්න බලන්න.:slight_smile:

    2021-01-05 at 9:13 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 84

      TENET බැලුවට මට තේරුණෙත් නැද්ද මන්ද :grin:. ආයිත් සැරයක් බලන්න ඉන්නෙ. බලල උපසිරැසිය දෙන්නම්, ශාන්.

      2021-01-05 at 3:18 pm
    • ශාන් වික්‍රමතිලක Unregistered User
      Windows 10Chrome 87

      බොහොම ස්තූතියි.

      2021-01-05 at 4:34 pm
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 84

      TENET අප්ලෝඩ් කලා, ශාන්. බලන්න දැන් තේරෙනවද කියල. ලිපිය කියවන්න මතක ඇතුව.

      2021-01-14 at 2:35 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms