Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Adventure
  3. Heroic Losers (2019) Sinhala Subtitle

Heroic Losers (2019) Sinhala Subtitle

January 04, 2021 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.3
GENRES
AdventureComedyCrimeDramaGenresHistoryMoviesSpanish MoviesThriller
CAST

Ricardo Darín,Luis Brandoni,Verónica Llinás,Daniel Aráoz

තිත්තයාගේ වාරය

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මම කල්පනා කලා වෙනසකටත් එක්ක 2019 වසරේ නිකුත්වූ ආජන්ටිනා චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්න (ඇත්තටම මේක මම අඩක් නිමකරල පැත්තකට කරල තිබුණ එකක්) . මේ තමයි Heroic Losers(2019) චිත්‍රපටය. මෙහි ස්පාඤ්ඤ භාෂා නාමය වන්නේ La odisea de los giles වන අතර, වීරවෘතාන්ත, හාස්‍යමය, අපරාධමය යන තුන් වර්ගයට අයත් වන මෙය Sebastián Borensztein ගේ අධ්‍යක්ෂණයක්. මේ වනවිට Imdb අඩවියෙන් 7.3 අගයක්ද Rotten Tomatoes වෙතින් 100%ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 94%ක්ද දිනා ඇති මෙය අපූරු චිත්‍රපටයක් වන්නේ අවසානය මැද භාගය වනවිට සිතාගන්නට හැකි නමුත් සියුම් හාස්‍ය රසය මෙන්ම ත්‍රාසයද කැටිකරගෙන අවසානය තෙක්ම ප්‍රේක්ෂකයා තමන් වෙත ඇඳ බැඳ තබාගන්නටද සමත් වීමයි. රංගනයෙන් දායක වන්නේ : රිකාඩෝ ඩාරින් (ෆර්මින් පෙර්ලාසි), ලුයී බ්‍රැන්ඩෝනි (ඇන්තෝනියෝ ෆොන්ටානා), වෙරෝනිකා ලින්‍යා ( ලිඩියා පෙර්ලාසි), ඩැනියෙල් අරයෝස් (රෝලෝ බෙලුන්දේ),ඇන්ද්‍රෙස් පාරා (ෆෝචුනාතෝ මන්සි), ගෙර්මාන් රොඩ්‍රිගස් (ඩෙලූකා) ඇතුළු පිරිසක්. එසේම මෙය 2020 වසරේ පැවති 82වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම අන්තර්ජාතික වෘතාන්ත චිත්‍රපටය සම්මානය සඳහා ආජන්ටිනාව නියෝජනය කල නිල චිත්‍රපටයද වනවා. දැන් අපිට තියෙන්නෙ චිත්‍රපටයෙ කතාව දෙසට අවධානය යොමු කරන්නට වුණත්, මෙය ආජන්ටිනා ඉතිහාසයේ යම් ගැටලුකාරී සමයක් පසුබිම් කරගෙන දිව යන්නක් නිසා ඒ පිලිබඳ නරඹන ඔබට යම් අවබෝධයක් තිබුණොත් චිත්‍රපටයේ කතාවට ප්‍රවිෂ්ට වීමට පහසුවක් වෙනු ඇතැයි මම සිතනවා. එහෙනම් අපි බලමු ඒ ගැන..

2001 වසර අගභාගයේදී එවක ආජන්ටිනා ආර්ථික කටයුතු ඇමති ඩොමින්ගෝ කැවලෝ විසින් රටේ බැන්ක් රන් (Bank run) තත්වයක් ඇතිවීම වැලැක්වීමට යම් යම් ආර්ථික ක්‍රියාමාර්ග රැසක් ගනු ලබනවා. බෑන්ක් රන් යනු යම් බැංකුවක් බංකොලොත් තත්වයට පත්වේයැයි සැකයක් ඇතිවිට එහි මුදල් තැන්පතුකරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් එකවර තම මුදල් ආපසු ලබාගැනීමට (withdraw) තැත්කිරීමෙන් ඇතිවන ප්‍රශ්ණකාරී තත්වයයි. අපේ රටේත් යම් යම් මූල්‍ය ආයතන හා බැංකු මේ තත්වයට මුහුණ පානවා අපි දැක තිබෙනවා වරින් වර.

මේ 2002 වසරේදී පැවති බැංකු විරෝධී උද්ඝෝෂණයක්

(මෙම බැනරයේ තිබෙන්නේ “සොර බැංකු, අපේ ඩොලර් අපිට දෙනු” යන්නයි)

ඩොමින්ගෝ කැවලෝ විසින් මෙම ක්‍රියාමාර්ග ගනු ලැබීමට හේතුව කෙටියෙන් මෙන්න මේ විදියයි. 2001 වසර වනවිට ආජන්ටිනාව ණය බරින් මිරිකීගිය රටක්. රටේ ආර්ථිකය එක තැන පල්වෙන අතර(මෙම අවපාත සමය වසර තුනක් පමණ පුරාවට පවතිනවා) විනිමය අනුපාතය (exchange rate) ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක් ආජන්ටිනා පේසෝ එකක් ලෙසට පනවා තිබී තිබෙනවා නීතියෙන්ම. එයින් අපනයනයන් තරඟකාරී බවින් හීන වන අතර ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් පැවතීම අඩාලවී යනවා. බොහෝ ආජන්ටිනා ජාතිකයන් – වැඩි වශයෙන්ම සමාගම් – ආර්ථිකය කඩාවැටීමකට ලක්වේයැයි හා මුදලේ අගය අඩුව යායැයි බියෙන් පේසෝ මුදල් ඩොලර්වලට හරවා විශාල වශයෙන් බැංකුවලින් ආපසු ලබාගන්නට පටන්ගන්නවා, නැතහොත් තම විදේශ ගිනුම්වලට එම මුදල් හරවනවා.
2001 වසරේ දෙසැම්බර් පලමුවෙනි දින , මෙම මුදල් ආපසු ගැනීම නිසා බැංකු මුදල් සංචිත සිඳීයාම වළක්වාගැනීමට ආජන්ටිනා රජය සියලුම බැංකු ගිණුම් අත්හිටුවනු ලබනවා, මුලදී ඒ දින 90ක කාලයකට. ගිණුම් හිමියන්ට සතිපතා සුළු මුදල් ප්‍රමාණයක් පමණක් ලබාගැනීමට අවසර හිමිවෙනවා ( එම ප්‍රමාණය චිත්‍රපටය තුල කියවෙන නිසා මම මෙතන ඒ ගැන කියන්නෙ නෑ),ඒ පේසෝ මුදල් පමණක් තැන්පත්කර ඇති ගිණුම්වලින් පමණයි. තම තැන්පතු මුදල් ආජන්ටිනා පේසෝවලට හැරවීමට කැමැත්තක් දක්වන්නේනම් මිසක ඩොලර් තැන්පතු සහිත ගිණුම් හිමිකරුවන්ට මේ සතිපතා මුදල් ලබාගැනීමේ වරම හිමිවන්නේ නෑ. ක්‍රෙඩිට් කාඩ්පත්, ඩෙබිට් කාඩ්පත්, චෙක්පත් හා අනෙකුත් ගෙවීම් ක්‍රමවලට කිසිදු තහංචියක් නොපැනවුනත්, මුදල් ගැවසීම මදිවීම නිසා සාමාන්‍ය ජනයාටත් ව්‍යාපාරවලටත් දැඩි ගැටලුවලට මුහුණ පාන්නට සිදුවෙනවා. මෙම මූල්‍යමය නීතිවලට ආජන්ටිනා ජාතිකයන් ලබාදුන් නාමය වූයේ “corralito (කොරලිතෝ)” යන්නයි, එනම් ස්පාඤ්ඤ බසින් සත්ව කොටුව යන්නයි. එම නිසා මේ කාලසමය කොරලිතෝ ලෙස හඳුන්වනවා.

මේ මූල්‍ය නීති වැඩිකල් නොගොස්ම ආණ්ඩු විරෝධයක් බවට පත්වන අතර, ජනතාව නීති නොතකා බැංකුවලින් තව තවත් මුදල් ලබාගන්නට යන අතර, එයින් වැඩි පිරිසක් තම තැන්පතු තමන්ට ලබාගන්නට ඇති අයිතිය වෙනුවෙන් නඩු මගට පිවිසෙනවා. වසර තුනක් පමණ පුරාවට පවතින මෙම සමයට යම්තම් පෙර කාලයකිනුයි චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නේ. මේ සමයෙ ආජන්ටිනාවේ කඋඩා නගරයක සිටින හිතවතුන් පිරිසක් ඉහලින් සඳහන් කල නීතිය හේතුවෙන් සිදුකෙරෙන බැංකු වංචාවකට හසුවනවා, කාලයකට පසු ඔවුන්ට දැනගන්නට ලැබෙනවා තමන්ට අහිමිවූ මුදල වංචාකරුවන් විසින් යම් තැනක සඟවා තබාගෙන සිටින බව, පසුව මේ පිරිස එක්ව එය ආපහු ලබාගැනීමට කරන සැලසුමයි චිත්‍රපටයෙන් අපිට දකින්නට ලැබෙන්නේ.

අන්තර්ජාලයේ ඇති සියලුම Blu-ray පිටපත් සියල්ලටම ලබාදී ඇති උපසිරැසිය ගැලපේ

ක්‍රෙඩිට් දර්ශනයක්ද ඇති බැවින් අවසානය තෙක් නරඹන්න

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2650 වාරයක්
Download Links
TOR
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p bluray 1.04 GB
GET
1080p bluray 2.13 GB
GET
Discussion (8)
  • Hashan Unregistered
    Android 9 Chrome 80
    2021-01-05

    බොහොම ස්තූතියි හසිත මේ වගේ වෙන වෙන භාෂාවල ෆිල්ම්වවලට සබ් දෙන එකට :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2021-01-05

      බොහොම ස්තූතියි, හෂාන්. ඊලඟට කොරියන් එකක් :slight_smile:

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 87
    2021-01-05

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2021-01-05

      බොහොම ස්තූතියි, Kantha :slight_smile:

  • ශාන් වික්‍රමතිලක Unregistered
    Android 10 Chrome 87
    2021-01-05

    හසිත සහෝදරයා, නෝලන්ගෙ TENET චිත්‍රපටයට ඔයාගෙ උපසිරැසියක් දෙන්නකො. දැනට තියෙන සිංහල උපසිරැසිත් එක්ක බැලුවට තේරුම්ගන්න අමාරුයි.පුලුවන්නම් (අනිවාර්යයෙන්) දෙන්න බලන්න.:slight_smile:

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2021-01-05

      TENET බැලුවට මට තේරුණෙත් නැද්ද මන්ද :grin:. ආයිත් සැරයක් බලන්න ඉන්නෙ. බලල උපසිරැසිය දෙන්නම්, ශාන්.

    • ශාන් වික්‍රමතිලක Unregistered
      Windows 10 Chrome 87
      2021-01-05

      බොහොම ස්තූතියි.

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2021-01-14

      TENET අප්ලෝඩ් කලා, ශාන්. බලන්න දැන් තේරෙනවද කියල. ලිපිය කියවන්න මතක ඇතුව.

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 541
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved