Matchbox (2026)
කුඩා කාලයේ සෙල්ලම් කාර් එකට ආදරය කරපු යහළුවන් පස්දෙනෙක්ගේ සුන්දර මතකයන් එක්ක කතාව පටන්ගන්නවා. ශෝන්, ඒමී, ටෙඩ්, ක්‍රොස්බි සහ ෂාමේන් කියන යාළුවෝ පස්දෙනා පුංචි කාලයේදී නොබිඳෙන බැඳීමකින් එකතු වෙලා හිටියත්, ශෝන්ගේ තාත්තාට ලැබෙන අලුත් රැකියාව නිසා ශෝන්ට හදිසියේම නගරයෙන් යන්න සිද්ධ වෙනවා. තමන්ගේ ආදරය ඒමීට කියන්නවත් වෙලාවක් නැතිව ශෝන් වෙන් වෙලා යනවා.
අවුරුදු විසිඅටකට පස්සේ, මේ හැමෝම තමන්ගේම රැකියාවල නිරත වෙමින් ලොකු මහත් වෙලා ඉන්නවා. ටෙඩ් විද්‍යා ගුරුවරයෙක් වෙන අතරේ, ක්‍රොස්බි බරපතල යන්ත්‍රසූත්‍ර ක්‍රියාකරවන්නෙක් වෙනවා. ෂාමේන් හෙලිකොප්ටර් නියමුවරියක් වෙන අතරේ ඒමී මෝටර් රථ ධාවන ශූරියක් බවට පත් වෙනවා. ශෝන් රහසිගතව සීඅයිඒ සංවිධානයේ ප්‍රබල රහස් ඔත්තුකරුවෙක් බවට පත් වෙලා ඉන්නවා.
ඒමීගේ මාමාගේ මළගෙදර වෙනුවෙන් ශෝන් නැවතත් තමන්ගේ පරණ ගමට පැමිණෙනවා. අවුරුදු ගණනාවකට පස්සේ පරණ යාළුවෝ පස්දෙනා එකතු වෙලා අතීතය මතක් කරමින් මත්පැන් වීදුරුවක් බොන්න තීරණය කරනවා. නමුත් ඒ මත්පැන්වලට සෙඩේටිව් ඖෂධයක් එකතු කරලා තිබුණු නිසා හැමෝම සිහිය නැති වෙලා ඇදගෙන වැටෙනවා.
එයාලට සිහිය එද්දී එයාලා ඉන්නේ ගුවනින් ගමන් කරන විශාල හමුදා ප්‍රවාහන යානයක් ඇතුළේ. ශෝන් පස්සෙන් ආපු භයානක සතුරන් පිරිසක් විසින් ශෝන්ගේ රහස් මෙහෙයුමට මේ යාළුවොත් සම්බන්ධයි කියලා හිතලා එයාලව පැහැරගෙන ඇවිත් තියෙනවා. සතුරන්ගේ අරමුණ වෙන්නේ සොරාගන්නා ලද න්‍යෂ්ටික අවියක් භාවිත කරලා විශාල පිරිසක් ඝාතනය කරමින් මහා යුද්ධයක් ආරම්භ කිරීමයි.
සාමාන්‍ය සිවිල් වැසියන් වන අනිත් යාළුවෝ හතරදෙනා ආරම්භයේදී බියට පත් වුණත්, තමන්ගේ යහළුවා වන ශෝන්ව බේරාගන්න සහ ලෝකය මහත් විනාශයකින් බේරාගන්න එකතු වෙනවා. ටෙඩ් තමන්ගේ විද්‍යාත්මක දැනුම භාවිතා කරන අතරේ, ෂාමේන් හෙලිකොප්ටර් පැදවීමේ හැකියාවත්, ඒමී වේගවත් රථ ධාවන හැකියාවත්, ක්‍රොස්බි තමන්ගේ ශාරීරික ශක්තියත් යොදාගන්නවා.
අධික වේගයෙන් සිදුවන වාහන හඹායාම්, දරුණු වෙඩි තැබීම් සහ මාරාන්තික සටන් මැද මේ පස්දෙනා සතුරන්ගේ සියලු සැලසුම් අසාර්ථක කරනවා. අවසානයේදී එකමුතුකම සහ පැරණි මිත්‍රත්වයේ ශක්තිය භාවිත කරලා, න්‍යෂ්ටික බෝම්බය අක්‍රිය කරලා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත බේරාගන්න එයාලට පුළුවන් වෙනවා. සියලු අභියෝග ජයගෙන මේ පරණ යාළුවෝ පස්දෙනා නැවතත් එකතු වෙමින් කතාව අවසන් වෙනවා.