Midnight, Texas (2017) [S01 : E09] Sinhala Subtitle

October 23, 2018 Expert Subtitler

කොහොමද කට්ටියට ඉතින්. ඔන්න මම අද Midnight, Texas වල පලවෙනි කතා සමයේ අන්තිම කොටසට කලින් කොටස ගෙනාවා. ඉතින් පරක්කු වුණා නම් සමාවෙන්න. කට්ටිය වැඩිය බලන්නේ නැති නිසා තමයි ටිකක් අතහැරලා හිටියේ. කොහොම නමුත් මේ 27 වෙනිදා දෙවෙනි කතා සමයේ පලවෙනි එපිය ඒමට නියමිතයි. ඉතින් මම කල්පනා කරා ඒක එන්න කලින් කොහොමහරි මේක දෙන්න ඕන කියලා.ඉතින් මේ කොටසේ නම තමයි Riders on the Storm (කුණාටු පදවන්නන්). ඉතින් මේ කොටසේ IMDB Rate එක 8.3 වගේ හොඳ අගයක් ගන්න මේ කොටස සමත් වෙලා තියනවා.එහෙම නම් අපි දැන් ගිය කොටස දිහාවට හැරෙමු.

හොඳයි ඔයාලා ගිය කොටසේදී දකින්න ඇති තීරය විනාශ වෙන්න මුල පුරන හැටි. ඒක නිසා අධි ස්වභාවික බලයන් තියන අයට වගේම සාමන්‍ය මිනිස්සුන්ටත් තමන්වම කොල්කොනාර්ට පූජා කර ගන්න එයා කට්ටියට හිතන්න සලස්වනවා. ඒ වගේම අපි දැක්කා වෙනත් කෙනෙක්ගේ මුහුණු ගන්න පුළුවන් ශේෆ් ශිෆ්ටර් වගේ කෙනෙක්වත්. මැන්ෆ්‍රඩ් මැරුණ අයගේ ආත්ම වලට කියලා එයාව අපායට ඇද ගෙන යන්න කිව්වත් අන්තිමට පූජාව සිදු වෙන හැටිත් අවසානෙට අපි දැක ගත්තා. ඒ වගේම ඔල්වියා සහ අපේ වැම්පයර් අයියා වන් ලෙම්ගේ ගැටුම නිසා දෙන්නා තරහ වෙනවාත් දැක්කා. ඒ වගේම අපේ ක්‍රීක් අක්කා තමන්ටම පිහියෙන් ඇන ගන්න ගිහිල්ලා මැන්ෆ්‍රඩ් ඇවිල්ලා බේරා ගන්නවත් දැක්කා. ඒ වගේම මැන්ෆ්‍රඩ් ගේ ආච්චි අම්මා ස්ලයිඩා එයාව බැඳලා තිබ්බ බාධකේ ඉවත් වෙලා මැන්ෆ්‍රඩ්ටත් උදව් කරලා එයා මළවුන්ගේ ලෝකයට යන හැටිත් දැක්කා.

අද කොටස දිහා බැලුවොත් ඔයාලට ෆීජී ගේ අතීතය කොහොම වගේ එකක්ද කියලා බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම අපිට දැන ගන්න පුළුවන් වෙනවා ඇයි කොල්කොනාර් ෆීජීගේ පස්සෙන් එන්නේ කියලා.කොහොමහරි අවසානෙට තීරය වහලා දාන හැටි මැන්ෆ්‍රඩ් හොයා ගන්න හැටිත් මේ කොටසේදී ඔයාලට දකින්න පුළුවන්. ඉතින් ඒ කොහොමද අන්තිමට මොකද වෙන්නේ කියලත් ඔයාලටම කතාව බලලා දැන ගන්න කියලා ආරධනා කරනවා.

එහෙනම් මම යනවා. Sub එකේ අවුලක් එහෙම තිබ්බොත් ඒවා ඔය Comment එකකින් කියා ගෙන යන්න කියලත් කියනවා. එහෙනම් අන්තිම කොටසින් හෙට මුණ ගැසෙමු. මම ගියා. ඔයාලට ජය වේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (2)
  • geeganagamage Unregistered
    Windows 7 Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,

  • Dineth Unregistered
    Windows 8.1 UC Browser 7

    season 2 sub oniiiiiiiii

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search