Midnight, Texas (2017) [S01 : E10] Sinhala Subtitle

October 28, 2018 Expert Subtitler

කන්‍යා පූජාව…

කොහොමද ඉතින් කට්ටියටම. ටිකක් සමාවෙන්න පරක්කු වුණාට. හොඳයි කට්ටිය මේ කොටස නම් වෙලා තියෙන්නේ The Virgin Sacrifice කියලා. ඉතින් මේ කොටසේ IMDB Rate එක 8.3 වගේ ඉතා ඉහල හොඳ අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම විකාශය වෙලා තියෙන්නේ 2017 සැප්තැම්බර් 18. එහෙනම් කතාව පැත්තට හැරෙමු.

හොඳයි ඔයාලා ගිය කොටසින් දකින්න ඇති, තීරය විවෘත වෙන්න කලින් කුණාටුවක් එනවා. ඒ වගේම මැන්ෆ්‍රඩ් ක්‍රීක්ට කියනවා ඒ නිසා යන්න කියලා. ඒ වගේම එයා ඉතින් එහෙන් යනකොට කාර් එක හැප්පිලා පස්සේ ඒකත් හදාගෙන ආපහු එනවා. ඒ වගේම මිඩ්නයිට් වල ඉන්න අපේ කස්ටිය කොහොමහරි  අපේ ලෙම් වැම්පයර් අයියාවත් අරෙගන ඒ වගේම අපේ ෆීජී අක්කවත් අරගෙන කුණාටුවෙන් බේරෙන්න කියලා වෙන තැනකට යනවා. ඒ වගේම ෆීජී අන්තිම මොහොතේ යන්න අදි මදි කරනවා මොකද අපේ ෆීජී අක්කගේ පූස් තඩියා නැති නිසා. ඒ වගේම කොහොමහරි මැන්ෆ්‍රඩ් ෆීජීට යන්න කියලා එයා කොහොමහරි හරි පූස් තඩියව හොයා ගන්නවා. එත් ඔයාලා දකින විදිහට එයාට කාර් එක ලඟට යන්න බැහැ අවතාරයක් එහා දිහාට එනවා. පස්සේ අපේ ක්‍රීක් මෙන්න මේ වේලාවට ඇවිල්ලා මැන්ෆ්‍රඩ් වත් දාගෙන එතිනි චුත වෙලා යන හැටිත් ඔයාල දකින්න ඇති .එයාල කොච්චර දුර ගියත් අන්තිමේට කුණාටුව එයාලා පස්සේ එන හැටිත් ඔයාලා දකින්න ඇති. පස්සේ ෆීජී කියනවා ඒක එන්නේ එයා පස්සේ මොකද කොල්කොනාර්ට එයාව ඕන නිසා වගේම එයා කන්‍යාවියක් කියලා. ඔයා දකින්න ඇති ෆීජීගේ අතීත කතාවේ අර ජෙරෙමිට මොකද වුනේ කියලා. ඒ නිසා එයාලා ඒ කරන්න හැදුවත් ෆීජීගේ හැඟීම් පාලනය කර ගන්න බැරුව ෆීජී ජෙරෙමිව මරනවා. ඒ වගේම එයාලා අර බාර් එකට ගිහිල්ලා කොහොමහරි ජිප්සී සහ මායාකාරියන්ගේ මායාකර්ම දෙකක් එකට එකතු කරලා අඳුරු මායාවක් හදාගෙන මැන්ෆ්‍රඩ්ව මැරුණු අයගේ ලෝකයට යවනවා. එත් එක්කම කට්ටියම හිතන්නේ අපේ ස්නගලි පූසාව මැරෙන්න ඕනේ කියලා හැබැයි මැන්ෆ්‍රඩ් නේ මරුනේ කියලා. ඉතින් කට්ටිය ඔය අතරේ අඬන කොට ෆීජී බය වෙලා එලියට යනවා. ඒ වගේම අර ජෙරෙමි ආපහු මිනී වලෙන් නැගිටලා ඇවිත් කියනවා ෆීජීට ඔයා නැත්නම් අර කට්ටිය හැමෝම ජීවත් වෙයි කියලා ඒ වගේම එයාට කොල්කොනාර් ගාවට යන්න කියලත්. ඒ වගේම අනිතිමට මැන්ෆ්‍රඩ් අර කටෝරි කියන ශාමන් නැත්නම් යක්දුරාව හොයාගෙන තීරය වහන්න මොකක්ද කරන්න ඕනේ කියලත් අහගෙන ආපහු එනවා. ඒ එනකොට ඉතින් ෆීජී නැහැ කියලා එයාලා දැන ගන්නවා.

ඉතින් අද කොටසේ ඔයාලට ලස්සනම ලස්සන ආදර කතා ගනනාවක් වෙන හැටිත්,පස්සේ යනකොට හොඳ මගුලකුත් බලා ගන්න පුළුවන් වෙයි.ඒ වගේම අපේ මැන්ෆ්‍රඩ් කොල්කොනාර් මොනවා කරයිද සහ ෆීජීට මොනවා වෙයිද කියලත් ඔයාලම කතාව බලලා දැන ගන්න කියලා කියනවා.

Midnight Texas පලවෙනි කතා සමය මෙතනින් අවසානයි!

ඉතින් ස්තුති කරන්න ඕනේ මුලින්ම අපේ කවීෂ අයියට මට මේ කතාව අවසන් කරන්න ඉඩ ලබා දීම ගැන. ඒ වගේම මීට කලින් පලවෙනි එපි හයේ Sub ටික කරපු අපේ පුබුදු සම්පත් සහෝදරයාටත් ස්තුති කරන්න මේක අවස්තාවක් කර ගන්නවා.

හොඳයි කට්ටිය එහෙනම් මම යනවා. දෙවෙනි කතා සමය ඕනේ නම් කට්ටිය Commnet කරන්න. ඒ වගේම මට දෙන්න පුළුවන් නම් එකේ පලවෙනි කොටස විතරයි. ඉතිරිය කර ගෙන යන්න තාම මට සහෝදරයෙක් හමු වුනේ නැහැ. ඒ නිසා පුළුවන් කමක් තිබ්බොත් අපේ අඩවියේ තවත් සහෝදරයෙක්ට මේක දෙන්නම්. නැත්නම් ඉතින් ඔයාලට ඊළඟ අවුරුද්ද වෙනකම් ඉවසන්න වෙනවා. ඒ වගේම මොකද අපේ ඇඩ්මින් මඩුල්ල කිව්වා එක එපියකට විතරක් දීලා නවත්වන්න එපා කියලා. එත් ඔයාලා කැමති නම් පලවෙනි එකට හරි මම Sub එක දෙන්නම් ඔයාලට ඕනේ නම්. හැබැයි ඒක දුන්නට පස්සේ වෙනත් සහෝදරයෙක්ව සම්බන්ධ කර ගැනීමට නොහැකි වුනොත් ඔයාලට ටික කාලයක් බලං ඉන්න වෙනවා. ඒ නිසා ඒ ගැන අදහස ඔයාලා Comment Section එකේ දාලා යන්න.

 එහෙනම් මම ගියා. ඔයාලට ජය වේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (1)
  • devinda Unregistered
    Windows 7 Chrome 76

    Sub Tika Gaththa Malli…Gdk Pin Dennatama….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search