My Son (2021) Sinhala Subtitle

September 19, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad
මා පුතු

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ නාට්‍යමය, අභිරහස්, ත්‍රාසජනක ඝනයට අයත්වෙන ඇමරිකා-බ්‍රිතාන්‍ය සම නිෂ්පාදනයක් නිමවූ චිත්‍රපටයක සිංහල උපසිරැසිය ඔබ වෙත ගෙන ඒමටයි. මෙය නමින් My Son(2021). ක්‍රිස්ටියන් කැරියන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙය ඔහුගේම Mon garçon (2017) නම් ප්‍රංශ චිත්‍රපටයේ ඉංග්‍රීසි භාෂා ප්‍රතිනිර්මාණය. පුරා හෝරාවකුත් මිනිත්තු 35ක ධාවන කාලයකින් යුත් මෙයට රංගනයෙන් දායක වන්නෙ ජේම්ස් මැක්ඇවොයි (එඩ්මන්ඩ් මරේ), ක්ලෙයා ෆෝ( ජොආන් රිච්මන්ඩ්), ටොම් කලන් (ෆ්‍රෑන්ක්), ගැරී ලුවිස් (ඉන්ස්පෙක්ටර් රෝයි), ඕවන් විට්ලො ( ෆර්ගස්), මයිකල් මෝලන්ඩ් (විලියම් ඔ’කොනර්), පෝල් රැටරි (ස්ටීවන්), මැක්ස් විල්සන් (ඊතන් මරේ) ඇතුළු පිරිසක්. මේ වනවිට (2021:09:21) මෙය IMDb වෙතින් 6.1ක අගයක් ලබා ඇති අතර ගූගල් පරිශීලක ප්‍රසාද මට්ටම සටහන් වන්නේ 76%ක් ලෙසයි. මෙහි කතාව පැත්තට යමු අපි දැන්…

එඩ්මන්ඩ් මරේ, ඔහු වෘතියෙන් තෙල් බිම්වල රාජකාරියේ නිරතවන්නෙක්. රැකියාව නිසා නිතර විදේශ ගතව සිටින ඔහුට නැවත තම මව්රටට එන්නට සිදුවෙනවා තම හිටපු බිරිඳගෙන් ලැබෙනවා ඇමතුමක් නිසා. ඒ පාසල් කඳවුරු බිමක සිටියදී තම සත් වියැති කුඩා පුත්‍රයා අතුරුදන් යැයි පවසමින්. වැඩි කාලයක් නොගොස්ම එය පැහැරගැනීමක් යැයි විශ්වාස කරන්නට සිදුවෙනවා මරේ හට. යම් බාහිර බාධක අතරේ ඔහු තම පුත්‍රයා සොයාගන්නට දරන වෑයමයි චිත්‍රපටයෙන් අපිට දකින්නට ලැබෙන්නේ. එහෙනම් ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම…

ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම WEB පිටපත් සඳහා ගැලපේ.

විශේෂ : –
මෙහි රූගත කිරීම් අතරතුර අනෙකුත් සියලු දෙනාට පිටපතේ දෙබස් කියවීමේ අවස්ථාව ලබාදී ඇතත් ජේම්ස් මැක්ඇවෝයි හට පිටපත ලබාදී නැති බව කියවෙනවා. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඔහුට තැනට සුදුසු ලෙස දෙබස් භාවිත කිරීමට සැලැස්වීම මගින් යම් තාත්විකභාවයක් චිත්‍රපටයට ලබා ගැනීම. එසේම මෙහි මුල් නිර්මාණය වන Mon garçon (2017) හි එම චරිතය රඟදැක්වූ Guillaume Canetහටත් පිටපත ලබාදී තිබී නෑ රූගතකිරීම් අතරතුර.

Available Torrents
720p bluray 880.07 MB
1080p bluray 1.77 GB
720p web 878.04 MB
1080p web 1.76 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (9)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 93

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  • ක්‍රිශාන්ත Unregistered
    Android 11 Chrome 93

    ස්තුතිය :pray: සබ් එකට
    ……

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 93

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  • FREEMAN MH User
    Android 11 Chrome 93

    එකෙත් හැටි.. මන් මෙ මුවී එකේ subtitle හොය හොය හිටියෙ.. හොඳ එව්වා best අයගෙන්…:heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::pray::pray::pray::pray: thank bro….god bls

  • Hashan Unregistered
    Windows 10 Chrome 93

    Thanks saho sub ekata..
    The Card Counter (2021)
    The Guilty (2021)
    Me film walatath sub dennako please.

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 92

      බලමු, හෂාන්. The Guilty නං මම ඔරිජිනල් ඩෙන්මාර්ක් එක බලල තියනව. ඒ හින්ද බැලුවෙ නෑ. The Card Counter මම බලන්නං.

    • Hashan Unregistered
      Windows 10 Chrome 94

      Thanks saho. :heart_eyes:

  • sajithk Unregistered
    Windows 10 Chrome 96

    Eng sub ekak ne thiyenne Bro

  • Sheshank amajith Unregistered
    Android 11 Chrome 104

    සබ් එක වැඩ නෑනෙ අයියේ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search