ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ නාට්‍යමය, අභිරහස්, ත්‍රාසජනක ඝනයට අයත්වෙන ඇමරිකා-බ්‍රිතාන්‍ය සම නිෂ්පාදනයක් නිමවූ චිත්‍රපටයක සිංහල උපසිරැසිය ඔබ වෙත ගෙන ඒමටයි. මෙය නමින් My Son(2021). ක්‍රිස්ටියන් කැරියන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙය ඔහුගේම Mon garçon (2017) නම් ප්‍රංශ චිත්‍රපටයේ ඉංග්‍රීසි භාෂා ප්‍රතිනිර්මාණය. පුරා හෝරාවකුත් මිනිත්තු 35ක ධාවන කාලයකින් යුත් මෙයට රංගනයෙන් දායක වන්නෙ ජේම්ස් මැක්ඇවොයි (එඩ්මන්ඩ් මරේ), ක්ලෙයා ෆෝ( ජොආන් රිච්මන්ඩ්), ටොම් කලන් (ෆ්‍රෑන්ක්), ගැරී ලුවිස් (ඉන්ස්පෙක්ටර් රෝයි), ඕවන් විට්ලො ( ෆර්ගස්), මයිකල් මෝලන්ඩ් (විලියම් ඔ’කොනර්), පෝල් රැටරි (ස්ටීවන්), මැක්ස් විල්සන් (ඊතන් මරේ) ඇතුළු පිරිසක්. මේ වනවිට (2021:09:21) මෙය IMDb වෙතින් 6.1ක අගයක් ලබා ඇති අතර ගූගල් පරිශීලක ප්‍රසාද මට්ටම සටහන් වන්නේ 76%ක් ලෙසයි. මෙහි කතාව පැත්තට යමු අපි දැන්…
එඩ්මන්ඩ් මරේ, ඔහු වෘතියෙන් තෙල් බිම්වල රාජකාරියේ නිරතවන්නෙක්. රැකියාව නිසා නිතර විදේශ ගතව සිටින ඔහුට නැවත තම මව්රටට එන්නට සිදුවෙනවා තම හිටපු බිරිඳගෙන් ලැබෙනවා ඇමතුමක් නිසා. ඒ පාසල් කඳවුරු බිමක සිටියදී තම සත් වියැති කුඩා පුත්‍රයා අතුරුදන් යැයි පවසමින්. වැඩි කාලයක් නොගොස්ම එය පැහැරගැනීමක් යැයි විශ්වාස කරන්නට සිදුවෙනවා මරේ හට. යම් බාහිර බාධක අතරේ ඔහු තම පුත්‍රයා සොයාගන්නට දරන වෑයමයි චිත්‍රපටයෙන් අපිට දකින්නට ලැබෙන්නේ. එහෙනම් ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම…
ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම WEB පිටපත් සඳහා ගැලපේ.
විශේෂ : –
මෙහි රූගත කිරීම් අතරතුර අනෙකුත් සියලු දෙනාට පිටපතේ දෙබස් කියවීමේ අවස්ථාව ලබාදී ඇතත් ජේම්ස් මැක්ඇවෝයි හට පිටපත ලබාදී නැති බව කියවෙනවා. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඔහුට තැනට සුදුසු ලෙස දෙබස් භාවිත කිරීමට සැලැස්වීම මගින් යම් තාත්විකභාවයක් චිත්‍රපටයට ලබා ගැනීම. එසේම මෙහි මුල් නිර්මාණය වන Mon garçon (2017) හි එම චරිතය රඟදැක්වූ Guillaume Canetහටත් පිටපත ලබාදී තිබී නෑ රූගතකිරීම් අතරතුර.

Year :
2021
Genre :
Drama,mystery,thriller
Actors :
James McAvoy,Claire Foy,Tom Cullen
Writer : N/A
Director :
Christian Carion
Plot : My Son: Directed By Christian Carion. With James McAvoy, Claire Foy, Tom Cullen, Gary Lewis. Driving In The Heart Of The Highlands, Edmond Murray Receives A Call From His Ex-wife, In Tears. Their 7-year-old Son Went Missing From A Campsite. Soon It Becomes Clear That The Child Was Kidnapped And The Parents Give Way To Despair.

සිංහල උපසිරැස Download කරගන්න 614 times
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ස්තුතිය :pray: සබ් එකට
……
තෑන්ක්ස් සබ් එකට සහෝ
එකෙත් හැටි.. මන් මෙ මුවී එකේ subtitle හොය හොය හිටියෙ.. හොඳ එව්වා best අයගෙන්…:heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::pray::pray::pray::pray: thank bro….god bls
Thanks saho sub ekata..
The Card Counter (2021)
The Guilty (2021)
Me film walatath sub dennako please.
බලමු, හෂාන්. The Guilty නං මම ඔරිජිනල් ඩෙන්මාර්ක් එක බලල තියනව. ඒ හින්ද බැලුවෙ නෑ. The Card Counter මම බලන්නං.
Thanks saho. :heart_eyes:
Eng sub ekak ne thiyenne Bro