Off Campus (2026–) [S01 : E02] Sinhala Subtitle
Ella Bright, Belmont Cameli, Mika Abdalla
කලින් කතාංගය අනුව ගැරට් සහ හැනා එකග උනු එකගතාවය ගැන දැන් අදහසක් ඇති. ඉතින් අද කතාංගය වෙන්නේ ගැරට් සහ හැනා දෙන්නා ප්‍රසිද්ධියේ කපල් එකක් වගේ රඟපානවා, කිස් කරන්න පවා ප්‍රැක්ටිස් කරනවා. මේ දෙන්නට ඕන වුණේ ගැරට්ගේ ටීම් මේට්, ජෝන් ලෝගන්ගේ සිබ්ලින්ග් වෙන ජූල්ස් ලවා එයාගේ සොෂල් මීඩියා ගොසිප් එකවුන්ට් එකේ මොනවා හරි පෝස්ට් එකක් දාගන්න.
ඔහොම ඉද්දි, පාටියකට පස්සේ මේ දෙන්නා තවත් ක්ලෝස් වෙනවා. පාටියේදී හැනා මියුසික් වලට තියෙන ආසාව ගැනයි, ගැරට් හොකී වලට තියෙන ආසාව ගැනයි දෙන්නත් එක්ක කතා වෙනවා. ගැරට් කියනවා එයාගේ තාත්තා ෆිල්, එයාව පොඩි කාලේ ඉඳන්ම හොකී කැරියර් එකකට ලෑස්ති කරපු හැටි ගැනත්.
මේ අතරේ පාටියේදී, ගැරට්ගෙයි ජෝන්ගෙයි අනිත් ටීම් මේට් වෙන ඩීන්, හැනාගේ බෙස්ටි වගේම රූම්මේට් වෙන ඇලීව දකිනවා. ඩාන්ස් ෆ්ලෝ එකේදී දෙන්නා අතර පොඩි කෙමිස්ට්‍රි එකක් වගේ දෙයක් දැනුනත් ඇලී එයාව රිජෙක්ට් කරනවා.
කොහොමහරි පස්සේ ජූල්ස්, හැනාගෙයි ගැරට්ගෙයි ෆොටෝ එකක් අර ගොසිප් එකවුන්ට් එකට දානවා.
ඊළඟ දවසේ හැනා Briar Hawks ගේම් එකක් බලන්න යන්න බස් එකට නගිද්දිම, ජස්ටින් ඇවිත් හැනා ලඟින් වාඩි වෙනවා. හැනා ගැන හිතේ ආදරයක් තියාගෙන ඉන්න ගැරට්, මේක හොඳටම දකිනවා!