Peaky Blinders S03E05 (18+)
ආයුබෝවන් යාලුවනේ! 2016 ජුනි මාසේ 2 දෙවෙනිදා විකාශය වෙලා IMDB 8.6 ක අගයක් ලබා ගත්ත Peaky Blinders කතා මාලාවේ තුන් වෙනි අදියරේ පස් වෙනි කොටසේ උපසිරැසියත් අරන් මන් අද ආවා. කලින් කොටස ආරම්භයේදිම ටොමී තමන්ගේ සහෝදරයොත් එක්ක දඩයමේ ගිහින් ඒ අතරතුරේදි තමන්ගේ සැලැස්ම ගැන එයාලට කියනවනේ. ඔය අතරතුරේ පොලී,එස්මේ,ලින්ඩා සහ ලිසී එකතු වෙලා වැඩ වර්ජනයකුත් කරනවා. මේ අතරේ ටටියානා ටොමී හමු වෙන්න ටොමීගේ ගෙදරට එනවා.ටොමී බලෙන්ම වගේ ටටියානාව ගෙදර නවත්ත ගන්නවා. ටොමීගේ ගෙදර නැවතුන ටටියානත් ටොමීට හොඳ හොඳ සෙල්ලම් ටිකක් පෙන්නවනේ. ඊට පස්සේ ටොමී තමන්ගේ සහෝදරයොත් එක්ක එකතු වෙලා රුසියානුවන්ගේ ගේ කොල්ල කල විදිය ගැන සැලසුම් කරනවා. පොලී පල්ලියට ගිහින් කරපු පාපොච්චාරණය නිසා ටොමී තමන්ව මරන්න ඉන්න බව හියුස් පිය තුමාට ඉව වැටෙනවා. මේ වැඩෙන් පස්සේ තමා ආතර්වත් අරන් ඇමරිකාවට යනවා කියලා ලින්ඩා ටොමීට කියනවා. මේ අතරේ පොලීගේ චිත්‍රයේ වැඩත් දිගටම කෙරෙනවා. හියුස්ව මරන්න යන ටොමීගේ සැලැස්ම වැරදිලා ටොමී හියුස්ට අහු වෙනවා. හියුස්ගේ පිරිස ටොමීට හොඳටම පහර දෙනවා. තමා සෝවියට් රජයට මේ හොරකම ගැන ඔත්ත දුන්නේ සෙක්ෂන් ඩී වල උපදෙස් අනුව බව හියුස් ටොමීඨ කියනවා. එ හොරකම නවත්තන්න සෝවියට් රජය දරන උත්සහය එංගලන්ත භුමිය තුල සිදු කරන ප්‍රචන්ඩ ක්‍රියාවක් විදියට පෙන්නලා එංගලන්ත රජය සහ සෝවියට් දේශය අතර අමනාප කමක් ඇති කරන එකයි මෙයාලගේ අරමුණ. තමාට වැරුද්දත් වුනා කියලා රුසියානු වංශාධිපතියෝ ඉස්සරහ පිළිගත්තේ නැත්නම් චාල්ස්ව පැහැර ගන්නවා කියලා හියුස් ටොමීට තර්ඩනය කරනවා. තර්ජනයට බය වුන ටොමී රුසියානුවන් ඉදිරිපිට තමන් හියුස්ට කලේ බොරු චෝදනාවක් කියලා පාපොච්චාරණය කරනවා. හැබැයි ටොමී හොර රහසේම සෝවියට් දේශයේ නියෝජිතයෝ දෙදෙනෙක් හමු වෙලා වෙන්න යන විපත ගැන එයාලට කියනවා. පහර කෑමෙන් දරුණු තුවාල ලබලා හිටපු ටොමීව ඇඩා රෝහල් ගත කරනවා. ඔය විදියටයි කලින් කොටස ඉවර වුනේ. එහෙනම් අද කොටසත් රස විදින්න. අවසන් කොටසෙන් හමු වෙමු.





Android 9UC Browser 12.13
ස්තූතියි.හැමදාම ඇවිත් බලන්නේ මේකේ සබ් දීලද කියල.
Windows 10Firefox 70
thanx mchoo jaya wewaa
Android 7Chrome 77
Niyamai ithuru sub tikath dendoooo
Windows 7Chrome 77
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
Android 9UC Browser 12.12
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Windows 10Chrome 78
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්….
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…
Windows 8.1Avast Browser 77
Thank you bro . Digatama beluwa kawadda enne kiyla. godak thanks. Good luck
Android 9Chrome 78
ඇත්තටම ලොකු දෙයක් සහෝ. නියම විදියට sub ටික තියෙනව. තවත් වැඩි වැඩියෙන් දියුණු වෙන්න. තව sub දෙන්නත් හයිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ.. ❤️