කොහොමද යාළුවනේ.ඔන්න මම සුපිරිම නිර්මාණයක් ගෙනාවා.ඒත් ඊට කලින් කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.ඒ හින්දා අඩුපාඩු එහෙමත් තියෙන්න පුළුවන්.ඒ කොහොම වෙතත් Subz LK වෙබ් අඩවියේ ඇඩ්මින් අයට මම මේ අවස්ථාව යොදා ගන්නවා ස්තූතියි කරන්න.මොකද කියනවානම් මට අවස්ථාවක් ලබා දීම ගැන...
එහෙනම්, වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු.
චිත්‍රපටය නම් කරලා තියෙන්නේ - Security - නමින්.නමින්ම හිතෙනවා ඇති ආරක්ෂක මොකක් හරි එකක් කියලා.ඔව් එහෙම කතාවක් තමයි තියෙන්නේ.2017 තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය Alain Desrochers ගේ අධ්‍යක්ෂණයක්.Action, Adventure ගණයට අයත් මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1යි මිනිත්තු 32ක් ලෙස සටහන් වේ.ඒවගේම IMDB 5.8ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා.මෙහි තක්සේරු මුදල ඩොලර් මිලියන 15,000,000ක් ලෙස තමා සටහන් වෙන්නේ.
Cast
- Antonio Banderas as Eduardo deacon (Eddie).
- Ben Kingsley as Charlie.
- Liam McIntyre as Vance.
- Gabriella Wright as Ruby.
- Chad Lindberg as Mason.
- Jiro Wang as Johnny.
- Katherine de la Rocha as Jamie.
මේකයි කතාව, එඩී කියලා විශ්‍රාමික උසස් නිළධාරියෙක් ඉන්නවා.එයා රැකියාවක් හොයන් යනකොට එයාට ලැබෙනවා සිකුරිටි වැඩේ කරන්න එක සාප්පු සංකීර්ණයක්.ඉතින් එයා එතන වැඩ කරන්න යනවා.එයාට වැඩ කරන්න වෙන්නෙත් තව කට්ටියක් යටතේ.ඒ කණ්ඩායම මෙහෙයවන එක්කෙනා තමයි වේන්ස්.තේරෙන සිංහලෙන්ම කියනවානම් එතන ලොක්කා.ඉතින් එඩීට එදා රෑම වැඩ කරන්න වෙනවා.එඩී වැඩ කර කර ඉන්න ගමන් එක පාරටම පොඩි ගැහැණු ළමයෙක් ඒ සාප්පුව පැත්තට දුවගෙන එනවා.ඒ ගැහැණු ළමයා හොඳටම බයවෙලා ඉන්නේ.එඩී ඊටපස්සේ ඉක්මනට දොර ඇරලා ඇයව ඇතුළට ගන්නවා.ඒ ගැහැණු ළමයා එඩීට කියනවා ඇයව මරන්න කට්ටියක් එනවා කියලා.ඉතින් ඊලඟට මොකද වෙන්නේ.එහෙනම් චිත්‍රපටය බලන්න.මුළු කතාවම කිව්වොත් රසයක් නැහැනේ.එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු.ජයවේවා!!!!
Bluray පිටපත් සඳහා ගැලපේ.





Android 4.4Android Browser 4
නියමයිනේ පුතා
Windows 7UC Browser 6.1
සුබපැතුම් එක්කරපු සියළු දෙනාටම බොහොමත්ම ස්තූතියි😍😍😍
Windows Phone 8.1Internet Explorer Mobile 11
Super…..
Android 6UC Browser 11.4
Thanks brother ❤️😘
Android 6Chrome 70
Thanks subz…lk