Security (2017) Sinhala Subtitle
කොහොමද යාළුවනේ.ඔන්න මම සුපිරිම නිර්මාණයක් ගෙනාවා.ඒත් ඊට කලින් කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.ඒ හින්දා අඩුපාඩු එහෙමත් තියෙන්න පුළුවන්.ඒ කොහොම වෙතත් Subz LK වෙබ් අඩවියේ ඇඩ්මින් අයට මම මේ අවස්ථාව යොදා ගන්නවා ස්තූතියි කරන්න.මොකද කියනවානම් මට අවස්ථාවක් ලබා දීම ගැන…
එහෙනම්, වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු.
චිත්‍රපටය නම් කරලා තියෙන්නේ – Security – නමින්.නමින්ම හිතෙනවා ඇති ආරක්ෂක මොකක් හරි එකක් කියලා.ඔව් එහෙම කතාවක් තමයි තියෙන්නේ.2017 තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය Alain Desrochers ගේ අධ්‍යක්ෂණයක්.Action, Adventure ගණයට අයත් මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1යි මිනිත්තු 32ක් ලෙස සටහන් වේ.ඒවගේම IMDB 5.8ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා.මෙහි තක්සේරු මුදල ඩොලර් මිලියන 15,000,000ක් ලෙස තමා සටහන් වෙන්නේ.
Cast
- Antonio Banderas as Eduardo deacon (Eddie).
- Ben Kingsley as Charlie.
- Liam McIntyre as Vance.
- Gabriella Wright as Ruby.
- Chad Lindberg as Mason.
- Jiro Wang as Johnny.
- Katherine de la Rocha as Jamie.
මේකයි කතාව, එඩී කියලා විශ්‍රාමික උසස් නිළධාරියෙක් ඉන්නවා.එයා රැකියාවක් හොයන් යනකොට එයාට ලැබෙනවා සිකුරිටි වැඩේ කරන්න එක සාප්පු සංකීර්ණයක්.ඉතින් එයා එතන වැඩ කරන්න යනවා.එයාට වැඩ කරන්න වෙන්නෙත් තව කට්ටියක් යටතේ.ඒ කණ්ඩායම මෙහෙයවන එක්කෙනා තමයි වේන්ස්.තේරෙන සිංහලෙන්ම කියනවානම් එතන ලොක්කා.ඉතින් එඩීට එදා රෑම වැඩ කරන්න වෙනවා.එඩී වැඩ කර කර ඉන්න ගමන් එක පාරටම පොඩි ගැහැණු ළමයෙක් ඒ සාප්පුව පැත්තට දුවගෙන එනවා.ඒ ගැහැණු ළමයා හොඳටම බයවෙලා ඉන්නේ.එඩී ඊටපස්සේ ඉක්මනට දොර ඇරලා ඇයව ඇතුළට ගන්නවා.ඒ ගැහැණු ළමයා එඩීට කියනවා ඇයව මරන්න කට්ටියක් එනවා කියලා.ඉතින් ඊලඟට මොකද වෙන්නේ.එහෙනම් චිත්‍රපටය බලන්න.මුළු කතාවම කිව්වොත් රසයක් නැහැනේ.එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු.ජයවේවා!!!!
Bluray පිටපත් සඳහා ගැලපේ.
නියමයි සහෝ…
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
උපසිරැසියට තුති..
දිගගමනක් යමු..
ජයවේවා!
පළමු උපසිරැසියට සුබ පැතුම්!! ජයවේවා!!!
Niyamai sahoo
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ස්තූතියි සහෝදරයා දාපු comment එකට. ඔයාලගේ ඔය comment එක මට ගොඩක් වටිනවා, ඉදිරි වැඩ කටයුතු සඳහා.
පළමු උපසිරැසියට සුබ පැතුම්!! ජයවේවා!!!
නියමයි සහෝදරයා ,තව සබ් කරන්න ,මගේත් සුභ පැතුම්
Elama sahoo.. patta wadak…
Menna magenuth suba patum..
???????
thank you saho…
download link ekata gihin kohomada torrent ekata download kara ganne bro,
සහෝ ඒ ටොරන්ට් ලින්ක් එක කොපි කරලා ගූගල් සර්ච් බාර් එකේ පේස්ට් කරන්න.
ලැබෙන පළවෙනි සයිට් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න.
Paharaaaaaaaaa