Sex Education (2019) [S01 : E08] Sinhala Subtitle
Simone Ashley, Asa Butterfield, Gillian Anderson, Ncuti Gatwa
ඔන්න යාලුවනේ එහෙනම් නොදැනිම අවසාන කොටසටත් ආවා.මතකනෙ ගිය එපියෙදි එරික් ආපහු ඕටිස් එක්ක යාලු උනා.ඒ වගේම මේව් ඇත්තටම කැමති ඕටිස්ට කියලත් අපි දැක්කා.මතකනෙ පාසලේ නැටුමෙදි මේව්ගෙ අයියා කරපු දේවල්.එයත් මේ පාසලේ කලින් හිටපු කෙනෙක්.ඒ වගේම ඇඩමුයි එයාගෙ තාත්තා වෙන ඉස්කෝලෙ ලොකු සර්යි එච්චර හිත හොඳින් නම් නෙමේ ඉන්නේ.ඒ වගේම ජැක්සන් තරහා වෙලා ගෙදරින් ගියා අම්මත් එක්ක රණ්ඩු කරගෙන.මේ ඔක්කොම දේවල් අතරෙ ඕටිස්ගෙ අම්ම ජේකබ් කියන මනුස්සයත් එක්ක සම්බන්දයක් පවත්වනවා.මතකනෙ ඕටිස් නැටුමට ගියෙ ඕලත් එක්කනෙ.නමුත් මේව් කියපු දෙයක් ඕටිස්ගෙන් අහන්න ගිහින් ඕටිස් අතින් වැරදි දෙයක් කියවෙලා ඕලා එතනින් යනවා. හරි අන්තිම එපිය ගැන පොඩ්ඩක් බලමු.ඇත්තටම මේ කතාවෙදි නම් හැමදෙයක්ම හොඳින් විසඳෙන බවක් නම් පේනවා.යම්කිසි දුක හිතෙන සිද්දිත් නැතුවම නෙමේ.ඇත්තටම මේ එපිය ඉවර වෙන්නෙ
දෙවනි කතා සමය එනකල් ඉවසීමක් නැති කරමින්.මම එහෙම කිව්වෙ මොකද කියලා බලන්නකො.Sex Education දෙවනි කතා සමය 2020 ජනවාරි 17 රිලීස් වෙනවා කියලා තමා Netflix ආයතනය දැනට තහවුරු කරලා තියෙන්නෙ.ඒ කියන්නෙ තව මාසෙක විතර කාලයක් තමා තියෙන්නෙ.ඉතින් යාලුවනෙ දෙවනි කතා සමයත් එම සඳහන් කරපු දිනෙ සිට විකාශය වෙන්න ගත්තොත් ඒකෙත් සිංහල උපසිරැසි යාලුවො හැමෝම වෙනුවෙන් අරගෙන එනවා..ඒ නිසා ඒ ගැන සැකයක් තියාගන්න එපා.එපිසෝඩ් අටක් පුරාවට මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලටත් හොඳ නරක කියපු හැමෝටමත් මේ කතාවට උපසිරැසි ලබා දීමට අවසර ලබා දීපු subzlk ඇඩ්මින් මඩුල්ලටත් මම ස්තූතිවන්ත වෙනවා..එහෙනම් යාලුවනෙ තවත් උපසිරැසියකින් හමුවෙමු…හැමෝටම සුබ නත්තලක් වගේම ලබන 2020 අවුරුද්ද සියලු දේ ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..!!….ජයවෙවා එහෙනම් හැම දෙනාටම…!!
Thank bokka
බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජය!!
patta bro………….
Superb bro.Good job
Season 2ta sub karanne nadda mchn