යුද්ධයට මැදිවූ පවුලක අවාසනාවන්ත කතාව
දැනට වසර කීපයකට පෙර, එනම් 2022 වසරේ ආරම්භ වූ රුසියන් – යුක්‍රේන යුද්ධය ඔයාලට අමතක වෙන්න විදිහක් නෑනෙ. එම යුද්ධයට මැදිවූ යුක්‍රේන පවුලක් වටා ගෙතුනු යුක්‍රේන චිත්‍රපටයක් තමයි The Daughter කියන්නෙ. 2024 ඔක්තෝබර් 21 දින යුක්‍රේනයේදී නිකුත් වුනු මෙය විනාඩි 97 ක ධාවන කාලයක් සහිත Thriller / Drama / War ශානරයේ චිත්‍රපටයක්. භාෂාව : යුක්‍රේන / රුසියානු. රංගනයෙන් එකතු වෙනවා Elizaveta Kozlova (ඔල්හා), Akhtem Seitablayev (රෝමන්), Myron Shuvalov (සෂ්කෝ) සහ Anastasia Karpenko (මරීනා).
17 වියැති ඔල්හා ශ්‍රවණ ආබාධයක් ඇති තරුණියක්. රුසියන් හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග යුද්ධයට මැදිවීමෙන් බේරීමට බොහෝ පවුල් බටහිරට පලා යනවා. කීව් නගරය කිට්ටුව බූචා වල සිට ඔල්හාත් තම පියා, කුඩම්මා, මල්ලී සමග එසේ නගරය හැර දමා යන්න සූදානම් වුනත් ඔවුන් ප්‍රමාද වැඩි වෙනවා. අවසාන මොහොතේ එල්ලවූ ප්‍රහාරත් සමග නිවසේ කොටුවන ඔවුන් රුසියානු හමුදාවට හසුවෙනවා. තමන් සිවිල් වැසියන් නිසා සෙබලුන්ගෙන් තමන්ට හානියක් නොවෙයි කියා යම් සිතුවිල්ලක් ඔවුන් තුල තිබුනා නම්, එය වැරදීමක් බව තේරුම් ගන්න, තුවක්කු අතරට මැදිවූ මේ අසරණ පවුලට වැඩි වෙලාවක් යන්නේ නෑ. ඔවුන්ගේ ම්ලේච්ඡ හැසිරීම දකිනවිට මට නිතැතින්ම මතක්වූයේ කුරිරු ත්‍රස්තවාදයෙන් අප රට බේරාගත්තු අපේ වීරෝදාර රණවිරුවන්ගේ උදාරත්වයයි. 17 වන යුධ විජයග්‍රහණය සමරන මේ අවස්ථාවේ, රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ පූජා කල ඒ රණවිරුවන් වෙනුවෙන්, මෙම උපසිරැසිය පුද කරමි.
කොහොමවුනත් අසභ්‍ය දර්ශන නොමැති බව විශේෂයෙන්ම කියන්න ඕනෙ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
Quality // 720p – 898mb // 1080p – 1.8gb
♣♣ BRRip / 720p / 1080p ♣♣