The Umbrella Academy (2019) [S02 : E01] Sinhala Subtitle
පටන් ගත්තු තැනින්ම
IMDB අගය – 8.4
හරි එහෙනම් කොහොමද හැමෝටම. ටික දවසකින් තමා උපසිරැසියකින් හම්බවෙන්නේ. මේ පාර ගේන්නේ අපේ කලින් හසිත සහෝ අරන් ආව අම්බ්‍රෙල්ලා ඇකඩමි කතාවේ දෙවෙනි කතා සමයයි. මේක රිලීස් වෙලා නම් ටිකක් කල් ගියා. ඒ වගේම මේකට සබ් දෙන්නේ නැද්ද කියලත් කට්ටිය අහල තිබ්බ නිසා මේක අරන් ආවා.
කලින් කතා සමයේ වෙච්ච දේ මතක ඇතිනේ. මටත් හරියට මතක නෑ 🙂
කොහොමහරි එකම දවසක විශේෂ බල නැත්නම් සුපර් පවර්ස් තියෙන ළමයි තොගයක් ඉපදෙනවා. හැබැයි ඒ ළමයිගේ අම්මලා කලින් ගර්භණී වෙලා හිටිය අයත් නෙමේ. කොහොමහරි ඒ ළමයිගේ හත් දෙනෙක්ව රෙජිනෝල්ඩ් හාග්‍රීව්ස් කියන බිලියනපතියා දරුකමට හදාගන්නවා. ඒ හත්දෙනාටම බල තියෙනවා.
අංක 1 – ලූතර් හාග්‍රීව්ස්

Tom Hopper තමා මේ චරිතයට ඉන්නේ. මෙයාගේ බලය තමා අධික ශක්තිය. තාත්තා හඳට යවලා තියෙන්නේ මෙහෙයුමකට. අන්තිමට ඒක නිකමට දුන්නු වැඩක් කියලා මිනිහා දැනගන්නවා. තාත්තට ගොඩක් ලංවෙලා හිටියට අන්තිමට කලකිරෙනවා. එක වැඩකදී මෙයාට වෙන අනතුරක් නිසා මැරෙන්න ගියාම තාත්තා බෙහෙතක් ගහනවා. ඒකෙන් මෙයාගේ ඇඟේ උඩ කොටස වානරයෙක් වගේ වෙනවා.
අංක 2 – ඩියේගෝ හාග්‍රීව්ස්

David Castañeda මේ චරිතයට රඟ දක්වනවා. මේකා නිකන් කවුද බෝයි වගේ. අසාධාරණය පේන්න බෑ. වීරයා වෙන්නමයි ඕනා. අමු ගොනා. පිහි වලින් වැඩ දාන්න පුලුවන් එක තමා මෙයාගේ හැකියාව.
අංක 3 – ඇලිසන් හාග්‍රීව්ස්

මෙයාට තියෙනවා ටිකක් දරුණු ගණයේ බලයක්. අනික් අයගේ මනස පාලනය කරන්න පුලුවන්. මෙයා කාටහරි කිව්වොත් “මට කටකතාවක් ඇහුනා ඔයා ඔලුවෙන් හිටගන්නවා කියලා” ඒ මනුස්සයා ඔළුවෙන් හිටගන්නවා. මෙයා සහ ලූතර් අතර පොඩි හුටපටයකුත් තියෙනවා.
අංක 4 – ක්ලවුස් හාග්‍රීව්ස්

මෙයාගේ බලය තමා මළවුන් එක්ක කතා කරන එක. ඒවගෙම මේකා අමුම අමු බේබද්දා. ඉතින් තියෙන බලයෙනුත් ඇති වැඩකුත් නෑ වගේ තමා පේන්නේ.
අංක 5

හරි මේ ඉන්නේ කණ්ඩායමේ බුද්ධිමතා. ඒවගේම වයසකම හාදයා. චරිතේ පොඩි නම් තමා. මෙයාගේ හැකියාව තමා කාලය හරහා ගමන් කිරීම. පණ්ඩිතකමට ගමන් කරලා කාලය ඇතුලේ හිර වෙනවා. ඒ හින්දා ආපහු අවුරුදු ගානකට පස්සේ ආවත් එන්නේ පොඩි එකා විදියටමයි. මෙයා තමා ලෝක විනාශය මුලින්ම දකින්නේ. ඒක නවත්තන්න මූලිකත්වය ගන්නේ මෙයා තමා.
අංක 6 – බෙන් හාග්‍රීව්ස්

මේ හාදයා නම් පොඩි කාලෙදිම මැරිලා. මෙයාගේ බලය තමා මේකට බූවල්ලෙක් වගෙ අඬු එලියට දාන්න පුලුවන්. ඒත් මැරිලනම් ඇති වැඩේ මොකද්ද? මතකද අංක 4? ක්ලවුස්. මිනහගේ බලය තමා මළවුන් එක්ක කතා කරන එක. ඒවගේම ක්ලවුස්ට හැකියාවක් එනවා මළවුන් ලව්වා වැඩ කරවගන්න පුලුවාන් හැකියාවක්. ඒ නිසා මේ බෙන්ගේ හැකියාව ක්ලවුස් හරහා එලියට එනවා.
අංක 7 – වාන්‍යා හාග්‍රීව්ස්

මෙයාට කිසිම බලයක් නෑ කියලා අනික් අයගෙන් වෙන් කරලා තිබ්බේ මෙයාගේ තාත්තා. ඒත් ඇත්තම කතාව අනික් හැමෝටම වඩා දරුණුම බලය තියෙන්නේ මෙයාට. ඒ නිසයි තාත්තා මෙයාට කියන්නේ බලයක් නෑ කියලා. මෙයාගේ බලය තමා මොනාහරි දෙයක් අනුනාද වෙනකොට ඒ ශබ්දයේ ශක්තිය අවශෝෂණය කරගෙන ඒකෙන් මෙයාට දෙයක් කුඩු කරලා විනාශ කරලා දාන්න පුලුවන්. මේ බලය වෙන කෙනෙක් දැනගෙන මෙයාව අයුතු විදියට පාවිච්චි කරලා ලෝක විනාශයකුත් අරන් එනවා.
අන්න ඒ ලෝක විනාශය වෙනකොටම කරන්න දෙයක් නැති කමට අංක 5 තමන්ගේ සහෝදර සහෝදරියන්වත් අරගෙන වෙන කාලරාමුවකට පනිනවා.
ඔන්න ඔතනින් තමා සීසන් 1 එක ඉවර උනේ.
ඉතින් හරියටම එතන ඉඳන් සීසන් 2 පටන් ගන්නවා.
එතනින් එහා වෙන්නේ මොනාද කියලා දැනගන්න ඔයාලට බාරයි එහෙනම්.
Godak satutui umbrella academy ekt sub duna eka gana… Digtm karagena ynna. Puluwnm haunting of bly manor series ektat sub denwad. Meke 1st series ekt subz. Lk eken sub duna.
thanks saho
araka ganath mn hoyala blnnmko
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
thnks saho
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thanks saho
උබ නම් දෙයියෙක් සබ් එක දානකම් බලන් හිටියෙ බ්‍රෝ
hehe 🙂
thnku saho
winrar කරන්න බෑ
thankyou soo much
denakan hitye ..thnx mchan
season 1 baluwa thanks charithagana dila tiyana wistara mare maru