මේ කතා මාලාවට ආයේ ටික කාලෙකින් තමා අත ගැහැව්වේ. මොකද වෙනත් කතා මාලාවක් ඉවර කරන්න උනු නිසා. හැබැයි මේ කතා මාලාවේ එපිසෝඩ් එකක් කරලා ඉවර වෙලා සබ් එකක් දාන්නේ නැතුව, සීසන් එකම සම්පූර්ණ කරලා, සබ් දාන්න පටන් ගන්න එක හොඳයි කියලා හිතුවා. මොකද ඒක කරන මටත් ලේසී බලන ඔයාලටත් ලේසී. මොකද නැත්නම් උපසිරැසි මඟ නවතිනකොට කට්ටියගෙන් අවනඩු අහන්නත් වෙනවනේ.
ඒවගේම මෙතන කිව යුතු තව කාරණයක් තියෙනවා. මේකට උපසිරැසි කරන ගමන් ඉද්දී මට යාළුවෙක්ගෙන් ලැබුනා මේ කතාවට කරලා තියෙන උපසිරැසි වගයක්. ඉතින් ඒවත් හොඳ ගුණාත්මක මට්ටමෙන් තිබ්බා. පසුව මන් ඒකේ තිබ්බක් නමක් අනුව උපසිරැසිකරුවා ව සමබන්ධ කරගත්තා. ඇයගේ ද අවසරය ඇතුව මන් ඒ උපසිරැසි අපි ලබා දෙන වීඩියෝ පිටපත් වල කාල රාමුවලට අනුව සංස්කරණය කරලා තමා ඔයාලට ගේන්නේ. ඒ වගේමයි ඇයගේ නමත් මෙහි සඳහන් කරලා තියෙන්නේ. මේ කතාව කිව්වේ, මොකද උපසිරැසි අහන්නෙවත් නැතුව දාන ඇතැම් වල් බූරූ වෙබ් අඩවි ඕන තරම් අද තියෙන නිසා. ඔයාලත් පස්සේ කාලෙක දැනගෙන අපිත් ඒ මට්ටම වැටිලයි කියලා හිතුවොත් අවුලක් නොවෙන්නයි.
හරි කලින් කතාවේ මතක ඇතිනේ කැරොල් ලොක්වුඩ්ව මරනවා ක්ලවුස්. එතනින් තමා අද කතාව පටන් ගැන්ම. ඒ වගේම වැම්පයර්ලට හරියන ප්‍රතිකාරය හොයාගන්න කට්ටිය අතර ලොකු තරඟයක් ඇති වෙනවා. ඒ අස්සේන් ස්ටෙෆන්ගේ හිත එලේනා බිඳලම දානවා. ජෙරමි දඩයක්කාර ට්‍රේනින් වල. තවත් සිද්දි ගොඩයි. ෂේන් වෙනම ගේමක් ගහනවා. බලනන්කෝ එහෙනම්.




Windows 10Chrome 89
sub ekata thanks saho