The Tick [S01 : E03] Sinhala Subtitle
peter serafinowicz, griffin newman, valorie curry, scott speiser
කොහොමද යාළුවනේ…ඔන්න ද ටික් තුන් වෙනි එපියේ සබ් එක අරන්ආ වා.පොඩ්ඩක් විතර පරක්කු වුනා මේක ගේන්න.මේ මාසේ ටිකක් වැඩ වැඩි මාසයක්.කොහොම වුනත් ඊළඟ එපියත් බොහෝම ඉක්මනින් ගේන්න බලාපොරොත්තු වෙනවා.වැඩිය කතා ඕනි නෑ අද කොටස පැත්තට හැරෙමු…
…කලින් කොටසෙදි මතක ඇතිනේ අවසානයේදි ආතර් ට සිද්ධවුනු දේ.අන්තිමට පොලිසිය එයාව අල්ලගන්නවා.කොහොමහරි ආතර් පොලීසියෙදි ඇත්තම කියනවා.ඒ කිව්වේ අර කළු ඇඳුමක් ඇඳපු කෙනා(ඕවර්කිල්) අර හොර කල්ලිය මරලා දැම්මා කියලා.ඊට පස්සේ ආතර් පොලිසියෙන් එලියට ඇවිල්ලා පුරුදු විදියට තමන්ගේ රස්සාව ට යනවා.මේ අතරෙදි මිස් ලින්ට් ආතර්ව ආපහු හොයාගෙන එනවා.මේ පාරනම් ආතර් අර ටික් එයාට ගෙනත්දුන්න ඇඳුම මිස් ලින්ට් ට දෙනවා…ඒ අතරේ ඕවර්කිල් ආතර්ව හොයාගෙන ආතර්ගේ කන්තෝරුවට එනවා.ඒ අර ඇඳුම අරන් යන්න.ඒත් ආතර් ළඟ ඒ ඇඳුම නෑ,ඉතින් ආතර් මොකක් කරාවිද?…ඕවර්කිල් ආතර් කියන දේ විශ්වාස කරයිද?…ටික් මෙතෙන්දිත් ආත්ර්ගේ උදව්වට ඒවිද?…ටික් ට ඇත්තටම ඇතිවෙලා තියෙන ප්‍රශ්නය මොකද්ද?… ඒ ගැන දැනගන්න මේ කොටස බලන්නම වෙනවා.
හොඳයි එහෙනම් දැනට මම යනවා.හතරවෙනි එපියෙන් ඉක්මනින්ම හමුවෙමු.ජය!!
480p web-rip පිටපත් සඳහා උපසිරැසි අදාල වේ!
ඔයා පහරක්නෙ .. තුන් වෙනි කොටසත් ගෙනල්ල තියෙන්නෙ.. එළ ඈ.. ජයවේවා…
මරු සහෝ..තව තුනයි..ඕමම යමු..??
බොහොම ස්තූතියි සහෝ
අනේ සහෝ ඔයාලට පුලුවන්නම් flash , arrow , supergirl , dc legends of tomorrow , supernatural . වගේ ටීවී සිරිස් වල අලුත් සීසන් වලට සබ් දෙන්න පුලුවන්නම් එක අපි හැමෝම වෙනුවෙන් කරන ලොකු සේවයක් වගේම ලොකු පිනක් වෙනවා . අපි වගේ අය වෙනුවෙන් නොමිලේ කරන මේ සේවය වෙනුවෙන් ඔබ සැමට ගොඩක් ස්තුතියිවන්ත වෙනවා . ඔයාලා හැමෝටම බුදු සරණයි දේවි පිහිටයි .
බොහොම ස්තූතියි! ජයවේවා! බුදු සරණයි!