Tout en haut du monde (2015) Sinhala Subtitle

Published July 19th, 2021 by

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ ප්‍රංශ සජීවීකරණ සිනමා නිර්මාණයක සිංහල උපසිරැසිය. මෙය ප්‍රංශය තුල නිකුත්වන්නේ Tout en haut du monde යන නාමයෙන් වන අතර විදේශ රටවල් සඳහා නිකුත්වන්නේ Long Way North නමින්, ඒ 2015 වර්ෂයේදී. පුරා හෝරාවකුත් මිනිත්තු 21ක ධාවන කාලයකින් යුත් මේ සුන්දර සිනමා නිර්මාණය IMDb වෙතින් 7.3 ක අගයක්ද Rotten Tomatoes වෙතින් 98%ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 70%ක අගයක්ද ලබා තිබෙනවා. ඊට අමතරව සම්මාන 10කට නිර්දේශව එයින් දෙකක් ජයගන්නටද සමත්ව තිබෙනවා.
මෙහි අධ්‍යක්ෂණය රෙමි ෂයේ සහ මුහම්මද් ඔමාර් ෆාරුක්ගෙන්.
දැන් අපි යමු මෙහි කතාව පැත්තට, ඊට පෙර කිව යුතු දෙයක් තිබෙනවා. 1800 දශකයේ අගභාගයේ කතාවකින් සමන්විත මෙම නිර්මාණය තම ආභාෂය ලබා තිබෙන්නේ ඇන්ග්ලෝ- අයර්ලන්ත සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය දේශගවේෂකයකු වූ සර් අර්නස්ට් ෂැකල්ටන්ගේ නාවික ලොග් සටහන් පොත් ඇසුරින්.

සර් අර්නස්ට් ෂැකල්ටන් (1874-1922)

ඔහු එවක රාජකීය ස්කොට්ලන්ත භූගෝලීය සමාජයේ ලේකම් තනතුරද දරා තිබෙනවා. බ්‍රිතාන්‍ය මූලලිකත්වයෙන් ඇන්ටාටිකාව වෙත කෙරුණු ගවේෂණ චාරිකා ත්‍රිත්වයකට ඔහු නායකත්වය ලබාදී තිබෙනවා. චිත්‍රපටයේ කතාවට ආරම්භයක් අරගෙන දෙන්නම් මෙහෙම.

කතාව ඇරඹෙන්නේ 1882 වසරේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයෙන්. තරුණ රුසියානු කුලීන තරුණියක වන සාෂා තම සීයා වන ඔලුකීන්ගේ වීර ගමන් පිලිබඳ දැඩි ඇල්මක් දක්වන්නියක්. කෙසේ වෙතත් තමන්ම නිර්මාණය කරගත් නැවකින් උත්තර ධ්‍රැවය ගවේෂණයට පිටත්වී ඇති ඔහු මේ වනවිටත් නැවත පැමිණ නැහැ, සාර් රජු විසින් නෞකාව සොයාදෙන්නෙක්ට විශාල තෑගි මුදලක්ද ලබාදෙන්නට ඉදිරිපත්ව ඇතත්, මෙම කාර්යය සාර්ථක කරගත් අයෙක් නෑ. තම සීයාත් නෞකාවත් සොයාගැනීමට ඇය දරන උත්සාහයයි චිත්‍රපටය පුරාවට තිබෙන්නේ. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්. මතක ඇතිව මෙම චිත්‍රපටය අවසාන වන තෙක් නරඹන්න, ඊට හේතුව මෙහි අවසානය අපිට දක්නට ලැබෙන්නේ පසු නාමාවලිය අතරතුර දිස්වෙන නිශ්චල රූප ලෙසින් නිසා.

ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති ප්‍රංශ භාෂා පිටපත් සඳහා ගැලපේ. ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක් දෙකේම තිබෙන්නේ ප්‍රංශ භාෂා පිටපත්වේ.

Download Links:

Download Torrent 720P පිටපත Download Torrent 1080P පිටපත

Hasitha Prasad

TV EPISODES : 226
MOVIES : 276
7.3
98%
70%

Comments: 3

  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට හසිත සහෝ

    July 20, 2021 at 8:54 am
    Reply
  • Shamal Manojan

    මේ ෆිල්ම් තුනට සබ් දෙන්නකෝ සහෝ.

    Fearless – 2006
    Ocean Heaven – 2010
    Namiya – 2017

    July 20, 2021 at 6:06 pm
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    July 22, 2021 at 6:53 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021